තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය

(කාටූනය: ගිහාන් ඩි චිකේරා)

වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි.

තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි. එහි එක් පැතිකඩක් ලෙස ‘ප්‍රේමය’ හා  සම්බන්ධ  ඇතැම් චර්යාවන් ද තාක්ෂණීකරණය වෙමින් පවතී. අතීතයේ දෙහදක් තුළ ඇතිවන අමිල හැගීමක් ලෙසින් සරලව අර්ථකථනය කළ ප්‍රේමය වර්තමානය වන විට හුදු හැගීම්  හා ආශා සන්තර්පනය කරගැනීම සඳහා භාවිතා වන මාධ්‍යයක් ලෙසින්  ජන-විඥානය ස්පර්ශ කරමින් පවතී. අතීතයේ දී ප්‍රේමයේ අවසාන උතුම් සළකුණ ලෙස හැදින් වූ දරුවකු පිළිසිඳගැනීම මෙවන් තාක්ෂණික යුගයක ප්‍රේමයේ හුදු අතුරු-ඵලයක් ලෙස හදුන්වන තත්වයට පත්වීම පුදුමයට කරුණක් නොවේ.

මෙවන් තාක්ෂණික යුගයක ප්‍රේමයේ අතුරුඵලය මෙලොවට බිහිකර රැකබලාගන්නවුන්ගේ ප්‍රමාණය සාපේක්ශ වශයෙන් හීන වී යන බවත්, එම කළලය ගබ්සා කිරීමට පෙළඹෙන්නවුන්ගේ ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් සංඛ්‍යාත්මක දත්ත හෙළිදරව් කරයි.

එබැවින් ගබ්සාව පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම කාලෝචිත ය. ගබ්සාව පිළිබඳ සාකච්චා කිරීමේදී, එය සදාචාරාත්මක මෙන්ම නෛතික ගැටළුවක් ලෙස ද හඳුනාගත හැක. ගබ්සාව පිළිබඳ පවතින විවිධ අර්ථකථන අතර පොදුවේ එය, “කළලය නොමේරූ අවධියේම ගර්භාෂයෙන් ඉවත් කිරීම හෝ ස්වභාවිකව ඉවත්වීම” ලෙස හඳුන්වයි. ගබ්සාව නිතැන් ගබ්සාව හා ප්‍රේරිත ගබ්සාව ලෙස ආකාර දෙකකි.

  • නිතැන් ගබ්සාව යනු ස්වාභාවිකවම කළලය ගර්භාෂයෙන් පිටතට පැමිණීමයි
  • ප්‍රේරිත ගබ්සාව යනු බාහිර බලපෑමක් මගින් කළලය ගර්භාෂයෙන් ඉවත් කිරීම යි.

විද්වතුන්ගේ මතයට අනුව, අනවශ්‍ය ගැබ්ගැනීම් ගබ්සාවෙන් අවසන් වීමේ සම්භාවිතාව වර්තමානයෙහි දී ඉහළ යමින් පවතී. නමුත් විවිධ රටවල ගබ්සාව සඳහා විවිධ නීති රීති යටතේ අවසර ලබා දී  ඇති අවස්ථා පවතී. උදාහරණ ලෙස ඉන්දියාවේ සති විස්සකට අඩු කලලයක් ගබ්සා කිරීමට ද බංගලාදේශයේ සති දහය ඉක්මවීමට ප්‍රථම ව කලලය ද ගබ්සා කිරීමේ අයිතිය ද පවතී. නමුත් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු-වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතයට අවදානමක් පවතී නම් පමණි. නෛතික රාමුව එලෙස ක්‍රියාත්මක වෙමින් පවතින විට, ඊට පටහැනිව සිදුකරන ගබ්සා ප්‍රමානය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. ඒ සඳහා ඔවුන් ශල්‍යකර්ම, විවිධ ඖෂධ භාවිත කිරීම ආදී නොයෙක් අනාරක්ෂිත ගබ්සා ක්‍රම අනුගමනය කිරීමට පෙළඹේ. බොහෝ ආසියාතික රටවල සංස්කෘතීන්ට අනුව බොහෝ විට ගබ්සාව සඳහා විවිධ වූ නෛතික හා සමාජීය බාධා පවතී. නමුත් අයර්ලන්තය වැනි රටවල් මේ වන විටත් ගබ්සාව නීතිගත කර ඇත.

මෙලෙස ගබ්සාව නීතිගත කර ඇති රටවලට සාපේක්ෂව, ගබ්සාව නීතියෙන් තහනම් කර ඇති රටවල ගබ්සාවන් සිදු කරන ආකාර හා  ඒ සඳහා භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අන්තර්ජාලය උපයෝගී කර ගැනීමේ වැඩි නැඹුරුවක් පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. පවතින තොරතුරුවලට අනුව, ගබ්සාව විෂයෙහි දැඩි නීති පවතින රටවල ගූගල් සෙවීම් ඔස්සේ ගබ්සාව පිළිබඳ සොයා බලන්නන් සංඛ්‍යාව තවදුරටත් ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතින බව හෙළිදරව් වේ.

මෙලෙස තාක්ෂණය ඔස්සේ මෙම තොරතුරු ලබාගෙන ගබ්සාවන් සිදු කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරනුයේ නීතිමය බාධකවලින් පලායාම හෙවත් නෛතික රාමුවේ සීමාවන්ගෙන් මිදීමයි. බී.බී.සී. පුවත් සේවය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ, පසුගිය දශකය තුළ ලොව ගූගල් සෙවීම් යාන්ත්‍රනය ඔස්සේ ගබ්සාවන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් පවතින බවයි.

ගබ්සාව සදය මේ ආකාරයේ තාක්ෂණික මැදිහත්වීම්වල  වැදගත්ම පරිච්චේදය වන්නේ මෙහි නූතන ආකාරයයි. එහිදී “ගබ්සාව ඔබම කරගන්න” යනුවෙන් ගබ්සාව වෛද්‍යවරයෙකු නොමැතිව සිදු කරගන්නා ආකාරය පිළිබඳව විස්තරාත්මකව දැන ගැනීමේ හැකියාව ඇති අතරම,  ඒ සඳහා අවශ්‍ය ඖෂධ පවතින ස්ථාන පිළිබඳවත්, ඒවා නීතියේ රැහැනින් මිදී,  තම අතටම රහසිගතව ගෙන්වා ගත හැකි ආකාර පිළිබඳවත්තා ක්ෂණික උපාංග ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

ගූගල් දත්ත විශ්ලේෂණය කිරීමේ දී ලැබුණු තොරතුරු අනුව, විවිධ භාෂාවලින් ගබ්සාව පිළිබඳ සෙවීම් කරන ලද ප්‍රමාණය එක් නියමිත කාල රාමුවක් තුළ නිරීක්ෂණය කරන ලදී. එහිදී අනාවරණය වූයේ, සියලූම රටවලින් ගූගල් සෙවීම් මගින් ගබ්සාව සම්බන්ධයෙන් වැඩියෙන් ම සෙවූ වචනය වන්නේ ”ගබ්සා පෙති” වර්ග යන්නයි. එලෙසින්ම, ලෝකයෙහි රටවලින් තුනෙන් දෙකක් ම විවිධ භාෂාවන්ගෙන් වැඩිපුරම සොයා ඇති වචන අතරට ගබ්සාව ද එක් වී ඇත.

සිතන්නට කරුණක් මෙම තොරතුරු ඔස්සේ ගම්‍ය වේ. තාක්ෂණය මෙලෙසින් දියුණු නොවුණා නම්, එසේත් නැතිනම්, මිනිසුන් මෙතරම් තාක්ෂණය සමග කුළුපග නොවුනානම්, එලෙසින් නූපන් කලලය විනාශ කිරීම මෙතරම් ශීඝ්‍ර  වේගයකින් සිදු නොවන්නට ඉඩ තිබුණි.  2016 වසර වන විට ලංකාවේ දිනකට සිදුවන ගබ්සා   ප්‍රමාණය 650 ඉක්මවා ඇති බව අනාවරණය වී ඇත.

ගබ්සාව සඳහා නීතිමය තහනමක් නොමැති රටවලට සාපේක්ෂව නීතිමය තහනමක් පවතින රටවල ගබ්සාව සඳහා යොදා ගන්නා ඖෂධ වර්ගයක් වන මිසොප්‍රොටෝල් (Misoprotol) නම් කිසිසේත් ම වෛද්‍ය  උපදෙස් නොමැතිව භාවිත නොකළ යුතු ඖෂධය පිළිබඳ ගූගල් සෙවුම් හරහා කරන ලද සෙවුම් සංඛ්‍යාව දස ගුණයකින් වැඩි බව වාර්තා වේ.

සෞඛ්‍ය අවධානම

මෙලෙසින් නව තාක්ෂණය යොදා ගනිමින් ඖෂධ ලබාගන්නා පුද්ගලයින්හට මුහුණ දීමට සිදුවන ඛේදනීය සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න, සෞඛ්‍ය අවධානමයි. කිසිවක් සොයා නොබලා, නම පමණක් දැන ගැනීමෙන් ලබා ගන්නා ඖෂධවල ගුණාත්මක භාවය කෙරෙහි කිසිවෙකුට වගකීමක් ලබාදිය නොහැකි වන අතරම, ආරක්ෂිතව ඖෂධ ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් කිසිවක් මෙහිදී අනුගමනය නොකරයි. මෙම ඖෂධ ලබාගන්නාවුන්ද රහසිගතව සියල්ල සිදු කළ යුතු බැවින්, භාවිතය පිළිබඳ කිසිවක් නො විමසයි.   අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර උපයෝගී කොට ගෙන, වෙනත් රටවලින් ගෙන්වා ගන්නා ඖෂධවල තොරතුරු පත්‍රිකාවක් හෝ පාරිභෝගිකයින් අතට බොහෝ විට නොලැබෙන අතර, කල් ඉකුත්වීමේ දිනය පිළිබඳවවත්  සොයාබැලීමක් නොමැතිව හෝ, ඇතැම් විටෙක සොයාබැලීමට අවශ්‍ය වුවද එම දිනයන් පිළිබඳව කිසිදු සඳහනක් ලබා ගැනීමට අපොහොසත් වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙසින් ඖෂධ ලබාගෙන, ඒවා පරිහරණය කිරීම නිසා ජීවිත හානි පවා සිදු වී ඇති බව වාර්තා වන අතර ම, ආසාත්මිකතාවයන් හා විවිධ රෝගාබාධ ඇති වී රෝහල්ගත කර ඇති සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව ද පෙනේ.

ශ්‍රී ලංකාවේ මේ   වන විට කරන ලද වැටලීම් හරහා හෙළිදරවු කර ගත් කරුණුවලට අනුව, දිනකට ගබ්සා 765 – 1000 අතර ප්‍රමාණයක් සිදු කරන අතර, මෙවන් ගබ්සා නිසා වසරක් ඇතුළත 300000 ක  පමණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වන බව නිල නොවන තොරතුරු ඔස්සේ අනාවරණය කර ගෙන ඇත.

එන්මේමුත්, සඳහා නිවැරැදි සංඛ්‍යාලේඛන ලබා ගැනීමේ හැකියාවක් නොලැබී ඇත්තේ, මෙවැනි ක්‍රියා  සියල්ල රහසිගතව සිදු කරන නිසාත්, යම් යම් වැටලීම් මගින් හෙළිදරව් කර ගත් කරුණු ඔස්සේ පමනක් මේ දත්ත ලබා ගන්නා නිසාත් සහ මෙනිසාම ඒවායේ විශ්වසනීයත්වය පිලිබද ගටලු තිබෙන නිසාත්ය.

නීතිමය බලපෑම්

මෙලෙස ගබ්සාවන් සිදු කර කරගැනීමට උත්සාහ කරනවුන්ට සහ ගබ්සා කරගන්නා කාන්තාවන්ට භාර ගැනීමට සිදුවන දෙවන අවදානම ලෙස නීතිමය බලපෑම දැක්විය හැකිය.  මන්ද යත්, කෙසේ සැලකුවද මෙය සාපරාධී අපරාධයක් ලෙසින් ශ්‍රී ලංකාව  ඇතුළු බොහෝ රටවල්  තවමත් හඳුන්වන බැවින්, නීතියේ රැහැනට යම් ලෙසකින් හසු වුවහොත්, දැඩි දඩුවම් විඳීමට සිදු වේ. එවන් අවස්ථාවක ඖෂධ ලබා දෙන්නවුන්, ගබ්සාවට අනුබල දෙන්නවුන් සහ ගබ්සාව සිදු කරගන්නා තැනැත්තිය ඇතුළු සියලු දෙනාම වරදකරුවන් බවට පත් වේ.

මානසික හා කායික සංකූලතා

මෙලෙස සිදුකරන ගබ්සා පිළිබඳ සැලකීමේ දී මුහුණ දීමට සිදුවන මීළග අවදානම ලෙස ගබ්සාව සිදු කර ගැනීමෙන් පසුව එම කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මානසික හා කායික සංකූලතා සැලකිය හැකිය. මෙහිදී කායික වශයෙන් සිදුවන සංකූලතා ලෙස සදාකාලික වන්ද්‍යභාවය, ගර්භාෂය තුළ කළල ස්වාභාවිකවම ගබ්සාවීම,  පසුව උපදින දරුවන් ඇතැම්  විට යම් යම් ශාරීරික හෝ මානසුක දුබලතා සහිත දරුවන් ඉපදීමේ ප්‍රවනතාව වැඩිවීම, යම් විටෙක දී ගබ්සා සිදු කිරීමේදී ගර්භාෂයට සිදුවන හානි හේතුවෙන් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවීම, ඇතැම් අවස්ථාවලදී ජීවිත කාලය පුරාම විවිධ ශාරීරික වේදනාවන් විවිධ අවස්ථාවන්වලදී දරා සිටීමට සිදුවීම ද මානසික අසහනයද ගබ්සාවේ අතුරු ඵලයන් ලෙස අත්විඳීමට කාන්තාවන්ට සිදු විය හැකිය .

එලෙසින්ම කාන්තාවන්ගේ ජීවන චක්‍රයේ බොහෝ ක්‍රියාවලීන් යාමනය කරන හෝමෝන නිපදවීමේ අක්‍රමිකතා ද මෙහිදී ඇතිවිය හැක. එවිට ජීවිත කාලය තුළ බොහෝ අවස්ථාවල දී මෙමඅක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත්වීමට සිදුවිය හැකිය. මෙම සත්‍යය බොහෝ දෙනකුගෙන් සැගවී ඇති නිසා, තව දුරටත් මෙම තාක්ෂණික වියරුවේ ඉත්තන් බවට මිනිසුන් දිනෙන් දින පත්වෙමින් පවතී. නිත්‍යානුකූල නොවන ගබ්සාවන් සඳහා සහභාගී වන්නන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු මෙලෙසින් ගොනු කරත්ම, මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සමාජයට ගෙන එන ප්‍රතිඵලය කෙබඳු වේදැයි අප අවධානය යොමු කළ යුතුය. මේ සඳහා ප්‍රවේශ වීමක් ලෙසින් ලංකාදීප පුවත්පතෙහි  පළ වූ වාර්තාවක් මෙලෙසින් ගෙනහැර දැක්වීමට හැකිය:

“දියුණු වෙමින් පවතින රටක් වශයෙන්, ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ සමාජ ප්‍රශ්න ප්‍රමාණය වැඩිවෙමින් පවතී. ඒ අතර ස්ත්‍රී දූෂණ,  ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීම, දරිද්‍රතාව, ගණිකා වෘත්තිය, ගබ්සාව වැනි සමාජ ප්‍රශ්න රැසකි. මෙම සමාජ ප්‍රශ්න අතුරින් ගබ්සාව හැර අනිකුත් සමාජ ප්‍රශ්න පිළිබඳ ව බොහෝ විද්වතුන් නිරන්තරයෙන් විවෘතව සංවාද කරති. නමුත් ගබ්සාව පිළිබඳව විවෘතව කථා කරන්නන් වර්තමාන සමාජයේ විරල ය. සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික, සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද  බොහෝ සමාජ ව්‍යුහයන් තුළ ප්‍රතික්ෂේප කරති. එසේ වුවද එවැනි දරු උපත් සිදුවීම මගින් කාන්තාවකට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු හා සමාජ ගාර්හාව වැනි හේතු පිළිබඳව සමාජය තුළ කතිකාවතක් දක්නට ලැබෙන්නේ නැත’ (2012 ජුනි මස 17 වන දින ලංකාදීප).

මෙම කියවීමට අනුව, කාන්තාව කෙරේ, නැතිනම් විශේෂයෙන්  ඇගේ පෞරුෂය කෙරෙහි, සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වීමේ දී ගබ්සාව අනුමත කිරීමේ හැකියාවක් පවතින බව ඉස්මතු වී පෙනේ. වයස අවුරුදු 15 ට අඩු ගැහැණු ළමයෙකු අතවරයකට ලක් වීමෙන්  පිලිසිඳ ගැනීමක් සිදු වූවොත්, එම අතවරයට ලක් වූ දරුවාගේ සෞඛ්‍යය ගැන සිතා එම කළලය විනාශ කිරීමට සිදුවන අවස්ථාවන් සඳහා නීතියෙන් අවසර හිමි විය යුතුය යන තර්කය ද විටින් විට සමාජයේ ඉස්මතු වුවත්, සත්‍ය ලෙස එය සිදු කිරීමට අවසර දිය හැකිද යන්න ගැටලුවකි.

දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සලකන ගබ්සාව, එම නෛතික රාමුවෙන් ඉවත් කොට, වෙනත් සෞඛ්‍ය ගැටලුවලට සමානව සලකා, ගබ්සාව ද  පාලනයකට නතු කළ යුතු බව ප්‍රසව හා  නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය නිර්දේශ කර තිබේ. මෙහිදී ඔවුන් සඳහන් කරන අන්දමට ප්‍රධානම සෞඛ්‍ය සේවාවක් ලෙස ගබ්සාව සඳහා අයිතිය කාන්තාවන්ට  සලසා දීම තම ආයතනයේ ප්‍රධානතම වගකීමක් බව එහි සභාපතිනි මහාචාර්ය ලෙස්ලි රේගන් මහත්මිය සඳහන් කළාය. නමුත් ඒ සඳහා කළලය සති 24 කට වඩා අඩු විය යුතු බව පවසන අතරම, ගබ්සාවන් අනිත් සෞඛ්‍ය ක්‍රමවේදයන් ලෙස ම නිසි ප්‍රමිතියකට හා පාලනයකට යටත් කර සිදු කළ යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.

මෙලෙස සලකා බලන විට ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය යටතේ ද විශේෂිත අවස්ථාවන්හි දී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාව සඳහා යහපත් ප්‍රතිචාර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී  ජනරජයෙන් ද හිමි වී ඇති අතර,  ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය දිනක දී හිමිවිය. එහිදී ඉපදීමට නියමිත දරුවා යම් මාරාන්තික ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ, ලිංගික අතවරයකට ලක්වී ගැබ් ගත්තේ නම්, මවගේ කැමැත්ත මත කළලය විනාශ කිරීමට හෙවත් ගබ්සා කිරීමට නීතියෙ අනුමැතිය හිමි වේ. එවැනි අවස්ථාවකදී ගබ්සාවන් සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය හිමි විය යුතු අතර, එය සිදුකර ගැනීමේ අයිතිය ඇත්තේ රජයේ රෝහලක දී පමණි.

මෙම යෝජනාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ද හිමි වී ඇති අතර, ඔවුන් පවසන පරිදි වර්තමානයේ දී අප අනුගමනය කරනුයේ 1883 දී  පැනවූ වූ නීතියක් බවත්, මෙය වත්මන් සමාජයට ඔබින ආකාරයට සංශෝධනය විය යුතු බවය. තාක්ෂණයත් සමාජ දියුණුවත් හේතුවෙන් වත්මන් සමාජයීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් මෙම නීතීන්හි යම් යම් වෙනස්වීම් සිදුවිය යුතු බව වෛද්‍යවරුන්ගේ පොදු අදහසයි.

නමුත් වෛද්‍යවරුන් සඳහා වන හිපොක්‍රටීස් ගිවිසුම තුළ ”කිසිදු අවස්ථාවක වෛද්‍යවරයෙකු ගබ්සාවකට සහභාගි නොවිය යුතුය” ලෙස සඳහන් වේ. මෙය තවදුරටත් පැහැදිලි කිරීමේ දී, තමා ජීවත්වන රටෙහි ගබ්සාවන් සඳහා අවසර දෙන්නේ නම්, එය සිදු කළ හැකි බව ඔස්ලෝ ප්‍රකාශනයේ දක්වා තිබේ. නමුත් නීතිමය ලිහිල් තත්ත්වයක් යටතේ මෙය අවභාවිත වීමේ හැකියාව ද ඉහළ අගයක් ගත හැකි බව නොරහසකි. කෙසේ වුවද  වෛද්‍යවරුන් පවසන්නේ කිසිසේත්ම එලෙස නීතිය අවභාවිතා වීමට ඉඩ ලබා නොදීම  ඔවුන්ගේ අරමුණ බවයි.

නමුත් ලිංගික අතවරයක දී කාන්තාවකට සිදුවිය හැකි කායික පීඩාවන් හා එවැනි අවස්ථාවකදී ඇති වන පිළිසිඳ ගැනීම් හේතුවෙන් ඇතිවන මානසික පීඩා හා එවැනි දරුවකු බිහිකිරීමෙන් අනතුරුව කාන්තාවන්ට සමාජයෙන් එල්ලවිය හැකි අපවාද සහ ආබාධ සහිත දරුවන් ඉපදීම තුළින් දෙමව්පියන් විඳින අපහසුතා පිළිබඳ සලකා බලා, මෙම යෝජනාව ඉදිරිපත් කළ බව වෛද්‍යවරු සඳහන් කරයි. මෙලෙස කැබිනට් මණ්ඩලය වෙත ලබාදුන් යෝජනාවන් ඇතුළත් කෙටුම්පතට එහි අනුමැතිය හිමිවීමෙන් පසු, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නෛතික රාමුව මෙසේ ලිහිල් වෙමින් පවතින යුගයක, සමාජයීය සහ ආගමික පැතිකඩ දෙසද අවධානය යොමු කිරීමට සිදුවේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික පැතිකඩ දෙස හැරී බැලූවවොත්, එහි පැහැදිලි ඝට්ටනයක් දැකිය හැක. මක් නිසා ද යත්, කිසිම ජීවියෙකුට තවත් ජීවියකුගේ ප්‍රාණය නැති කිරීමේ අයිතියක් නොමැති බව පොදුවේ ගත් කළ, සෑම ආගමකට ම පොදු ධර්මතාවයකි. කතෝලික සභාවේ විශ්වාසය වන්නේ “කළලය පිළිසිඳ ගත් මොහොතේ දී ම මිනිස් ජීවිතය ආරම්භ වන බවත්, එය ශුද්ධවත් වන බවත්, කිසිවකුට එම ජීවිතය කෙලෙසීමට පිළිසිඳ ගත් මොහොතේ දී පවා අයිතියක් නොමැති බවත් ය.” කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ “කෙනෙකුට තවත් කෙනෙකුගේ අයිතිය රැක දීමට වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ නොහැකිය” යන්නයි.

එලෙසින්ම බෞද්ධාගමික පැතිකඩ සැලකිල්ලට ගතහොත්කි, සිම දිනක අන් දිවියක් අහිමි කිරීම තබා තම දිවියවත් තමාට අහිමි කර ගැනීමේ අයිතියක් නොමැති බව පැකිලීමකින් තොරව සඳහන් කළ හැකිය.
ලංකාව තුළ මෙම නෛතික රාමුව ලිහිල් කිරීමේදී ආගමික වශයෙන් දැඩි ගැටළුකාරි තත්වයක් උද්ගත වන බව මෙයින් පෙනී යයි. සමාජයීය දියුණුව තාක්ෂණය සමගින්  සීග්‍රයෙන් ඉදිරියට ගියද, ආගමික දැක්ම නොවෙනස් වේ. එබැවින් සමාජය තුළ මෙම නෛතික හා ආගමික කෝණයන්ගේ ගැටීමක් සිදු වන බව පොදුවේ තේරුම් ගත හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ලොව පුරා කාන්තා හිමිකම් සඳහා පෙනී සිටින ක්‍රියාකාරීන් සහ ආගමික නායකයින් අතර ඇති වන පරස්පර මතයන් සමග විවිධ රටවල පවතින සංස්කෘතික කාරණා හේතුවෙන් ද ගබ්සාව පිළිබඳ නීති
ආන්දෝලනාත්මක තත්ත්වයක් පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව දැඩි ලෙස හෙළා දකින ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන් වතිකානය දැක්වූ දැඩි ප්‍රතිපත්ති පසුගිය වර්ෂයේ දී විවිධ වෙනස්කම් වලට ලක් වී ඇත. එහිදී ශුද්ධෝත්තම ෆ්‍රන්සිස් පාප් වහන්සේ දරු ගැබක් ගබ්සා කර ගත් කාන්තාවකට සමාව දීමේ අයිතිය පූජකවරුන් වෙත ප්‍රදානය කළහ. මෙලෙස විවිධ රටවල ආගමික, සමාජීය හා සංස්කෘතික ලෙස විවිධ වෙනස්කම් සිදු වෙමින් පැවතුන ද  ශ්‍රී ලංකාව තුළ තවමත් ආන්දෝලනාත්මක මාතෘකාවක් ලෙස ගබ්සාව හඳුන්වා දිය හැකිය.

ගබ්සාව සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම තුළ ද  දැඩි  විරෝධතාවයක් පවතී.
ඉස්ලාම් ආගම තුළ  මෙය හදුන්වන්නේ මෙලෙසය:

“යමෙක් තව අයකු ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව මරා දැමීම මුළුමහත් මිනිස් වර්ගයා ම  මරා දැමීමට සමාන වන්නේය.  එලෙස යමෙක් මිනිස්  ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයා ම බේරා ගත්තා හා සමාන ය” (අල් කුර්ආන් 5:32 ).

“දිළිඳුකමට බියවී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවු. ඔවුන්ටත් නුඹලාටත් ජීවිත සම්පත් ලබා දෙනුයේ අපමය. සැබවින්ම ඔවුන් ඝාතනය කිරීම මහත් වූ පාපයක් වන්නේ ය” (අල් කුර්ආන් 17:31 ).

මෙලෙස, ඉස්ලාමීය ආගමික විවරණය තුළ ද එකහෙලාම ගබ්සාව පිළිබඳ අදහස් එලෙසින් බැහැර කර ඇත. මෙලෙසින් සංස්කෘතික හා ආගමික යන දෙඅංශයෙන් ම ලංකාව තුළ ගබ්සාවට එකහෙලාම විරුද්ධත්වයක් පැන නගී. ජීවිතයක අයිතිය තහවුරු කළ හැක්කේ සොබා දහමට පමණක් බව මානුෂීය පිළිගැනීමයි. වැඩි අඩු වශයෙන් එකිනෙකා සිදුකර ගන්නා වූ කුසල අකුසල කර්මයක් මත මෙය රඳා පවතින බව බෞද්ධ ආගමික පදනමයි.

ආගමික හා නෛතික තත්ත්වය මෙලෙසින් පැවතිය ද අප  සමාජය තුළ පෙර සඳහන් කළ පරිදි, දිනකට නීති විරෝධී ගබ්සා 765 – 1000 අතර ප්‍රමාණයක් සිදුවෙයි. වසරකට සිදු වන දරු උපත් සංඛ්‍යාව 370 000 ක් වන අතර, වසරකට ගබ්සා නිසා අහිමි වන දරුවන් සංඛ්‍යාව 300 000 පමණ වෙයි.

මෙම සංඛ්‍යා දත්ත කෙරෙහි අවධානය යොමු කරන විට පෙනී යන්නේ, ළදරු උපත් අනුපාතය හා ආසන්න ගබ්සා  ප්‍රමාණයක් ද මෙරට සිදුවන බවයි. 1%ක් පමණ වන ජනගහන වර්ධන වේගය තුළ, මෙසේ ඒ හා සමානවම සිදුවන ගබ්සා විශාල අර්බුදයක් බවට පත්ව ඇත. තත්ත්වය  එලෙසින් පවතින විට, මාතෘ මරණ හා කාන්තා සියදිවි නසාගැනීම් ආදී ගබ්සා පිටුපස ඇති ඛේදනීය කතාවන් උදෙසා ද ප්‍රතිකර්ම සැකසීමට අප වග බලා ගත යුතුය.

2018 වසරේ සිදු වූ මාතෘ සියදිවිනසාගැනීම් 38 න් තුනෙන් එකකට හේතුවී ඇත්තේ අනවශ්‍ය ගැබ්ගැනීම් බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී ඇත.  අවිවාහක කාන්තාවකට ලිංගික අතවරයකින් හෝ ලිංගික එක්වීමකින් පසු ගැබ්ගැනීමක් සිදු වූවොත්, දරුවා  බිහි කරනවා හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවේ පවතින නීති රීති යටතේ නොමැති වීම මෙයට හේතුව බව ඔහු පෙන්වා දෙයි. මෙවැනි අවස්ථාවල කාන්තාවන් මානසිකව දැඩි ඇද වැටීමකට ලක්වෙයි. මේ සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට පවතින යාන්ත්‍රණයේ විධිමත් භාවයක් අත්‍යවශ්‍ය වේ.

මන්දයත්, වර්තමානය වන විට ගබ්සාව පාදක කොට ගනිමින් කෙතරම් කතිකාවක් ගොඩ නැගුණ ද වඩාත් යහපත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතින නිසාය. තාක්ෂණික දියුණුවත් සමගින් සමාජයේ පරිහානිය ඉහළ යමින් පවතින යුගයක, නූපන් දරුවෙකුගේ හෙට දවස වෙනුවෙන් මිනිසුන් ලෙස අප උර මත වගකීමක් පැවරී ඇත. උපදින බිළිඳාට සුරක්ෂිත හෙට දිනක් පමණක් නොව, දරුවන් ප්‍රසූත කළ මව්වරුන් හා ගැබිණි කාන්තාවන් වෙනුවෙන් සුරක්ෂිත හෙට දිනක් තැනීම අපගේ පරම යුතුකම යි. ඒ වෙනුවෙන් සංවිධානාත්මක ක්‍රියාවලියක් රටට අත්‍යවශ්‍යව ඇත. මේ සඳහා සියලූ  ජනකොටස් ඒකරාශී කොට, නිසි වැඩපිළිවෙළක් සැකසීම යුගයේ අවශ්‍යතාවයකි.

(මේ අදහස් ගොනුකිරීමේදී චන්ද්‍රලාල් ද සිල්වාගේ ජනගහන අධ්‍යයනය [සීමාසහිත දීපානි මුද්‍රණය, නුගේගොඩ, 2004] යන පොත භාවිත කර තිබේ)

Total
17
Shares
1 comment
  1. ඉතාම වටිනා ලිපියක්….ඇත්තෙන්ම මේ ලිපිය තුල සමාජයට ඉතාම වටිනා පනිවියක් ගැබ්ව තිබෙනවා…
    මෙවන් මාර්තෘකාවක් තෝරා ගැනීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට