ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා

(මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා ඉතිහාසඥයෙකි. ඔහුගේ කෘති අතර, Gandhi before India, Democrats and Dissenters, Environmentalism: A Global History සහ The Picador Book of Cricket යනාදිය වේ. ඔහුගේ මුල් ලිපිය වෙත මේ සබැදියාව ඔස්සේ පිවිසිය හැක. සියළු චායාරූප මුල් ලිපියෙනි)

මට මුලින්ම අවශ්‍ය වන්නේ ඉතාමත් වැදගත්, එනමුත් මේ වන විට මුළුමනින්ම පාහේ අමතක වී ගොස් ඇති කාර්යභාරයක් ඉටුකළ, ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශකයකු ට මාගේ ගෞරවය පුද කිරීමටය. ඒ, 1940 දී බොම්බාය නගරයේදී ස්ථාපනය කරන ලද ආසියා ප්‍රකාශන සමාගම (Asia Publishing House) වෙතටය. එය ආරම්භ කරන ලද්දේ පී.එස්. ජයසිංහ නම් උද්‍යෝගශීලී සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයකු විසිනි. ජයසිංහ මහතා සහල් වෙළෙඳාමේ නිරතව සිටි අයකු වීය. එහෙත්, තම ව්‍යාපාර භූමිකාව විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාව පෙරදැරිකරගෙන හෙතෙම ප්‍රකාශන ව්‍යාපාරයටද ඇතුළු වීමට තීරණය කළේය.

ආරම්භය

මේ කාලයේ බොම්බාය නගරය කේන්ද්‍ර කරගනිමින් සිය කටයුතු මෙහෙය වූ ප්‍රධානතම ප්‍රකාශන සමාගම වූයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ ඉන්දීය ශාඛාවයි. ලෝකයේ පැවති අනගිතම හා පැරණිතම ප්‍රකාශන සමාගම වූයේ එයයි. එකල, ඉන්දීය ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ ප්‍රධානියා වූයේ ආර්.ඊ. හෝකින්ස් ය. ඔහු ඉන්දීය සිරිත් විරිත් අනුගමනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු විය. ඔහු මහත්මා ගාන්ධිතුමාගේ භූමිකාව අගය කළා මෙන්ම දේශීය කාදී වස්ත්‍ර ඇඳීමට ද කැමැත්තක් දැක්වීය. එකල ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය සිය ලාභය ඉපයූවේ ඉංග්‍රීසියෙන් පළ කරන ලද පාසල් පෙළපොත් සහ ශබ්දකෝෂ ප්‍රකාශයට පත් කිරීම මගිනි. මෙයට හෝකින්ස් විසින් ස්වභාවික ඉතිහාසය හා ජනප්‍රිය මානව විද්‍යාව පිළිබඳ මුල් කෘති කිහිපයක් ද එකතු කරන ලදී.

හෝකින්ස් විසින් මහත් ලැදිකමක් දැක්වූයේ තමන් මෙන්ම ඉන්දීයකරනණයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු වූ ජිම් කෝබට් ගේ හා වෙරියර් එල්වින් ගේ සහ බ්‍රිතාන්‍යකරණයට නතුව සිටි ඉන්දීය ලේකඛයෙකු වූ සලීම් අලී ගේ කෘති පළ කිරීමටය. කෝබට්ගේ Man Eaters of Kumaun (කුමාඋන්හි මිනී මස් කන්නන්), එල්වින්ගේ Tribal Art of Middle India (මධ්‍ය ඉන්දියාවේ ගෝත්‍රික කලාවන්) සහ අලීගේ Indian Hill Birds (ඉන්දියානු කදුකර කුරුල්ලන්) යන මුල් කෟති ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ ප්‍රකාශන ලැයිස්තුවේ ප්‍රධානතම අංග වීය.

බොම්බායේ ජීවත් වූ සිංහල ව්‍යාපාරික එස්.පී. ජයසිංහ හෝකින්ස් විසින් කළ දේ මෙන්ම නොකළ දේද මැනවින් වටහා ගන්නා ලදී. එනම්, ඉන්දියානුවන් විසින් තම රට පිළිබඳව ලියනලද සමාජීය විද්‍යාවන් හා ඉතිහාසය පිළිබඳ කෘතිවල අඩුකම ය. මේ ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ බලපෑමද දැඩි ලෙස දැනුන යුගයකි. මේ අතර, කල්කටාව, බොම්බාය, මදුරාසිය, බරෝඩා, අලිගර්, ලක්නොව් හා පූනා අදී නගරවල තිබූ විශ්වවිද්‍යාලවල සිටි තරුණ (හා එතරම් තරුණ නොවූ) ශාස්ත්‍රඥයින් විසින් තම රට පිලිබඳව මැනැවින් සිදුකළ පර්යේෂණ මත පදනම් වූ ගැඹුරු කෘති ලිවීම මේ වන විට ආරම්භ කර තිබුනි. මේ කෘති පිළිබඳ හෝකින්ස් නොදැන සිටි බව හෝ උනන්දුවක් නොමැති බැව් වටහා ගත් ජයසිංහ, මෙවැනි කෘති පළකිරීම සිය ප්‍රමුඛතාව කරගත්තේය.

ආසියා ප්‍රකාශන සමාගම පිළිබඳ කලකට පෙර පළවී තිබූ ලිපියක සඳහන්ව තිබුනේ, ‘‘ආසියා ප්‍රකාශන සමාගම ආරම්භ කරන්නට පදනම් වූ සුවිශේෂී හේතුවක් වූයේ ඉන්දියාවේ අතීතය හා වර්තමානය පිළිබඳ නිර්ව්‍යාජි විස්තර සමස්ථ ලෝකයටම ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මත’’ බවයි. මක් නිසාද යත්, දීර්ඝ කාලයක් මුලූල්ලේ පැවති යුරෝපීය පාලනය නිසා සිදුවූයේ ‘‘අතිශයින් විකෘති වූ හා නිරතුරුවම උද්දච්ච වූ අදහස් මහත් ජන සමූහයක් ජීවත් වූ ඉන්දියාවේ’’ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව පළවීමය. මේ තත්ත්වය තුළ, ජයසිංහගේ ප්‍රධාන අරමුණක් වූයේ බටහිර ලේඛකයින් ඉන්දියාව පිළිබඳව ඉදිරිපත් කර තිබූ මේ වැරදි ප්‍රතිරූප නිවරැදි කිරීමය. ඒ, ‘‘අති විශිෂ්ඨ ඉන්දීය ශාස්ත්‍ර ඥයින් විසින් ඉතිහාසය, සමාජ විද්‍යාව, දේශපාලනය, නීතිය හා අන් විෂයන් පිළිබඳ ලියූ කෘති පළකිරීම’’ මගිනි.

සංස්කාරකවරයාගේ සපැමිණීම

ඉන්දියාවේ ප්‍රධානතම ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශකයා ලෙස සිය භූමිතාව ශක්තිමත් කරගැනීමේ ව්‍යායාමයේදී සිංහල ව්‍යාපරිකයාට නැතිවම බැරි සහායකයායෙකු සිටියේය. ඒ ඔහුගේ ප්‍රධාන සංස්කාරකරයාය. නමින් සැමුවෙල් ඊස්රායෙල් වූ ඔහු බොම්බායේ පදිංචිකරුවෙකු වීය. ඔහු බීනි-ඊස්රායෙල් (Bene-Israel) ප්‍රජාවට අයත් වූ යුදෙව් ජාතිකයෙකු වීය. එකී ප්‍රජාව සියවස් ගණනාවක් මුලූල්ලේ ඉන්දියාවේ කොන්කනි වෙරල ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වූහ. ඔවුන්ගේ පාරම්පරික රැකියාව වූයේ තෙල් සිඳීමය. එනමුත්, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීමත් සමගම, ඔවුන් බොහෝ දෙනා වරාය-ආශ්‍රිත නගරයක් වූ බොම්බාය වෙත පැමිණ වෙනත් රැකියා වලද නිරතවන්නට වීය.

මෙයින් එක් නව රැකියාවක් වූයේ පොත්පත් සංස්කරණයයි. ඥාන සම්පාදනයට සැමුවෙල් ඊශ්රායෙල් තුළ තිබූ උනන්දුව විකසිත වූයේ ඔහු අධ්‍යාපනය ලැබූ බොම්බාය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේය. එකල එහි දේශපාලනික වශයෙන් බෙහෙවින් ක්‍රියාකාරී ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම දැනුමෙන් මුහුකුරා ගිය ආචාර්ය මණ්ඩලයක් ද සිටි බව නොරහසකි. එකළ සිටි අන් බොහෝ තරුණතරුණියන් මෙන්ම ඔහුද කොමියුනිස්ට් ව්‍යාපාරය වෙත ආකර්ෂණය වීය. එනිසාම, යටත්විජිත පොලීසිය මගින් ඔහුව කිහිප වතාවකම අත්අඩංගුවට ගෙන තිබින.

ඊශ්රායෙල් මුද්‍රණ හා ප්‍රකාශන ක්‍ෂේත්‍රයට ප්‍රථම වරට විවර වූයේ මේ වාමාංශික දේශපාලනය ඔස්සේය. ඔහු සමස්ථ ඉංදීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (All India Students Federation) පුවත් පත්‍රිකාව සංස්කරණය කිරීමට දායක වූ අතර, දුම්රිය සේවක වෘත්තීය සංගමය (Railwaymen’s Union) සදහා අත් පත්‍රිකා ප්‍රකාශ කළේය. ඉන් පසුව ඔහු අභිනවයෙන් ස්ථාපනය කළ ජනතා ප්‍රකාශන සමාගමට (Peoples Publishing House) අනුයුක්ත වී, විටින් විට එහි පිටපත් සංස්කාරකවරයා, සෝදුපත් කියවන්නා සහ නිෂ්පාදන කළමනාකරුවාද වශයෙන් සේවය කළේය. නමුත් කොමියුනිස්ට් පක්‍ෂය හා සම්බන්ධ මේ ප්‍රකාශන ව්‍යාපෘතිය බෙහෙවින් සීමිත වූ බැවින්, ඔහුට වඩාත් පුළුල් ප්‍රකාශන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට අවැසි වීය. මේ නිසා ඔහු ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ රැකියාවක් සඳහා අයැදුම් කළේය. එනමුත් එහි ප්‍රධානී, ආර්.ඊ. හෝකින්ස් සැමුවෙල් මේ රැකියාවට සුදුසු නැති බවට තීරණය කරන ලදී. මෙහිදී පී.එස්. ජයසිංහ විසින් ඊස්රායෙල්ට සිය ආසියා ප්‍රකාශන සමාමට සම්බන්ධ වන ලෙස ඇරයුම් කළේය.

ඉන් පසු සිදුවූ දේ සිද්ධ විය හැකි වූයේ අසහාය නගරයක් වූ 1950 ගණන් වල බොම්බායේදී පමණි. එනම්, සිංහලයෙකු හා යුදෙව්වෙකු එක්ව, මුළුමහත් ඉන්දියාවේම සිටි අග්‍රතම ශාත්ත්‍රඥයින්ගේ කෘති දේශීයව පළකිරීමය. මේ අනුව මුලින්ම පළකළ කෘති අතර වූයේ මානවවිද්‍යාඥ ඉරවතී කාර්වේ විසින් රචනා කළ Kinship Organization in India (ඉන්දියාවේ ඥාතී සබඳතා සංවිධානය) යන කෘතියයි. ඇය ඒ වන විටද ඉංග්‍රීසියෙන් හා මරාටි බසින් ලේඛනකරණයේ යෙදුන ප්‍රසිද්ධ ලේඛිකාවක් වීය. ඇය මානවවිද්‍යා විෂය සඳහා දර්ශනසූරී (PhD) උපාධියක් හිමිකරගත් පළමු ඉන්දීය කාන්තාව ද වූවාය. මෙනිසාම, ඇයගේ කෘති පළකිරීමට හෝකින්ස් වැන්නවුන් කැමති වූයේ නැත. ඊට එක් හේතුවක් වූයේ ඇයගේ පර්යේෂණ ක්‍ෂේත්‍රය ඔහුට නොතේරීමය. දෙවන හේතුව වූයේ, එකල සිටි අන් බොහෝ පුරුෂයින් මෙන්ම ඔහුද ඇය වැනි ස්වාධීන මනසකින් යුතු ස්ත්‍රීන් සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි නොදැන සිටීමය.

කාර්වේගේ කෘතිය පළකිරීමෙන් කෙටි කාලයකට පසු, ආසියා ප්‍රකාශන සමාගමට තවත් මානවවිද්‍යාඥයින් දෙපලක් විසින් සමසේ රචනා කරන ලද කෘතියක් පළකිරීමට හැකියාව ලැබුනි. ඒ, ඞී.එන්. මසුම්දාර් හා ටී.එන්. මදන් විසින් රචිත සමාජ මානව විද්‍යාව පිළිබද ප්‍රසිද්ධ අත්පොතය. මේ කෘතිය පළකිරීමට ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය අකමැත්ත පළකළ විගසම, එය ඉතාමත් කැමැත්තෙන් ආසියා ප්‍රකාශන සමාගම මගින් පළකිරීමට ඊස්රායෙල් කැමැත්ත පළකරන ලදී. අද වන විටද තවමත් ප්‍රකාශයේ පවතින මේ කෘතියේ කතුවරු දෙදෙනා පසුව තම තමන් වෙන්ව ලියූ මානවවිද්‍යා පර්යේෂණ කෘති ආසියා ප්‍රකාශ සමාගම යටතේ පළකරන්නට යෙදුනි. මේ අතර, මසුම්දාර්ගේ Himalayan Polyandry (හිමාලයේ බහුපුරුෂත්වය) හා මදන්ගේ Caste in Modern India and Other Essays (පවුල හා ඥාතීත්වය) යන කෘති දැකගත හැකිය.

ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය විසින් ප්‍රතික්ශේප කළ පසු ආසියා ප්‍රකාශන සමාගම මගින් පළකළ තවත් කෘතියක් වූයේ ඉර්ෆාන් හබීබ්ගේ Agrarian System of Mughal India (මූගල් ඉන්දියාවේ කෘශිකාර්මික ක්‍රමය) යන සුප්‍රසිද්ධ කෘතියයි. ඒ කෘතිය මගින් මධ්‍යකාලීන ඉන්දීය ඉතිහාසය කේන්ද්‍රීය වශයෙන් වෙනස් කිරීමට හේතු වූ අතර, ඉතිහාසකරණය වෙත දීර්ඝ-කාලීන බලපෑමක් එල්ල කළ කෘතියක් ද වීය. ආසියා ප්‍රකාශන සමාගම මගින් පළකළ මෙවැනිම දැඩි බලපෑමක් එල්ල කළ තවත් කෘතියන් වන්නේ සමාජ විද්‍යාඥ එම්.එන්. ශ්‍රීනිවාස්ගේ Caste in Modern India and Other Essays (නූතන ඉන්දියාවේ කුල ක්‍රමය හා අන් රචනා) යන කෘතියයි. එය පළකර වසර 60 ක් ගත වූ අද දිනයේ වුවද එහි අන්තර්ගතය තවමත් ශාස්ත්‍රඥයින් විසින් කිවනවා මෙන්ම, සරසවිවල ඉගැන්වීමද විවාදයට ලක් කිරීමද සිදුවේ.

අගමැතිතුමාගේ කෘතියක් පළකිරීම

ජයසිංහ හා ඊස්රායෙල් විසින් ආසියා ප්‍රකාශන සමාගම ඔස්සේ පළකළ අන් ප්‍රධාන පෙලේ ශාස්තත්‍රඥයින් අතර සංඛ්‍යානවේදී පී.වී. සුඛාත්මේ, සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය කේ.ආර්. ශ්‍රීනිවාස අයියෙනගර් සහ ඉතිහාසඥ කේ.එම්. පනික්කර් ආදීන් සිටී. එනමුත් නිසැකවම ඔවුන්ගේ වඩාත් ප්‍රසිද්ධතම කතුවරයා වන්නේ එකල ඉන්දියාවේ අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරුය. ඉන්දීය නිදහසට පෙර නේරු විසින් ඉතාමත් වැදගත් හා භාෂාත්මකව චාරුමත් ලෙස ලියවුන කෘති තුනක් රචනා කර තිබුනි. ඒ, Glimpses of World History (ලෝක ඉතිහාසයෙන් බිඳක්), An Autobiography (ස්වයං චරිතාපදානයක්) හා The Discovery of India (ඉන්දියාව අනාවරණය කරගැනීම) යන කෘති ත්‍රිත්වයයි. මේ කෘති ලිවීමට නේරුට හැකිවූයේ දීර්ඝ කාලයක් තුළ වරින් වර සිරගත කිරීම නිසා ඔහුට ලැබුන ‘විවේකය’ නිසාය.

එහෙත්, 1947 දී ලැබූ නිදහසත් සමගම සිදුවූයේ තවත් කෘති කිහිපයක් ලිවීමේ හැකියාව ඔහුට තිබුනද, ඒ සඳහා අවැසි කාලය හා අවකාශය අගමැකිවරයා ලෙස ඔහු කළයුතු වූ භූමිකාව මගින් ඔහුට අහිමි කිරීමය. එනමුත් සාහිත්‍ය ලොවත් සමග නැවත සම්බන්ධවීමේ දැඩි ආශාවක් නේරු තුළ තිබුනි. අගමැතිවරයා වශයෙන් වසර 10ක් සේවය කිරීමෙන් පසුව, කෙටි නිවාඩුයක් ගත කිරීම සදහා කුලූ නම් වූ කඳුකර ප්‍රදේශයට යාමට ඔහුට අවකාශ ලැබුනි. ඒ ගමනේ දී වසර ගණනාවක් මුළුල්ලේ ඔහු විසින් එක්රැස් කරගෙන තිබූ පෞද්ගලික හා දේශපාලනික ලියුම් ගොන්නක්ද ඔහු රැගෙන ගයේය. මේ ලිපි අතුරින් ඔහු තෝරා ගත් ලිපි එකතුවක් A Bunch of Old Letters (පැරණි ලිපි ගොන්නක්) වශයෙන් 1958දී පළකරන්නට යෙදුනි. ඒ සඳහා සිය ප්‍රකාශකයා වශයෙන් නේරු විසින් විශේසයෙන්ම තෝරා ගත්තේ ආසියා ප්‍රකාශන සමාගමයි.

මේ කෘතියේ අඩංගු බොහෝ ලිපි නේරු විසින් ලියූ ඒවා නොවේ. ඉන් බොහෝමයක් ඔහු වෙත අන්‍යයන් ලියූ ලිපිය. ඒවා ලියූවන් අතර මහාත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් තාගෝර්, ඇනී බෙසාන්ට්, මොහමඞ් ජින්නා, සරෝජිනී නයිදු, මව්ලානා අසාද්, රාජේන්ද්‍ර ප්‍රසාද්, සී.එෆ්. ඇන්ඩෟස් සහ බර්ට්රන්ඞ් රසල් යනාදීන් සිටියහ. කෘතිය පළවූ අවදියේ Economic Weekly ලිපි සංග්‍රහය වෙනුවෙන් එය විමර්ශණය කළ ලක්නොව් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ, ඞී.පී. මුක්ර්ජි පැවසුවේ, ඒ කෘතිය ‘‘ඉන්දියාවේ ඊට පෙර වසර විසිපහ පිළිබඳ දේශපාලනික විස්තරයක්’’ බවයි. ඔහු තව දුරටත් පැවසුවේ, ‘‘කැමැත්ත හෝ අකමැත්ත කෙසේ වෙතත්, ජවහර්ලාල් ඉදිරිපත් කළ ලිපි සියල්ල ගෞරවනීය’’ බවයි.

නේරුගේ කෘතිය පළකිරීමෙන් ආසියා ප්‍රකාශන සමාගම සැලකිය යුතු ලාභයක් ඉපයීය. මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වූයේ පී.එස්. ජයසිංහගේ බෙහෙවින් වියදම්කාරී ජීවන ශෛලිය සැලකිල්ලට ගත් විටය. ඔහුගේ කාර්යාලය එකල ද වායුසමීකරණය කර තිබූ අතර, එය පිහිටා තිබුනේ දකුණු බොම්බායේ මිලාධික ප්‍රදේශයක් වූ බැලඞ් එස්ටේට්හිය. සිය ප්‍රවාහන කටයුතු සදහා ඔහු භාවික කළේ කළු කැඩිලැක් මෝටර් රථයකි. අවාසනාවකට ඔහු හැකියාවට වඩා මුදල් වැය කළ බැව් පෙනේ. මේ කාරණය නිසා මෙන්ම, 1960 ගණන්වල ඉන්දියාව අත්විදින ලද ආර්ථික අවපාතයද නිසා ඔහුගේ ප්‍රකාශන ව්‍යාපාරයේ අවසානය මේ කාලයේදී සිදු වීය. ආසියා ප්‍රකාශන සමාගම බංකොලොත් වී නිල වශයෙන් වසා දැමීමට සමීප කාලයේ එහි ගිය කතුවරයෙකු පවසන ආකාරයට, ඒ වන විට ජයසිංහගේ ‘‘පවුල් ජීවිතයද දෙදරා ගොස් තිබුනි. ඔහු දිස්වූයේ කණගාටුදායක චරිතයක් මෙනි. ඔහු සිටියේ කේන්තියෙන් මෙන්ම තම තත්තවය පිළිබඳ විරෝධය පාමින්ය. එනමුත් ඔහු හඩා වැටුනේය. ඒ ලේන්සුවකින් සිය කදුලූ පිසදමන අතරය.

Total
6
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට