වැඩි විස්තර පරිශීලනයට

‘කලාව’ කිව්වොත් මළා වගේ!

~ අනුෂ්කා කහඳගමගේ, සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය “චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගනනේ වානිජවත්, ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් උනත් විද්‍යාවෙන් විභාගේ කොරලා…” — විකෘති, සෝමලතා සුබසිංහ අප රටේ පවතින ජනප්‍රිය අදහස වන්නේ, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය නිෂ්පල අධ්‍යයනික ක්‍ෂේත්‍රයක් බවයි. මේ ලිපිය මගින් මා කලා උපාධිය වශයෙන් හඳුන්වනු ලබන්නේ  මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා, චිත්‍ර, නැටුම්, සංගීතය, සිනමාව ඇතුළු පුළුල් විෂය පථයයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

~ අරුණි සමරකෝන් මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික  විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත.  ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත  සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ අධ්‍යාපනය සහ පාවුලෝ ෆ්රෙයිරේ ගේ අධ්‍යාපනයේ බැංකුකරණ ක්‍රමය

~ අනුශ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය සමාජයක දිශානතිය තීරණය කරන්නේ එම සමාජයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මිලිටරිකරණයට සහ වාණිජකරණය ට බඳුන්වෙමින් පවතින වර්තමාන ලංකාව තුළ අධ්‍යාපනය පිළිබඳ සංවාදවල විශේෂ වැදගත්කමක් ඇත. වර්තමාන ලංකාවේ පවතින  අර්බුධකාරී තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ, අධ්‍යාපන ක්‍රමය විසින් එහි කාර්ය භාරය නිසියාකාරව ඉටුකර නොමැති බවකි. එමෙන්ම යුද්ධ, විවිධ අවස්ථාවල ඇතිවූ අතිශය විනාශකාරී ප්‍රචණ්ඩත්ව සහ ඒවාට ප්‍රතිචාර ලෙස රාජ්‍ය විසින් සිදුකරන ලද මර්දනය කිරීම් මෙන්ම මිනිස් ඝාතනද අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතාවලින් වියුක්ත ඒවා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පීතෘමූලික විකල්ප දේශපාලනයේ පුරුෂ නොවන නියෝජනය[1]

~ අරුණි සමරකෝන් මම කැමතියි මගේ කතාව කියන්න. මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්‍රවාහයේ පුරුෂ නොවන සංකේතය තුළය. අනුෂ්කා කහඳගමගේ ‘ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?’ සහ ක්‍රිෂාන් සිරිවර්ධන ‘‘විකල්පය’ ද විකල්පයද?’ යනුවෙන් පළකල ලිපි දෙක කියවීමෙ න් පසුව මම මගේ ආඛ්‍යානය ලියමි.  එම ආඛ්‍යානය තුළදී අපේක්ෂා කරනුයේ, වාර්ගික කේන්ද්‍රීය හා පීතෘමූලික ශ්‍රී ලංකා විකල්පය තුළ පුරුෂ නොවන දේශපාලන නියෝජනය අර්ථකථනය කිරීම පිලිබඳ මගේ කතාව අවධාරණය කිරීමය. ඒ අනුව, සමස්ත ලිපිය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘විකල්පය’ ද විකල්පය ද?

~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය මෙම කෙටි ලිපිය  අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ්  අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’ යන මැයෙන් ලියූ ලිපිය මගින් ඉස්මතු කරන කරුණු පිළිබඳව සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් ලියවෙන්නකි. ශ්‍රී ලංකාවේ ‘විකල්ප දේශපාලන’ ප්‍රවණතා පිළිබඳව අනුෂ්කා කහඳගමගේ විසින් සිදු කරන සියුම්  නිරීක්ෂණ මෙන් ම  විවේචන ද සමකාලීන මොහොත අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. විකල්ප දේශපාලනය පිළිබඳ  සිදුකරන විවේචන, අධිපති දේශපාලන කතිකාව විවේචනය කිරීමට වඩා ප්‍රහාරයන් ට ලක් විය හැකි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහිද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය මතුව ඒමට හේතුව වී ඇත්තේ මෑත කාලීනව මීටූ# (Metoo#) ව්‍යාපාරයේ හැඩය ගනිමින්, කාන්තාවන් ප්‍රසිද්ධියේ තමාට අඩත්තේට්ටම්කළ  පුරුෂයින් නම් කිරීම සහ ඔවුන් ව ලැජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්වීමයි. ස්ත්‍රීවාදයේ විවිධ මාන පැවතියත්, ස්ත්‍රීවාදය ඓතිහාසිකව විකාශනය වීම වැදගත් වුවත්, මෙම කෙටි ලිපියෙන් මා එම න්‍යායික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

හෘද සාක්‍ෂ්‍යයේ කවි

සුදුසිංහ, සඳරැසි. ගිනි වැදුණු පියාපත්, 2021 (ජූලි 31 වනදා පළවීමට නියමිතය). කොහුවල: විදර්ශන ප්‍රකාශන සමාගම. පිටු 202, ISBN: 978 624 5546 01 5; මිල: රුපියල් 500.00. ——— ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අප සාමාන්‍යයෙන් කියවන බොහෝ තත්කාලීන කවි එකතු හා සසඳා බලන කල, සඳරැසි ප්‍රියත්මා සුදුසිංහගේ කවි  අනූනවයකින් සමන්විත මේ එකතුව තේමාව සම්බන්ධයෙන් බෙහෙවින් අසාමාන්‍යය වේ.  තේමා බහූත්වයක් වෙනුවට ඇයගේ ග්‍රස්තිය (obsession) සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ, 1981 වසරේ  මැයි 31 සිට ජූනි 2…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත් කෝවිඩ් යුගයේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ඥාන ගවේෂණය හා දැනුම් නිෂ්පාදනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ප්‍රවේශය විඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක ලෝකේ අතිවිශාල වෙනස්කම් ඇතිවෙලා තියෙන බව අපි හොඳින් දන්නවා. අපි ඒ වෙනස්කම් මේ මොහොතේත්, අත්විදිනවා. ඒ වෙනස්කම් මානව සබඳතාවල මූලික ස්වභාවයටත් බරපතල බලපෑම් කරලා තියෙනවා. ඒ නිසා, මේ වෙනස්කම් සහ ඒවා එක්ක බැඳිලා තියෙන දේශපාලන ගතික විශ්වවිද්‍යාලවලට විතරක් බලපෑම් නොකරයි කියලා හිතන්න කිසිම හේතුවක් නෑ. නමුත්, ඒ වියහැකි වෙනස්කම් පිළිබඳ ඇතැම් පැහැදිලි ඉඟි මීට පෙර ඇතිවෙලා තියෙන විපර්යාසවලිනුත් පෙන්නුම් කරලා තියෙනවා. මේවා පිලිබඳ අපි…
වැඩි විස්තර පරිශීලනයට