කූරගල සිංහල බෞද්ධ වීර සිංහයා සහ ‘අනෙකා’ට එරෙහි ප්‍රචණ්ඩත්වය

~ අනුශ්කා කහඳගම, ඔටාගෝ විශ්වවිද්‍යාලය

ප්‍රතිපත්තිවලින් තොර පුරුෂෝත්තමවාදී හිස් ඡන්ද ව්‍යාපාරවල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින මොහොතක මේ සටහන ලියමි. ලංකාවේ මෑත කාලීන ඡන්ද ජයග්‍රහණවල ප්‍රධාන භූමිකාවක් රඟපා ඇත්තේ පක්ෂයක් විසින් ඉදිරිපත්කරන දේශපාලන වැඩපිළිවෙල නොව, ඒ වෙනුවට ඉදිරිපත් කර ඇති සිංහල බෞද්ධ පුරුෂ මූලික මිලිටරි ජාතිකවාදයයි. එම පුරුෂ මූලික සිංහල බෞද්ධ ජාතිකවාදයේ වඩාත් පැහැදිලි සහ ආසන්නතම ප්‍රකාශනය වන්නේ කූරගල බෞද්ධ විහාරය සහ ඒ ආශ්‍රිතව ඉදිකර ඇති කූරගල රන් පැහැ සිංහ රුවයි. එදෙස බැලූ බැල්මටම පෙනෙන පරිදි, එම රුවේ වෘෂණකෝෂ පැහැදිලිව දිස්වෙන ලෙස අඹා ඇති අතර සිංහ නාද කරන අයුරක් ද ප්‍රකට කරයි.

කූරගල පිළිබඳ කතාබහ ඇතිවීම පටන් ගන්නේ 2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමඟය. එහිදී කූරගල අර්බුදය ඇති වූයේ ප්‍රදේශ අයිතිය සහ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධ සීමා ලකුණු කිරීමකිනි. මුස්ලිම්වරුන්ට අනුව, ඉස්ලාම් ශාන්තුවරයෙකු වන අබ්දුල් කදීර් ජිලානි කූරගල තම නැවතුම බවට පත්කරගෙන ඇති අතර, භාවනානුයෝගීව වැඩසිට ඇත. නමුත් මෙයට විරුද්ධව පවතින තර්කය වන්නේ, මෙම ප්‍රදේශය රාවණා යුගය දක්වා දිවයන බවත් අතීතයේදී එය  භාවනායෝගීව වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ ආරමයක්ව පැවති බවත්ය. ඒ අනුව, 2013 වසරේදී රැස්වූ බොදුබල සේනාව ප්‍රමුඛ භික්ෂූන් මෙම ප්‍රදේශයෙන් එහි පැවති මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට ප්‍රතිඥා දුන්හ. මේ වනවිට එම ප්‍රතිඥා එතැනින් නොනැවතී, සිංහල බෞද්ධ පුරුෂ සිංහ පිළිරුවක් හරහා — සීමාව ලකුණු කිරීමේ තිරශ්චීන සලකුණු පෙන්වමින් — ‘සිංහල බෞද්ධ පුරුෂ මිලිටරි’ දේශ සීමා ලකුණු කිරීමේ දේශපාලනික ව්‍යාපෘතියක් දක්වා විකාශනය වී ඇත. එනම්, කූරගල අයිතිය සිංහල බෞද්ධ සිංහයින් සතු බවය.

රන් පැහැති සිංහයා ආරක්ෂා කිරීම පිණිස උඩුකය නිරුවත් ‘රාජ පුරුෂයින්’ ලෙස හැඳගත් තරුණයින් පිරිසක් පියගැට පෙළෙහි සිටගෙන ආකාරය දක්වන සුප්‍රසිද්ධ පින්තූරය ඉතාම මෑත කාලීන එකකි. මෙම වසරේම මැයි 17 වෙනි දින කූරගල ‘ඇසිදිසි ශාක්‍ය මුණි මහා සෑයේ’ කොත විවෘත කරන ලද්දේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් වන අතර, එම උත්සවයට භෙලිකොප්ටර යානා මඟින් මල් පෙති ඉසින ලද බවත් යුද හමුදා බෞද්ධ සංගමයේ ආධාර සහ යුද හමුදාවේ මෙන්ම සිවිල් ආරක්ෂක සේවයේ ශ්‍රමයෙන් කූරගල  නිර්මාණය වූ  බවත් ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් පිටුවේ සඳහන්කර ඇත.[1] කූරගල සිංහල බෞද්ධ සංඛේතිය වීර සිංහයා සහ ජීවමාන සිංහයා එකිනෙක අභිමුඛ කිරීමෙන් බලයේ ප්‍රබල ගතිකයක් රාජ්‍ය විසින් නිර්මාණය කර ඇත.

මේ වීර සිංහල බෞද්ධ මිලිටරි පුරුෂත්ව ප්‍රකාශනය හරහා ගොඩනඟන ලද ආණ්ඩුව බලයට ආවේ විනයගත සමාජයක් බිහි කිරීම උදෙසාය. ඔවුන් විසින් ගොඩනඟා ඇති ඒ විනයගරුක රාජ්‍ය තුළ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ගෑස් සහ තෙල් පෝලිම්වල මියයමින් සිටිති. මීට අමතරව, ආර්ථික ප්‍රතිපත්තියක් හෝ වෙනත් සැලකිය යුතු ප්‍රතිපත්තියක පොරොන්දුවක් හෝ නොමැතිව, සිංහල බෞද්ධ වීර පුරුෂත්වයේ නාමයෙන් විනයගත කරනලද සමාජයක් පමණක් පොරොන්දු වී බලයට පැමිණි රාජ්‍යයේ නොහැකියාව විසින් රට ඇද දමා ඇති අගාදය සුළුපටු නොවෙයි. ඒ කෙසේ වෙතත්, ඒ විනයගත කිරීමේ පොරොන්දුව අනුව යමින්, 2022 මැයි 9 වෙනිදා ගෝටාගෝගම සාමකාමී විරෝධතාකරුවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් පහර දීමක් සිදු වූ අතර, රඹුක්කන වෙඩි තැබීම මෙන්ම 2022 ජූනි 17 වනදා තෙල් පෝලිම්වල සිටි ජනයාට පොලිසිය විසින් පහර දීම ද සිදු විය. මේ සියලු පහර දීම් සිදු කරන්නේ සහ ඒවා සාධාරණීකරණය සිදු කරන්නේ සිංහල-බෞද්ධ වීර මිලිටරි පුරුෂත්වය විසිනි. කූරගල සිමෙන්ති සිංහයාට රාජ පුරුෂ ආරක්ෂාව මෙන්ම රාජ්‍යයේ මිලිටරි ආරක්ෂාවත් ලැබෙන විට, සිංහයා වන්දනා මාන කරන ජනයාට ඔවුන්ම බදු ගෙවන මෙම මිලිටරි සහ පොලිස් ආකෘතිය හරහා විඳින්නට සිදුවන්නේ තාඩන පීඩන පමණි.

සිංහල බෞද්ධ මිලිටරි සිමෙන්ති සිංහයා විසින් විනයගත කරන ලද අර්බුදකාරී සමාජයක් අද අපට හිමිය. බොහෝ දෙනා කුසගින්නේ සිටින නමුත් කූරගල සිමෙන්ති සිංහයාට වන්දනා කරන සමාජයක් අද වන විට බිහි වී ඇත. ඒ බෞද්ධ සිංහයා මිලිටරි පුරුෂත්වයේ, අනෙකා යටපත් කිරීමේ සහ අනෙකාට එරෙහිව අණසක පැතිරවීමේ සංඛේතයයි. එම වීර සිංහල බෞද්ධ මිලිටරි පුරුෂත්වය විසින් මෙතෙක් ‘අනෙකා’ බවට පත්කරගත් ප්‍රජාව මේ වන විට විපරිවර්තනයකට ලක්වෙමින් පවතී. එනම්, මෙතෙක් අනෙකා වූ මුස්ලිම් හෝ දමිල සංඛ්‍යාත්මක සුළුතර ප්‍රජාව වෙනුවට වර්තමාන ‘අනෙකා’ බවට පත්වන්නේ කුසගින්නේ පැය ගණන් පෝලිම්වල තැක්ගැහෙන සමාජයේ පහළ සමාජ ස්තරයයි. ජුඩිත් බට්ලර් සඳහන් කරන ආකාරයට, නීතිය ඉදිරියේ තම ‘ආත්මාරක්ෂාව’ වෙනුවෙන් පෙනී සිටිය හැකි වන්නේ ‘ආත්මය’ (self) පවතින අයට පමණි. එසේ නොපවතින, එනම් ‘ආත්මය’ නොපවතින අයට නීතිය ඉදිරියේ ‘ආත්මාරක්ෂාවේ’ අයිතිය තහවුරුකළ නොහැකිය. මෙම ‘ආත්මය’ නොපවතින අය, යම් අවස්ථාවක ස්ත්‍රීන්, ස්ත්‍රීපුරුෂ සමාජ භාව ප්‍රධාන ධාරාවට අයිති නොවන්නන්, සුළු ජාතික කණ්ඩායම් මෙන්ම පහළ සමාජ පන්තිවල ජනයා බවට ද පත්විය හැකිය. මේ මොහොතේ තෙල් සහ ගෑස් පෝලිම්වල දුක්විඳින ලංකාවේ පීඩිත ජනයා පත්ව ඇත්තේ මෙවැනි ‘ආත්මයෙන්’ තොර සත්වයෙකු ගේ තත්ත්වයටයි. එනම්, ඔබේ ආත්මය (self) නොවටනා එකක් පමණක් නොව, එය යම් අවස්ථාවක නොපවතින එකක් බවට ද පත්ව ඇත.  රාජ්‍ය මර්ධනයට ලක්වන ඔවුන්ට තම ආත්මාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය නොහැකි වන්නේ, රාජ්‍ය විසින් ඔවුන් ‘ආත්මයක්’ නොමැතිකණ්ඩායමක් බවට පරිවර්තනයකර තිබීම හේතුවෙනි.

දිනෙන් දින ‘ආත්මය’ (self) දියකර හරින ලාංකේය ජනතාව තම ආත්මාරක්ෂාව සළසා ගත යුතුව ඇත්තේ, කලකට ඉහත දී තමුන් විසින්ම දමිළ සහ මුස්ලිම් අනෙකාට එරෙහිව ගොඩනඟන ලද සිංහ සංකේතයට එරෙහිව වීමෙන් බව දැකීම උත්ප්‍රාසජනකය.


[1] https://www.army.lk/news/newly-restored-many-integral-sections-worship-kuragala-opened-devotees-thrice-blessed-day

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට