අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර්

අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ නිල ආඛ්‍යානය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යුක්ති සහගත කිරීමටත්, ජාතික විරැකියා ගැටලු සඳහා විශ්වවිද්‍යාල බිල්ලට දීමටත් උත්සාහ දරයි.

මේ පිළබඳව ජනාධිපතිවරයා කියා සිටින්නේ මෙවැනි දෙයකි: “රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම්, එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරදි කරන අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කලා”.1

2021 අයවැය කතාව හරහාත් මීට සමාන අදහස් දක්වනු ලැබීය: “රටේ සිටින දක්ෂ දරුවන් පිරිස විශ්වවිද්‍යාල දක්වා සාර්ථක ගමන් මඟක ගොස් අවසානයේ විරැකියාව උරුමකර ගන්නේ නම්, එම අධ්‍යාපන ක්‍රමය වෙනස්කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ප්‍රමුඛත්වය දිය යුතුයි’.2

විරැකියාව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ‘උරුමයක්’ ලෙස ආකෘතිගත කිරීමට දරන උත්සාහයට අපි විරුද්ධ වෙමු. මන්ද, විරැකියාව යනු,  ඉහත උපුටා ගැනීම්වලින් හෙළිවන පරිදි,  සරල හා ඒක පාර්ශවීය විශ්ලේෂණයකට බඳුන් කිරීම මත පදනම් වූ දුර්වල හා කෙටිකාලීන ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රතිඵලයක් නිසාය. එවැනි ආඛ්‍යාන මගින් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය මුහුණ දෙන විවිධ අර්බුද වෙත හෝ සමස්තයක් ලෙස ජාතික විරැකියා ගැටලුව පිළිබඳ ගැටළු වෙත හෝ අවධානය යොමු නොකරයි. වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රැකියා අවස්ථා ස්වල්පයක් පමණක් පවතින්නාවූ  යථාර්ථයක් සඳහා අපගේ සිසුන් සූදානම් කිරීමට අපි අපේක්‍ෂා කරමු. මෙය ලෝකය වර්තමානයේ මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයේ ප්‍රතිඵලයකි.  මෙම යථාර්ථය අවබෝධ කරගෙන, අධ්‍යාපන ක්‍රමය විසින් කොන්කරනු ලැබූවන්ගේ බලාපොරොත්තු සුන්වීම හා බිය දුරු කරන රැඩිකල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජයට අවස්ථාව තිබුණි. වසංගතය මගින් හෙළි කරන අපගේ අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි විෂමතා සහ අසාධාරණතා ඒ හරහා   ඉස්මතු කර දැක්වීමේ හැකියාව ද රජයට තිබුණි. ඒ වෙනුවට රජය සිදුකළේ, බලයේ සිටින්නන් තම දේශපාලන අනාගතය පිලිබඳ හඟින්නාවූ අනාරක්ෂිතතාව හරහා උත්තේජනය කරන ලද  ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීම පමණි.

රැකියාවක් සඳහා නුසුදුසුභාවය

රජය විරැකියාව, හුදු ‘කුසලතා’ නොමැතිකම යන කාරණයට  ලඝු කරන අතර, ඊනියා ‘කුසලතා’ හිඟතාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අසාර්ථකත්වයට ලඝු කරයි . රජය විසින් විරැකියාව,  ‘රැකියාවක් සඳහා නුසුදුසු’ වීම යන්න සමඟ සමාන කරයි. එමෙන්ම, මෙම ‘රැකියාවක් සඳහා නුසුදුසු’ පුද්ගලයින්ට, වෙළඳපොල විසින් ඉල්ලා සිටින ‘කුසලතා’ හිඟ බව රජයේ අදහසයි.  වෙළඳපොල මත පදනම් වූ නව ලිබරල් පසුබිමක, විරැකියාව පිළිබඳ වගකීම, ‘ඉල්ලුමට අනුව විෂයයන්’ තෝරා ගැනීමට අපොහොසත් වන ‘නිපුණතා රහිත’ පුද්ගලයාට පැවරීමට රජය උත්සාහ කරයි. ඒ අතරම ‘ඉල්ලුම’ ඇති විෂයයන් කෙරෙහි අවධානය යොමු නොකිරීම පිළිබඳව විශ්වවිද්‍යාල වෙත වක්‍රාකාරව දෝෂාරෝපණය කරයි. මෙවන් ප්‍රවේශයක් තුළ,  සමාජ පන්තිය, ප්‍රදේශය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ සම්පත් අසමාන ලෙස බෙදීයාම තුළ හටගත්,  දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති සමාජ හා ආර්ථික අසමානතා සහ අයුක්තිය පිළිබඳ ගැටළු නොසලකා හැර ඇත.

පූර්ව-කෝවිඩ් තත්ත්වය තුළ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛනවලින් (2018)3 පෙනී යන්නේ, උපාධිය ලැබීමෙන් වසර 2-3 කට පසු විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන්ගෙන් 83% ක් කාන්තාවන් බවයි. එවැනි කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් කුසලතා පිළබඳ ගැටලුවෙන් පමණක් පැහැදිලි කළ නොහැකි අතර, කාන්තාවන්ට ක්‍රියාත්මක වීමට අපහසු වැඩ කිරීමේ අවකාශ පිළිබඳ අපගේ අත්දැකීම් සමඟත් සමපාත වෙයි. යම් රැකියා සඳහා පිරිමි අයැදුම්කරුවන් විශේෂයෙන් ඉල්ලා සිටීම හෝ කාන්තාවන් සඳහා කෝටා වෙන් කිරීම මගින් සේවා යෝජකයන් විසින් කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීම සාමාන්‍යයෙන් විවෘතව සිදුවන දෙයකි. උපාධිධාරීන් රැකියා සදහා තෝරා ගන්නා ක්‍රියාවලීන්හිදී, ඇතැම් සංවිධාන විසින්  නිර්ලජ්ජිත පංතිවාදයක් අනුගමනය කරනු දැකිය හැකිය. එනමුත්, සේවා නියුක්තිය පිළිබඳ රජයේ ආඛ්‍යානය ගොඩනැගීමේදී මෙම යථාර්ථය නොසලකා හරිනු ලැබේ. ඒ හා සමානව, රැකියා විරහිතභාවයට උපාදීධාරීන්ට චෝදනා කරනවිට මෙන්ම, ඊට හේතු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දොස් නඟන විට, ධනවත් හා දිළිඳු භේදය මෙන්ම නාගරික හා ග්‍රාමීය ජනතාව අතර විශාල පරතරයක් ඇති කරන දේශපාලන-ආර්ථික ප්‍රතිපත්තිවලට දොස් නැඟීමක් සිදු වන්නේ නැත. එබැවින් රජය, විශ්වවිද්‍යාල විරැකියාව පිලිබඳ වගකිව යුතු එකම ආයතන ලෙස දැකීම සහ විශ්වවිද්‍යාල, සමාජ-දේශපාලනික සන්දර්භයන්ගෙන් වියුක්ත කලාප ලෙස උපකල්පනය කිරීම අවිචක්ෂණශීලී කෙටිකාලින දැක්මකි. තවද, දත්තවලට අනුව, පූර්ව-කෝවිඩ් කාලවලදී, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබීමෙන් වසරකට පසු රැකියාවක් හිමිවීමේ අනුපාතය 80% ක් වූ අතර, එය පෞද්ගලික අංශයට වඩා වෙනස් නොවේ. එබැවින්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බිහිකරන උපාධිදාරීන්ගේ  රැකියා විරහිතභාවය  උලුප්පා දැක්වීම අර්ථ විරහිතය.

අධ්‍යාපනය කුමක් සඳහාද?

අපගේ තර්කය වන්නේ, රැකියා කිරීමට ඇති ‘සුදුසු’ භාවය, ගැටළුව හා විසඳුම යන දෙකම ලෙස ආකෘතිගත කිරීම ගැටළු සහගත බවයි.  මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන් මුළුමනින්ම නොසලකා හැරීම සහ තාක්‍ෂණික අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් වෙළඳපොල ඉල්ලීම් මත පදනම් වූ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලද, 2021 අයවැය කථාවේ රජය විසින් සපයන ලද විසඳුම්වලින් මෙය පැහැදිලි වේ:

විශ්වවිද්‍යාල අවස්ථා පුළුල් කිරීමට සමගාමීව තරුණ තරුණියන් ආකර්ෂණය වන පරිදි හා තාක්ෂණ විද්‍යාල නවීකරණය One TVET සංකල්පය යටතේ විධිමත් නියාමනයක් තුළ උසස් තාක්ෂණවේදී උපාධි ආයතන වශයෙන් තාක්ෂණ හා කාර්මික විශ්වවිද්‍යාල විද්‍යා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට රජය ප්‍රමුඛතාව දී තිබෙනවා. එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධ කරමින් තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හා අනෙකුත් භාෂා, කාර්මික සහ තාක්ෂණික දැනුම සහිත සිසුන් බිහි කිරීම ද මෙම වැඩ පිළිවෙලේ මූලික අරමුණයි.’4

එවැනි ආකෘතිගත කිරීමක් හරහා,   අධ්‍යාපනයේ පරමාර්ථය සහ අධ්‍යාපනය මහජනයාට සේවය කළ යුතු ආකාරය පිළිබඳ දැක්ම ගිලිහී යයි. ඒ හරහා විශ්වවිද්‍යාලවලින් අපේක්ෂා කරන්නාවූ, රැකියා, වෘත්තීන්, සේවකයින් සහ වැඩ අවකාශ ද ඇතුළු සියලුම අවකාශවල පවතින්නාවූ තත්ත්ව ධුරාවලිය ප්‍රශ්න කිරීම සහ අභියෝගයට ලක්කිරීමේ භූමිකාව විශ්වවිද්‍යාලවලින් උදුරා ගනු ලබයි.    අයවැය ප්‍රකාශය සහ ජනාධිපතිතුමාගේ මෑත කාලීන කථාවලින් පෙන්නුම් කරන්නේ, අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා සැපයීම බව රජය විශ්වාස කරන බවයි. උපාධිධාරීන් වර්තමාන ක්‍රමයට ගැළපෙන ලෙස සකස් විය යුතු අතර, එයට සේවය කිරීමට මෙන්ම එය පහසු කිරීමට හා ශක්තිමත් කිරීමට පවා දායක විය යුතු බව රජයේ අදහසයි. ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයේ එක් ඉලක්කයක් වන්නේ රැකියා උත්පාදනය කිරීම වන අතර, එම පද්ධතිය හරහා රැකියා වෙත පිවිසෙන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම ද අධ්‍යාපනයේ තවත් අරමුණකි. කෙසේ වෙතත්, රැකියාව අධ්‍යාපනයේ එකම අරමුණ බව එයින් අදහස් නොකෙරේ. උපාධිදාරීන්, වෙළඳපොල යාන්ත්‍රණවල නිෂ්පාදනයක් බවට පත්වනවා හෝ නව ලිබරල් වෙළඳපොල ආර්ථිකයේ අවශ්‍යතා සපුරා ලීමට වඩා, වෙනසක නියෝජිතයන් විය යුතුය. අධ්‍යාපනය හා ඉගෙනීම තුළින්, වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමේ සිහිනය වෙත උපාධිදාරීන් මෙහෙයවිය යුතුය. එය පරිවර්තනය කළයුතුවන්නේ උපාධිදාරීන් පමණක් නොවේ. වර්තමානයේ අප මුහුණ දී සිටින තත්ත්වය වැනි කාලවලදී, මානුෂීය, යුක්ති සහගත, ප්‍රජාතන්ත්‍රවාදී සහ අර්ථවත් විසඳුම් පරිකල්පනය කළහැකි ආකාරයේ ශක්තියක් සහ ආයතනවල පැවැත්ම සහතික කරන ක්‍රමයක් අධ්‍යාපනය මගින් පරිකල්පනය කළයුතුය. 

සමාලෝචනය

වර්තමානයේ, අපගේ දේශපාලන මතවාදීමය ස්ථානගතවීම කුමක් වුවත් සහ අප කවුරුන් වුවත්, ලංකාවේ අධ්‍යාපනය සමාජ විපරිවර්තනයක් වෙනුවෙන් විශාල ලෙස ප්‍රති-සකස් විය යුතු බව අපි විශ්වාස කරමු. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පමණක් සමස්ත දේශපාලන-ආර්ථික ව්‍යුහය වෙනස් කළ නොහැකි බව පිළිගත යුතුය. කෙසේ වෙතත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමස්ත සමාජ-ආර්ථික ව්‍යුහය දිගු කාලීනව වෙනස් කිරීම සඳහා පහසුකම් සැලසිය හැකි  මූලික යාන්ත්‍රණයක් බව අපි විශ්වාස කරමු.

එවැනි ක්‍රමයක් පිළිබඳව අපට පරිකල්පනය කළ හැක්කේ කෙසේද? උපාධිදාරීන් වෙනසෙහි ඒජන්තයින් ලෙසත්, විශ්වවිද්‍යාල එවැනි වෙනස්කම් පෝෂණය කරන සහ පවත්වාගෙන යන අවකාශ බවටත් පත්කළ යුතුය. විශ්වවිද්‍යාල යනු ශිෂ්‍යයින් වඩාත් අසාර්ථක සමාජ පද්ධතිවලට එකඟකරවන අවකාශ නොවිය යුතු අතර, ඒ වෙනුවට සෑම දෙනාටම එක හා සමානව සහ සම්පුර්ණයෙන්ම සහභාගී විය හැකි ආකාරයේ නව ජීවන අවකාශ, ඉගෙනුම් හා වැඩ කිරීමේ අවකාශයන් නිර්මාණය කිරීමේ අභියෝගය භාරගත යුතුය. සමස්තයක් ලෙස, අපගේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ක්‍රමය, අවංකව හා ස්වයං-විවේචනාත්මකව විමසා බැලීමෙන්,  පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න තීරණය කළ යුතුය. එවැනි ව්‍යාපෘතියක් කල් නොයවාම අවශ්‍ය වන්නේ, අප සතුව ඇති දේ සුළු වෙනස්කම්වලට ලක් කිරීමෙන් හෝ පවතින ප්‍රශ්නවලට පැලැස්තර දැමීමෙන් හෝ ගැටලුව විසඳෙන්නේ නැති බව අප කවුරුත් දන්නා බැවිනි.

මේ සඳහා මහජනයාගේ සහභාගීත්වය හා සහයෝගය අවශ්‍ය වන අතර, එවැනි කාර්යයක් සඳහා නායකත්වය සැපයීමට තරම් නිර්භීත වූ රජයක් ද  අවශ්‍ය වේ.

පසු සටහන්

1. https://www.pmdnews.lk/si/presidents-address-to-the-nation-on-18-11-2020/

2. https://www.treasury.gov.lk/documents/budget/2021/budget_speech_sinhala.pdf

3. UGC (2018). Tracer Study of Graduates: Universities of Sri Lanka. Colombo: UGC.

4. https://www.treasury.gov.lk/documents/budget/2021/budget_speech_sinhala.pdf

(අනුෂ්කා කහඳගමගේ (anuappri@gmail.com) නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන අතර ශාමලා කුමාර් (skumar@agri.pdn.ac.lk) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරියකි.)

Total
13
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට