ගෝඨාගෝගම අවකාශය හා විරෝධාකල්පී දේශපාලනයේ හැඩය

~ සචිනි ගීතාංජලී, කොළඹ විශ්වවිද්‍යාලය

ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියා, අරගලය හා රාජ්‍යය යන පද මේ මොහොතේ ඉතා පුළුල් ආකාරයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ සාකච්ජා වෙමින් පවතින පසුබිමක, විරෝධාකල්පී දේශපාලනයේ නව මානයක් වශයෙන් ගෝඨාගෝගම හඳුන්වා දිය හැකිය. එහි අනුශාඛා ගණනාවක් දිවයින පුරා නිරාවරණය වෙමින් නිර්මාණය වේ. අරගලයට සහභාගී වෙමින් හා නිරීක්ෂණය කරන ලද අත්දැකීම් ඔස්සේ ගෝඨාගෝගම හුදෙක් ගම්මානයක් ලෙස නොව, එය අවකාශීය වෙනස්වීමක් වශයෙන් මෙතැන් සිට හැදින්වීම වඩාත් සාධනීය බව මගේ අදහසයි. අගනගරයේ ඉතා ආරක්ෂිත, වාණිජමය වටිනාකමකින් යුත් කේන්ද්‍රස්ථානයක ධනවත් මෙන්ම පාලක පන්තිය පමණක් නියෝජනය වූ අවකාශය අද වන විට සමස්ත සමාජයම නියෝජනය කරන පොදු අවකාශයක් (public space) බවට ගෝඨාගෝගම දැන් පත් වී අවසන්ය. රාජ්‍යයේ ප්‍රධාන පාලකයා නියෝජනය කරමින් කිසිවෙකුට අහේතුකව හැසිරීමට හෝ ගමන් කිරීමට නොහැකි වූ ප්‍රදේශයක් ජනතාව තමා සතු කර ගැනීමට සමත් විය. එබැවින් මෙය හුදෙක් ගම්මානයක් ලෙස පමණක් සීමිත, පටු රාමුවකට ව්‍යුහගත කිරීම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

විරෝධාකල්පී දේශපාලනය තුළ තම විරෝධය ප්‍රකාශ කිරීමට න්‍යායාත්මකව භාවිත කළ යුතු යැයි සම්මුතිකව ගොඩ නගා ගත් විශ්වීය ක්‍රමෝපායන් නොමැත. විරෝධයක හෝ අරගලයක හැඩය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ එයට සහභාගීවන්නන් එයට අනුගත වන ආකාරය හා උපයුක්ත කර ගන්නා ක්‍රමෝපාය මතය. එය සැබවින්ම නිව්ටන්ගේ සෑම ක්‍රියාවකටම සමානවූත්, ප්‍රතිවිරුද්ධවූත් ක්‍රියාවක් පවතීය යන න්‍යායට සමානය. මෙම අරගලය පිළිබඳව සමාජයේ විවිධ කණ්ඩායම් තුළ විවිධ අදහස් හා ගැටලු ඉදිරිපත්ව තිබේ. පළමු ගැටලුව වන්නේ, මෙම අරගල භූමීය කොතරම් දුරකට සාධනීය හා ප්‍රායෝගික ද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී පරිධියක අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පුද්ගලයා සතුය. අදහස් ප්‍රකාශ කිරීමේ ස්වභාවය ද එකිනෙකාට අනන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වේ. එබැවින් මෙය අරගලයක්, විරෝධයක්, චිත්‍රපටයක් පමණක් නොව, සන්දර්ශනයක් වශයෙන් ද ක්‍රියාත්මක වීම විවේචනය කළ යුත්තක් නොවන්නේ, අරගලයක හැඩය ඒකාකාරී ස්වරූපයක් නොගන්නා බැවිනි.

‘රටවැසියා’ යන සංකල්පයට වඩාත් වැඩි වටිනාකමක් ආරෝපණය වෙමින් පවතින අවස්ථාවක එය සැබෑ වශයෙන්ම පාලක පංතියට මුහුණ දෙන්නට සිදු වන අභියෝගයකි. නිෂ්ක්‍රීය රටවැසියා යනු පාලකයාගේ ආශිර්වාදයයි. ඒ නිසාවෙන්ම මෙහි මතුවන අනෙක් ගැටලුව වන්නේ, මෙයට සම්බන්ධවන පාර්ශව නියෝජනය කරන කුලකය හා ඔවුන් අනුගමනය කරන උපක්‍රම දේශපාලනික හෝ පවත්නා අර්බුදය සමග සමපාත වන්නේ ද යන්නයි. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ගෝඨාගෝගම අවකාශය තුළින් ලබාගත් නිරීක්ෂණ හා අත්දැකීම් තුළින් පැහැදිලි වන කරුණු කිහිපයකි. පළමුවැන්න නම්, මෙම අවකාශය කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ තැනැත්තා දක්වා සියලු සමාජ කොටස් නියෝජනය වීමයි. දෙවැන්න වන්නේ, එම නියෝජනයේ පවත්නා විවිධත්වයයි. එනම්, ඉතා දිළිඳුභාවයෙන් පෙළෙන පුද්ගලයා මෙන්ම ධනවත්, ප්‍රභූ හා ජනප්‍රිය යැයි සැලකෙන සියලු පාර්ශව නියෝජනය වීමයි.

තෙවැන්න, එකී විවිධත්වය තුළින් මතුවන අවකාශීය හැඩයයි. නොමැතිනම්, දිනෙන් දින විරෝධතාවයේ වෙනස්වන හා අලුත්වන හැඩයයි. එක් පංතියක් තමන්ගේ කුසගින්න නිවා ගැනීමට, එසේත් නැතහොත් තම ජීවිකාව සරිකර ගැනීමට මෙම අවකාශය යොදා ගන්නා අතර, තවත් පංතියක් තම විරෝධතාවය තදබල ලෙස ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීමත්, අනෙක් පංතිය අවකාශයේ නඩත්තුවට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙමින් තම විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. එය මෑත කාලීන ශ්‍රී ලංකාවේ පංති සමාජය තුළ මතු වූ ඉතා සාධනීය  ප්‍රවණතාවකි. මන්ද යත්, ශ්‍රී ලංකාවේ සුපිරි වරප්‍රසාදලාභී පංතිය මේ වන විට සාමාන්‍ය ජනයාගේ පීඩනය, වේදනාව වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන තිබීමය. ඔවුන් අනෙකුත් සමාජ පංති සමග ද මුහු වෙමින් සිටී. එය කිසිවිටකත් ශ්‍රී ලාංකේය පංති සමාජය තුළින් අපේක්ෂා නොකළ ප්‍රවණතාවකි. ගෝඨාගෝගම අවකාශය සමස්ත දේශපාලන පද්ධතියම සාධනීය ලෙස වෙනස් කරන්නට උත්සාහ දැරීම හුදෙක් බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව, සමස්ත දේශපාලන පක්ෂ හා තනි තනි පුද්ගලයන්ට ද එල්ල වන බලවත් අභියෝගයක් වන්නේ එනිසාවෙනි. එය වඩාත් සරලව පවසන්නේ නම්, ගෝඨාගෝගම අවකාශය නිර්පාක්ෂික පමණක් නොව නිර්පාංතික සමාජයක් ද ගොඩ නගමින් සිටින බව පැහැදිලිය.

ජාතික කොඩි අලෙවි කරන වෙළෙන්දාත්, තම දරුවන් නිදිකරමින් සිටින මවත්, ඉතා ප්‍රණීත හා කිසිදිනක අත්විඳින්නට නොලැබෙන ආහාර ගන්නා වයෝවෘද්ධ යාචකයාත්, අවතැන්වූවන් වෙනුවෙන් සාධාරණය බලාපොරොත්තුවන මව පමණක් නොව, ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් විනෝදකාමීව රාත්‍රීයේ එයට එක්වන පුද්ගලයන් යන සියලු සමාජ කොට්ඨාස ඒකරාශීවීම තුළ ප්‍රබල දේශපාලන ඇඟවීමක් ප්‍රතිනිර්මාණය කෙරේ. තවදුරටත් ශ්‍රී ලාංකේය දේශපාලන පද්ධතිය යනු, කිසිවෙකුට වෙන්දේසි කිරීමට නොහැකි අයුරින් ගොඩ නැගෙමින් පවතින්නකි. 1956 සිටම ආගම, ජාතිය, භාෂාව පමණක් නොව, දරිද්‍රතාවය ද වෙන්දේසි කළ යුගය නිමාකරන්නට ප්‍රබල උත්සාහයක් දරන අවකාශය ගෝඨාගෝගම බව පැහැදිලිය. ගෝඨාගෝගම අවකාශය තුළින් මුණ ගැසෙන ජාතික ප්‍රතිපත්ති වැඩසටහන් පවත්වන ස්ථානයත්, මනෝඋපදේශන සේවා ස්ථාන, එළිමහන් රංග පීඨ, මහජන පුස්තකාලය පමණක් නොව මහජන සරසවිය යන ප්‍රබල  සංකේතාත්මක දේශපාලන ඇඟවුම් හරහා එම ක්‍රියාවලිය වඩාත් සාධනීය කරන්නට සමත් වේ.

මෙහි පවත්නා අනෙක් සුවිශේෂී ඇඟවීම වන්නේ, එක් එක් පුද්ගලයාට තම තමාට අවශ්‍ය දේ තෝරා ගැනීමට පවත්නා හැකියාවයි. එනම්, මහජන සරසවියට සහභාගී වීම ඔබට අවශ්‍ය නොවන්නේ නම්, රංගපීඨය හා සම්බන්ධ වීමට හැකිය. එය වනාහි මෙතෙක් දේශපාලන ක්‍රමය නඩත්තු කළ දේශපාලන අලෙවිකරණය (political marketing) වෙත එල්ල කළ ප්‍රබල අභියෝගයකි. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය විසින් මෙහෙය වූ දේශපාලන අලෙවිකරණය තමා සතු කර ගැනීමට ජනතාව සමත් වී තිබේ.  මෙතෙක් කලක් ඔබගේ දේශපාලන අදහස් සියල්ල අලෙවිකරණය කළේ බාහිර පාර්ශවයන්ය. නමුත් දැන් අප සියල්ලන්ටම තම දේශපාලන අලෙවිකරණ උපාය මාර්ග කැමති පරිදි අලෙවි කළ හැකිය. නූතන සමාජයට හා තාරුණ්‍යයට අවශ්‍යවන්නේ ද එයයි. පවත්නා දේශපාලන ක්‍රමය එය නැවත හරවන්නට උත්සාහ දරමින් සිටින්නේ ද මෙම තත්ත්වය කිසි විටකත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නිසාවෙනි.

ගෝඨාගෝගම අවකාශය ඉතා සරල අයුරින් බැහැර කළ නොහැකි අවකාශයක් වන්නේ මෙනිසාවෙනි. තවදුරටත් යල් පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති හා ඇඟවීම් පිළිගන්නට සමස්ත තාරුණ්‍යය පමණක් නොව බොහෝ රටවැසියන් ද සූදානම් නොමැති බව පැහැදිලිය. දැන් ‘පුරවැසි සමාජය’ පිළිබඳ නව මාන ගොඩනැගෙමින් තිබේ. එනිසාවෙන්ම රටවැසියා යැයි අපි අපිටම ආමන්ත්‍රණය කළ හැකි අවස්ථාව ගොඩ නැංවීමේ ආරම්භක ලක්ෂය වනාහි ගෝඨාගෝගම අවකාශයයි. සමස්ත ශ්‍රී ලාංකේය සමාජයටම අවශ්‍ය වන්නා වූ, මෙතෙක් කලක් බලාපොරොත්තුවෙන් පසූ වූ සාධනීය ප්‍රතිපත්ති ගොඩ නගා ගැනීමට හැකි අවකාශය ගෝඨාගෝගම අරගලය තුළින් මතුව තිබේ. ඉදින්, අරගලයේ හැඩය තීරණය කරන්නට ඉක්මන් නොවිය යුතු වන්නේ නව තාරුණ්‍යය විසින් අවකාශීය වෙනස්වීමක් ගොඩ නගමින් සිටින නිසාවෙනි. එබැවින් අරගලයේ හැඩය තීරණය කරන්නට උත්සුක නොවී, පවත්නා අර්බුදයට වඩාත් සාධනීය විසඳුම් සෙවීමට සමස්ත ශ්‍රී ලාංකේය සමාජය විසින් ම උත්සාහ දැරිය යුතුය.

(සචිනි ගීතාංජලී කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ සහාය කථීකාචාර්යවරියක්ය)  

Total
11
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට