‘ඊනියා’ නිර්පාක්ෂික අරගලකරුවෝ සහ අවසාන නොවූ විප්ලවය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

2022 ජූලි 26 දින ප්‍රතිවාද වෙබ් අඩවියේ පළවූ ‘රනිල ශාකයේ ශාපය’ නමැති ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි සටහන තබමි. එම ලියුම් කරුවා (හෝ ලියුම් කරුවන්) සඳහන් කරන ආකාරයට, 2022 ජූලි 9 වනදා අතිමහත් බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන නැගිටීමක් හරහා බලයෙන් නෙරපා හැරීම විප්ලවයක් නම්, ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරයෙන් බලයට පත්වූ නව ජනාධිපතිවරයා ඉතාම කෘර ලෙස ගෝල්ෆේස් අරගල බිමට එල්ලකළ ප්‍රහාරය ‘ප්‍රතිවිප්ලවයකි.’ ලිපියේ සාරාංශය වන්නේ, එසේ දියත්කළ ‘ප්‍රති-විප්ලවයත්’ ඒ හේතුවෙන් ‘විප්ලවයේ/අරගලයේ’ මීළඟ රැල්ල  දියවී නොයෑමට නම්, නිශ්චිත දේශපාලන සන්ධානයක මග පෙන්වීම නොමැති වීම නම් වූ දුර්වලතාව අතික්‍රමණය කළයුතු බවයි. එසේ කිරීමේ සමෝසම වගකීම  ‘ඊනියා නිර්පාක්ෂිකත්වයකට ලොල් කරන විරෝධතාකාමීන්ට වගේම, සාංසිද්ධික මහජන නැගිටීම් සමග නිර්මාණශීලී ලෙස මුහු වීම සම්බන්ධයෙන් සංවිධානාත්මක දේශපාලන හා වෘත්තීය සමිති බලවේගවලටත්’ (ලියුම්කරු/ කරුවන්) පවතින බවයි.

පළවෙනි කාරණය නම්, මාස ගණනාවක් තිස්සේ ජනතාව දියත්කළ දේශපාලන අරගලය විප්ලවයක් වුවත්, ඊට ප්‍රතිපක්ෂව නැගෙන මර්දනය ‘ප්‍රති-විප්ලවයක්’ ලෙස හැඳින්වීම ජනතාවාදී අදහසක් ලෙස දැකිය නොහැකි බවයි. අතිමහත් බහුතරයකින් බලයට පත්වූ සහ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් හිමිකරන ලද, අතිශය ප්‍රබල මිලිටරි පුරුෂත්වයක් වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම නිසැක වශයෙන්ම ජනතා විප්ලවයකි. එය අවිවාදිතය. නමුත් බලහත්කාරයෙන් සහ විකෘති පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රතිඵලයක් ලෙස පත්වූ නව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රති විප්ලවයක් ලෙස හැඳින්වීම, ඔහුට අනවශ්‍ය වටිනාකමක් දෙන අදහසකි. ඒ වෙනුවට, ඔහු විසින් සිදුකරමින් සිටින්නේ කෘර, නින්දිත සහ ප්‍රචණ්ඩකාරී ජනතා මර්දනයකි.

දෙවනුව, ලියුම්කරු/කරුවන් යෝජනා කරන්නේ ‘ඊනියා නිර්පාක්ෂික විරෝධකාමීන්’ සහ ‘සංවිධානාත්මක දේශපාලන හා වෘත්තීය සමිති බලවේග’ දේශපාලන සන්ධානයක මඟ පෙන්වීම ලබාගත යුතු බවයි. අරගලය ආරම්භ වූයේ තැනින් තැන විසිරුණු  ග්‍රාමීය ගොවි සහ ධීවර විරෝධතා මෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෘහණියන් විසින් දියත්කලා වූ කුඩා විරෝධතා රැල්ලක ප්‍රතිඵලයක් ලෙසිනි. එය පුපුරා ගියේ, මේ වසරේ මාර්තු 31 සහ අප්‍රේල් 01 වන දෙදින රැයක් පහන් වන තුරු මිරිහානේ දී ඇතිවූ ප්‍රබල විරෝධතාවත් සමඟිනි. මේ මුල් අවදියේම වාම පක්ෂ මෙන්ම අනෙකුත් විකල්ප අවකාශ ඔස්තාද්ලා මෙම නැගිටීම නායකත්වයක් නොමැති, දිශානතියක් නොමැති, මධ්‍යම පාන්තික නැගිටීමක් ලෙස ලේබල් ගසමින් සිටියහ. ඒ සම්බන්ධව ප්‍රකාශන පවා නිකුත් කළහ. නමුත් අරගලය දිනෙන් දින වර්ධනය වන විට මේ සියල්ලෝ අරගලයේ වලිගයේ එල්ලී, කෙමෙන් අරගලයේ මධ්‍යය කරා ගමන්කර, එහි පුරෝගාමී කොටස් සමඟ එකතු විය. එහි වරදක් නැත. නමුත් අරගලයට නායකත්වයක් නොමැති නම්, එය නිර්පාක්ෂික නම්, එය ක්‍රියාකාරී දේශපාලන සංධානයක් යටතට ගෙන ඒමේ වගකීම වෙනත් කවර කණ්ඩායමකටත් වඩා පැවරෙන්නේ මේ විකල්ප සහ සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම්වලටයි. දේශපාලනික කණ්ඩායම්  අක්‍රිය සහ නිර්-දේශපාලනික වීම ‘ඊනියා විරෝධතාකරුවන්’ ගේ වගකීමක් හෝ වරදක් නොවෙයි. එමෙන්ම, අරගලය වර්ධනය වන මොහොතේ එහි අයිතිය කියා පාන්නටත්ම, මාධ්‍ය සාකච්ඡාවලට පෙනී සිටින්නටත් ඔය කියන දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයෝ ඉදිරිපත් නොවූ බව කිව නොහැකිය. එනම්, අරගලය ඔය කියන ආකාරයේ ශුද්ධ වශයෙන් ‘නිර්-දේශපාලනික’ එකක් වී යැයි කිව නොහැකිය. නමුත් අරගලය දිය වී යන මොහොතේ එහි වගකීම ‘ඊනියා නිර්පාක්ෂික’ අරගලකරුවන් වෙත පැවරීම මෙන්ම සංවිධානාත්මක දේශපාලන බලවේගවලට සුවපහසු සහ එතරම් දැඩි නොවන කම්මුල් පහරක් දීම විසින් කැඳවන යහපතක් නොමැත. ඒ වෙනුවට සිදුකළ යුතුව ඇත්තේ, අරගලකරුවන් එහි ආරම්භයේ සිටම ‘නිර්පාක්ෂික’ අරගලයක් කැඳවීමට හේතු වූ සාධක යම් ආකාරයකින් විග්‍රහකර ගැනීමයි.

ජනතාවගෙන් ඇතැම් කොටස්  ‘නිර්පාක්ෂික’ අරගලයක් ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විග්‍රහකර ගත යුතුව ඇත. එසේ ඉල්ලා සිටීමට එක නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් පමණක් පෙන්වා දිය නොහැකි වුවත්, දේශපාලන පක්ෂ කෙරෙහි පවතින අප්‍රසාදය සහ අවිශ්වාසය මෙහි ආසන්නතම හේතුව ලෙස උපකල්පනයකළ හැකි වෙයි. ප්‍රධාන ධාරාවේ පක්ෂ කෙරෙහි එවැනි අප්‍රසාදයක් පැවතීම පහසුවෙන් විග්‍රහ කරගත හැකි වුවත්, අනෙකුත් දේශපාලන බලවේග කෙරෙහිත් ඒ අප්‍රසාදය පැවතීම සීරුවෙන් සිතා බලා විග්‍රහකර ගත යුතුව ඇත. උදාහරණ ලෙස, ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ 88/89 කැරැල්ල සහ  ඒ ආශ්‍රිතව ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වයයි. එහිදී ඊට පවතින ප්‍රති-ආඛ්‍යානය වන රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ ආඛ්‍යානය ප්‍රමාණවත් අයුරින් සමාජගතව නොමැත. ජනතා විමුක්ති පෙරමුණ තම ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේ පිළිගත යුතු බව ජනතාව කියා සිටියත්, රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය රාජ්‍ය විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන සමාව ගත යුතු බවට ජනතාව ඉල්ලා සිටින්නේ නැත. එසේ වීමට හේතුව, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි ප්‍රති-ආඛ්‍යාන ගොඩ නැඟීමේ දුර්වලතාව බව විකල්ප දේශපාලන අවකාශ තේරුම් ගත යුතුව ඇත. ‘නිර්පාක්ෂික’ යැයි හංවඩු ගසා ඇති අරගලය විසින් මෙවැනි ප්‍රති-ආඛ්‍යාන සඳහා වූ ඉඩකඩ හා අවකාශ පුළුල්කර දී ඇත. නමුත් තවමත් මේ විකල්ප ‘සංවිධානාත්මක’ යැයි කියාගන්නා දේශපාලන පක්ෂ ඒ ඉඩකඩ නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නේ නැත. ‘ඊනියා නිර්පාක්ෂික’ අරගලකරුවන් විසින් සිදුකර ඇත්තේ, විකල්ප හෝ වාම දේශපාලන පක්ෂවලට බොහෝ කලක් තිස්සේ විවරකර ගත නොහැකි වූ අවකාශයක් විවර කර දීමයි. එබැවින්, මේ සමාජ මොහොත නිවැරදිව කියවාගෙන අරගලයේ ඉදිරි අදියර සඳහා නායකත්වය දීමට මේ ‘සංවිධානාත්මක’ යැයි කියාගන්නා දේශපාලන පක්ෂ ඉදිරිපත් විය යුතුය. අරගලය හෝ විප්ලවය අනෙකා විසින් සිදුකරන තුරු බලා හිඳ එය විවේචනය කරනවාට වඩා, මේ මොහොතේ පටන් හෝ එයට නායකත්වය දිය හැකි ආකාර සොයා ගත යුතුව ඇත. පුළුල් ජන ප්‍රජාවකගේ විශ්වාසය දිනාගත යුතුව ඇත.

ස්වයං-විවේචනයක අවශ්‍යතාව ඇත. එනම්, නිර්පාක්ෂික අනෙකා මත වගකීම පැවරීම වෙනුවට ‘සංවිධානාත්මක’ විකල්ප දේශපාලන අවකාශ පැහැදිලි ස්වයං-විවේචනයක නිරත විය යුතුය. ඔවුන් සමාජය හෝ සමාජ මොහොත නිවැරදිව කියවා ගැනීමේ නොහැකියාව හඳුනාගත යුතුව ඇති අතර, පොතේ පවතින විප්ලවයේ පරමාදර්ශී ආකෘති වෙනුවට ජනතාව විසින් හඳුන්වා දෙන ආකෘති සමඟ ඒකාබද්ධව ජනතාව දේශපාලනික කිරීමේ වගකීම මෙම පක්ෂ හෝ සංවිධාන විසින් තමන් වෙත පවරා ගත යුතුව ඇත. ඒ සඳහා ඉතාම යෝග්‍ය මොහොත උදාවී ඇත. එයට හේතුව, ජනප්‍රියවාදී දේශපාලන මතවාද අන් කවර දාකටත් වඩා ලාංකේය සමාජය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටීමයි. ඒ මොහොත තමාගේ කරගැනීම මෙම විකල්ප දේශපාලන පක්ෂ වෙත පැවරී ඇති වගකීමයි.

Total
1
Shares
Leave a Reply

Your email address will not be published.

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට