කොරෝනා සහ මිනිසා: අවිද්‍යාවෙන් මිදීමට තවමත් ප්‍රමාද නැත

~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය

කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එය ඉතා බොළඳ සිතුවිල්ලක් බව අද වන විට පැහැදිළි ය. අද ලංකාව මිථ්‍යාව තුරුළු කරගෙන ඇත. අවිද්‍යාව ලංකාව වෙලා ගෙන ඇත.

මාගේ බොළඳ සිතුවිල්ලට හේතුව මා හුදෙක් විද්‍යාව හැදෑරු, විද්‍යාවේ අගය හඳුනාගත් අයෙකු වීම නිසා බව පැහැදිළි ය. එහෙත් ඊට තවත් හේතුවක් ඇත. ඒ, මා විද්‍යාව හදාරා ඇත්තේ අසම්පුර්ණ ලෙස වීමයි. මිනිසා — මනසින් තමා උසස්යැයි කියා ගන්නා මේ සත්වයා — ඇත්තෙන්ම සිතන ආකාරය විද්‍යාව මැනැවින දනී. මිනිසා මිථ්‍යාව වැළඳගැනීම විද්‍යාවට නම් පුදුමයක් නොවේ. එහෙත් මා එය දැන සිටියේ නැත. මීට හේතුව විද්‍යාව අපට පාසලේ උගන්වන ආකාරයේ ඇති වරදක් නිසා විය හැකි ය. වරෙක මට සිතෙන්නේ, අපට පාසලේදී විද්‍යාවත්, ආගමත් ඉගැන්වූයේ එක ම විදියට කියා ය! ඒ එක් විෂයකින්වත් ජීවිතයට වැඩක් නො වීය. ලකුණු පමණක් ලැබුණේ ය.

එහෙත් මා පාසල් යන අවධියේ අප සිත් ගත්, විද්‍යාවෙන් සැබැවින් ම පිරිපුන්, පාසලින් පිට සමාජයේ නමක් දිනා සිටි, අපගේ ගුරු පරම්පරාවේ කැපී පෙනෙන චරිත වූ ආචාර්ය්‍ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් සහ මහාචාර්ය්‍ය කාලෝ ෆොන්සේකා වැනි අය, එවන් අසම්පුර්ණ චරිත නොවූහ. ඒ බව ඔවුන් ලියූ හා කියූ දෑ තුළින් එදාත් පෙනුණි. අදත් පෙනෙයි. අද ඔවුන් නොමැතිවීමේ අඩුව අපට හොඳින් දැනේ.

මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස්වන්නේ විඥාණය  (consciousness) ඇති බැවින් මිස, උසස් සිතුවිල්ලක් ඇති නිසා නොවේ (එනමුත් ඇතැම් වානරයින්ට ද විඥාණයක් ඇත.) විඥාණය යනු කුමක් ද?

දිවියෙක් බඩගිනි වූ කල ගොදුරක් සොයා ගොස්, එය දඩයම් කර ආහාරයට ගනී. ඉන් පසු නැවතත් ගසක් යටට වී නිදා ගනී. අහසේ දේදුන්නක් පායන විට ඌ එවැන්නක් එහි දකින්නේ නැත; ඌ දකින්නේ පාට සමූහයක් පමණි. ඌ ලෙඩක්-දුකක් ගැන නොදනියි. තව ටික කලකින් වයසට යන බවක් නොදනියි. ඒ ඌට විඥාණයක් නැති බැවිණි.

විඥාණය යනු මනස (mind) විසින් භාවිතා කරන මෙවලමකි (tool). ඊට හේතුපාදක වන්නේ, අප තුල පිහිටා ඇති කල්පනා ශක්තියයි (සිතීමත්, කල්පනා කිරීමත් එකිනෙකින් වෙනස් ය). මෙවලමක් යනු හොඳ දේටත් වැඩදායි දේටත් ලෙසට ම, නරක දේටත් අවැඩදායි දේටත් භාවිත කල හැක්කකි. විඥාණය එබැවින් දැලි පිහියක් වැනි ය.

මිනිසාගේ විඥාණයට ඇසට නොපෙනෙන දේ පෙනෙයි. කාලය දැනෙයි. ඇසට පෙනෙන දේ පවා වෙනස් ව දකියි. පාට සමූහයක් තුලින් දේදුන්නක් ද පායයි. තමා වයසට යන බව, ලෙඩ රෝගවලට ගොදුරු වන බව හා අවසානයේ මිය යන බව ද දනියි. විඥාණයෙන් හොඳ දේ පෙනෙන්නා සේ ම, මෙවන් වූ සිතට කනස්සල්ළ ගෙන දෙන දේ ද පෙනෙයි. ඉන් මිනිසා බියට පත් වෙයි. ජීවිතයේ අවිනිශ්චිතභාවය (fear of the uncertain) අප කා තුලත් බියක් ඇතිකරවයි. එය දාර්ශනිකයින් හඳුන්වන්නේ පැවැත්මේ බිය (existential fear) වශයෙනි.

බියට පත්වූ මනස සැනසිල්ලක් සොයා යන්නේ, බඩගින්නට පත්වූ දිවියෙකු ගොදුරක් සොයා යන ලෙසටම ය. ගොදුර ලැබෙන තෙක් බඩගින්න මනසට කරදර කරන්නාක් මෙන් ම, බිය ද ඊට විසඳුමක් ලැබෙන තෙක් මනසට කරදර කරයි. වධ දෙයි. වාසනාවකට මෙන්, බඩගින්නට මෙන්ම බියට ද මනසේ විසඳුමක් ඇත. එනම්, විශ්වාසයයි (belief).

මනසින් විශ්වාසයක් සොයා ගත් වහා ම, ජීවිතයේ අවිනිශ්චිතභාවය පිළිබඳ බිය තුනී වී යයි. මනස සැනසෙයි. ගොදුරින් බඩගින්න තුනී වී ගියාක් මෙනි. මේ මිනිස් මනසේ ස්වභාවයයි. විඥාණය නම් වූ මෙවලම ඉදිරියේ මනස හැසිරෙන ස්වභාවයයි.

අපට වැරදුන තැන මෙතැනින් සොයා ගත හැකිය. බිය තුනී වීමට අවශ්‍ය වන්නේ හුදෙක් විශ්වාසයක් මිස, නිවැරැදි විශ්වාසයක් නොවේ. තමා විශ්වාස කරන දේ වැරැදි වුවත් (false belief), ඉන් කරදරයක් නොවන තාක් කල්, එමගින් මිනිසා කරදරයට පත් වන දවස පැමිණෙන තෙක්, මනස ඉන් සුවය ලබයි.

ඇතැමුන් හුදු විශ්වාසයෙන් සුවය ලබා, අන්ධ භක්තියෙන් සැනසෙති (blind faith). ඇතැමුන් තම විශ්වාසය අනෙක් අයගේ හිස මත පටවමින්, තම  විශ්වාසය පොදු විශ්වාසයක් බවට පත් කරමින් වඩාත් සුවයක් ලබති (prozelytism: ආගමට හරවා ගැනීම, දේශපාලන මතවාදයට හරවා ගැනීම සහ බේබදුකමට හරවා ගැනීම මීට උදාහරණ වේ). ඇතැමුන් තවත් වෙහෙස වී, අනෙක් අයගේ ප්‍රතිවිරෝධ විශ්වාසයන් වැරැදි බව පෙන්වීමට උත්සුක වීමෙන් සුවයක් ලබති.

ඇතැමුන් තම විශ්වාසයේ සැක ඇති තැන් සොයා යමින්, ඒවා ගැඹුරට පරිශීලණය කරමින්, විශ්වාසය තව-තවත් තාත්වික අත්දැකීම් හරහා ඔපමට්ටම් කරමින්, එය තවත් වැඩදායි හා සාර්ථක කරගනිමින්, තවත් සුවය ලබති (reason and empiricism). විද්‍යාඥයා හා විද්‍යාව විශ්වාස කරන්නා සුවය ලබන්නේ මේ ක්‍රමයෙනි.

මේ සියල්ලටම මුල මනසමයි. විඥාණය නිසා බිහි වන බිය ඉදිරියේ, විවිධාකාර වූ මිනිස් මනස් පිනුම් ගසන්නේ එලෙසිනි.

මේ අතර, මුදලින් හෝ බලයෙන් හෝ සමාජ පිළිගැනීමෙන් හෝ තමාට ආරක්ෂාවක් ලබා ගත හැකියයි සින්තන්නෝ ද වෙති. ඔවුහු එවන් ආරක්ෂාවක් කෙරෙහි විශ්වාසය තබති. ඔවුහු අනුන්ගේ බිය මේ උදෙසා අවභාවිත කරති: තම මුදල් බලය, පිරිස් බලය හෝ සමාජයේ පිළිගැනීම එමගින් වැඩි කර ගනී.

ගෝලීය සංඛ්‍යාලේඛණවලට අනුව, කොරෝනා වයිරසය බෝ වූ මිනිසුන් 1000කින් මරණයට පත් වන්නේ 6ක් වැනි ගණනක් පමණි. ඉන් 994 ක්ම සුවය ලබයි. රෝග ලක්ෂණ වැළදුන 100කින් මිය යන්නේ 1ක් වැනි ගණනක් පමණි. මෙහිදී මිථ්‍යාවට රජ වීමට අවශ්‍ය වන කරුණු දෙක මෙපමණකි:

1. බිය සංසිඳවීමට විශ්වාසයක ඇති අවශ්‍යතාව.

2. කොරෝනා රෝගීන්ගෙන් 1000කින් 990ක් ම සුව වන බව.

විශ්වාසයක් පිරිනැමීමෙන් හෝ විකිණීමෙන්, 1000කින් 990ක් ම ඉබේ ම සතුටු කළ හැකි ය. සර්පයින්ගෙන් ගහන වූත්, එහෙත් මාරාන්තික විසකුරු සර්ප විශේෂ 6ක් පමණක් සිටින්නා වූත් අප ලංකාවේ, කොපමණ සර්ප වෙදුන් බෝ වී තිබේ ද? එසේ නම්, කොරෝනා පැණි වෙදුන් බිහිවීමත් පුදුමයක් ද? එම වෙදුන්ට මෙපමණ අනුගාමිකයින් හෝ අවකාශයක් හෝ අනුග්‍රහයක් හෝ ලැබීම පුදුමයක් ද?

විශ්වාසයට අවශ්‍යවන්නේ අත්තක් මිස, ඇත්තක් නොවේ. තමා විශ්වාස කරන දෙය බොරුවක් ලෙස පෙන්වන්නන් සතුරන් ලෙස දකින්නේ, ඔවුන් තම සුවයට බාධා කරන්නන් — ‘අත්ත බිඳින්නන්’ — ලෙස තම මනස විසින් ම, නිරායාසයෙන් ම වරදවා හඳුනා ගන්නා බැවිනි.

අවාසනාවක මහිමය! ඊ. ඩබ්ලිව්. අදිකාරම්ලා, කාලෝ ෆොන්සේකලා නැති අද රටේ, මේ සැඟවුණු විද්‍යාව දන්නේ එමගින් දේශපාලනමය හෝ වාණිජමය හෝ වාසියක් ලබා ගන්නට සැදී පැහැදී සිටින සටකපටයින් පිරිසක් පමණි. ඔවුන්ගේ අතේ විද්‍යාව විජ්ජාවක් වී ඇත.

විද්‍යාවේ කොටසක් පමණක් ප්‍රගුණ කළ අප වැන්නවුන්, දැන්වත් විද්‍යාවේ මුළු මහිමය පිළිබඳව අවබෝධයක් වර්ධනය කර ගත යුතු ව ඇත. පාසලේ උගැන්වූ විද්‍යාවෙන් ඔබ්බට යා යුතුව ඇත. ආචාර්ය අදිකාරම්ගේ වචනයෙන් කියතොත්, පාසලෙන් අප ලබා ගෙන ඇත්තේ ඥාණය පමණයි; විද්‍යාවෙන් අප ලැබිය යුත්තේ අවබෝධයයි. ඥාණයෙන් ලැබෙන්නේ ලකුණු පමණයි. ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ අවබෝධයයි.

අදිකාරම් හෝ ෆොන්සේකා හෝ අද අප අතර නැතත්, ඔවුන් ලියූ දෑ අදටත් අප අතර ඇත. එය තවත් වැඩි දියුණු ද වී ඇත. දැන් ඒ දෑ නැවත කියවීමට උදා වූ කාලයයි. විද්‍යාවේ අප නොසැලකු දෑ සැලකිල්ලට ගත යුතු කාලයයි. සිතීමට කාලයයි. කල්පනා කළ යුතු කාලයයි. අවබෝධයට කාලයයි.

මේ අවබෝධය අප සියලු දෙනා අතර බෙදා ගත යුතුය. එය, අවබෝධය ලැබූ අය මතට පත්වන වගකීමයි. මේ සඳහා විද්‍යාඥයින් මෙන්ම, මා වැනි විද්‍යාවට ලැදි සියල්ලන් ම සහභාගී විය යුතු ව ඇත. ඊට මාධ්‍යය උදව් කළ යුතු ව ඇත. අප රට අවිද්‍යාවේ අන්ධකාරයෙන් ගොඩ දා ගැනීමේ ශ්‍රමදානයට සහභාගී විය යුතු ව ඇත. මන්ද, අවිද්‍යාවෙන්-මිථ්‍යාවෙන් අප සැවොම අවසානයේ අතරමං වන බැවිනි. මිථ්‍යාව යනු අප නොමග යවන මායාවයි. විද්‍යාව යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. හරි මාර්ගය පාදා දෙන දෘෂ්ටියයි.

අවිද්‍යාව අද අප වෙලා ගෙන ඇතත්, කාලය තවමත් ප්‍රමාද නැත. මට ශාන්ත ෆ්‍රැන්සිස් (St. Francis of Assisi) ගේ අගනා කියමනක් මෙහිදී සිහි වේ: “මුළු ලොවම වෙලා ගත් ඝන අන්ධකාරයට, එක් ඉටිපන්දමක එළියවත් මකා දැමිය නොහැකි ය.” (“All the darkness in a world cannot extinguish the light of a single candle.”)

(පණ්ඩුක කරුණානායක කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකි; වෛද්‍යවරයෙකි. මේ ලිපිය මුලින් ම පළවූයේ 2021 ජනවාරි පළමුවැනිදා ලංකාදීප පුවත්පතේය.  එය මෙහි පළකරන්නේ කතුවරයාගේ අනුමැතිය ඇතිවය)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට