‘තේ කහට’ ගැන වචනයක් දෙකක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාල​ය

2020 සැප්තැම්බර් 26 වන දි​න කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී විවෘත වුණු ‘තේ කහට’ ලෙස නෙස නම්කර කර තිබූ ඡායාරූප ප්‍රදර්ශනය මගින් කඳුකරයේ තරුණ තරුණියන් 40 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූප සියයක් ප්‍රදර්ශනය කරන ලදී.

ඡායාරූප එකතුව සමස්තයක් ලෙස ගත් විට, එමගින් ගොතා තිබුණේ ලංකාවේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත තේ වතුවල රැකියා කරන හා එහි ජීවත්වෙන දමිල ප්‍රජාව ගේ දෛනික ජීවිතය පිළිබඳ කතාවකි. එය එම ප්‍රදේශ වෙත පිටතින් ගිය පර්යේෂකයන් හෝ එවන් අන් වෘත්තිකයින් විසින් කියන කතාවක් නොවේ. මේ කතාව කියනු ලබන්නේ, මේ වතුකර ප්‍රදේශයේම ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් විසින්ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඔවුන් මේ කියන්නේ තමන් හොඳින් දන්නා, තමන්ගේ ජීවිත කතාවයි. මගේ විශ්වාසය වන්නේ, මේ ප්‍රජාව පිළිබඳව දැනට මා දැක දැක ඇති ප්‍රබලතම ඡායාරූප එකතුව මෙය බවයි. සැබැවින්ම, වඩාත් නිවරැදිව පවසන්නේ නම්, මේ ප්‍රජාව පිළිබඳ මා දැනට දැක හෝ කියවා ඇති ප්‍රබලතම කතිකාවන් ගෙන් එකක් මේ බව මා තුළ සැකයක් නැ​ත.

පර්යේෂකයෙකු ලෙස සහ විශ්වවිද්‍යාල ගුරුවරයෙකු ලෙස, මේ ප්‍රජාවගේ ප්‍රභවය හා ඉතිහාසය මෙන්ම ඔවුන්ගේ ජීවන ශෛලිය හා දේශපාලනය පිළිබඳව නොයෙකුත් පර්යේෂකයින් සහ ශාස්ත්‍රඥයන් විසින් ලියා ඇති බොහෝ දේ මා කියවා ඇත. එනමුත්, ඒ සියල්ල හා සැසඳීමේදී මේ තරුණ තරුණයින් විසින් දෘශ්‍යමය වශයෙන් කියා ඇති මේ කතිකාව වඩාත් තීව්‍ර හා අව්‍යාජ බව මගේ වැටහීමයි. මෙහි ඇති එක් ඡායාරූපයකට දී තිබූ තේමාව මේ සමස්ත ප්‍රදර්ශනයම විස්තර කරනු ඇතැයි මා සිතමි. එනම්, ‘මේ සරල බව නොවේ, දුප්පත්කම’ බවයි. මේ තරුණ තරුණියන් සමස්තයක් ලෙස කියාපාන්නේ, තමන්ගේ ජීවිත හා බැඳී ඇති දරිද්‍රතාව හා ජය ගැනීමට අපහසු අනේකවිද අභියෝග පිළිබඳ කතාවයි.

මේ වතුකරය පිළිබඳව සංචාරක පෝස්ටර්වල හා වර්ණ පෝස්ට් කාඩ් මගින් කියාපාන පරාදීසය පිළිබඳ කතාව නොවේ. මේ ඒ මිත්‍යා කතිකාව පිටුපස ඇති අවාසනාවන්ත යථාවයි. ප්‍රදර්ශන අවස්ථාවේදී මා එහි සිටි එකම ඡායාරූප ශිල්පියෙක් සමගවත් කතා කළේ නැත. එනමුත් මම එහි තිබූ සියලුම ඡායාරූප දෙතුන් වතාවක්ම හොඳින් බැලුවෙමි. එසේ කතා නොකිරීමට හේතුව, ඔවුන්ගේ කතාව දෘශ්‍යමය වශයෙන් මේ ඡායාරූප පෙළ මගින් ඔවුන් බලසම්පන්න ලෙස සන්නිවේදනය කර තිබීම නිසාය. එඑතැනින් එහාට කතා කළ යුතු වෙනත් යමක් ඉතිරි වී නොතිබුනි.

මේ ඡායාරූප මගින් අප වෙත ඉදිරිකරන තවත් කතිකාවක් තිබේ. එනම්, අප රටේ දේශපාලනයේ මුල්බැස ඇති කුහකකම සහ ඔලමොට්ටලකම පිළිබඳ කතාවයි. 2020 දී මේ තරුණ තරුණියන්ට තම ජීවිතයේ යථාව මෙතරම් දුක්බර ආකාරයකින් ඉදිරිපත් කරන්නට සිදු වී ඇත්තේ ඇයි? නිදහසෙන් පසු ජාතික දේශපාලනය විසින් මේ ප්‍රජාව බ්‍රිතාන්‍යය යටත් විජිත යුගයේ ඔවුන් සිටි අවාසනාවන්ත තත්වයෙන් නිසි පරිදි මුදවා ගෙන නැති බව පැහැදිලිය. එමෙන්ම, මේ ප්‍රජාව නියෝජනය කරනවා යැයි පුන පුනා කියන සමස්ථ ලංකා වතු කම්කරු සංගමය සහ එවැනි අන් දේශපාලන කණ්ඩායම් විසින් ද පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් තවදුරටත් මේ ප්‍රජාව දරිද්‍රතාවය තුළම සිර කර සිටින බවයි.

මේ ඡායාරූප දුටු විට, මගේ සිතට නැගුනේ ඉන්දීය ඡායාරූප ශිල්පී රඝු රායි විසින් ඡායාරූප ගත කරන ලද ඉංදියාවේ නොයෙකුත් ස්ථානවල ආන්තික ලෙ​ස පිහිටුවා ඇ​ති ​ස​රණාගත කඳවුරුවල පින්තූර වෙතය. රඝු රායිගේ එකතුවෙන් කොටසක් මීට වසර කිහිපයකට පෙර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීමට එහි සමාජ විද්‍යා අධ්‍යයනාංශය කටයුතු කර තිබුණි. ඒ අපගේ පාඨමාලාවක කොටස​ක් වශයෙනි. කෙසේ වුවද, රඝු රායි ඡායාරූපගත කර තිබුණේ සරණාගත‍යින් හා සරණාගත කඳවුරුය. නමුත් මේ තරුණ තරුණියන් ඡායාරූප ගත කර තිබෙන්නේ ඔවුන් දිනප​තා ජීවත්වන අවකාශ හා ප්‍රදේශයි. ඒවායින් පෙන්වන්නේ තමන්ගේ නිවෙස්ය. තමන්ගේ ටපිටාවය. තමන්ගේ නෑදෑයින්ය. මේ සරණාගත කඳවුරු නොවේ. එමෙන්ම, මොවුන් සරණාගතයින් ද නොවේ. මොවුන් ශ්‍රී ලාංකේය පුරවැසියන්ය.

මා සිත්නේ සිය ඡායාරූපවලින් මේ තරුණ තරුණියන් අසන ප්‍රධාන ප්‍රශ්නය නම්, තමන්ගේ යථාව ට වගකිව යුත්තේ කවුරුන්ද යන්න බවයි. කණගාටුදායක කාරණය වන්නේ, මේ අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු කතුවරුන්ගෙන් කොටසක් ජීවත් වන්නේ ඔවුන් අතරම වීමය. අන් කොටස ජීවත්වන්නේ අප අතරය.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට