ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය

Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ

මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික යථාර්ථ පිළිබඳ සංකීර්ණ ඉඟි ද සපයයි.  මේ නිසා මීරා නයර් විසින් Suitable Boy කෘතිය චිත්‍රපට මාලාවක් බවට පරිවර්තනය කළ පසු, එය බැලීමට මට මහත් උනන්දුවක් ඇති විය. සෙත් ගේ කෘතියෙන් කරනුයේ 19 හැවිරිදි තරුණියක වන ලතා තරුණයන් තිදෙනෙකු අතරින් සැමියෙකු තෝරාගන්නා අන්දම ගවේෂණය කිරීමය.   එසේ කිරීමේදී ඔහු පෙන්වා දෙන්නේ, පුද්ගලයෙකු සහකරුවෙකු හෝ සහකාරියක සොයා යන ගමන සමාජය මගින් හැඩගස්වන අයුරු සහ එනිසාම පෞද්ගලික දේ කොතෙක් දුරට දේශපාලනික වන්නේ ද යන්නයි.

මෙලෙසින්ම නයර්ගේ චිත්‍රපට මාලාව ද ආමන්ත්‍රණය කිරීමට අතිශයින් අපහසු සහ සංවේදී වාද විෂයන් වන ළමා අපචාර හා මිථ්‍යාචාරය වැනි දේ ගවේෂණය කරන්නේ විවාහ මංගලෝත්සව මගි​න් සපයන බෙහෙවින් විනෝදකාමී වූ විශ්ලේෂණ රාමුව ඔස්සේය.

පිටු 1, 500 කින් සමන්විත වූ මේ අගනා නවකතා​ව චිත්‍රපට මාලාවක් බවට පෙරළීමට ගත් තීරණය ම නයර් විසින් ගන්නා ලද නිර්භීත තීරණයකි. මක් නිසාද යත්, පොතේ දක්වා ඇති චරිත හා බැඳී ඇති දේශපාලනික සිදුවීම් හා පුද්ගලික අරගල හා  සම්බන්ධ සංකීර්ණතා චිත්‍රපට මාලාවෙන් මගහැරී යාමට ඕනෑ තරම් අවකාශ තිබූ නිසාය.  කෙසේ වුවද, මේ චිත්‍රපට මාලාව අපට ආකර්ෂණය වන්නේ එය තත්කාලීන සමාජයට ද බෙහෙවින් වැදගත් වන තේමා දෙකක් නවකතාවෙන් මැනැවින් උකහාගෙන ඇති නිසාය.   මේවා නම්, අන්තර්-ආගමික විවාහ සහ ආදරය පිළිබඳව ඇති එකිනෙකට වෙනස් වූ අර්ථ යන තේමා ද්විත්වයයි.

ලතා සමඟ විවාහ වීමට මුලින්ම කැමැත්ත ප්‍රකාශ කළ කබී​ර් දුරානි වෙත ඇයගේ සිත යන ආකාරය සහ ඔහු හා ඇය අතර ඇති ගැලපීම විස්තර වන්නේ, පශ්චාත්-නිදහස් ඉන්දියාවේ හින්දු-මුස්ලිම් සබඳතා පිළිබඳ පසුබිම මතය.  මුස්ලිම් පල්ලියක් අසලම හින්දු දේවස්ථානයක් ඉදිකිරීමේ දී මතු වූ වාර්ගික උණුසුම මධ්‍යයේ කබීර් විසින් ලතා වෙත සිය ආදරය ප්‍රකාශ කිරීම ඇය ඔහු සිය සැමියා ලෙස තෝරා ගැනීමට පදනමක් සැපයීමට තරම් ප්‍රමාණවත් නොවීය.  ලතාගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ,  කබීර්ට එරෙහිව කිසිවක් ඔවුන්ගේ සිත් තුළ නොමැති බවයි.  එනමුත් ඔවුන් ලතාට මතක් කර දුන්නේ, පවතින අර්බුදකාරී වාතාවරණය තුළ මුස්ලිම්වරයෙකු හා විවාහ වීම එතරම් ඥානවන්ත  ක්‍රියාවක් නොවන බවයි. 1990 ගනන්වල රචනා කළ මේ නවකතාව පදනම් වී ඇත්තේ 1950 දශකයේ ඉන්දීය සමාජ තත්ත්ව මතය. එනමුත් සෙත් වි​සි​න් කබීර්​ගේ චරිතයට පණපොවා ඇති ආකාරය තත්කාලයට ද බෙහෙවින් අදාළ වේ. මක්නිසාද යත්, හින්දු-මුස්ලිම් විවාහවලට ඇති විරෝධය අද වන විට ද සමාජය තුළ පවතින නිසාය.

සෙත් ගේ නවකතාව ඔස්සේ ලතාට වඩාත්ම සුදුසු සහකරුවා කවුරුන්ද යන්න පිළිබඳව නොයෙකුත් විවාද ඉන්දීය සමාජය තුළ ඇති වුණි.  ඇතැමුන්ගේ අදහස වූයේ, සිය වෘත්තීයමය ජීවිතය පිළිබඳ අවධානය යොමුකළ හරේෂ් කපූර් තම සැමියා ලෙස ලතා විසින් තෝරාගැනීම අතිශයින් සාම්ප්‍රදායික තත්ත්වයක් පෙන්නුම්කරන බවයි. වඩාත් රොමාන්තික (rom​antic) අදහස් දරන්නන්ගේ කැමැත්ත වූයේ ඇය බෙහෙවි​න් ප්‍රසන්න හා ප්‍රියශීලී නීතිඥයෙකු සහ පසුව කවියෙක් බවට පත්වූ අමිත් චැටර්ජි සිය සැමියා ලෙස තෝරා ගත යුතු බවයි.  සමාජයේ සිටි වඩාත් නිර්භීත අදහස් දරන්නන් පැවසුවේ ඇය සිය පාසැල් මිත්‍රයා ස​හ මුස්ලිම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ​ද වූ කබී​ර් දුරානි සිය සැමියා වශයෙන් තෝරා ගත යුතුව තිබූ බවයි.

මේ චරිත ගොඩනැගීමේදී සෙත් විසින් ඉතාමත් සංවේදී සාකච්ඡාවක් සමාජය තුළ මතුකරන ලදී.  එය පදනම් වී තිබුණේ ආදරය පිළිබඳ එකිනෙකට වෙනස් වූ ආකෘති පවතීය යන අදහස මත  සහ මේවායින් විවාහය සඳහා පදනම සැපයිය යුත්තේ කුමන ආකෘතිය ද යන කරුණ මතය. මෙහිදී ආදරය පිළිබඳ ආකෘති, නැතිනම් ආදරයේ  ආකාර වශයෙන් මතුවී ආවේ අ​නුරාගය (passion), ගැලපීම (compatiblity) සහ යුතුකම (duty) යන කාරණාය. 

මේ කතා මාලාවේ ප්‍රබල ලක්ෂණයක් වන්නේ හරේෂ් කපූර්ගේ චරිතය මැනැවින් ගොඩනඟා තිබීම ය. එසේම, ඒ ගොඩනැගීම ඔස්සේ ආදරය පිළිබඳව පවතින මේ එකිනෙකට වෙනස් වූ අර්ථ පිළිබඳ විවාදයට එය දායකත්වයක් සපයයි. නයර් විසින් හරේශ්ගේ ගේ චරිතය ගොඩනගා ඇත්තේ මධ්‍යම පාන්තික අගයන්ට හා සදාචාරාත්මක ස්ථාවරයන්ට වඩාත් සරිලන, මනා රැකියාවක් ඇති සහ සුදුසු කුල පසුබිමකින් පැමිණෙන තරුණයෙකු වශයෙන් අති සරල ආකාරයට නොවේ. ඒ වෙනුවට ඇය පෙන්වා දෙන්නේ, ලතා සිය සැමියා වශයෙන් හරේශ්ව  තෝරා ගන්නේ ඔහු තුළ ඇති අවංක කම සහ ඇය වෙනුවෙන් සිය ජීවිතයේ යම් වෙනස්කිරීම් සිදු කිරීමට ඔහු තුළ තිබූ කැමැත්ත මෙන්ම තමාට අවැසි පෞරුෂය ගොඩනගා ගන්නට ඔහු විසින් ඇයට අවකාශ සලසනු ඇතැයි යන විශ්වාසය මත බවයි.

එනමුත් මේ සියුම් චරිත ගොඩනැගීමේ කාර්‍යය අමිත් චැටර්ජිගේ  චරිතය ගොඩනැගීම සම්බන්ධයෙන් මීරා නයර් සිදුකර නැත. ඔහු අපට දිස්වන්නේ ලතාට කැමැත්තක් ඇති, එනමුත් ඇය කැමති නැති තරමට නූතන වූ, සමාජ ජීවිතයේ දැඩි ලෙ​ස ගැලී සිටින චරිතයක් වශයෙනි.  

එනමුත් නවකතාවේදී අපට පෙනෙන්නේ අමිත් සහ ලතා එකිනෙකාට බෙහෙවින් ආකර්ෂණය වී සිටි බවයි. ඒ ඇතැම් විට දෙදෙනාම කවියට දැක්වූ කැමැත්ත මත විය හැක.  නමුත් අමිත් ලතා වෙත ඇති සිය ආකර්ෂණය ඇයට නිරන්තරයෙන් පවසන්නේ නැති නිසා, ලතා සිතන්නේ ඔහු ස්ථාවර පුද්ගලයකු නොවන බවයි.  මේ නිසා, විවාහය වැනි බැඳීමකට ඔහු සුදුසු කෙනෙකු නොවන බව ඇය විශ්වාස කරන්නීය.

ආදරය සහ ආකර්ෂණය පිළිබඳ මේ අත්දැකීම් හා කතාබහ මට පෙනෙන ආකාරයට වඩාත් වැදගත් වන්නේ මූලික වශයෙ​න් ස​භ්‍ය (urbane) ගති ලක්ෂණ ඇති තරුණ කණ්ඩායම්වලටය.  මකක්නිසාද යත්,  රොමාන්ති​ක හා තීව්‍ර ආදරය ම​ත  පමණක් විවාහය පදනම් විය යුතුය යන්න ඔවුන් බොහෝදෙනා විශ්වාස කරන බැවිනි. මේ අනුව, ඉන්දීය සන්දර්භය තුළ මේ කතාමාලාව පැරණි විවාදයක් නැවතත් ආරම්භ කර තිබේ.  එනම්, තීව්‍ර රාගය මත පදනම් වූ ආදරයක් මත හැර අන් දෙයක් මත විවාහයක් සිදු විය යුතුද යන ප්‍රශ්නයයි.  එනමුත්,  මෙහි දී යමෙකු නූතනත්වය  පිළිබඳව දරන අදහස් නිතැනින්ම ප්‍රශ්න කරන්නේ ද නැත.  

කෙසේ වුවද මේ කතාමාලාව මැනැවින් ග්‍රහණය කරගෙන ඇත්තේ පෞද්ගලික දේ කොතරම් දුරට දේශපාලනික වන්නේද යන යථාවයි.  එමෙන්ම එය ආගම,  මාන්නය හා චේතනාව යන කාරණා එක්කර සංකීර්ණ සම්බන්ධතා ජාලයක් ස්​මාජයේ ගොඩ​නැගෙන ආකාරයත්, තමන්ට සුදුසු සහකරුවෙකු සොයා යන ගමන මේ සංකීර්ණ ජාලය හරහා අනිවාර්‍යයෙන් යා යුතු බවත් විස්තර කරයි.

(පරුල් භන්දාරි ඉන්දියාවේ ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ  සහාය මහාචාර්යවරියක් වේ.   ඇය Matchmaking in Middle Class India: Beyond Arranged and Love Marriage කෘතියේ කතුවරියයි.   මේ රචනය මුලින්ම පළවූයේ  නොවැම්බර් තුන්වනදා පළවූ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේය.   එහි සිංහල පරිවර්තනය මෙහි පළකිරීමට අවසර දීම සම්බන්ධයෙන් කතුවරියට සහ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ සංස්කාරකවරුන්ට පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමිවේ. මුල් ලිපියට මෙතැනින් පිවිසිය හැක)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට