ඉන්දීය ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර සම්ප්‍රධායන්

සටහන හා ඡායාරූප: සසංක පෙරේරා –

තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්‍ෂම කියවීමක් ඉදිරිපත් වී නැත. කෙසේ වුවද, රාජ්‍ය දෙපාර්තමේන්තුවල මග පෙන්වීම යටතේ පැහැදිළි තේමා හා අධීක්ෂණයකට යටත්ව, මෙවන් චිත්‍ර ඇඳීමේ ප්‍රවණතා මීට පෙර ද මේ රටේ පාසල් හා තෝරාගත් රාජ්‍ය ආයතන ආශ්‍රිතව සිදු වී ඇත.

මේ ඡායාරූ රචනයේ ඇති චිත්‍ර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා විශ්වවිද්‍යාලය අවට එම විශ්වවිද්‍යාලයේ සිසුන් හා අන් පුරවැසියන් විසින් අඳිනු ලැබූ ඒවාය. ඒවා ඡායාරූපගත කරනු ලැබුවේ 2019 ඔක්තෝබර් මසදීය. පට්නා නගරයේ අන් ස්ථාන බොහෝමයකද මෙවැනි චිත්‍ර සම්ප්‍රදායක් දැකගතහැකි වුවද ඉන් බොහොමයක් බිහාරය ආශ්‍රිතවම සම්ප්‍රදායිකව ගොඩනැගී තිබුණු මයිථීලි චිත්‍ර සම්ප්‍රදාය අනුගමනය කරමින් සිතුවමට නගන ලද සාම්ප්‍රදායික, ආගමික හා මිත්‍යාමතික අන්තර්ගතයකින් යුක්ත චිත්‍රය. ඉන් බොහෝමයක් සුප්‍රසිද්ධ මිත්‍යා කතාවල යම් කොටස් චිත්‍රණය කර තිබූ අතර, අන් චිත්‍ර පැරණි සම්ප්‍රධායම අනුගමනය කරමින් තත්කාලීන දේ චිත්‍රයට නගා තිබුණි. මේ සාපේක්ෂ ප්‍රමිතිකරණයට හේතුව මේ චිත්‍ර ව්‍යාපෘතිය පට්නා නගර සභාවේ අනුමැතිය, අධීක්ෂණය හා උපකාර මත සිදු වූ නිසාය. මෙවන් ප්‍රසිද්ධ අවකාශයේ මුදා හරින, රාජ්‍ය අනුග්‍රහය සහිත චිත්‍ර ව්‍යාපෘති දිල්ලිය, බුබනේශ්වර්, බැංගලෝර් ආදී ඉන්දීය නගර ගණනාවකම දැකගත හැකිය.

එනමුත්, මෙහි ඉදිරිපත්කර ඇති චිත්‍ර පට්නා නගරයේ සාමාන්‍යයෙන් දැකගතහැකි ප්‍රමිතිකරණයට නතු වූ ඒවා නොවේ. ඒවා මගින් තත්කාලීන ඉන්දීය දේශපාලනය, දලිත් කුල දේශපාලනය හා අනන්‍යතා ව්‍යාපාර, මිත්‍යා කතා මෙන්ම හුදෙක් පුද්ගලික පරිකල්පනය මත පමණක් පදනම් වූ චිත්‍ර ද ඇතුළත් අතිශයින් සම්මිශ්‍රිත සංකේත ක්ෂේත්‍රයක් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ දැනට දැකගත හැකි ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර ගතිකත්ව තේරුම්ගැනීමට මේ ජනප්‍රිය ඉන්දීය සම්ප්‍රදායන් හා ඒවායේ දේශපාලනය යම්දුරකට උපකාරී විය හැක.

Total
10
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

රෙදි අපුල්ලන්නාගේ ජීවිතය: මුම්බායි මහා ලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාව කැමරා කාචය තුලින්

සටහන හා ඡායාරූප: සකුණ එම්. ගමගේ පුද්ගලයෙකුගේ රැකියාව යන්න සම්ප්‍රදායික සමාජ ස්තරාණය සංවිධානය කිරීමේ මූලික පාදමයි.විශේෂයෙන් මෙය දකුණු ආසියාතිකරය වැනි අතිශය බහුවිධතාවකින් යුතු සමාජයක සුලබ ලකුණකි. දකුණු ආසියාවේ මෙය වඩාත් පැහැදිලිව පෙනෙනුයේ සහ සංස්ථාගත වී ඇත්තේ කුල ක්‍රමය මුල්බැස ගත් ස්ථානවලය. රෙදි සේදීමේ වෘත්තිය ලොව නන්දෙස මනුෂ්‍යමූලික අවශ්‍යතාවන්ට අනුබද්ධව ප්‍රචලිත වූවකි.මනුෂ්‍ය ශරීරය සේම අඳින පළදින වස්ත්‍ර සේදීම හා පවිත්‍රව තබාගැනීම මනුෂ්‍ය සනීපාරක්ෂාවේ අත්‍යාවශ්‍යතාවකි.සම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ ප්‍රධාන සමාජ ස්ථර, නැතහොත් වර්ණ හතරක් යටතේ ස්ථරගතකරණයට ලක්ව ඇත.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ටක්ට්සන්ග් ලකන්ග් තරණය

~ ඡායාරූප හා සටහන: සසංක පෙරේරා ටක්ට්සන්ග් ලකන්ග් (Taktsang Lhakhang) කඳු මුදුන පිහිටා ඇත්තේ භූතානයේ අගනගරය වන තිම්පූ හා එම රටේ ප්‍රධාන ගුවන් තොටුපොල පිහිටි පාරෝ යන නගර අතරය. ‘ව්‍යාග්‍රයාගේ කැදැල්ල’ (Tiger’s Nest) යන නමින් ද හැඳින්වෙන ඒ කඳු මුදුනේ භූතානයේ උත්තරීතරම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. ඒ, මුහුදු මට්ටමේ සිට මීටර් 900 ක් (අඩි 10, 000) ඉහලිනි. එහි ලගාවීම සදහා කිලෝ මීටර 10 ක පමණ දුරක් බෙහෙවින් දුශ්කර හා නැගීමට අසීරු කදු හා බෑවුම් සහිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිරෝධායන දිනපොතෙන් පිටුවක්: මුඛවාඩම් පැළඳි සමාජය වෙත ….

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වසංගත ලෝකය මාස හයක් සටහන් කරන මොහොතක, මම ආයතනගත නිරෝධායනය නිමා කළෙමි. නව දිල්ලියේ විශ්විද්‍යාල නේවාසිකාගාරයේ ගතවූ මාස හයකට ආසන්න කාලයත්, දිල්ලියේ සිට කොළඹට පියාසර කිරීමත්, දින දහහතරක් ශ්‍රී ලංකා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ කාලයත් අසීරු සහ පීඩාකාරී වූ බව සඳහන් කරන්නෙමි. නමුත්, ඒ මාස හයක කාලය, පැහැදිලිවම ගෙවී යන ඉතිහාසයේ ගතිකත්වයන සමග මා ඍජුවම සම්බන්ධ වූ බව නැවත නැවතත් මට මතක්කර දුන් බව කිව යුතුය. ලෝකය වසංගතයෙන් වැසී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කාටූන් දෙකක් පිළබඳ කෙටි සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ගැරී ලාසන්ගේ සුප‍්‍රසිද්ධ ‘Anthropologists! Anthropologists!’ යන පාඨය සහිත කාටූනය මා මුලින්ම දුටුවේ 1986දී පමණ මානව විද්‍යාව පිලිබඳ දර්ශන-සූරී උපාධි කටයුතු ආරම්භ කිරීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ගොස් සිටි සමයේදීය. ලාසන්ගේ එම කාටූනය පළවී තිබුනේ ඔහු සති පතා පුවත් පත් ගණනාවකට එකළ සම්පාදනය කළ ‘Far Side’ යන කාටූන් මාලාවේ කොටසක් වශයෙනි. මා මිත‍්‍ර ෆ්‍රෙඞ් ක‍්‍රිස්මන් ඊට අවරුදු දෙකකට පෙර පළවූ එම කාටූනය මා ඇතුළු තවත් කීප දෙනෙකුට පෙන්වා උත්සාහ කළේ මානව හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජනශූන්‍ය ගුවන් තොටක පැය කිහිපයක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Centre for Asia Pacific Aviation සංවිධානයට අනුව, ඉන්දියාවේ ප්‍රධානතම හා විශාලතම ගුවන්තොටුපළ වන නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ මූල්‍ය වර්ෂ 2017 හා 2018 යන කාලය ඇතුළතදී මිලියන 65.7 ක ගුවන් මගීන් සංඛ්‍යාවක් සඳහා සේවා පහසුකම් සපයන ලදී. ඒ සඳහා දිනකට ගුවන් ගමන් 1, 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයීම සිදු විය. මේ නිසා මෙම ගුවන් තොටුපොළ බෙහෙවින් කාර්ය බහුල හා කාර්යක්ෂම ගුවන් තොටුපළක්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ ඒ අවට ජීවත්වනවුන්ගේ ජීවිතවලින් බිඳක් පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමටය. ඒ මූලික වශයෙන් මා දුටු දේ සහ ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ තුළින් මගේ මතකයේ රැඳී ඇති දේ මත පදනම් වෙමින්ය. දැනට දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ මා නිරන්තරවම වසරකට කිහිප වතාවක් කාශ්මීරයට යාම පුරුද්දක් ලෙස කරමි.…
වැඩි විස්තර පරිශීලනයට