ත්‍රිපිටකය කාලය හා අවකාශයෙන් තොර පරම සත්‍යයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

වැලිමඩ සද්ධාශීල නම් භික්ෂුවක් ගැහැණු දරුවන් උපදින්නේ දෙමාපියන් පෙර ආත්මවල කියූ බොරු හේතුවෙනි යන බණක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවිය. එයට සමගාමීව සද්ධාශීල හිමි කියූ බණ නිවැරදි බවට ද මතයක් සමාජගත වූ අතර, එම පිරිසේ ප්‍රධාන තර්කය වූයේ එවැනි කරුණක් ත්‍රිපිටකයේ ඇති බවත්, සද්ධාශීල හිමියන්ගේ බණ නිවැරදි බවත්ය.  ඒ අනුව එම පිරිස විසින් පාරමිතා ප්‍රකරණයේ ‘සත්‍ය පාරමිතාවේ’ (ඛුද්දක නිකායේ ජාතක පාලිය) ඇති කොටසක් උපුටා දක්වමින් මෙම බණ සත්‍ය බවත්, එය ත්‍රිපිටකයේ අඩංගු බවටත් අදහස් දක්වන ලදි. මීට ප්‍රතිවිරුද්ධ අදහසක් ලෙස වල්පොල රාහුල ආයතනය විසින් කියා සිටියේ මෙවන් අදහසකි:

“මුල් බුදුසමය ලෙස සැලකෙන්නේ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකායේ ඇතැම් කොටස්ය. ඛුද්දක නිකායේ ජාතක පාලිය ඇතුළු කොටස් කිහිපයක් මුල් බුදුසමයට අයත් ලෙස සැලකෙන්නේ නැත.”

මා මෙම පාඨයේ වැරදි හෝ නිවැරදි බව සොයන්නට නොයමි. ඒ වෙනුවට ත්‍රිපිටකය කාලය සහ අවකාශය අභිබවා යන පරම සත්‍යයක් ලෙස දකිනවා වෙනුවට, ඓතිහාසිකව කියවිය යුතු  යමක් ලෙස තේරුම්ගත යුතු බව මෙම කෙටි ලිපියෙන් අවධාරණය කරමි.

වැලිමඩ සද්ධාශීල හිමි

පාලි ත්‍රිපිටකය කාලය සහ අවකාශයෙන් වියුක්ත යමක් නොවෙයි.  චාර්ල්ස් කීස්  (1983) නම් මානව විද්‍යාඥයා ප්‍රකාශ කරන ආකාරයට, සියලු ප්‍රධාන ආගම්වලට එක් ධර්ම ග්‍රන්ථයක් හෝ එවන් ග්‍රන්ථ ගණනාවක් හෝ පවතී. නමුත් ධර්මය එය උත්පාදනය වූ ස්ථානයෙන් සහ කාලයෙන් පිටතට පැමිණීමත් සමඟම මෙම ධර්ම ග්‍රන්ථ එම කාලයේ සහ අවකාශයේ හැඩය ගැනීම නොවැලැක්විය හැකි කරුණකි. උදාහරණ ලෙස, ලාඕසයේ සහ තායිලන්තයේ පාලි පිටක විශාල ලෙස එකිනෙකින් වෙනස් වන බව ඔහු උදාහරණ දක්වමින් පෙන්වා දෙයි. ඒ අනුව කීස් විසින් දිගු කලක් තිස්සේ පාලි පිටක පරම බුදු දහම ලෙස උපකල්පනය කරනු ලැබූ අදහස අභියෝගයට ලක් කරයි.  මින් පසු ස්ටීව් කොලින්ස් (1990) මෙම අදහස තවදුරත් තහවුරු කරමින් කියා සිටින්නේ, පාලි ත්‍රිපිටකය මුල් බුදු සමයට සමාන කිරීම කළ නොහැක්කක් බවයි. ඒ අනුව ඔහුගේ යෝජනාව වන්නේ, උදාර හෝ පරම සත්‍යය වන ත්‍රිපිටක උත්පාදන ආඛ්‍යානයක්  වෙනුවට වඩාත් යතාවාදී ඓතිහාසික පර්යාලෝකයකින් ත්‍රිපිටක සම්පාදනය දෙස බැලිය යුතු බවයි. ඒ අනුව ඔහු තවදුරටත් යෝජනා කරන්නේ, පාලි ත්‍රිපිටක ග්‍රන්ථ ථෙරවාද සම්ප්‍රදාය ආරම්භයේ පදනම ලෙස තේරුම් ගැනීමට වෙනස්ව, ක්‍රිස්තු වර්ෂ  පළමු සියවසේ ලංකාවේ මහා විහාර ගුරුකුලයේ සුජාතභාවය තහවුරු කිරීම සඳහා කරනලද උපක්‍රමික නිපදවීමක් ලෙස තේරුම් ගත යුතු බවයි.

ක්‍රි.පූ. 01 වන සියවසට පෙර සියලු බෞද්ධ පෙළ සුරක්ෂිත කරනු ලැබ ඇත්තේ වාචිකවයි. එවිට විවිධ මුලාශ්‍රවලින් එන කරුණු බොහෝ විට විවිධ ප්‍රතිවිරෝධතාවලින් යුතු වූ අතර, ඒවා මගහරවා ගැනීම සඳහා බොහෝ රැස්වීම්, නැතහොත් ‘සංගීති’ පැවැත්වුණි. මෙම පාලි ත්‍රිපිටකය සහ අට්ටකතා ක්‍රි.පූ. 03 වන සියවසේදී ලංකාවට ගෙන ආ අතර, වාචික සම්ප්‍රදාය ඔස්සේ පවත්වාගෙන එනු ලැබීය (කොලින්ස් 1990). පසුව ක්‍රි.පූ 29-17 සියවස අතර කාලයේ රජකම්කළ වළගම්බා රජු සමයේ මේවා ග්‍රන්ථාරූඪ කෙරුණි. මේ වනවිට මහාවිහාර සම්ප්‍රදාය තුළ විරුද්ධ අදහස් ඇතිවෙමින් තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අභයගිරිය බිහිවිය. මෙහිදී වැදගත් වන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික වූ වළගම්බා රජු මහාවිහාරයට එරෙහිව  අභයගිරි විහාර සම්ප්‍රදායට අනුග්‍රහය දැක්වීමයි. නමුත් 1 වන පරාක්‍රමබාහු රජ සමයේ මහාවිහාරය නැවතත් රාජ්‍ය අනුග්‍රහය දිනාගත් අතර, බුදු දහම පිළිබඳ බලය මහාවිහාරයට පැවරුණි. මින් පසු අභයගිරි විහාර සම්ප්‍රදායේ ලිවීම් බොහෝමයක් විනාශ වූ බවට සාක්ෂි ඇත (ස්කිලින්ග් 1993, කොලින්ස් 1990). මේ අනුව කොලින්ස් මූලිකවම තර්ක කරන්නේ, ත්‍රිපිටක නිෂ්පාදනය, රාජ්‍ය අනුග්‍රහය වෙනුවෙන් තරඟකළ විහාර සම්ප්‍රදායන්ගේ ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම, අග්නිදිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ ද ත්‍රිපිටකය භාවිත වී ඇත්තේ ත්‍රිපිටකයේ දහම් කරුණු භාවිත කිරීමට වඩා තම ගුරුකුලයේ බලය පවත්වාගෙන යාමට සහ ගුරුකුල සුජාතකරණය වෙනුවෙන් බවයි (කොලින්ස් 1990).

එමෙන්ම බ්ලැක්බර්න් ‘විධිමත් ත්‍රිපිටකය’ සහ ‘ප්‍රායෝගික ත්‍රිපිටකය’ අතර වෙනසක් දක්වා ඇත. ‘විධමත්’ ත්‍රිපිටකය, කොලින්ස් විසින් සඳහන් කරන ලද ආධිපත්‍යය වෙනුවෙන් පැන නඟින අතර, ‘ප්‍රායෝගික ත්‍රිපිටකය’ මඟින් විහාරවල ප්‍රායෝගිකව භාවිතවන ත්‍රිපිටකය නිරුපණය කරයි (බ්ලැක්බර්න් 1999). එමෙන්ම, 18 වන සියවසේදී රාජකීය අනුග්‍රහය සහ අවධානය ලබාගැනීම සඳහා භික්ෂූන් නව ඉගැන්වීම් සහ පෙළ උපක්‍රමික ලෙස හඳුන්වා දුන් අයුරු චාර්නේ සඳහන් කරයි (2006).

ඉහත කරුණු වලින් පෙනී යන පරිදි, ත්‍රිපිටකය යනු විවිධ මත අනුව වාචික සම්ප්‍රදාය ඔස්සේ පැවත ආ, පසුව ග්‍රන්ථාරූඪකරන ලද, විවිධ භාෂාවලට පරිවර්තනය වූ, විවධ සමාජ දේශපාලනික ආර්ථික වෙනස්කම් මත විවිධ සමාජවල පැළපදියම් (නො)වූ, රාජ්‍යයේ අනුග්‍රහය මත සත්‍යය හෝ සත්‍ය නොවන බව වරින් වර තීරණය වූ ඓතිහාසික පෙළක් මිසක, බුදුන් විසින් ලියා තැබූ ලියවිල්ලක් නොවෙයි. එය බුදුන් විසින්ම ලියා තැබූව ද යම් පෙළක් අර්ථකතනය කරගැනීමේදී අප ඒ සඳහා ප්‍රවේශ වන්නේ, අපේ සංජානනයේ ප්‍රමාණය අනුව බැවින්, ඒ පෙළ ඒ අයුරින්ම වටහා ගැනීම හෝ අර්ථකතනය කරගැනීමේ හැකියාවක් නොමැත.

ඒ අනුව, පළමු තර්කය වන්නේ, වැලිමඩ සද්ධාශීල භික්ෂුව විසින් කියන ලද කරුණ හුදූ ලිඛිත පෙළක් ලෙස තිබූ පමණින්, එය ත්‍රිපිටකයේ තිබූ දෙයක් බව විශ්වාස කිරීම දෝෂ සහිත බවයි. එමෙන්ම, දෙවනුව එය ත්‍රිපිටකයේම තිබූ දෙයක් වුවත්, ත්‍රිපිටකය කාලය සහ අවකාශයෙන් ව්‍යුක්ත ශුද්ධ ලියවිල්ලක් පමණක් ලෙස සැළකීම ද දෝෂ සහිත වෙයි.

ආශ්‍රේය පෙළ

Blackburn, Anne M. 1999. ‘Looking for the Vinaya: Monastic Discipline in the Practical Canons of the Theravada.’ In, Journal of the International Association of Buddhist Studies 22(2), pp. 281–309.

Charney, Michael W. 2006. Powerful Learning: Buddhist Literati and the Throne in Burma’s Last Dynasty, 1752–1885. Ann Arbor: Centers for South and Southeast Asian Studies, University of Michigan.

Collins, Steven. 1990. ‘On the Very Idea of the Pali Canon.’ In, Journal of the Pali Text Society, 15, pp. 89–126.

Keyes, Charles. 1983. ‘Merit-Transference in the Kammic Theory of Popular Theravada Buddhism,’  pp. 261–86. In, Charles Keyes and E. V. Daniel (eds.), Karma. Berkeley: University of California Press.

Skilling, Peter. 1993. ‘A Citation from the Buddhavamsa of the Abhayagiri School.’ In, Journal of the Pali Text Society.

Total
1
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට