‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’

විමර්ශනය: සඳරැසී  සුදුසිංහ

විද්‍යුත් තැපෑලෙන් මා  ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා:   නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය  සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින් මතුවූ කවි පෙති රැසකින් සමන්විතය. ඉහල පරිකල්පන ශක්තියකින් මෙන්ම නිර්මානශීලිත්වයකින් ද අනූන විද්වත් මනසකට දාව උපන් මේ කවි සමාජ විද්‍යාඥයෙකුගේ දැනුම් සම්භාරය හා විමසුම් ඇස සමාජයේ අස්සක් මුල්ලක් නෑරම සැරිසරන වගට තවත් එක ලකුණකි. ආර්ථික, සමාජයීය, සංස්කෘතික , ආගමික යන ඕනෑම පසුබිමක ඔහුට අහුලන්නට, එක්රැස් කරන්නට යමක් ඇත. ජීවක වෙදදුරා හට ගවු ගානක් ඇවිද්ද ද ඖෂධයකට ගත නොහැකි පැලෑටියක් සොයා ගැනීමට නොහැකි වූවා සේ, ඔහුට මෙලොව බැහැර කරන්නට හැකි යමක් සොයාගත නොහැකි වන්නේය.

සසංක පෙරේරා නම් වූ සමාජ විද්‍යාඥයා තුළ හැංගිමුත්තන් කරන කවියා ඔහුගේ විෂය පථය සිසාරා නිරායාසයෙන් සිදු කරන ලද පර්යේෂණ ව්‍යායාමයක  ප්‍රතිපල යම් ආකාරයක හෙළිදරව්වක් වශයෙන් කාව්‍යත්මක ප්‍රකාශනයක් ලෙස එලිදකින්නේ  මේ ලොව වෙලාගත් කොරෝනා වසංගතයට මුහුණ දෙමින් වයික්කාල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින විටය. කවි තිස් දෙකකින් සමන්විත ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’  කාව්‍ය සංග්‍රහය අදට ද මුද්‍රණය නොවූ ඩිජිටල් ප්‍රකාශනයකි.

මෙම කාව්‍යමය ප්‍රකාශනය තුළ දක්වා ඇති අනුභූතීන් කොරෝනා නිරෝධායන ‘අත්අඩංගුවට’ පත්ව සිටි කාලය තුළ කවියා විසින් ලියා ඇත්තේ විවිධ වූ සමාජ සන්දර්භ ඔස්සේ තම අදහස් හා නිරීක්ෂණ ව්‍යාප්ත කරමිනි. මෙම ග්‍රන්ථයේ දෙවන කවිය ‘මුඛාවරණය’ නමින් යුතුය . සැබෑවටම අපි මුඛාවාරණයක් පලදින්නේ නොකර බැරි කමට මිස කැමැත්තකින් නොවේ.  එහි අසීරුතාව අදට වඩා මීට මාස කීපයකට පෙර වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නට විය. අපි එදා ඊට කෝඩුකාරයන් වීමු. කෙසේ වුව ද මෙම කෘතියේ කන්චුකය සරසා ඇත්තේ ද මුඛ ආවරණයක් යෙදූ වෙස් මුහුණකිනි:

එල්ලා මුඛාවරණය ගස් අත්තක,
හුරුවෙමු
හුස්ම නොගෙන සිටින්නට.  
සමුදෙමු කොරෝනාවට
ජීවිතයත් එක්කම.

එනයින් බලන කළ, සසංක පෙරේරා සමස්ත ලෝකයාගේම හිතට නැගුනු ආවේගාත්මක, දරාගත නොහැකි වූ ‘මුඛ ආවරණයේ’ ආක්‍රමණය නිසා සිදු වූ ගැහැටකාරි බව අපූරුවට විග්‍රහ කර ඇත්තේ, මේ සියල්ලෙන්ම මිදෙන්නට හැකියාව ඇත්තේ  මියයාම තුළින් පමණක්ම බව පවසමිනි. මේ කෘතිය තුළ ඇති රූපමය ආකෘතිය දෙස බැලූ කළ, අපූරුවට කවියෙන් කවියට ගැලපෙන සිතුවම් පෙළක් එහි ඇතුළත් වේ. ඉහත කවියට අදාලව දක්වා ඇත්තේ, ගස් අත්තක එල්ලූ වර්ණවත් මල් මුද්‍රිත මුඛ ආවරණයකි.

මෙහි දැක්වෙන කවි අතර කොරෝනාව සමග පොර බැඳී ලෝක ප්‍රකට ජීවිතවලට ද ඉන් ගැලවීමට නොහැකිව බැට කන බව කියන්නට ‘ඉර බස්නා හෝරාවේ කතාබහක්’ තුලින් දරා ඇති උත්සාහය අපූරුය. සැබෑවටම මිනිසුන්ට යමක් තේරුම් යන්නේ, මෙවන් ප්‍රකට පුද්ගල උදාහරණ ලෙස ගෙන කී විටය. අප කාටත් වඩා සමාජ විද්‍යාඥයින්ට මේ පිලිබඳ අනන්ත අත්දැකීම් ඇතිබව නිසැකය:

…..
අමිතාබ් බච්චන්ටත්
කොරෝනා ලු නේද?
බහින්නෙපා එලියට.
ගැටගහගන්න ඔය
මාස්ක් එක හරියට.

හදවත් යුගලක් හා ඒවා යාකරමින් ඇඳි පරිමාණ  කෝදුවකි. ඒ අසළ ඇති කවිය ‘කෝවිඩාවේ වැළඳ ගැනීම’ යි . කොරෝනාවෙන් ආරක්ෂාවීමට නියම කළ උපදෙස් හුවා දක්වමින්, මේ වසංගත තත්ත්වය හේතුවෙන් අසරණ වන මානව හැගීම් පිලිබඳ මෙන්ම, ඒ අසරණ සිතුවිලි සුඛිත මුදිත කළ හැකි පිළිවෙතක් පිළිබඳව මේ කවියේ සඳහන් වේ. සැබෑ බැදීමකට භෞතික ස්පර්ශය අත්‍යවශ්‍ය නොවන වගත් , ඒ සියලු දේ මෙන්ම ජීවිත ආරක්ෂාව ප්‍රමුඛතම කාර්ය බවද මෙහි ව්‍යංගයෙන් පැවසේ:

හොදින් මැන බලා උණ
සෙල්සියස්වලින්,
පැලද එන්. 95 මුඛාවරණයක්
මණරම්,
හිද මීටර්යක දුරින්,
වැලදගමු අපි අභිනයෙන්.

සසංක පෙරේරාගේ කවි තුළ අපූරුවට උපහාසය යෙදී ඇති වාර ගණන මෙතෙකැයි කිව නොහැක. නිරන්තරයෙන් කතාබහට ලක්වන ‘රාවණා’ චරිතය පිළිබඳ වූ ඇතැම් විශ්වාශ මෙන්ම සමාජය තුළ පවතින ඇතැම් මුග්ධ දේශපාලන හැසිරීම් කෙරේ ඍජුවම මෙන්ම වක්‍රෝත්තියෙන්ද තම උපහාසාත්මක කවි පද ප්‍රහාරය පතිත කිරීමට ඔහු කිසිසේත්ම පසුබට වී නැත. ‘හෙලිකොප්ටර්’ යන කවිය මගින් එය මෙසේ දැක්වේ:

…..
ගමුකො අපි ඉතින්
හෙලිකොප්ටර් හතරක්
මෙනෙහිකරමින් රාවණා නිරිදුන්ගේ
දඩු මොනරය
ඉසින්නට ලක්ෂවාරයක් මැතීරූ පිරිත් පැන්
සිවු දිශාවේ
වඩම්මාගෙන යන්න පින්බර නිරිදුන්
රෑ කෑමට ගම් පොජ්ජට
අතුරුපසට
ආපහු කොළොම්පුරයට.

එසේම ‘රාවණා නිරිදුන්ගේ කෝපය’ යන කවිය තුලින් වත්මන් සමාජයේ  ‘රාවණා’ නම් වූ මිත්‍යා චරිතය පාදක කරගනිමින්   ඒ පිළිබද මැනැවින් නොදැන, එහෙත් ඊට ආරෝපණය කරන්නට වළිකන විවිධ මතිමතාන්තර, තර්ක විතර්ක දෙස උපහාසයෙන් මෙන්ම සානුකම්පිතව ද බලන කවියා, කවියට ගැලපෙන රුවක් ද සිය කෘතියෙහි දක්වා ඇත්තේය. ඒ ඔළුගෙඩි නවයකින් යුත් රුවක් විෂබීජහරණය කරමින් සිටින අයුරුය:

බටුයේය මහ රෑ
පිටුපස තන බිස්සට
ඉතිහාසයෙන් අන්ඩ දැමූ
ගෑස් බැලුමකින්
රාවණා මහ නිරිදුන්.

ඉවත් කර මුඛාවරණය
විද සැනිටයිසර් සිව් දිශාවට
ගුගුලෝය එතුමෝ
කෝපයෙන් බොහෝ:

දෙන්නෑ මට මේ
මුග්ද හෙල යක්කු
පාඩුවේ ඔහේ ඉන්න
පිටු අතර රාමායණේ.

කරන්න යනව මුන් මාව
ටෙලිවිෂන් පඩි රුවණක්,
විද්‍යුත් ඉන්ජිනේරුවෙක්,
පයිලට් මහත්තයෙක්,
කෝකටත් තයිලේ වෙදැදුරෙක්.
ඉවර වෙන්නෙම නෑ මේ
පම්පෝරි කන්කරච්චලේ
…..

සැබෑවටම අද වන විට සිදු වී ඇත්තේ ද මෙය නොවන්නේද? කවුරුන් කෙසේ කීව ද කවියා කියන ලෙසට, රාවණා ගොඩ බැස ඇත්තේ ඉතිහාසය නමැති නූලෙන් අණ්ඩ දැමූ ගෑස් බලුමකිනි. ඔය කියන වර්ගයේ රසදියෙන් දුවන දඩුමොනරයක් තිබුනා ද නැද්ද යන්න විද්‍යාවට නම් සොයා ගත නොහැක. මේ සියල්ල සිදුවන්නේ රාමායණයේ මිත්‍යාමතික කතා තුළය. මේ කියන තරම් ඔහුට මහා විශ්මකර්ම බලයකුදු නැති හැඩකි. රාවණා ද මුඛ ආවරණ පැළද, විෂබීජ නාශක දියර ද භාවිත කරන්නේ, මේ වසංගතයෙන් ගැලවීමටය. මේ තරමටම ව්‍යක්ත ලෙස උපහාසය මුසුකරන්නට කවියා දක්වා ඇති සහජ දක්ෂතාව ඇගයීමට මිම්මක් නැතිවීම කණගාටුවකි.

දේවවාදී සංකල්පය සහ කොරෝනා වසංගතය එකට ගත විට, එහි ඉතුරු වී ඇති යමක් වේ නම්, ඒ හිස්තැනක් පමණි. මහා තෙද ඇති දෙවියන්ට වුව ද මේ වෙනුවෙන් කල හැකි දෙයක් නොමැති වගත්, දෙවියන්ට වුව ද මේ ව්‍යසනයෙන් බේරෙන්නට මගක් නැති වග ද කදිමට උපකල්පනය කරන කවියා, මේ තත්ත්වය  ‘නාදුනන දෙවිදුන්’ යන කවිය තුලින් හාස්‍යයට ලක් කරන්නේ මෙසේය:

එකලු වූ බැවින් හිමිදිරියේ
ශඩ්වර්නයෙන්
කව්ලුවෙන් එහා අඩවිය,
මෑත්කර බැලූ විට තිරය
සිටියෝය විල්ලුද මුඛාවරනයක්
හැද නලලේ,
රදවාගෙන රන්මුවා උන කටුවක්
මුඛයේ,
නාදුනන දෙවි කෙනෙක්
නිරෝධායන බැල්කනියේ
කොනක
දෝවනය කරමින් එතුමන්ගේ
අත් දහසයම
සැනිටයිසර් බාල්දියකින්.

මේ කවියේ ප්‍රභල යෙදුම් ගණනාවකි . ඒ දෙවියන්ගේ ආනුභාව දැක්වීම උදෙසාය.  දේවවාදයට සියුම් පහරක් එල්ලකරන කවියා, ‘අඩවිය’ , ‘විල්ලුද මුඛ ආවරණ’, ‘රන් මුවා උණ කටුව’, ‘දෝවනය කිරීම’ යන දේව සංකල්ප සමග බැදී පවත්නා යෙදුම් මගින් මිනිසුන් දෙවියන් කෙරේ දක්වන අන්ධ භක්තියට ටොක්කක් අනින්නේ, කොරෝනාව උදාහරණකොට ගෙනය.

සමාජය, විද්‍යාව, ඉතිහාසය ඔස්සේ ගමන් ගන්නා කවියාට දේවපුරාණයේ එන ශක්‍ර දේවේන්ද්‍රයාව ද අත්හරින්නට සිතෙන්නේම නැති හැඩකි. සක් දෙවියා නම් වූ සංකල්පය සමග කොරෝනාවේ භායනක බව හා ව්‍යසනකාරී බව අපූර්වත්වයකින් මෙන්ම දැඩි ලෙස කියන්නට ‘පඩුපුල් අස්න’ නම් කවිය මගින් ගත් උත්සාහය කවියාගේ අරමුණ සාක්ෂාත් කරන්නක් වග කිව යුතුමය:

දැරිය නොහැකි විලසින්
උණුසුම් වූ බැවින් පඩුපුල් අස්න
සදාතනිකවම,
ලොව වෙලාගන්නා විට
වසංගතය,
ගලවා දැමුවේය සක් දෙවිදුන්
පඩුපුල් අස්නේ ප්ලග් එක.

ලෝකයේ දුක් දෝමනස්සයන් හමුවේ උණුවෙන පඩුපුල් අසුනට දැනෙන රස්නය උහුලාගත නොහැකි තරම කොපමණ ප්‍රශ්නයක්ද යත්, ශක්‍ර දෙවියන් පඩුපුල් අසුනේ ප්ලග් එක ගලවා ඇත. ඒ යෙදුම තුළ ව්‍යන්ගාර්ථයේ සෙවනැළි දර්ශන පිලිබඳ හෙලිකරනා පණිවුඩ රාශියකි.

කෙසේ  වුවද සසංක පෙරේරාගේ ‘උගේ කටෙත් කොරෝනා; මගේ කටෙත් කොරෝනා’  කාව්‍ය සංග්‍රහය  යුද්ධයකින් පසු යුද සාහිත්‍යයක් ඇති වන්නා සේම, වසංගත  අවධානමත් සමගම ඒ අවධානම කේන්ද්‍රකරගත්  සාහිත්‍යයකට කරන ලද අත්පොත් තැබීමක් බඳුය. එමෙන්ම, සමාජ විද්‍යාඥයා නිලය බලා  පහර දෙන්නාක් මෙන්, ඔහුගේ කවිවලින් අපිට පැන දුවන්නට ඉඩක් නොදෙන්නේය. ඔහු අපගේ හදවතට කවිය තුළින්  එබිකම් කරන්නේ, ආලෝකය මෙන්ම අදුර ද එක මිටකට ගෙනය. ඩිජිටල් ආකෘතියකින් හෙබි මෙම කවි පොත  වසංගතය අවසන ඉතිරිවන මතකයන්ගේ දොරකඩ නතර වී දිගු කාලයක් රැදී හිදිනු ඇත. තවත් පරම්පරා ගණනකට කවිය අස්සේ සැගවවී ඇති ඉතිහාසයේ කඳුළු බිදක් ගැන කියා දෙනු ඇත.

මේ කවි එකතුව කියවන්න ලැදි පිරිසට මේ යොමුව ඔස්සේ එය කියවිය හැක.

(මේ විමර්ශනය මුලින්ම පළවූයේ ‘වචන එල්.කේ’ වෙබ් අඩවියේය. එය මෙහි පළකරන්නේ විමර්ශිකාවගේ අනුමැතිය ඇතිවය)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට