අරගලය ගැන 2

~ අනුශ්කා කහඳගමගේ

මේ වන විට අරගලය ගැන විවිධ මත පළවෙමින් පවතී. ඉන් ප්‍රධානම චෝදනාවක් වන්නේ, අරගලයට නායකයෙකු නොමැති බවයි. ඊයේ දිනයේ අප සමඟ කතාවට පැමිණි එක් පුද්ගලයෙක් අපෙන් ඇසුවේ “දැන් ඔයාල හිතන විදියට රටේ නායකයා වෙන්න ඕන කවුද?” යනුවෙනුයි. අපගේ පිළිතුර වූයේ, කිසිඳු පුද්ගලයෙක් තරු බවට පත්කිරීමට මෙම අරගල කරුවන්ට වුවමනාවක් නොමැති බවයි. අපෙන් ප්‍රශ්නය ඇසු පුද්ගලයා රාජ්‍යයේ නිල හෝ නොනිල තෝල්කකරුවෙකු බව මාගේ අදහසයි. ඔහුට අවශ්‍යව තිබුණේ අරගලය දේශපාලනික පක්ෂයක ග්‍රහණයේ තිබෙන්නේදැයි යන්න දැනගැනීමටයි.  අප ඉල්ලා සිටින්නේ, ඕනෑම පුද්ගලයෙකුගේ නායකත්වය ප්‍රශ්න කළ හැකි අධිකරණයක් සහ පාර්ලිමේන්තුවකි. අධිකරණයට, විධායක ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට කිසිඳු අනවශ්‍ය බල සංකේන්ද්‍රණයක් නොතිබිය යුතුය. අප ඉල්ලා සිටින්නේ, ක්‍රමය විසින් ‘නායකයා’ පාලනය කරන තත්වයක් මිස, පුද්ගලයා විසින් ක්‍රමය අත්තනෝමතික ලෙස පාලනය කරන ක්‍රමවේදයක් නොවෙයි. 

දැනට පවතින දේශපාලන පක්ෂවල — වාමාංශික පක්ෂ ද ඇතුළුව — දුර්වලතාව වන්නේ, පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වීමයි. එකෙක් නායකයෙක් වූ පසු ඔහු/ඇය සදා නායකයින්ය. ඔවුන්ගේ දරුවන්, සහෝදරයින් සහ මිත්‍රයින් නිරන්තරව එම පක්ෂවල නායකත්වයට පත්වෙයි. මෙම දේශපාලන පක්ෂවල දෙවෙනි පෙළක් ඇතැයි පක්ෂය විසින් කියා ගන්නා නමුත්, එවැනි දෙවෙනි පෙළක් පොදු ජනතාව වන අපට පෙනෙන්ට නැත. ඒ වෙනුවට අපට පෙනෙන්ට ඇත්තේ සැබෑ අරමුණ නොපෙනෙන, එකිනෙකා සමඟ මතවාදීමය වශයෙන් කා කොටා ගන්නා සහ මතවාද ගොන්නක එල්ලී සිටින නායකයින් පිරිසකි. එහෙත්, අරගල භූමියේ මා දුටු විශේෂත්වය වන්නේ, නිරන්තරව වෙනස්වන නායකත්වයයි. කථිකයින් විවිධය; විවිධ සමාජ පන්ති, තරාතිරම් සහ ස්ත්‍රී පුරුෂ විවිධත්වයෙන් යුතුය. වැදගත්කම ඇත්තේ කථිකයාගේ පෞරුෂයේ හෝ එම පුද්ගලයා අයත්වන සමාජ පන්තියේ හෝ තරාතිරමේ නොව, ඔවුන් කියන දේ තුළය. ඔවුන් කියන දේ විසින් සියලු ධුරාවලි කුඩු පට්ටම් කරනු ලබයි. ඒ විවිධත්වය නිසාම අරගලය පැවතීම පහසුය. සියලු දෙනාටම දැනේනේ තමුන් මෙහි සම අයිති කරුවෙකු ලෙසින්ය. සියලු අරගලකරුවෝ අරගලය දරා සිටිති. දේශපාලනයක පැවැත්ම විය යුත්තේ මෙයයි. එනම්, පුරවැසියන් තම දේශපාලන ව්‍යාපාරයේ සම අයිතිකරුවන් වීමයි. 

මා මෙම නායකයින් බහුල අරගලය උත්කර්ෂයට නැංවීමෙන් අදහස් කරන්නේ, දැනට පවතින දේශපාලනික අර්බුධය  පාර්ලිමේන්තුවෙන් තොරව විසඳිය හැකි බව නොවෙයි. දැනට පවතින දේශපාලන අර්බුධය විසඳිය හැක්කේ පාර්ලිමෙන්තුවෙන්ම පමණි. නමුත් මා කියන්නේ වීදියේ අරගලකරුවන් පක්ෂ දේශපාලනයට වඩා බොහෝ දුර ගොස් ඇති බවයි. එසේ දුර ගොස් ජනතාව සමඟ එකතු වීමට පක්ෂ දේශපාලනය තව බොහෝ මුහුකුරා ගොස්, ආත්මර්තකාමයෙන් තොර දෙයක් බවට පත්විය යුතුය.

ඒ සමඟම අරගල බිමේ මිනිසුන්ට ආමන්ත්‍රණය කළ  ආදරණීය තරුණයෙක් කියූ දේ ගැන ද මෙහිදී කෙටියෙන් සටහන් කරමි. අරගල බිමේ සිටි පුද්ගලයෙක් අරගලය පසු කරමින් ගිය මෝටර් රථයක වැදුණු අතර එහිදී කලබල වූ අරගලකරුවෝ මෝටර් රථය දෙසට දිවගියහ. නමුත් ඒ මෝටර් රථයටවත්, එය ධාවනයකළ පුද්ගලයාටවත් කිසිඳු අනතුරක් වීමට අරගලකරුවෝ ඉඩ නුදුන්හ. අරගලය ප්‍රචණ්ඩත්වයෙන් තොරය. සියලු දෙනා එක හඬින් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයකි. මේ සිද්ධියෙන් පසු එක තරුණයෙක් ඒ මහා ජනතාව ඇමතීය. ඔහු කතා කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් ගැනයි. අප තරම් සංවේදී ජාතියක් මේ ලෝකයේම නොමැති බවත්, අප ප්‍රචණ්ඩ නැතහොත් කලහකාරී ජාතියක් බව අපගේ මනසට කාවද්දා ඇත්තේ දේශපාලකයින් විසින් බව ඔහු කියා සිටියේය. ඒ දේශපාලකයින් විසින් අපගේ මනසට කා වද්දා ඇති අදහස විසින් ක්‍රියාත්මක කරනු ලබන අපි එකිනෙකා සමඟ ඉතා ඉක්මනින් භේද වන්නෙමු. නමුත් මේ තරුණයා කියා සිටියේ අපේ මනුස්සකම් සහ සංවේදීකම් මේ සියල්ලටම වඩා ඉහළින් පවතින බවයි. කතෝලිකයින් අරගල භුමියේ කුරුසියක් සිටුවා තම ආගම සමරද්දී, ඒ සැමරීම ගැන කිසිවක් නොදැන සිටි සියලු දෙනා ඒ සැමරීම සමඟ එක්වූ අයුරු ඔහු විස්තර කළේය. දේශපාලකයා විසින් අපට සවිකර ඇති ප්‍රචණ්ඩත්වයේ වලිගය කපා දැමිය යුතු බව ඔහුගේ යෝජනාව විය. මග තොටදී හමුවන රියදුරෙකුට බැණ වැදීමේ සිට, ගෘහස්ථය තුළ තම බිරියට, දරුවාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය මුදා හැරීම දක්වා ඔහු කළ විශ්ලේෂණය වඩාත් ප්‍රායෝගික සහ සරල එකක් විය. අප අනෙකා මත ප්‍රචණ්ඩත්වය මුදා හරින්නේ අපි ප්‍රචණ්ඩ නිසා නොව, බොහෝ කලක් තිස්සේ අප පීඩාවට පත්වූ යාන්ත්‍රණ තුළින් බැට කෑම සහ සහ ඒ යාන්ත්‍රණ විසින් අප ප්‍රචණ්ඩ ජාතියක් බව නිරන්තරව කියා පෑම නිසා බව ඔහු කියා සිටියේය. ඔහුගේ වචනයෙන් ‘අපි හරි පව්’ ජාතියක්ය. මම ඔහු සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමි. අපි හරි පව් ජාතියක්ය.

නමුත් අපි තවදුරත් ‘පව්’ නැත. මෙම යතාර්ථ තේරුම් කරදීමට සමත් ජන අරගලකරුවන් පිරිසක් බිහිවෙමින් සිටී. මේ අරගලය පාර්ලිමේන්තුවේ ජය නොලැබුවත් ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණ බොහෝය. ඒ ජයග්‍රහණ අතර ප්‍රමුඛ වන්නේ, (මෙය මා නැවත නැවත ලියමි) සියලු ජාතීන් සහ ජන කොටස්, කිසිඳු භේදයකින් තොරව එක්සත්ව අරගලයේ සහභාගී වීමයි.

දිවා රෑ අරගල බිමේ සිටින, හිත හයිය ඒ සියලු මිනිසුන්ට මගේ ආචාරය!

Total
1
Shares
Leave a Reply

Your email address will not be published.

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට