ජනශූන්‍ය ගුවන් තොටක පැය කිහිපයක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

Centre for Asia Pacific Aviation සංවිධානයට අනුව, ඉන්දියාවේ ප්‍රධානතම හා විශාලතම ගුවන්තොටුපළ වන නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ මූල්‍ය වර්ෂ 2017 හා 2018 යන කාලය ඇතුළතදී මිලියන 65.7 ක ගුවන් මගීන් සංඛ්‍යාවක් සඳහා සේවා පහසුකම් සපයන ලදී. ඒ සඳහා දිනකට ගුවන් ගමන් 1, 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයීම සිදු විය. මේ නිසා මෙම ගුවන් තොටුපොළ බෙහෙවින් කාර්ය බහුල හා කාර්යක්ෂම ගුවන් තොටුපළක් ලෙස පසුගිය දස වසරක පමණ කාලය තුළ ප්‍රසිද්ධියක් ලබා තිබුණි.

එකල තිබුණු ඇස්තමේන්තුවලට අනුව, වර්ෂ 2020 වන විට ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ ගුවන් මගීන් මිලියන 80 කට සේවා සපයනු ඇතැයි ගණන් බලා තිබුණි. එසේ සිදු වූයේ නම්, මෙම ගුවන් තොටුපොළ ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ අභිබවා යන තත්ත්වයක් තිබුණි.

එනමුත්, 2020 දී කෝවිඩ් 19 වසංගත තත්වය නිසා ගෝලීය වශයෙන් ගුවන් ගමන් බරපතළ ලෙස සීමා කිරීමේ තත්ත්වය තුල, ලොව අන් ගුවන්තොටුපොළවල් මෙන්ම ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ ද නිශේධනීය බලපෑම් ගණනාවකට ලක්විය. එනම්, ගුවන් තොටුපොළ මුළුමනින්ම වසා දැමීමේ තත්ත්වයක් මතුවීම නිසා ජාත්‍යන්තරව හා ජාතික ව සිදු වූ ගුවන් ගමන් මාස ගණනක් මුළුල්ලේ සම්පූර්ණයෙන්ම නැවතී තිබුණි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ ලොව නොයෙකුත් තැන්වල වසංගත තත්ත්වය නිසා සිරවී සිටි ඉන්දියානුවන් නැවත තම මව් රට වෙත ගෙන ඒමේ වශ්‍යතාව සපුරා ගැනීම සඳහා ගුවන් ගත කල මානුෂීය ගුවන් ගමන් හැර, සාමාන්‍ය ගුවන් ගමන් මේ වන තෙක් මෙම ගුවන් තොටුපොලෙන් සිදු වන්නේ ඉතාමත් අවම වශයෙනි. එනම්, වෙළඳ මට්ටමෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තරික ගුවන් සේවා අතලොස්සක් පමණක් මෙම ගුවන් තොටුපොළින් ක්‍රියාත්මක වුවද, සාමාන්‍ය ජත්‍යන්තර ගුවන් ගමන් අද වන විටත් සිදු වන්නේ නැත.

බෙහෙවින් කාර්ය කාර්ය බහුල හා අතිශයින් ආලෝකමත් වෙළඳ සංකීර්ණයක් මෙන් දිස්වූ මෙම ගුවන්තොටුපල මේ වන විට ජන ශූන්‍ය වූ හොල්මන් නගරයක් ලෙස විද්‍යමාන වේ. ගුවන්තොටුපොළේ අත්‍යාවශ්‍ය කාර්යය සඳහා සහභාගීවන නිල නිලධාරීන් කිහිපදෙනකු හැරුණු විට, ගුවන් මගීන් දැකගත හැක්කේ ඉතාමත් අඩුවෙනි. එමෙන්ම, මෙතෙක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස දැකගත හැකි වූ කඩසාප්පු සියල්ලම පාහේ බොහෝදුරට වසා දමා ඇත. ඒවායේ සේවය කළ සේවකයින් ගේ තත්ත්වය මේ වන විට කුමන මට්ටමකට පහත වැටී ඇත්ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

මෙහි පහත දැක්වෙන ඡායාරූප සමූහය ගනු ලැබුවේ ජූලි 8 වන දින ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොලින් කොළඹ බලා ගුවන් ගත වූ විසි දෙනෙකු පමණක් ගමන්ගත් ගුවන් ගමනට සහභාගී වීම සඳහා එහි පැමිණි විට දීය. එම ගුවන් යානය කොළඹ වෙත පැමිණියේ ශ්‍රී ලංකාවේ සිරවී සිටි ඉන්දියානු ජාතිකයන් නැවත වරක් සිය මව් රටටට ගෙන යාම සඳහාය. ඒ ඉන්දියානු රජය විසින් ගත් ජාත්‍යන්තරව ක්‍රියාත්මක කර ඇති ‘වන්දේ භාරටත්’ යන ක්‍රියාන්විතයේ කොටසක් හැටියට ය.

එසේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගතවීමේදී මෙලෙසින්ම නව දිල්ලි නගරයේ හා ඉන්දියාවේ අන් ස්ථාන කිහිපයක කෝවිඩ් 19 වසන්ගත තත්ත්වය නිසා සිරවී සිටි ශ්‍රී ලාංකික‍යින් කිහිපදෙනෙක්ද එම ගුවන් යානය මගින් ශ්‍රී ලංකාව වෙත යැවීමට නව දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු කර තිබුණි.

හදිසියේ ගනු ලැබූ මෙම ඡායාරූප සමූහයෙන් පෙන්වන්නේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ බොහෝ දුරට ජන ශූන්‍ය වී ඇති ආකාරය මෙන්ම, විදුලි බුබුළු දල්වා ගුවන් තොටුපොළ ආලෝකමත් කර තිබුණ ද එහි ඇති කඩ සාප්පු බොහෝමයක් වසා දමා ඇති ආකාරයත්, පවතින වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා ආසන අතර ආරක්ෂිත අවකාශයක් සම්පාදනය කිරීමට ගෙන ඇති උත්සාහයන් යනාදී කරුණුත්‍ ය.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

රෙදි අපුල්ලන්නාගේ ජීවිතය: මුම්බායි මහා ලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාව කැමරා කාචය තුලින්

සටහන හා ඡායාරූප: සකුණ එම්. ගමගේ පුද්ගලයෙකුගේ රැකියාව යන්න සම්ප්‍රදායික සමාජ ස්තරාණය සංවිධානය කිරීමේ මූලික පාදමයි.විශේෂයෙන් මෙය දකුණු ආසියාතිකරය වැනි අතිශය බහුවිධතාවකින් යුතු සමාජයක සුලබ ලකුණකි. දකුණු ආසියාවේ මෙය වඩාත් පැහැදිලිව පෙනෙනුයේ සහ සංස්ථාගත වී ඇත්තේ කුල ක්‍රමය මුල්බැස ගත් ස්ථානවලය. රෙදි සේදීමේ වෘත්තිය ලොව නන්දෙස මනුෂ්‍යමූලික අවශ්‍යතාවන්ට අනුබද්ධව ප්‍රචලිත වූවකි.මනුෂ්‍ය ශරීරය සේම අඳින පළදින වස්ත්‍ර සේදීම හා පවිත්‍රව තබාගැනීම මනුෂ්‍ය සනීපාරක්ෂාවේ අත්‍යාවශ්‍යතාවකි.සම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ ප්‍රධාන සමාජ ස්ථර, නැතහොත් වර්ණ හතරක් යටතේ ස්ථරගතකරණයට ලක්ව ඇත.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉන්දීය ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර සම්ප්‍රධායන්

සටහන හා ඡායාරූප: සසංක පෙරේරා – තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්‍ෂම කියවීමක්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ටක්ට්සන්ග් ලකන්ග් තරණය

~ ඡායාරූප හා සටහන: සසංක පෙරේරා ටක්ට්සන්ග් ලකන්ග් (Taktsang Lhakhang) කඳු මුදුන පිහිටා ඇත්තේ භූතානයේ අගනගරය වන තිම්පූ හා එම රටේ ප්‍රධාන ගුවන් තොටුපොල පිහිටි පාරෝ යන නගර අතරය. ‘ව්‍යාග්‍රයාගේ කැදැල්ල’ (Tiger’s Nest) යන නමින් ද හැඳින්වෙන ඒ කඳු මුදුනේ භූතානයේ උත්තරීතරම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. ඒ, මුහුදු මට්ටමේ සිට මීටර් 900 ක් (අඩි 10, 000) ඉහලිනි. එහි ලගාවීම සදහා කිලෝ මීටර 10 ක පමණ දුරක් බෙහෙවින් දුශ්කර හා නැගීමට අසීරු කදු හා බෑවුම් සහිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිරෝධායන දිනපොතෙන් පිටුවක්: මුඛවාඩම් පැළඳි සමාජය වෙත ….

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වසංගත ලෝකය මාස හයක් සටහන් කරන මොහොතක, මම ආයතනගත නිරෝධායනය නිමා කළෙමි. නව දිල්ලියේ විශ්විද්‍යාල නේවාසිකාගාරයේ ගතවූ මාස හයකට ආසන්න කාලයත්, දිල්ලියේ සිට කොළඹට පියාසර කිරීමත්, දින දහහතරක් ශ්‍රී ලංකා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ කාලයත් අසීරු සහ පීඩාකාරී වූ බව සඳහන් කරන්නෙමි. නමුත්, ඒ මාස හයක කාලය, පැහැදිලිවම ගෙවී යන ඉතිහාසයේ ගතිකත්වයන සමග මා ඍජුවම සම්බන්ධ වූ බව නැවත නැවතත් මට මතක්කර දුන් බව කිව යුතුය. ලෝකය වසංගතයෙන් වැසී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කාටූන් දෙකක් පිළබඳ කෙටි සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ගැරී ලාසන්ගේ සුප‍්‍රසිද්ධ ‘Anthropologists! Anthropologists!’ යන පාඨය සහිත කාටූනය මා මුලින්ම දුටුවේ 1986දී පමණ මානව විද්‍යාව පිලිබඳ දර්ශන-සූරී උපාධි කටයුතු ආරම්භ කිරීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ගොස් සිටි සමයේදීය. ලාසන්ගේ එම කාටූනය පළවී තිබුනේ ඔහු සති පතා පුවත් පත් ගණනාවකට එකළ සම්පාදනය කළ ‘Far Side’ යන කාටූන් මාලාවේ කොටසක් වශයෙනි. මා මිත‍්‍ර ෆ්‍රෙඞ් ක‍්‍රිස්මන් ඊට අවරුදු දෙකකට පෙර පළවූ එම කාටූනය මා ඇතුළු තවත් කීප දෙනෙකුට පෙන්වා උත්සාහ කළේ මානව හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ ඒ අවට ජීවත්වනවුන්ගේ ජීවිතවලින් බිඳක් පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමටය. ඒ මූලික වශයෙන් මා දුටු දේ සහ ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ තුළින් මගේ මතකයේ රැඳී ඇති දේ මත පදනම් වෙමින්ය. දැනට දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ මා නිරන්තරවම වසරකට කිහිප වතාවක් කාශ්මීරයට යාම පුරුද්දක් ලෙස කරමි.…
වැඩි විස්තර පරිශීලනයට