‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන් යැයි එම සිසුවියන්ට අවවාද කරන ලදී. එනම්, ඔහුගේ අදහස වූයේ රටේ රැකියා වෙළෙඳ පොළේ ඉල්ලුමක් තියෙන විෂයන් සිසුන් හැදෑරිය යුතු බවයි. මේ කෙටි අදහස් හුවමාරුව පිළිබ`ඳ මූලික වශයෙන් ප්‍රතිචාර දෙකක් ඉදිරිපත් වීය. ඉන් එකක් අධ්‍යාපනයේ බුද්ධිමය සංකීර්ණතා ඉවත් කර, එය ප්‍රායෝගික විය යුතු බැව් පැහැදිලිව දැක්වූ තම අදහස් උදෙසා ජනාධිපතිවරයා පැසසීමය. අනෙක නම්, අධ්‍යාපනයේ සංකීර්ණත්වය හදුනා නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයා නිර්ධය ලෙස විවේඡනය කිරීමය. මාගේ විශ්වාසය නම්, මේ ප්‍රවේශ දෙකම අසම්පූර්ණ බවත්, එමගින් ලංකාවේ අධ්‍යාපනයේ ඇති අර්බුද අසලකටවත් පැමිණෙන්නට අපට නොහැකි බවත්ය. නමුත් මේ අදහස් හුවමාරුව ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව කෙටියෙන් හා වඩාත් තාර්කිකව සිතා බලන්නට අපට අවකාශ ලබා දෙයි.

මෙම ප්‍රවෘතියේ අප දුටු සිසුවියන් ජනාධිපතිවරයාට තම ගැටළුව ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද? ඔවුන් දේශපාලන විද්‍යාව වැනි සමාජයීය විද්‍යාවන් හෝ මානව ශාස්ත්‍ර ලෙස හැදින්වෙන කලාව, භාෂා හා සාහිත්‍යය වැනි විෂයන් හෝ පාසැල් මට්ටමේදී අධ්‍යයනය කරන්නේ හා පසුව සරසවිවලට ඇතුලු වුවහොත්, එම විෂයන්ම තවදුරටත් හදාරන්නේ ඒවායේ බුද්ධිමය අන්තර්ගතය හා දාර්ශනික දිශානති පිළිබඳව මැනැවින් සිතා බලාද? මට නම් පෙනෙන ආකාරයට මෙයට අන්තර්-සම්බන්ධිත හේතු කිහිපයක් බලපාන බැව් පෙනේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයම නැවතත් අපි යොදා ගතහොත්, දේශපාලන විද්‍යාව මෙන්ම බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය, සිංහල, දෙමල හා කලාව වැනි සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් සියල්ලටම ලංකාවේ කිසිම ‘ඩිමාන්ඩ්’ එකක් නැත. එසේ වන්නේ, ඒ කිසිදු විෂයක් හැදෑරීම තුලින් කිසිදු දරුවෙක් වෙළෙඳපොලේ ශ්‍රමිකයන් වශයෙන් පුහුණු නොකරන නිසාය. ඊට හේතුව, මේ විෂයන්ගේ පදනම හා මූලික අරමුණ ශ්‍රමිකයින් පුහුණු කිරීම නොවන නිසාය. එෛතිහාසිකව බලන කළ, මෙවැනි විෂයන් 18 වන සියවසේ සිට පාසල් හා සරසවි විෂයන් ලෙස සංවර්ධනය වූයේ යුරෝපයේ ඇතිවූ කාර්මික විප්ලවයත් සමග විනාශ වී යන්නේයැයි විශ්වාස කළ මානව සභ්‍යත්වය රැකගැනීමට අවැසි යැයි සිතූ දැනුමට, ඥාන සම්පාදනයට, බුද්ධිමය කුතුහලයට, චින්තනයට හා දර්ශනයට මුල් තැන දෙන්නටය. එවන් විෂයන් අප රටට පැමිණියේ යටත්විජිත ආධිපත්‍යයේ හා එහි අධ්‍යාපන ප්‍රතිපත්තියේ කොටසක් වශයෙනි. එහි වඩාත් පුළුල් ප්‍රායෝගික අරමුණ වූයේ බුද්ධිමත් හා ශිෂ්ඨසම්පන්න රටවැසියන් පිරිසක් බිහිකිරීමය. රැකියාවලට ඇතුලු කිරීම උදෙසා පුද්ගලයින් පුහුණුකිරීම එහි අරමුණ නොවීය. එනමුත් යටත් විජිත යුගයේ සිට නිදහසින් දශක දෙකක් හෝ තුනන් ගතවෙන තුරුම මේ මූලික පාසැල් හා සරසවි අධ්‍යාපනය රැකියාවලට ප්‍රවේශයක් ලබා දුන් බව අවශේෂ කරුණකි. එනමුත් මෙහිදී අප මතක තබා ගත යුත්තේ ‘ප්‍රවේශයක්’ හා ‘පුහුණුවක්’ යනු එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක් බවයි.

අද තත්ත්වය මීට වඩා බෙහෙවින් වෙනස් හා සංකීර්ණ බැව් විශේසයෙන් කිව යුතු නැත. එසේ වුවද, සියළුම දෙමාපියන් තම දරුවන් පාසැල් යවන්නේත්, හැකිනම් සරසවිවලට ඇතුළු කරන්නේත් ඔවුන්ට අනාගතයේදී රැකියාවක් ලබා ගැනීමේ පරම අරමුණෙන්ය. දරුවන් ද දේශපාලන විද්‍යාව හා බෞද්ධ ශිෂ්ඨාචාරය වැනි ‘ඩිමාන්ඞ්’ නැති විෂයන් හදාරන්නේ අනාගතයේදී සොක්‍රටීස් හෝ ප්ලේටෝ වැනි මහා ප්‍රාඥයෙකු වීමට හෝ කාලිදාස වැනි මහා කවියෙකු වීමට හෝ බුද්ධඝෝෂ වැනි මහා සඟරුවණක වීමට හෝ නොවේ. ඔවුන්ට ඇවැසි වන්නේ ද හුදෙක් ජීවත්වීම සඳහා රැකියාවකි. නමුත් මේ සඳහා අවශ්‍ය මූලික හෝ තාක්‍ෂනික පුහුණුව ඔවුන්ට පාසැල්වලින් හෝ බොහෝ සරසවි අධ්‍යාපනයන්ගෙන් හෝ ලැබෙන්නේ නැත. එනමුත් වෛද්‍ය විද්‍යාව, ඉන්ජිනේරු ශිල්පය හා වාස්තුවිද්‍යාව වැනි පාඨමාලා කිහිපයක් පමණක් සරසවිවල සැකසී තිබෙන්නේ තාක්‍ෂණික දැනුම සපයා දෙන්නට මෙන්ම රටේ ඇති යම් පැහැදිලි අවශ්‍යාතා ද සපුරාලන්නටය.

කෙසේ වෙතත්, ඉහත කී ‘ඩිමාන්ඩ්’ එකක් නැති විෂයන් බොහෝ දෙනා හදාරන්නේ පද්ධතිමය ගැටළු නිසා ඔවුන්ට වෙනත් වරණයන් නැති නිසා හෝ එවන් වරණයන් අඩු නිසාය. ඊට හේතුව නිදහසින් පසු මහජනයා විසින්ම පත් කරගත් ආණ්ඩු බොහෝමයක් විසින් නිසි අධ්‍යාපන ප්‍රතිපත්ති අවශ්‍යය වේලාවට හා කාලයට සරිලන පරිදි සකසා නොගැනීමය. ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය හා සරසවි ප්‍රවේශය නිදහසින් පසු මූලික වශයෙන් පුළුල් කර ඇත්තේ මෙවැනි විෂය ක්‍ෂේත්‍ර සඳහා ඇති ඉඩ ප්‍රස්තා සීමාන්තික ලෙස පුළුල් කිරීම ඔස්සේය. එසේ කිරීමට ප්‍රධානතම හේතුක් වූයේ මෙවැනි විෂයන් හැදෑරීම සඳහා සරසවි ප්‍රවේශය පුළුල් කිරීම ඡන්ද කාලවකවානුවල අපගේ අදූරදර්ශී දේශපාලනඥයින්ගේ ප්‍රධානතම ඡන්ද උප්පරවැට්ටියක් වීම නිසාය. එහි නිශේධනීය ආදීනව පිළිබඳ ඔවුන්ට ගැටළුවක් තිබූ බැව් නොපෙනේ. අනෙක් අතට, ‘ඩිමාන්ඩ්’ එක ඇති වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය වැනි විශයන් සඳහා මේ ආකාරයට සරසවි වරම් පුළුල් කිරීමක් අප දැක නැත.

එමෙන්ම, මෙවන් විෂයන්ගෙන් එෛකිහාසිකව බලාපොරොත්තු වූ සභ්‍යත්වමය කර්තව්‍යය ද වර්තමානයේදී පද්ධතිමය වශයෙන් සිදුවන්නේ නැත. එසේ වන්නේනම්, එය සිදුවන්නේ ගුරුවරු අතලොස්සකගේ පුද්ගලික මැදිහත්විම් වශයෙන් පමණි. ඊට ප්‍රධාන හේතුව නම්, ඒ පුළුල් හා බෙහෙවින් වැදගත් වූ කාර්යභාරය පාසල් මෙන්ම බොහෝ සරසවි ගුරුවරුන් ද අමතක කර තිබීමත්, මේ විෂය ක්‍ෂේත්‍ර පවතින තත්ත්වයන්ට අනුකූලව යාවත්කාලීන කිරීම සිදුවන්නේ ඉතාමත් මන්දගාමීව වීමත් නිසාය.

මේ අනුව, ජනාධිපතිවරයාගේ පරිකල්පනයට අනුව, දේශපාලන විද්‍යාව වැනි විෂයන් ‘ඩිමාන්ඞඩ්’ එක නැති විෂයන් නම්, ‘ඩිමාන්ඞ්’ එක ඇත්තේ කුමනාකාරයේ විෂයන්ටද? ඔහුගේ අදහස මෙන්ම බොහෝ රටවැසියන් ද එක එල්ලේ පවසනු ඇත්තේ රැකියා සොයා ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් පමණක් සඳහා ‘ඩිමාන්ඩ්’ එක ඇති බවයි. එනමුත්, අප පාසල්වල සිට සරසවි දක්වා සිසුන්ට ලබා දිය යුත්තේ ශ්‍රම වෙළෙ`ඳපොළේ අවශ්‍යතා පමණක් සිහියේ තබාගෙන හුදු තාක්ෂණික අධ්‍යාපනයක් පමණක්ද? පාසල් හා සරසවිවල වගකීම වෙළෙදපොලට ශ්‍රමිකයන් පුහුණුකිරීම බවත් මේ සරල උපයෝගීතාවාදී කෘත්‍යයෙන් ඔබ්බට කිසිදු ශිෂ්ඨාචාරමය වගකීමක් මේ ආයතන සතුව නැති බවත් අප සමාජයක් ලෙස පිළිගන්නේද? අපට සමාජවිද්‍යාඥයින්, දේශපාලන චින්තකයින්, කවියන්, නවකතාකරුවන්, කලාශිල්පීන්, දාර්ශනිකයන්, ඉතිහාසඥයින් අවශ්‍ය නැත්ද? අපගේ සාමූහික අනාගතයට හුදෙක් අවැසි වන්නේ ශ්‍රමිකයින් පමණක්ද? ජනාධිපතිවරයාට මෙන්ම රටේ බොහෝ දෙනාට ද සිදුවී ඇත්තේ අධ්‍යාපනය වැනි අති විශාල ක්‍ෂේත්‍රයක විසිර පවත්නා එහි අනේනවිධ අනු-කොටස් නිසි ලෙස තේරුම් නොගැනීමය. උදාහරණයක් වශයෙන්, මේ ‘ඩිමාන්ඞ්’ කතාවෙන් කියැවෙන්නේ රැකියා කේන්ද්‍රකරගත් තාක්‍ෂණික හා උපයෝග්‍යතාවාදී අධ්‍යාපනයක් පිළිබඳ අති සරල අදහසක්ය. ලොව බොහෝ රටවල තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවා තියෙන්නේ ම මේ සඳහාය. මෙරට ද තාක්‍ෂණික පාසැලක් යටත්විජිත යුගයේම මරදානේ පිහිටවනු ලැබුවේ මේ සඳහාය. නමුත් පාසල්වලින් ලබා දෙන මූලික අධ්‍යාපනයෙන් පසුව, මෙවන් ආයතන වෙත සිසුන් යොමු කිරීම සඳහා නිසි වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැක්මක් රජයයට හෝ ඒ ගැන මූලික තේරුම් ගැනීමක් මහජනයාට හෝ ඇති බවක් නොපෙනේ. එසේ වුවද ලංකාවේ රජයේ තාක්‍ෂණික පාසැල් ද දැන් පලාත් මට්ටමින් ව්‍යාපත්වී ඇති බව පැහැදිලිය. එනමුත් මෙය දියුණ වෘත්තීය අධ්‍යාපන පද්ධතියක් සේ තේරුම් ගත නොහැක. දියුණු වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් තිබුනේ නම්, ඊනියා ‘ඩිමාන්ඞ්’ නැති විෂයන් හදාරා සරසවිවල විශාල කාලයක් නිකරුනේ ගතකර, රැකියා පුහුණුවක් ද නොමැතිව සමාජයට ඇතුලු නොවී, මෙවන් ආයතනවලින් අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාගෙන ශ්‍රම බලකායට ඇතුලුවීමේ හැකියාව දෙනෝදහසකට සකසා දිය හැක. එවිට සරසවියකට ඇතුලුවන්නේ මීට වඩා පුළුල් ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්නට අවැසි හා කැමැත්තක් ඇති අය පමණි. සරසවි අධ්‍යාපනය ද යාවාත්කාලීන කිරීම අතිශයින් අවශ්‍ය බව පැහැදිලිය. එනමුත් මෙය වෙනමම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

මේ තත්ත්වය තුළ, ජනාධිපතිවරයා සිතන ආකාරයේ ‘ඩිමාන්ඩ්’ එකක් ඇති තාක්ෂණික අධ්‍යාපන න්‍යායපත්‍රයකට අප විරුද්ධ නොවිය යුතුය. එය සමාජයට අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා අපගේ වෘත්තීය පුහුනු ක්‍ෂේත්‍රය දියුණු කිරීම අත්‍යාවශ්‍යය වන අතර, ඒ පද්ධතිය හා පාසල් පද්ධතිය අතර මනා සබඳතාවක් ඇති කළ යුතුය. අප විරුද්ධ විය යුත්තේ එවන් සීමිත වෘත්තීය අධ්‍යාපනයක් පාසල් පද්ධතියෙන් හෝ සරසවි පාඨමාලා මගින් ලබාදිය හැකිය යන පසුගාමී අදහසටය. අප තව දුරටත් විරුද්ධ විය යුත්තේ, අපගේ පාසල් අධ්‍යාපන පද්ධතිය හා සරසවි අධ්‍යාපනය තත්කාලීන ගෝලීය දැනුමට හා අවශ්‍යතාවලට සරිලන ස්ථානයක ඇත්තේය යන වැරදි විශ්වාසය සරණ ගොස් ඇත්තවුන් මේ ආයතන අරක්ගෙන සිටීම පිළිබඳවය.

අධ්‍යාපන පද්ධතියේ යම් යම් සුවිශේස කොටස්වලින් සිදුකළ යුතු මේ උපයෝග්‍යතා හා තාක්‍ෂණික පුහුණුව මගින් සමස්ථ අධ්‍යාපනයම වසා නොදැමිය යුතුය. එසේ කළහොත්, එමගින් සිදුවන්නේ අපගේ සභ්‍යත්වයම විනාශය කරා ගෙන යාමය. මෙනිසා පාසල් හා සරසවි වෙත පැමිණෙන සිසුන් යහපත් පුරවැසියන් බවට පත්කිරීමට යම් දායකත්වයක් ලබා දිය හැකි සවිඥානකත්වයක් ගොඩනැගීම ද අනිවාර්යයෙන් ඕනෑම රටක අධ්‍යාපන ක්‍රමයට ඇතුත්විය යුතුය. මේ වගකීමේ වැඩි බරක් දැරීමට සිදුවන්නේ පාසල් හා සරසවි පද්ධතියටය. ඉංදීය මහා ගත්කරු රබීන්ද්‍රනාත් තාගෝර් විසින් අධ්‍යාපනය පිළිබඳව පවසා ඇති ඇතැම් අදහස්වල මේ වගකීම පිළිබඳ වැදගත් ඉඟි ගැබ්වී ඇති බව මගේ පිළිගැනීමයි. ඔහු පවසා ඇති ආකාරය, “මගේ වචන හා කෘති හරහා මා අවධාරණය කරන්නට උත්සාහ දරන්නේ අධ්‍යාපනයේ එකම අර්ථය හා අරමුණ නිදහස බවයි. එනම්, විශ්වයේ පැවැත්ම පිළිබඳව පවතින මෝහයෙන් නිදහස්වීම හා මානව ලෝකය සමග අප කරන ගනුදෙනුවලදී බලපවත්වන අගතීන්ගෙන්ද නිදහස්වීමයි.”

අප මෙයින් තේරුම් ගත යුත්තේ පුළුල් අධ්‍යාපයක් හා තාක්‍ෂණික හෝ වෘත්තීය අධ්‍යාපනයක් යනු එකක් නොව දෙකක් බවයි. අප තව දුරටත් තේරුම් ගත යුත්තේ, රැකියාවක් සොයා ගැනීම හා අපගේ සභ්‍යත්වයේ අනාගතය පිළිබඳ සංවේදී වීම ද එකක් නොව දෙකක් බවයි.

(මේ ලිපිය මුලින්ම පළවූයේ 2020 අගෝස්තු 21 වැනි දින අනිද්දා පුවත්පතේය / චායාරූපය: සසංක පෙරේරා)

Total
49
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට