කෝවිඩ් එන්නත්කරණයේ දේශපාලනය: පුද්ගලික අත්දැකීමකින් ඔබ්බට

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

සයිනොෆාම් එන්නත ලබා ගැනීම සඳහා මා ජීවත්ව සිටින ප්‍රදේශයට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයට පිවිසුනේ උදෑසන මිට දින කිහිපයකට පෙර උදෑසන 10.00 ට පමණය. ඒ වන විටත් එහි දිගු පෝලිමක් දකින්නට ලැබුණු අතර, එන්නත් කිරීම සිදුවන බව මට දැනගන්නට ලැබුණේ ඊට පැය භාගයකට පමණ පෙරයි. එන්නත ලබා දීම පිලිබඳ කිසිඳු විධිමත් මට්ටමේ දැනුවත් කිරීමක් ඒ වන විටත් සිදුවී නොතිබුණි. කෙළවර සොයාගත නොහැකි තරම් දිගු වූ පෝලිමක අවසාන කොණට මා එක් වුණෙමි. මට ඉදිරියෙන් මැදිවියේ පිරිමි දෙදෙනෙක් සිටි අතර, මට පිටුපසින් ඒ වයසේම වාගේ කාන්තාවන් දෙදෙනෙක් සිටියහ. මා පෝලිමට එක්වී විනාඩි පහළොවකින් පමණ ශරීරය මුළුමනින්ම වසාගත්, එන්නත්කරන කාර්ය මණ්ඩලයේ යැයි සිතිය හැකි පුද්ගලයෙක් පැමිණ මටත් මා පසු පසින් පෝලිමට එක් වෙමින් සිටි අන් පුද්ගලයින්ටත් අංක ලබාදීම සිදුකළේය. මාගේ අංකය වූයේ 256 යි. පැය හතරක පමණ කාලයකින් පසු, දහවල් දෙක පමණ වන විට එන්නත්කරණ ගොඩනැඟිල්ලට ආසන්න වීමට හැකි වුවත්, එයට ප්‍රවිෂ්ට වීමට හැකියාවක් ඇති බව නොපෙනුණි. මට පිටු පසින් සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දරුවෙකුට හවස 1.00 ට ඔන්ලයින් පන්තියකට සහභාගී වීමට තිබුණත්, ඇය පෝලිමේ සිටීම හේතුවෙන්, ජංගම දුරකතනයක් නොමැති වීම නිසා, දරුවාට එම පන්තියට සහභාගී වීමට හැකියාවක් නැතැයි ඇය මා සමඟ කියා සිටියාය.

මේ වන විට පැමිණ සිටි පිරිස් නොසන්සුන්තාවට පත්ව සිටි අතර, බොහෝ දෙනා කාර්ය මණ්ඩලය සමඟ කළහ කරගැනීම ආරම්භ කළහ. එන්නත්කරණයෙන් පසු පිටව යන එක් පුද්ගලයෙක් කියා සිටියේ, නොම්මර ලබා නොගත් බොහෝ පිරිසක් මධ්‍යස්ථානයට ඇතුළුවී එන්නත ලබාගෙන පිටව යන බවයි. ප්‍රාදේශීය දේශපාලකයින්, ඔවුන්ගේ පවුල්වල පිරිස, හිත මිතුරන් මෙන්ම රාජකාරියේ යෙදී නොසිටින විශ්‍රාමික හමුදා නිලධාරීන්, ඔවුන්ගේ නෑ හිත මිතුරන්ද මේ අතර සිටියහ. දහවල් ආහාරයවත් නොමැතිව පැය පහකට ආසන්න කාලයක් පෝලිමේ රැඳී සිටි පිරිස් කාර්ය මණ්ඩලය සමඟ බහින් බස් වීමට පටන් ගත්තත්, ඉන් වැඩි පලක් අත්වූයේ නැත. එන්නත්කරණ ස්ථානයට ආසන්න වත්ම, එතන විශාල කාලගෝට්ටියක් බවට පත්ව තිබූ අතර, පිරිස පාලනය කිරීම බෙහෙවින් අපහසු විය. එන්නත්කරණ මධ්‍යස්ථානයේ රැස්ව සිටි අති විශාල සෙනග හරහා රෝගය පැතිරීමේ අවධානමක් ඒ වනවිට ඇතිවී තිබුණි. ඒ සියල්ල එසේ තිබියදී, හවස 2.30 පමණ වනවිට හමුදා භටයෝ පිරිසක් මිනිසුන්ට සෙවණක් ලෙස අට්ටාලයක් අටවන්නට පටන්ගත්හ. සමානාත්මතාව හා ශිෂ්ටවන්ත බව  අභිබවා මිලිටරිකරණය හා දේශපාලනීකරණය වූ එන්නත්කරණ ක්‍රියාවලියේ මූලික අවශ්‍යතාවක් බවට අට්ටාලය පත්ව තිබුණි. අසාධාරණ ලෙස පැය කිහිපයක් පෝලිමේ ලැඟ සිටි සිය ගණනක් වූ පිරිසෙන් 20 දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි අට්ටාලයක් මෙලෙස බොහෝ පමා වී ලැබුණි. කෙසේ හෝ විශාල පරිශ්‍රමයකින් පසු එන්නත ලබාගත් මා නිවසට පැමිණියේ හවස 4.30 පමණ වන විටය. එන්නත්කරණ මධ්‍යස්ථාන බොහෝමයක දී ජනතාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන අතර, සමහරුන්ට සිදුවූයේ  එන්නත ලබාගැනීමෙන් තොරව නැවතත් සිය නිවෙස් බලා යාමටයි. එම නිසා මෙය හුදෙක් මගේ පුද්ගලික අත්දැකිමක් පමණක් නොවේ. එය රටේ දැනට මේ පිළබඳ පවතින තත්ත්වයේ සංකේතයකි.

කාටූනය: ද මොර්නින්ග් පුවත්පතෙනි, 2021

එන්නත්කරණ ක්‍රියාවලියේ ගෝලීය දේශපාලන-ආර්ථික පීඩාවට අමතරව, ලාංකේය ජනතාවට සිදුවී ඇත්තේ, වසංගතයෙන්, වසංගතය විසින් මෙන්ම එසේ නොවන වෙනත් දුර්වල ප්‍රතිපත්ති මත ගොඩනඟා ඇති අතිශයින් පසුගාමී ආර්ථික තත්ත්වවලින් පමණක් නොව, දේශීයව මෑතකාලීනව නිර්මාණය කරන ලද අසාධාරණ මිලිටරි-දේශපාලනික එන්නත්කරණ ක්‍රියාවලියෙන් ද දැඩි ලෙස  පීඩාවට පත් වීමටයි.  

මේ අතර, පහුගිය  මැයි 11 වනදා මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ, එන්නත්කරණ ඉලෙක්ට්‍රොනික් අනන්‍යතා පතක් ජනතාවට හඳුන්වා දෙන බවයි. ඒ හරහා එන්නත්කරණය තුළ ජනතාව මුහුණ දෙන අපහසුතා අවම කරගත හැකි බව ඔහුගේ අදහස විය. මෙය වටිනා අදහසක් වුවත්, කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලැබේදැයි තවමත් අවිනිශ්චිතව සිටින සහ දැනට ලබාදෙන ස්පුට්නික් 5 සහ සයිනොෆාම් එන්නත් ලබා ගැනීමේ නොතිත් අරගලයකට මුහුණ දී සිටින ජනතාවට මෙම අදහස විහිළුවක් ලෙස පෙනී යා හැකිය. විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ සහ සෞභාග්‍යය උදාකරලීමේ පොරොන්දුව පිට තේරී පත්වූ රජයකට දේශපාලනීකරණයෙන් තොරව එන්නත ලබාදීමේ හැකියාව නොමැති වීම ලැජ්ජාවට කරුණකි. එය මහා ඛේදවාචකයකි. එමෙන්ම, ක්‍රීඩා  ඇමතිවරයාගේම ප්‍රධානත්වයෙන් මේ වනවිට රට පුරා රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් මහජනතාවගේ ස්වේච්චා මැදිහත්වීම ද ඇතිව සෑදීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇත. එනමුත්,  කෝවිඩ් වසංගත කළමනාකරණය පිලිබඳ රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශකර සිටියේ, වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇඳන් සෑදීම යහපත් නමුත්, වඩාත් බරපතළ ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය අංශ සේවකයින්ගේ හිඟතාව බවයි. එමෙන්ම, මෙතැනදී මතක් කළයුතු තවත් කරුණක් වන්නේ, ලෝකය ‘ප්‍රතිකාර’ කිරීමේ සිට රෝගය ඇතිවීම ‘වැළැක්වීම’ දක්වා තම දැනුම් පද්ධති පරිවර්තනය කරගත්තේ, මීට බොහෝ කලකට පෙර බවයි. එවැනි තත්වයක් තුළ එන්නත්කරණය ප්‍රමාද කරමින් හා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාද කරමින් සිටි ආණ්ඩුව රෝගීන් සඳහා ඉවක් බවක් නැතිව ඇඳවල් තැනීමට යොමුවීම විහිළුවකි.

කාටූනය: ගිහාන් ද චිකේරා ගෙනි, 2021

ඉතාම අවාසනාවන්ත ලෙස මෙම කෝවිඩ් රැල්ල මාධ්‍ය විසින් හංවඩු ගසා ඇත්තේ ‘අවුරුදු රැල්ල’ ලෙසයි. නමුත් සිංහල අලුත් අවුරුද්ද සැමරීම ධෛර්යමත් කරමින් ආණ්ඩුව විසින් රුපියල් 5, 000.00 ක මුදලක් ජනතාවට ලබා දුන් අතර, තම ගම්බිම් බලා පිටත්වීම පිණිස විශේෂ බස් සහ දුම්රිය සේවා සම්පාදනය කරන ලදී. මීට අමතරව, රජයේ ඉහළම දේශපාලන නායකයින් තම නිවෙස්වල අවුරුදු අසිරිය විඳින ආකාරය නිරන්තරවම මාධ්‍යවලින් විකාශනය වූයේ, වසංගත තත්ත්වයක් ඇති බව අමතක කරවමින් සහ අවුරුදු සැමරීම සඳහා ජනතාව උනන්දු කරවිමිනි.

මේ සියල්ල මෙසේ තිබියදී ඉන්දියාව හා බ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල ව්‍යාපත්ත වෙමින් පැවති කෝවිඩ් වෛරස ප්‍රවර්ගයේ ව්‍යාප්තියක් ලංකාවේ ද ආරම්භ වී ඇත. එම තත්ත්වය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවන රටා හේතුවෙන් ඇතිවූවක් නොවේ. ‘ට්‍රැවල් බබල්’ යන ක්‍රමය භාවිත කරන්නේ යයි කියමින් ආණ්ඩුව තම හිතවතුන්ගේ සංචාරක ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවස්තාව ලබාදුන් අතර, මෑතක් වනතුරුම නිරෝධායන සංචාරක ව්‍යාපාර සඳහා රට විවෘත කර තිබුනා පමණක් නොව, ඒ පිලිබඳ වෙළඳ දැන්වීම් පවා ජාත්‍යන්තරව පළකර තිබුණි.

ලංකාවේ මේ වනතෙක් එන්නත්කරණය පැවතියේ සෞඛ්‍ය අංශ විසින් පවත්වාගෙන යනලද ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන (NIP) යටතේ වන අතර, එම වැඩසටහන යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල පැසසුමට ලක්වී ඇත. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරුණක් වන්නේ, මහජන සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් හා විශේෂයෙන් ඒවාට අත්‍යාවශ්‍ය මැදිහත්වීම් කිරීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට අගනා පශ්චාත්-නිදහස් ඉතිහාසයක් තිබෙන තත්ත්වයක් තුළ දැනට මෙලෙස අවිධිමත්ව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීමය. මැලේරියා මර්ධන ව්‍යාපාරය හා පෝලියෝ එන්නත් ව්‍යාපාරය මෙවැනි සාර්ථක මැදිහත්වීම් අතරින් වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘති දෙකකි. තත්කාලීන දේශපාලන තත්ත්ව යටතේ මේ ඉතිහාසයන් ඉගෙනගත් පාඩම් සහ එමගින් ගොඩනගා ඇති ආයතන පද්ධතියට හා භාවිතයන්ට කුමක් සිදු වී ඇත් ද යන්න අප විසින් ගැඹුරින් කලපනා කර බැලිය යුතු කරුණකි. එමෙන්ම,  එවැනි පද්ධතියක් දැනටමත් පවතින රටක, කෝවිඩ් එන්නත්කරණය අවුල් සහගත තත්වයකට මුහුණ දීමට ප්‍රධාන හේතුව ඒ පිලිබඳ විශේෂඥතාව නොමැති පාර්ශව ඒ සඳහා ඈඳා ගැනීම සහ සීමා රහිත ලෙස මේ ක්‍රියාවලිය මෙන්ම සාමාන්‍ය වශයෙන් සමස්ථ රාජ්‍ය සේවය ම දේශපාලනීකරණය වීම බව ද පෙන්වා දිය හැකිය.  

(සිරසේ කාටූනය නාමල්ගෙනි, 2021. සියලුම කාටූන් අන්තර්ජාලයෙනි)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට