කද්රි ඉස්මයිල් පිළිබඳ මතකය: ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ සීමා

~ රාජන් ෆිලිප්ස්
~ පරිවර්තනය: ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය  

මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය. ඔහුගේ හදිසි මරණය අප තුල ඇති කරන්නේ කම්පනයකි. තවත් ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයෙකු, ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙසේ අකාලයේ අප හැර යන්නට ගොසිනි. ලංකාවේ දේශපාලනය ඉංග්‍රීසියෙන් කියවන සියලු දෙනාම පාහේ කද්රි ඉස්මයිල් හඳුනති. ඔහුගේ ලිවීම්වලින් පරිභාහිරව, මා ඔහුව දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. මට ඔහුව මුණගැසී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, ඒ 2007 වසරේ මිනියාපොලිස්හිදීය. අපගේ රැස්වීමට පසුබිම වූයේ, කද්රිගේ (නිබන්ධනය) කෘතියක් වන Abiding by Sri Lanka: On Peace, Place and Post-Coloniality (ලංකාවට කැපවීම: සාමය, ස්ථානය සහ පශ්චාත්- යටත් විජිතවාදය) සම්බන්ධයෙන් මා විසින් ලියන ලද තරමක දීර්ඝ විවරණ ලිපියයි. මෙම ලිපිය 2006 වසරේදී The Sri Lanka Journal of the Humanities යන සාර සංග්‍රහයේ ප්‍රකාශයට පත් කරන ලදී. පොත සමාලෝචනය කිරීමට මට ආරාධනා කිරීමත්, ඉන් අනතුරුව කද්රිව මට හඳුන්වා දීමත් පිළිබඳව ඉංග්‍රීසි මහාචාර්යවරයකු හා අදාළ සාර සංග්‍රහයේ එකළ සංස්කාරකවරයා වූ ආචාර්ය සෙනත් වෝල්ටර් පෙරේරාට මම මගේ බුද්ධිමය කෘතඥතාවය පළ කර සිටිමි. කද්රි සිය පොතේ ස්පර්ශ කළ බොහෝ තේමාවන්ට අනුකූලව ද, 1971 කැරැල්ලේ පනස් වන සංවත්සරය පිළිබඳ මගේ මෑත ලිපි පසු විපරම් කරමින් ද, එහිම දිගුවක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතිකවාද ත්‍රිත්වයෙහි සීමා පිළිබඳව ලියා ඇති මෙම සටහන මහාචාර්ය කද්රි ඉස්මයිල් ගේ මතකයට උපහාරයක් වනු ඇතැයි මම සිතමි.

කද්රිගේ සුවිශේෂී උරුම

කද්රිගේ සුවිශේෂී උරුමය ස්මරණය කළ යුතු තරමට වැදගත් වූවකි.  වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා වෛද්‍ය පීඨයට ඇතුලත් වූ කද්රි, පසුව එම ප්‍රවේශය ප්‍රතික්ෂේප කරමින් ඉංග්‍රීසි විෂයෙහි ගෞරව උපාධියක් හැදෑරීම සඳහා යොමු වූ අතර, 1984 දී පළමු පන්ති සාමාර්ථයක් සමගින් එය නිමා කළේය. ඔහු මෙවන් සමත්කමක් පෑ  දෙවැනි ශ්‍රී ලාංකිකයා වේ. ඉන් පළමුවැන්නා මහාචාර්ය ඈෂ්ලි හල්පේ වන අතර, ඒ කද්රිගේ සාමාර්ථයට වසර තිහකට පමණ පෙරය. හල්පේ ලංකා සිවිල් සේවා පරීක්ෂණයෙන් ඉහළින් ම සමත් වුව ද එකළ බෙහෙවින් කීර්තිමත් වූ සිවිල් සේවයේ සාමාජිකයෙක් වනවා වෙනුවට, විශ්වවිද්‍යාල ඉගැන්වීම සිය රැකියාව ලෙස තෝරා ගත්තේය. කද්රි ඒ වෙනුවට මුලින් තෝරාගත්තේ, පුවත්පත් කලාව හා දේශපාලන ක්‍රියාකාරිත්වයයි.

සිය ප්‍රහාරාත්මක ශෛලියත්, ඇතැම් සිරිත් විරිත් හා සම්මුති කෙරෙහි වූ නොකැමැත්තත් ඉක්මවා කද්රි තමා ලියූ සහ කළ දේ පිළිබදව දැඩිව කැපවිය. එම කැපවීම නම්, “ලෝකය ධූරාවලියක් ලෙස ව්‍යුහගත වී ඇති බව අවබෝධ කිරීමත්, එහි පීඩාව හා සූරාකෑමට එරෙහිව මුහුණ දීම, ඒ සමග පොර බැදීම හා සටන් කිරීමත්ය.” එම උත්සාහය මාක්ස් කී පරිදි, “කිසිදා නොපැවති යමක්” නිර්මාණය කළ හැකි බවට ඇති විශ්වාසය හා ඒ වෙනුවෙන් වූ සුභවාදී හැඟීම පෝෂණය කිරීමයි. ඔහුගේ මෙම කැපවීම සහ අපේක්ෂාව කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සිය උපාධි කටයුතු සඳහා ගත කල දශකයක කාලය (1989-1998) තුල ද පැවති අතර, අවසනදී ඔහු එම විශ්වවිද්‍යාලයෙන්  සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කටයුතු සාර්ථකව නිම කළේය.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේදී, පශ්චාත් යටත් විජිත අධ්‍යයනයන්හි පුරෝගාමී දැවැන්තයන්  දෙදෙනා වන එඩ්වඩ් සයීද් සහ ගයත්‍රි ස්පිවැක් යටතේ උගත් එකම ශ්‍රී ලාංකිකයා කද්රි ඉස්මයිල්ය. කද්රි, පලස්තීන-ඇමෙරිකානු ශාස්ත්‍රඥයෙකු වූ සයීද්ගේ පර්යේෂණ සහායකයෙකු විය. නිර්ප්‍රභූ අධ්‍යනයන්හි (subaltern studies) පුරෝගාමියෙකු වන ගයත්‍රි ස්පිවැක් පිළිබඳව කද්රි පවසන්නේ, “සරලවම කියන්නේ නම්, මට කියවීමට ඉගැන්වූයේ ඇයයි” යනුවෙනි. පුදුමයකින් තොරව, ඔහුගේ“ශාස්ත්‍රීය දෙමාපියන්” මග යමින්, කද්රි පශ්චාත් යටත්විජිත ශාස්ත්‍රඥයෙකු ලෙස තමාගේම හුරුවකින් හා අසහාය ස්වරූපයකින් විකසිත විය. මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ දී ඔහු කළ ලිවීම් සහ ඔහු උපදෙස් දුන් හෝ පරීක්ෂණයට ලක් කළ උපාධිධාරී සිසු සිසුවියන්ගේ නිබන්ධන මාතෘකා ලැයිස්තුව ඔහුගේ ශාස්ත්‍රීය පුළුල් බව පිළිබඳ එක්තරා සාක්ෂියකි. 2015 වසරේ පල කළ Culture and Eurocentrism (සංස්කෘතිය සහ යුරෝ කේන්ද්‍රීයවාදය) නම් කෘතිය පිළිබඳ එහි ප්‍රකාශකගේ අදහස වන්නේ, සුවිශේෂී සංස්කෘති පිළිබඳ “අධිපති උපකල්පනය” වන “සංස්කෘතිය විසින් වෙනස්කම් අර්ථ දක්වන්නේය යන්න වෙනුවට, එය “ධුරාවලිගත ලෙස වෙනස්කම් නිෂ්පාදනය කරයි” යනුවෙන් කද්රි මෙහිදී තර්ක කරන බවය.

මගේ විශ්වාසය නම්, මුස්ලිමුන්ගේ ප්‍රශ්නය පිළිබඳව කද්රි විසින් කළ ප්‍රථම බලපෑම් සහගත සුත්‍රගතකිරීම වූයේ, ‘Unmooring Identity: The Antinomies of Elite Muslim Self-Representation in Modern Sri Lanka’ (නොසන්සුන් අනන්‍යතාවය: නූතන ශ්‍රී ලංකාවේ ප්‍රභූ මුස්ලිම් ස්වයං නියෝජනයෙහි ප්‍රතිවිරෝධතා) යන රචනයයි. එය 1995 වසරේදී මානව විද්‍යාඥයෙකු වන ප්‍රදීප් ජෙගනාදන් සමඟ කද්රි විසින් සංස්කරණය කරන ලද UnMaking the Nation: The Politics of Identity and History in Modern Sri Lanka (ජාතිය අස්ථානගත කිරීම: නුතන ශ්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය හා ඉතිහාසය) යන   කෘතියෙහි එක් පරිච්ඡේදයක් ලෙස පළවිය. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය කෙරෙහි කද්රිගේ ප්‍රවේශයේ ඇති සුවිශේෂිත්වය නම්, බලහත්කාරයෙන් අප වෙත විසි කර ඇති, එක් අතකින් “සුළු ජාතීන් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුය” සහ අනෙක් අතට “ශ්‍රී ලංකාවට කැපවිය යුතුය” යන උභතෝකෝටිකය පිළබඳ ගැඹුරින් සිතාබැලීමය. කද්රිගේ කැපවීම්වලට තුන්වන මානයක් ද තිබුණි. එනම්, තමාගේම ප්‍රජාව තුල වූ අතාර්කික විශ්වාස හා ආගම්වාදයට එරෙහිවත්, සිය පැරණි ආගමේ නව මූලධර්මවාදයට එරෙහිවත් සටන් කිරීමයි.

කද්රිගේ ලෝක දැක්ම සංවිධානය වී තිබුනේ ගෝලීය හා පශ්චාත් යටත්විජිත දැනුම මතය. එම දැක්මෙහි ප්‍රධාන අංගයක් වූයේ, ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලනය හා සමාජය හැඩගැස්වූ  යුරෝපීය ප්‍රබුද්ධත්වයේ යටත්විජිත උරුමය ආක්‍රමණශීලී ලෙස ප්‍රශ්න කිරීමයි. එම උරුමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට අසමත් වූ පාර්ලිමේන්තු නියෝජනයක් දක්වා දැකිය හැකිය. එම උරුමය සුළුතර කණ්ඩායම් නොතැකීමේ සිට බහුතරයේ වරප්‍රසාදිතභාවය මුල් කරගත් අසමාන සමාජ ආර්ථික සංවර්ධන ආකෘතිය තුල දැකිය හැකිය. එසේම, එම උරුමය පැරණි පූර්ව යටත්විජිත මුග්ධභාවයන් නැවත සක්‍රිය කොට, පශ්චාත් යටත්විජිත ස්වරූපයෙන් මතුවීම දක්වා වූ ක්‍රියාවලිය තුල ද දැකිය හැකිය.

“නොපවතින” ලංකාවක් කද්රි කතිකාමය ලෙස පරිකල්පනය කළේය. එම ලංකාව ගඩොලින් නොව, චින්තනය හා අත්දැකීම් ප්‍රමුඛව කරන ලද ගොඩනැංවීමකි. ජාතිකවාදය සමරනු නොලබන හෝ බැහැර නොකරන, අනන්‍යතා දිරිමත් කිරීම හෝ ප්‍රශ්න කිරීම සිදු නොකරන, වෙනස්කම් නිර්මාණය නොකරන හෝ ප්‍රතික්ෂේප නොකරන ශ්‍රී ලංකාවක් ඔහු පරිකල්පනය කළේය. සෙසු ජන කොටස් බැහැර කළ සිංහල ආධිපත්‍යය සහ දෙමළ ස්වයං-නිර්ණය සඳහා වූ අරගලය අතර පවතින වරප්‍රසාදිත තරඟය මුල් කොට ගනිමින්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සූත්‍රගත කිරීම අභියෝගයට ලක් කළ කද්රි, එම ප්‍රශ්නය මුස්ලිම්වරුන්, උඩරට ද්‍රවිඩයන් සහ කිතුනුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට යුක්තිය හා සමානාත්මතාවය ඇතිකිරීම සමග සම්බන්ධ විය යුතු බවට අවධාරණය කළේය. රාජ්‍යය විසින් මෙම කර්තව්‍යයන් ඉටුකිරීමට අපොහොසත් වීම නිසා, මෙම ස්වභාවික දිදුලන දූපත වසර 30 ක් තිස්සේ දේශපාලනිකව හා ප්‍රචණ්ඩ ලෙස අසමත් වූ ජාතිකවාදයන්ගේ සීමිත කුලකයක් දක්වා ලඝු වී තිබේ. කෙසේ වුවත්, මෙකී රාජ්‍යයේ අසමත්බව දේශපාලන කාසියේ එක් පැත්තක් පමණි. එයට ශ්‍රී ලංකාවේ ජාතිකවාද තුනෙහි සීමා ද වග කිව යුතුය.

ජාතිකවාදයේ සීමා

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකවාදයන්ට ඒවාටම අනන්‍ය වූ සීමා තිබේ. ජාතිකවාද තුනටම එක් කුඩා දූපතක් තුළ එක්ව විසීම උරුම වී ඇති හෙයින්, ඒවායේ අතිරික්තයන්ගේ බලපෑම එකී සීමාව විසින්ම දරා ගෙන ඇත. සිංහල ජාතිකවාදය ජාතිකත්ව ත්‍රිත්වයෙන් වඩාත්ම බලවත් මතවාදය වන අතර, එහි සීමාව නම්, එයට අනෙක් දෙවර්ගය කෙරෙහි මුළුමනින්ම ආධිපත්‍යය දැරීමට හෝ ඒවා පොඩි කර දැමීමට හා තුරන් කිරීමට හෝ ඇති නොහැකියාවය. සාධාරණ ලෙසම, දෙමළ සහ මුස්ලිම්වරුන් මත පූර්ණ ආධිපත්‍යය පැතිරවීම හෝ ඔවුන්ව තලා දැමීම අනුමත නොකරන බොහෝ සිංහලයන් පිරිසක් සහ විවේචනාත්මක පිරිසක් ද මේ අතරම සිටිති. එම පිරිස සිංහල ජාතිකවාදයේ ආධිපත්‍යය උසිගන්වන්නන්ට හිසරදයකි.

දෙමළ ජාතිකවාදයේ සීමා සහ එහි අහිමිවීම්, එය අත්පත්කරගත් වාසි ගොන්න ඉක්මවා ගොස් ඇත. එහෙත්, එය බොහෝ දුරට ඔරොත්තු දීමේ සහ අසීමිතව නැගී සිටීමේ හැකියාව ඔප්පු කර තිබේ. ශ්‍රී ලංකාවෙන් දෙමළ ජාතිකවාදය තුරන් කළ නොහැක්කා සේම, ඊට එහි අවසාන සීමාව වූ  ලංකාව තුළ එයට හිමි නියමිත ස්ථානය සොයා ගැනීම ද ඉක්මවා යා නොහැකිය. නූතනත්වයේ ආරම්භයේ සිටම හෝ ඊටත් පෙර සිටම මුස්ලිම්වරු අන් සියල්ලන් මෙන් රට තුළ සිටිය ද, ඔවුහු  සිංහල-දෙමළ ජාතිකවාදී ගැටුමට පසුකාලීනව එක් වුවෝ වෙති. ඔවුනගේ අපේක්ෂා සීමිතය. එනිසාම, ඔවුනගේ සීමා ඇත්තේ පරිකල්පිත මානයකය.  කෙසේ වුව ද ඔවුනගේ ජාතිකවාදය දේශපාලන කතිකාවට පැමිණීම මගින් ජාතිකවාදී විවාදය පරිවර්තනය කළා පමණක් නොව, එහි සිතිජය ද පුළුල් කර තිබේ.

ජාතිකවාද ත්‍රිත්වයෙහි ප්‍රධාන තරඟ භුමිය වී ඇත්තේ රාජ්‍යයයි. බොහෝ දේශපාලන සමාජවල රාජ්‍යයේ බිහිවීම ජාතිය බිහි කිරීමට පදනම සැපයීය. රාජ්‍යය විසින් මෙහෙයවෙන ජාතියක් හා ජාතිකවාදයේ සංකල්ප හා අත්දැකීම් ඒ සමග අත් වැල් බැඳ ගති.  කද්රි ඉස්මයිල් පරිකල්පනය කල ලෙසටම, පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව, සියල්ලන් ම ඇතුළත් වන ජාතියක් ලෙස ගොඩනැගීමේ වියහැකියාව සෑම විටම දරා සිටියාය. එම වියහැකියාව වූ කලි දුරදිග නොබැලීමකින් උපන්නක් හෝ මනෝරාජිකත්වයක් හෝ නොවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රාජ්‍යය බිහිකිරීම යනු එකමුතුභාවයෙන් යුතු වුවක් හෝ සියල්ලන් ඇතුළත් කරගත් අත්දැකීමක් නොවේ. ඊට පටහැනිව සිදු වුයේ, එම හැකියාව ප්‍රතික්ෂේප කිරීම හා සිංහල ජාතිකවාදී බලවේග විසින් රාජ්‍යය අත්පත් කර ගැනීමත්, වෙනත් අය බැහැර කිරීම සඳහා වූ  න්‍යාය පත්‍රවල දිග හැරීමත්ය. එහෙත්, මෙම ක්‍රියාවලියේ පවා සීමා පෙන්නුම් කර ඇත. එනම්, නිදසුනක් ලෙස, දෙමළ බෙදුම්වාදයේ අභියෝගය නිශ්චිතවම පරාජය කිරීමට රාජ්‍යයට හැකි වූවත්, දෙමළ ජාතිකවාදයේ බෙදුම්වාදී නොවන අපේක්ෂා අභිබවා යාමට එයට නොහැකි වී තිබේ.  

තවත් තලයක මෙම සීමා සියල්ල අභිබවා ශ්‍රී ලංකා රාජ්‍යය කරවන පිරිස් තුළ ඇති නොහැකියාව මතු වී ඇත. නිදසුනක් ලෙස, 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය විෂයෙහි පැවති ආණ්ඩුව  හා  වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගත හැකිය. එනම්, පසුගිය රජයට මුස්ලිම් ප්‍රජාව විසින්ම කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් රාශියක් තිබුන ද බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූ අතර, වත්මන් රජයට බෝම්බ පිපිරීම් පිටුපස සිටින මහ මොළකරුවන් කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වුවත්, ඉන් පෙනෙන්නේ ඔවුනගේ අකාර්යක්ෂමතාවයට වඩා, පසුගිය ආණ්ඩුවේ පමණක් නොව, වර්තමාන ආණ්ඩුවේ ද එකී මහ මොළකරුවන් සහ ඉහළ පෙළේ නායකයන් අතර පැවති ගජ මිතුරු සම්බන්ධකම් බව පැහැදිලිය.  ඒ අතරම, 1960 ගණන්වල එවකට පැවති රජය ‘කතෝලික ක්‍රියා’ සම්බන්ධයෙන් කතෝලික පල්ලිය දනගස්වා, එහි ඓතිහාසික කාර්යභාරය ආපසු හැරවීමෙහි ප්‍රතිපලයක් ලෙසදෝ වත්මන් කතෝලික කාදිනල්තුමා අපරාධ පරීක්ෂණ සිදු කිරීම සඳහා රජයට බල නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.   

ශ්‍රී ලංකාව තුළ ජාතිකවාදය මතුවීමේ පොදු ලක්ෂණය නම්, රාජ්‍යයට සැලකිය යුතු ආර්ථික පදනමක් නොමැති වීමය. එනම්, ශක්තිමත් ආර්ථිකයක් නොමැතිකම, ශ්‍රී ලාංකික ජාතිකවාදයක් වර්ධනය වීම සඳහා ප්‍රධාන බාධකයක් විය. සිංහල ජාතිකවාදය විසින් රාජ්‍යය අත්පත් කර ගෙන ඇති තාක් දුරට, එය ජාතික ආර්ථිකය ද අත්පත් කර ගෙන තිබේ. රට තුළ දෙමල හා මුස්ලිම්වරුන්ගේ පැවැත්මට සමගාමීව රාජ්‍යය අසමත්වීම නිසා, ආර්ථිකය එහි සීමිත ශක්‍යතාවයන්ගෙන් පවා වර්ධනය වීමට දරන උත්සාහය අඩපණ වී ඇත. අනෙක් අතට, දෙමළ ජාතිකවාදයේ මූලාරම්භය වූයේ, ආර්ථිකයේ පදනම් අරමුණු, රජයේ රැකියා පිළිබඳ දුක්ගැනවිලි හා පසුව විශ්වවිද්‍යාලවලට ඇතුලත්කිරීම්වල සීමාව මිස අන් කිසිවක් නොවීය. දෙමළ බෙදුම්වාදය එහි ඉහළම අවධියේදී සැබෑ දේශීය ආර්ථික රික්තයක් මත නැගී සිටියේය. කෙසේ වුවත්, ආර්ථික සාධකය දෙමළ ජාතිකවාදය සඳහා සීමාවක් වුව ද, එහි අඛණ්ඩ පැවැත්මට එය මාරාන්තික ලෙස බල නොපානු ඇත. මුස්ලිම් ප්‍රජාව ද සිය ජාතිකවාදයේ සීමා පිළිබඳව වඩාත් දැනුවත් බව පැවසීම සාධාරණය. 

ජාතිකවාද ත්‍රිත්වය මතුවීමේ යාන්ත්‍රණය සොයා ගත හැකි වන්නේ, ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරිත්වය, ප්‍රජාවන් තුනෙහි සමාජ සංස්කෘතික ව්‍යුහ සහ ඔවුනගේ ආගමික හා භාෂාමය උරුම පිළිබඳ ප්‍රකාශන තුළය. එහෙත්, එම මතුවීමේ යාන්ත්‍රණය විසින් ජාතිකවාද ත්‍රිත්වය සහජයෙන්ම එකිනෙකින් බහිශ්කාරක බවක් අඟවන්නේ නැත. ඒ වෙනුවට, ජාතිකවාදයන්ගේ  සීමාව මගින් එහි අතිරික්තයන් දරාගැනීමට නොහැකි වීම වළක්වා ඇත. මෙම ජාතිකවාද ඒකාබද්ධ කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ හැක්කේ ශ්‍රී ලංකා රාජ්‍යයට පමණි. එහෙත් වර්තමානයේදී රාජ්‍යය මෙහෙයවනු ලබන පිරිස මෙම කර්තව්‍යය සිදු කරනු තියා, ඒ පිළිබඳව දැනුවත්ව සිටින බවට හෝ කිසිදු සලකුණක් නොමැත. 

(මෙම ලිපිය මුලින්ම පළවූයේ 2021 ජූන 6 වනදා ද අයිලන්ඩ් පුවත්පතේය. එහි සිංහල පරිවර්තනය මෙහි පලකිරීමට අවසර දීම සම්බන්ධයෙන් ද අයිලන්ඩ් සංස්කාරකවරයාට අපගේ ස්තූතිය හිමි වේ)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත ලැබූ ඔහුගේ පියා වැවිලිකරුවෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ රෙජිනෝල්ඩ් සේනානායකය. බ්‍රිතාන්‍යයන් විසින් රෙජිනෝල්ඩ් සේනානායකව ඉන්දියාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා සිරගත කරනු ලැබූ අතර, ලකී සේනානායක ට වයස අවුරුදු දහය වන විට හෙතෙම මිය ගියේය. ඉන් පසු ඔහුව හදාවඩා ගැනීමේ වගකීම පැවරුනේ, 1947 දී ශ්‍රී ලංකාවේ…
වැඩි විස්තර පරිශීලනයට