Skip links

රචනා උපදේශනය

Patna 1

2002 හා 2012 අතර කාලයේ ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාර්තීන් අතර ප්‍රකටව පැවති ලිපි සංග්‍රහයක් වන පඨිත- සමාජ සංස්කෘතික සමීක්‍ෂා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි හා ශ්‍රී ලංකාවේ පවතින බුද්ධිමය  අවශ්‍යතා අනුව, 2020 වසරේ සිට නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ. ආරම්භයක් වශයෙන් 2020 කලාපය (11 වන වෙලුම විශේෂ තේමාවකට සීමා නොවන අතර, පුඵල් වශායන් සමාජයීය විද්‍ය හා මානව ශාස්ත්‍ර විෂය පථය යටතට ගැනිය හැකි තේමා ඔස්සේ සිංහල භාෂාවෙන් රචිත  පහත සදහන් ආකාරයේ ලිපි අප වෙත ඉදිරිපත් කළ හැකිය.

පර්යේෂණ ලිපි

ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක සටහන්ද ඇතුඵව සෑම ලිපියකම වචන 5500 – 7000 ට සීමා විය යුතුය. මෙම ලිපි වචන සියයක සාරාන්ශයකින් සහ මූල පද දහයකින් සමන්විත විය යුතුය. මේ පිළිබද අමතර තොරතුරු සහ උපදෙස් මෙතනින් ලබාගන්න.

ප්‍රවේශාත්මක ලිපි

ප්‍රවේශාත්මක ලිපි යනු යම්කිසි න්‍යායික ප්‍රවේශයක්, නැතහොත් ශිල්පක්‍රමික හෝ විධික්‍රමික භාවිතයක් පිළිබඳව ලියන ලද සවිස්තරාත්මක රචනයකට ය. වඩාත් පැහැදිලි කරන්නේ නම්, එමගින් සිදුවිය යුත්තේ, තෝරාගත් විශය කරුණ මැනැවින් විස්තර කිරීම සහ එම න්‍යායික ප්‍රවේශය හෝ ශිල්ප ක්‍රමය ශ්‍රී ලාංකේය සමාජයීය විද්‍යාවන් ට හෝ මානව ශාස්ත්‍රවලට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි යෝජනා කිරීමය. ප්‍රවේශාත්මක ලිපියක් වචන 5500 සිට 7000 දක්වා විය යුතුය. අමතර තොරතුරු හා උපදෙස් පත්‍රිකාව මෙතනින් ලබාගන්න.

ග්‍රන්ථ විචාර

මෙකී විචාර 2018න් පසුව පළවූ පොත්පත් ඇසුරින් පමණක් රචනා කළ යුතුය. වචන සීමාව 1500. අමතර තොරතුරු හා උපදෙස් පත්‍රිකාව මෙතනින් ලබාගන්න.

මතිමතාන්තර

සුවිශේෂ විෂය හෝ සිද්ධි පිළිබද තම මතය ඇසුරින් රචිත කෙටි ලිපි. වචන සීමාව 2000 – 2500

විද්වත් සාකච්ඡා

මීට තෝරා ගත් විද්වතුන් සමග පැවැත්වූ සම්මූඛ සාකච්ඡා ඇතුළත් වේ. වචන සීමාව 3000 – 4000. 

සංස්කෘතික සටහන්

ශ්‍රී ලංකාව හෝ දකුණු ආසියාව හා සම්බන්ධ සංස්කෘතික ක්‍රියාකාරකම් හෝ කලා ප්‍රදර්ශන ඇසුරින් ලියු රචනා. වචන සීමාව 2500.

ඡායාරූ රචනය

යම් තේමාවකට අනුව පෙළගැස්වූ කලු හා සුදු හෝ වර්ණ ඡායාරූප 12 කින් හා වචන 650 ට වැඩි නොවූ ලිඛිත රචනයකින් ‘ඡායාරූ රචනය’ සමන්විත විය හැක. වෙබ් අඩවියේ සියලු ඡායාරුප වර්ණයෙන් ඉදිරිපත් වුවද මුද්‍රිත වේලුම්වල මේවා පළකරන්නේ කලු හා සුදු වර්ණයෙන් පමණි.

තමන්ට පළකිරීමේ අයිතිය ඇති ඡායාරූප හා රූප සටහන් භාවිතා කිරීමේ නිදහස කතුවරුන්ට ඇත. මීට අමතරව සියලූ ලිපි එෆ් එම් අභය අකුරු පුවරුවේ 12 වන ප්‍රමාණය භාවිත කර සම්පාදනය කළයුතු අතර, වාක්‍ය අන්තරය 1.5 විය යුතුය. එමෙන්ම සියලූ ආශ්‍රේය ග්‍රන්ථ සම්පාදනයේදී චිකාගෝ ක්‍රමය අනුගමනය කරන්න. 

පඨිත නිබන්ධ සංග්‍රහය වෙත ඉදිරිපත්කරන නිබන්ධ, ඡායාරූප රචනා, මති මතාන්තර, ග්‍රන්ථ විමර්ශන ආදිය විධිමත් රචනා ප්‍රබන්ධ විය යුතුය. මේවා රචනා කිරීමේදී පිළිපැදිය යුතු මූලික ප්‍රවේශ හා ආචාර ධර්ම මෙන්ම සමුද්දේශ සටහන් සකසන ආකාරය සංස්කාරක මණ්ඩලය විස්තරකර ඇති ආකාරයෙන් සිදුවිය යුතුය.

මේ සම්බන්ධ මූලික තොරතුරු සඳහා පඨිත අත්වැල මෙතනින් ලබාගෙන කියවන්න.

 

This website uses cookies to improve your web experience.