කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
~ ක්‍රිෂාන් සිරිවර්ධන

කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල රාජ්‍යයන්ට එය එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත්, කෝවිඩ් සම්පුර්ණ වශයෙන් මර්ධනය කිරීමට අප මුලදී සිතුවාට වඩා දිර්ඝ කාලයක් ගත වන බවක් ද පෙනේ. මෙම පසුබිම තුළ අපට උපකල්පනය කිරීමට සිදු වන්නේ, කෝවිඩ් ව්‍යාප්තිය අවම මට්ටමකට පාලනය වන තෙක්ම රාජ්‍යයන් විසින්  හඳුන්වා දී ඇති ලුහුබැඳීම් උපායමාර්ග දීර්ඝ කාලයක් මුළුල්ලේ අප සමාජවල ක්‍රියාත්මක වනු ඇති බවයි. මෙකී “ලුහුබැඳීම් උපායමාර්ග” කෝවිඩ් මර්ධනය පහසු කරන බව නම් අවිවාදිතය. එනමුත්, දීර්ඝ කාලයක් මෙවන් උපායමාර්ග අපේ සමාජ තුළ ක්‍රියාත්මක වීම හරහා ඒවා සිවිල් ජනයාගේ නිදහස, පෞද්ගලිකත්වය සහ මානව අයිතිවාසිකම් කෙරෙහි කුමනාකාර බලපෑමක් එල්ල කරයිද යන්න මෙම කෙටි ලිපිය මගින් අවධානයට ලක් කෙරේ.

චීනයේ කෝවිඩ් මර්ධනය

වුහාන් ප්‍රාන්තයෙන්  ආරම්භ වූ කෝවිඩ් 19 වෛරසයේ  ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට චීනයට හැකි වූ බව චීන  මාධ්‍යය වාර්තා කර ඇත. මෙසේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා චීනය ඉතා දැඩි අධිකාරවාදී පාලනයක් ගෙන ගිය බවත්, තවමන් එම ක්‍රියාවලිය අනුගමනය කරන බවත් දක්නට ලැබේ. ඩිජිටල් සෞඛ්‍ය කේත ක්‍රමයක් (digital health code system)  හරහා චීනය සිය ජනයාගේ සංචරණය (mobility) නියාමනය කරයි. මෙම ක්‍රමය මගින් ජනයාගේ ගමන් බිමන් සහ ඔවුන්ගේ සබඳතා ජාලය ද අඛණ්ඩව නියාමනය කරන අතර, ඒ අනුව නිරෝධායටයට ලක් විය යුත්තේ කවුද යන්න තීරණය කරයි. ඇතැම් අවස්ථා වලදී ජනයාගේ සංචරණය වැලැක්වීම සඳහා ඔවුන්ගේ නිවාසවල දොරවල් පවා සීල්  තබන ලද බවට තොරතුරු වාර්තා වේ. නිරෝධායනයට ලක් කල ජනයා පිලිබඳ සොයා බැලීමට අන්වේක්ෂණ කැමරා (surveillance cameras) සවි කරන බවද වාර්තා වෙයි. මෙම කැමරා බොහෝ විට සවි කෙරෙන්නේ අදාළ නිවෙස්වලට භාහිරින්, ඉදිරිපස දොරටුව ඉදිරියේය. එමඟින් ස්වයං-නිරෝධායනය කඩ කරමින් කෙනෙක් නිවසින් පිට වූයේ නම්, එය සටහන් වේ. නමුත් ඇතැම් අවස්ථාවල  නිවාස අභ්‍යන්තරයේද  කැමරා සවි කළ බවට වාර්තා ලැබී  ඇත. මෙසේ නිවාස තුළ අන්වේක්ෂණ කැමරා සවි කිරීමේ නිශ්චිත අරමුණ නම් පැහැදිලි නැත. අනිත් අතට, එය ජනයාගේ පෞද්ගලිකත්වය ද බරපතල ලෙස කඩ කිරිමකි. චීනයේ පවතින දැඩි සංවිධිත හා අධිකාරීමය පාලනය නිසාම මෙය ඔවුන් බරපතල ගැටළුවක් ලෙස දකින්නේද නැත.

තායිවානය ද කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග අනුගමනය කළ රටකි.  තායිවානයේ මෙම නියාමනය නම් කර තිබෙන්නේ “ඩිජිටල් වැට”  (digital fence) නමිනි. කෝවිඩ් ආසාදිතයින් සමග සබදතා පැවැත්වූ පිරිස සොයා ගැනීම සදහා ජනයාගේ දුරකථන දත්ත සෙවීම, ගබඩා කිරීම සහ අදාළ අනෙකුත් අංශ සමඟ වේගයෙන් එම තොරතුරු බෙදා ගැනීම මේ හරහා සිදු කරයි. තායිවානයේ යම් පුද්ගලයෙක් කිසියම් අවස්ථාවකදී මුණ ගැසුණු කිසිවෙකු හෝ කෝවිඩ් ආසාදිතයෙකු බවට පත් වී නම්, අදාළ පුද්ගලයාට එම පණිවිඩය (තමා පසුගිය දිනක හමු වූ අයෙක් කෝවිඩ් ආසාදිතයෙකු බවට පත් වී ඇති බවට වන තොරතුර) දුරකථන පණිවිඩයක් මගින් ඉතා ඉක්මණින් දැන ගන්නට ලැබෙයි. අදාල සම්බන්දතා ජාලය පිලිබඳ දත්ත සොයා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම වේගවත්ය. නිරෝධායන ක්‍රියාවලියට ලක් වන සියළු දෙනා සෑම විටම සිය ස්මාට් දුරකථනය ක්‍රියාකාරීව  තබා ගත යුතු අතර, කිසිම හේතුවක් මත  දුරකථනය ක්‍රියා විරහිත කළ නොහැකිය. හදිසියේ දුරකථනය ක්‍රියා විරහිත වුවහොත්, විනාඩි ගණනක් තුළ ආරක්ෂක අංශ විසින් අදාළ පුද්ගලයාව සොයා ගෙන එනු ලැබේ. මෙවැනි ක්‍රමවේද භාවිතය නිසා  සාර්ථකව කෝවිඩ් ව්‍යාප්තිය  පාලනය කරන බවට තායිවානය  ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට පවා ලක් වී ඇත.

වෛරසය පවතිද්දීම දකුණු කොරියාව මැතිවරණයක් පවා පවත්වන ලදී. එසේ කළ හැකි වුයේ,  දකුණු කොරියාවද  පුද්ගල සංචරණ දත්ත නියාමනය කිරීමේ ප්‍රභල හා වේගවත් වැඩපිළිවෙලක් භාවිත කළ බැවිනි. ඔවුන්ගේ නියාමන පද්ධතිය “දත්ත එක් කරන ස්මාට් නගරය” (smart city data hub) ලෙස හැදින්වෙයි. ආසාදිතයින් සහ ඔවුන්ගේ සම්බන්ධතා ජාල පිලිබඳ තොරතුරු මේ මගින් තත්පර ගණනක් තුළ විවිධ පාර්ශව සමග හුවමාරු කර ගැනීමට හැකිය.

බටහිර රාජ්‍යයන්

අධිකාරීමය දේශපාලන තන්ත්‍රයන් සහිත රාජ්‍යයන් කෝවිඩ් පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ ද  ඊට සාපේක්ෂව වඩා  ලිබරල් පාලන ක්‍රම තිබෙන බටහිර රාජ්‍යයන්ට  එසේ කළ නොහැකි යැයි කෙනෙක් කල්පනා කළ හැක. ඒ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව නිසයි. නමුත් කෝවිඩ් පාලනය කිරීමේ හදිසි අවශ්‍යතාවයත් සමග එවැනි ලිබරල් රාජ්‍යයන් පවා සිය පුරවැසියන් නිසි පරිදි දැනුවත් නොකරමින් විවිධ උපායමාර්ග අනුගමනය කරන බවක් පෙනේ. නිදසුනක් ලෙස, මහා පරිමාණ තාක්ෂණික ආයතන සමග එක්ව, ඇමරිකාව සිය ජනයාගේ ස්මාර්ට් දුරකථනවල ස්ථානය පිලිබඳ දත්ත (location data) නියාමනය කරයි. මෙසේ එකතු කරන දත්ත ඇසුරෙන් සිය ජනයාගේ සංචරණ රටාවන් හඳුනා ගැනීමටත්, කෝවිඩ් ව්‍යාප්තිය ලුහු බැඳීමටත්, පනවා ඇති සංචරණ නීති රීති උල්ලංඝනය කරන අවස්ථා හඳුනා ගැනීමටත් හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, සාප්පු සංකීර්ණ, ආපන ශාලා යනාදියට යන එන පිරිස නියාමනය කිරීමෙන්, ආර්ථිකයට වන බලපෑම හඳුනා ගැනීම ආදී ආර්ථික නියාමනයන්ද සිදු කිරීමට හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස, මෙම ක්‍රියාමාර්ග සිදු කරන ආකාරය, ඒවායේ සීමාවන් ආදිය සිය ජනයාට විවෘතව ප්‍රකාශ කිරීම තවමත් සිදු වී නොමැත. මෙම තත්වය පිලිබඳ ඇමරිකානු සමාජය තුළ  යම් අවදානයක් යොමු වී තිබුනද, ඒවා පුළුල්ව ප්‍රශ්න කෙරෙන සහ ඒ පිලිබඳ වැඩි දුර තොරතුරු ඉල්ලා සිටින ප්‍රභල ජනතා ව්‍යාපාර තවමත් පැන නැගී නැත. 

කෝවිඩ් නිසා ඇතිවූ ප්‍රකාශන නිදහසේ සීමාව

කෝවිඩ් මර්ධනය සඳහා රාජ්‍යයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට ජනතාව සහයෝගය දැක්විය යුතුය යන්න සැබෑවකි. කෙසේ වෙතත්, ඇතැම් රාජ්‍යයන් ඉල්ලා සිටින මෙම ජනතා සහයෝගය යම් ආකාරයක හිස් චෙක්පතක් (blank cheque) වැනිය. අදාළ උපාය මාර්ගවල සහේතුක භාවය, ක්‍රියාත්මක වීමේදී සිදු වන අඩු ලුහුඬු කම්, ඒවායේ සීමාවන් යනාදිය පිලිබඳ කිසිඳු ප්‍රශ්න කිරීමකින්  තොරව ලබා දෙන කොන්දේසි විරහිත සහයෝගයක් මෙවන් අවස්ථාවල ඉල්ලා සිටින බවක් පෙනේ.  “කොරෝනාවට එරෙහි සටන” වැනි පද භාවිතා කිරීම හරහා ගොඩනැගෙන්නේ ද, මෙය සටනක් නිසා, අදාළ අංශ විසින් එය අවසන් කිරීමට අවශ්‍ය කුමන පියවරක් ගත්තද  ජනයා එය ප්‍රශ්න කිරීමකින් තොරව දරා ගත යුතු බවට වන වාගාලංකාරයයි (rhetoric).  කෝවිඩ් පාලනය කිරීමේ අවශ්‍යතාවය කෙතරම් ප්‍රභලද යත්, එය පාලනයට භාවිතා කරන “ලුහුබැඳීම්” ආදී ක්‍රමවේද  පිලිබඳ ජනතාව තමන්ට පැහැදිලිකිරීමක් හෝ අවශ්‍ය බව පෙන්වන්නේ ද නැත. වෙනත් ආකාරයකට කිවහොත්, දත්ත නියාමනය කිරීම, ගබඩා කිරීම ආදිය සම්බන්ධ සිමාවන් සහ එම සීමාවන් දැන ගැනීමට ජනයා සතු අයිතිය, කෝවිඩ් මර්ධනය කිරීමේ අවශ්‍යතාවේ “හදිසිය” විසින් බොඳ කර තිබේ. නමුත් මෙවැනි හදිසි අවස්ථාවක පවා යම් ක්‍රියාවක්  වඩා සාර්ථක කර ගත හැක්කේ විචාරාත්මකව විමසා බැලීමෙන් මිස, භාවතිෂයව ඒවා අනුගමනය කිරීමෙන් නොවේ.

ජනයාගේ දත්ත ලුහුබැඳ යාම නිසා කෝවිඩ් මර්ධනය පහසු වීම අප කිසිසේත් අවතක්සේරු කරන්නේ නැත. දත්ත ලුහුබැඳ යාම විසින් කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කර තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය. නිදසුනක් ලෙස ඔස්ට්‍රෙලියාව විසින් හඳුන්වා දුන් Covidsafe යන මෘදුකාංගය (ඇප් එක) හරහා, ‘ලොක්ඩවුන්’ තත්වයකට නොගොස්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගනිමින්ම, සංචරණය නියාමනය කිරීමත් කෝවිඩ් ව්‍යාප්තිය අවම කිරීමත්  පහසු වී ඇත.

කෙසේ වෙතත්, මෙම ලිපියෙන් යෝජනා කෙරෙන්නේ, කෝවිඩ් කෙතරම් හදිසි තත්ත්වයක් නිර්මාණය කර තිබුණද එය මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාවන් පිලිබඳ නිහඩ ප්‍රතිපත්තියක් වෙනුවට යම් තාර්කික සවිඥානිකත්වයක් ජනයා ගොඩ නගා ගත යුතු බවයි. රාජ්‍යය විසින් ලබාගන්නා දත්ත  කෝවිඩ් පාලනය සදහා පමණක්ම භාවිතා වේ නම්, එහි ගැටළුවක් නැති නමුත්, එය එසේ වනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත. එම නිසා රාජ්‍යයන් විසින් අනුගමනය කරන මෙකී දත්ත ලුහුබැඳීම්වල සීමාවන් දැන ගැනීමට ජනයාට අයිතියක් තිබේ. දත්ත ලුහුබැඳීම්වලින් සිය පෞද්ගලිකත්වයට සිදු විය හැකි හානි අවම කර ගැනීමට ජනයාට අයිතියක් තිබේ. එසේම, දත්ත එක්රැස් කිරීම එක් ස්ථානයකට ගොනු වීම  වීම හරහා විය හැකි දත්ත අවභාවිතා වීම් ආදිය නොවන බවට සහතිකයක් ඉල්ලා සිටීමට ද ජනයාට අයිතියක් තිබේ. එසේම, මෙසේ රැස් කරන දත්ත ගබඩා කර තැබීම සඳහා කුමනාකාරයේ සුරක්ෂිත ක්‍රම භාවිතා කරන්නේද යන්න පිලිබඳ දැන ගැනීමට ද ජනයාට අයිතියක් තිබේ. ඒ, එම දත්ත අනාරක්ෂිත වුවහොත් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට පවා (නිදසුනක් ලෙස ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායම් අතට පත් වුවහොත්) ඒවා භාවිතා කල හැකි බැවිනි.

(කාටූනය  ‘පොලිටිකෝ’ වෙතිනි: https://www.politico.eu/interactive/worlds-cartoonists-on-coronavirus-pandemic/)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට