නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර

මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි.

එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.  

ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම සංවාදයට මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වැනි මහාචාර්යවරුන් කිහිප දෙනෙකු ද ජයතිලක කම්මැල්ලවීර වැනි ප්‍රකට සාහිත්‍යකරුවන් හා විචාරකයන් ඇතුළු විශාල පිරිසක් ද සභාගී වී සිටියහ.

ලංකාවේ දී සාහිත්‍ය විචාරය යනු කුමක් හෝ හෝ දර්ශනික පරිකල්පයන්ගෙන් හෝ සිතා බැලීමෙන් තොරව කරන කියවීමක් ලෙසින් පෙනී ගිය ද බටහිර ලෝකයේ දී මෙය දකින්නේ අතිශය දාර්ශනික කරුණක් ලෙසිනි.

සාහිත්‍ය ඉගැන්වීමේ ද සාහිත්‍ය විචාරයේ ද බටහිර ලෝකය තුළ කේන්ද්‍රීය භූමිකාවක් සිදු කර ඇති චරිත කිහිපයක් පිළිබද විමසා බැලුවහොත්, ඔවුන්ගේ දාර්ශනික සහ ශාස්ත්‍රීය පදනම පිළිබඳ ඔබ මවිතයට පත් වනු ඇත. උදාහරණ ලෙස ටෙරී ඊගල්ටන්, හැරල්ඩ් බ්ලූම්, ගයාත්‍රි ස්පිවැක්, ෂෝන් පෝල් සාත්‍ර, උම්බෙර්තෝ ඉකෝ, ජැක් ඩෙරීඩා, සිමෙන් දි බෝවා, එඩ්වර්ඩ් සයිද්, ලූකාස්, විලියම් ජේම්ස්, හර්මන් හෙස, රේමන්ඩ් විලියම්ස්, පෝල් ඩි මෑන්, ජෝන් කේජ්, ෆ්‍රෙඩ්රික් ජෙම්සන්, ජුලියා ‍ක්‍රිස්තේවා, හාන්ස් ගියෝර්ජ් ගැඩමර්, ස්ටැන්ලි ෆිෂ් ආදී එකී මෙකී නොකී මහා ලයිස්තුවක් බටහිර රටවල සාහිත්‍ය අධ්‍යයන ක්සේත්‍රයෙන් හමුවන අතර, ඔවුන්ගෙන් ලැබී ඇති මහා දාර්ශනික ආලෝකය නිසා බටහිර සාහිත්‍යය ගව් ගණන්වලින් ඉදිරි පිමි පැන ඇත.

එදින සූම් තාක්ෂණය ඔස්සේ මා ඇසූ දේශන කිසිවකින් නන්දන වීරසිංහ වැනි විශාල භුමිකාවක් මෙරට සම්බන්ධයෙන් සිදුකර ඇති කවියෙකුට කිසිදු සාධාරණයක් ඉටු නොකළේය. එම අදහස් දැක්වීම්වල සරල ඉංග්‍රීසි වචන හා පැටලවීම් රාශියක් නම් දැක ගැනීමට ලැබිණ. ඒවා සමහරක් උච්චාරණය මතු නොව, යෙදීම් වශයෙන් ද වැරදිය. මෙම යෙදීම් යොදන්නේ යම් හීනමානයක් වසා ගැනීමටදැයි මට සිතුණි.

සිය අදහස් දැක්වීමේ දී මහාචාර්ය සුනිල් සෙනෙවි කියූ දෙයක් වූයේ, භාෂාවේ පරිසමාප්ත බව, නිවුණු බව, තෙදැති බව නන්දන වීරසිංහයන් තුළ තිබූ බවත්, ඔහු‍ භාෂාවේ කවියා බවත්, භාෂාවක් නිපදවූවෙකු ලෙසට ඉතිහාසයට එක් වන බවත් ය.

අවාසනාවකට, කාව්‍ය විචාරය සම්බන්ධයෙන් මෙවැනි අදහස් ඉතා යල් පැන ගිය ඒවා වන අතර, විචාරය යන්න ගෝලීය වශයෙන් නම්, යුග ගණනාවක් පසු කර පැමිණ ඇත. ඇත්ත වශයෙන් ම මෙහිදී සිදු වී ඇත්තේ නන්දන වීරසිංහයන් භාෂාව නිපදවූවා නොව, භාෂාව විසින් නන්දන වීරසිංහයන් නිපදවීම යි.

මාර්ටින් හයිඩෙගර් නම් ජර්මානු දාර්ශනිකයා “die sprache spricht” යනුවෙන් පවසන්නේ එයයි. භාෂාව අප ව කථා කරවනවා මෙන් ම භාෂාව අප ව නිපදවා යන්න මෙහි මූලික අදහසයි. මෙය තියොඩෝර් ඇඩෝර්නෝ ද වෙනස් ආකාරයකින් පවසා ඇති අතර, භාෂාව ඊට අදාළ වූ හඩක් උපදවා ගනිමින් එතුළින් කථා කිරීමට පටන් ගැනීමේ දී අප ව නිපදවනු ලබයි. එබැවින් නන්දන වීරසිංහයන් යනු භාෂාවෙන් නිපදවන ලද්දෙකි.

සත්තාව කරා අප පැමිණෙන්නේ කෙසේද යන පැනයට උත්තර දෙන්නේ භාෂාවයි. භාෂාව යනු සංස්කෘතික අර්ථයන් පිළිබඳ ගබඩාව යි. අර්ථය ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ නිෂේධය (negation) ඔස්සේ විනා, අනන්‍යතාව ඔස්සේ නොවේ. නන්දන වීරසිංහයන් නමැති අනන්‍යතාව යට කරමින්, භාෂාව ඉස්මතු වන්නේ එබැවිනි. නන්දනගේ වීරසිංහයන් අනන්‍යතාවඔස්සේ නිර්මාණය කළ හැකි අර්ථයක් නොමැත.

මේ අනුව නන්දන වීරසිංහයන්ට කාටිසියානු කොජිටෝවක් හෝ ආත්මයක් බවට පත් වීමට නොහැකිය. ඔහුට භාෂාවේ මාස්ටර් කෙනෙකු වීමට භාෂාව ඉඩ නොදෙයි. නන්දන වීරසිංහයන් සිදු කරන්නේ භාෂාවට තිචාර දැක්වීමකි. එම ප්‍රතිචාර දැක්වීම ඔහුගේ කවියයි.

භාෂාව මගින් නන්දන වීරසිංහයන්ගේ ආත්මය කොජිටෝවක් කරා ඌනනය කිරීමෙන් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කරන්නේ සහාසික අපරාධයක් බවයි මට පෙනෙනුයේ. එනම්, නන්දන වීරසිංහයන් හුදු බඩුවක් බවට පත්කිරීමයකිරීම (objectification). චාර්ල්ස් ටේලර්ගේ අදහසකින් නන්දන වීරසිංහයන් විග්‍රහ කරන්නේ නම්, ඔහුගේ කවිය අප ගත යුත්තේ, ප්‍රති-ආත්මීයතා (anti-subjectivist) ගුණයකිනි. නන්දන වීරසිංහයන් භාෂාව නිර්මාණය කරනවා යැයි හිනිදුම සුනී සෙනෙවි මහාචාර්ය තුමා  කියන කියුම අනුව සිදු වන්නේ, නන්දන වීරසිංහයන් නමැති ආත්ම ස්වරූපය (subjectum) සිය භාණ්ඩගත ඉමේජය (objectivized image) ඔස්සේ වාස්තවික ලෝකයක මායාවකට හසුකරවීමයි.

එබැවින්, නන්දන වීරසිංහයන් මෙම සංවාදයේ දී කියූ පරිදි ම තමා නොසිතා ලියන කවිය, භාෂාව සමඟ කරන අපෝහාත්මක ගනුදෙනුවයි. ඔහු භාෂාවට දක්වන ප්‍රතිචාරයයි. ඔහු භාෂාව නිර්මාණ කර නොමැති අතර, භාෂාව විසින් ඔහු නිර්මාණය කර ඇති අපූරුව නන්දනගේ වීරසිංහයන්ගේ කාව්‍ය කෘති මාලාව ඔස්සේ විශද වෙයි.  

නන්දන වීරසිංහයන් භාෂාව නිපදවුයේ යන මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කියන මේ අදහස ඔහු අපට පෙන් වූ අයි. ඒ. රිචර්ඩ්ස්‍ගේ 1929 දී පලකරන ලද ඉපැරණි පොතෙහි පමණක් නොව, ඊට වසර දහස් ගණනකට පෙර මතු වූ ඇරිස්ටෝටිලියානු හේතුවාදයේ (causality) ද සිර වී ඇති දෙයක් සහ පැහැදිලිවම යල් පැන ගිය අදහසකි.  එවැනි මානව කේන්ද්‍රිත ඌනනවාදයන් තව දුරටත් වලංගු වන්නේ නැත. නමුත් ඇත්ත වශයෙන් සිදු ව ඇත්තේ, නන්දන වීරසිංහයන්ගේ සද්භාවාත්මක අගය ඔහුට හමු වූ භාෂාව හෝ වචන මගින් නිර්මාණය වී තිබීමයි. එබැවින්, නූතනවාදී ව්‍යාපෘතියක් වූ  Man හෙවත් මහාචාර්ය සුනිල් සෙනෙවි කියන භාෂාවේ කර්තෘවරයෙකු වන නන්දන වීරසිංහයන් නම් මිනිසා ඇත්තට ම ක්ෂය වී ගොස් ඇත.

නන්දන වීරසිංහ මාර්ගගත සංවාදයට එක් වෙමින් සිය අදහස් දැක් වීමේ දී පුන පුනා තම කුදු බව ගැන කීවේ මේ යථාර්ථය පිළිබඳ සවිඥානික වීමක් නිසා බව පෙනේ. වඩාත් විහිලු සහගත ම දේ නම්, නන්දන වීරසිංහ නූතනවාදී දෘෂ්ටියක් යටතේ කවි ලියූ බවට සුජීව සිරිමෙවන් නම් සිංහල ගුරුවරයා දෙස් දීමයි. නන්දන වීරසිංහයන්ගේ අදහස් දැක්වීම අතිශයින් වැදගත් වන අතර, ඔහු කියූ ‘සිතා නොලියීම’ යනු ඔහු භාෂාව තුළට විසිවීමයි (thrown into language). මෙලෙස භාෂාව තුළට විසි වීමෙන් ලෝකය නිර්මාණය වීම විනා, රෙනේ ඩේකාට්ස් පවසන පරිදි කොජිටෝවක් මගින් ලෝකය කරා අර්ථ නිපදවීමක් හෝ මහාචාර්ය සුනිල් සෙනෙවි පවසන ආකාරයට භාෂාවක් නිපදවීමක් හෝ සිදු නොවේ.

මහාචාර්ය සුනිල් සෙනෙවිගේ භාෂාව පිළිබඳ අතිශය යල් පැන ගිය මෙම පාරභෞතික සංකල්පීයකරණය (metaphysical conception of language) වර්තමානයේදී ඉතා නිර්දය ලෙස බැහැර කළ යුතු වන අතර, නන්දන වීරසිංහ භාෂාව සමග පවත්වන සම්බන්ධය සැබෑ කාව්‍යමය මානයකින් (authentic poetic dimension) විසඳා ගත යුත්තක් වෙයි.

ප්‍රියංකර නිවුන්හැල්ල මෙහි දී තවත් විහිලු සහගත අදහසක් ඉදිරිපත් කරමින් පැවසුවේ, අන්තර්-ඥානයෙන් (intuition) නන්දන වීරසිංහගේ  කවිය කියවිය යුතු බවයි. කවිය හෝ භාෂාව තව දුරටත් ලෝකෝත්තර හෝ පරමෝත්කෘෂ්ට (transcendental) දෙයක් නොවන අතර, කාන්ටියානු දර්ශනයේ දී අපට අත් කර ගැනීමට නොහැකි නිෂ්ප්‍රපංචීය ඥානයක් සමගින් අප‍ගේ භාෂාව බැඳී නොමැත. නන්දන වීරසිංහ මේ ලෝකය සමග ගැටීම ඔස්සේ නිර්මාණය වන කවි‍ය දේවත්වයෙන් බැහැර වන අතර, ආවශ්‍යයක ලෙස කරුණුමයභාවයෙන් (essentially factual) යුක්ත වේ. නන්දන වීරසිංහගේ භාෂාව තුළ ඉතිහාසයක් ඇති අතර, අන්තර්-ඥානයට කරන්නට කිසිවක් එහි නැත. අන්තර්- ඥානයෙන් දැනගැනීමට නන්දන වීරසිංහගේ කවියේ කිසිදු ස්ව-විමර්ශනාත්මක (self-referential) පදනමක් නොමැති අතර, එය සෑම විට ම සාපේක්ෂක සහ ඉතිහාසාත්මක වේ. එනම්, නන්දන වීරසිංහගේ කවිය යනු සැබෑ මනුෂ්‍ය ජීවිතයක (authentic human life) ප්‍රකාශනයක් විනා අනෙකක් නොවේ.

ඉහත ඉදිරිපත් කළ අදහස් දැක්වීම පිළබඳව ෆේස්බුක්හි මුලින්ම පළ වූ සටහනේ දළ සංස්කරණය මෙතැනින් අවසන් වන අතර, එම සටහන සඳහා හරීන්ද්‍ර බී. දිසානායක විසින් ලබා දී තිබුණු ප්‍රතිචාරය සහ ප්‍රශ්න නැඟීම වෙත පිළිතුරු ශාස්ත්‍රීය වශයෙන් ඉතා වැදගත් වේ. එබැවින්, ඒ පිළිබඳ මෙතැන් සිට විමසනු ලැබේ. හරීන්ද්‍ර දසනායක විසින් මතු  කරන ලද සැබෑ කාව්‍යමය මාන (authentic poetic dimension) පිළිබඳ ප්‍රශ්නය හයිඩෙගරියානු authenticity යන සංකල්පය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව නඟන ලද්දක් බව පෙනී යයි. මෙහි දී ඉතා වැදගත් වන්නේ, හයිඩෙගර් සිය මූලික කෘතිවල දී මතු කරන ප්‍රවාදයයි. එබැවින් මූලික කෘති කියවා ගැනීමකින් තොර ව විශ්වකෝෂ පිටු කියවා ගැනීමෙන් මේ පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ලබා ගැනීමට නොහැකිය. හයිඩෙගරියානු දර්ශනය පිළිබඳ පැහැදිලි ශීක්ෂණයක් ඒ සඳහා අත්‍යවශ්‍ය වේ.

හයිඩෙගර්ගේ Dasein යනු ඩේකාර්ට්ස්ගේ කොජිටෝව නොවේ. මා මුළ දී පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ එයයි. එය අවබෝධ කර ගැනීමකින් තොර ව මහාචාර්ය සුනිල් සෙනෙවිගේ තර්කයේ ඇති දාර්ශනික දරිද්‍රතාව සහ යල් පැන ගිය බව තේරුම් ගැනීමට නොහැකිය. හයිඩෙගර්ගේ ඩසයින් වස්තුවක් හෝ මා සරල අර්ථයෙන් පවසන පරිදි බඩුවක් (object) නොවේ. මහාචාර්ය සුනිල් සෙනෙවි නන්දන වීරසිංහ සම්බන්ධයෙන් කරන්න උත්සාහ කරන්නේ ඔහුව එවැනි බඩුවක් බවට පත් කිරීමයි. ඩසයින් යනු සමස්තය තුළ සත්තාවන්ගේ සම්බන්ධය මගින් නිර්මාණය වන්නක් වන  අතර, නන්දන වීරසිංහගේ ඩසයින් නිර්මාණය වන්නේ ද සම්බන්ධතා ජාලයක් ඔස්සේ වේ. එම සම්බන්ධතා ජාලය භාෂාව ඔස්සේ නිර්මාණය වෙයි.

භාෂාව සෑම විට ම ක්‍රියාත්මක වන්නේ ලෝක විවරණය (world-disclosing) මානයක් වශයෙනි. එබැවින් භාෂාව වාස්තවිකකරණය කිරීමට නොහැකිය. භාෂාවට පාදමක් නොමැත. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කියන පරිදි නන්දන වීරසිංහ භාෂාව නිර්මාණය කිරීමේ කොජිටෝවක් වන්නේ භාෂාව වාස්තවිකකරණය කළොත් පමණක් වන අතර, භාෂාව යනු මානව සංචාලනයක් (human manipulation) නොවේ. මේ අනුව, නන්දන වීරසිංහගේ ඩසයින් මානව සංචාලනයක් නොවන බැවින් නන්දන වීරසිංහගේ කාව්‍යකරණය හඳුනා ගැනීමට හැකි වන්නේ උත්සාහයෙන් නිර්මාණය කරගත් භාෂාවක් හෝ දෙන ලද හැඟීම් මාලාවක් (pregiven feelings) මගින් නොවන බව හරීන්ද්‍ර දිසානායක තේරුම් ගත යුතු වන අතර, මේ අනුව හයිඩෙගරියානු සැබෑ බව මහාචාර්ය සුනිල් සෙනෙවි කියන ආකාරයේ රොමෑන්තික සැබෑ බවක් සමඟින් සම්බන්ධ නොවේ.

එබැවින් භාෂාවට පූර්වයෙන් සිටින හෝ භාෂාවට ඉහළින් සිටින භාෂාවක් නිර්මාණය කරන නන්දන වීරසිංහ කෙනෙකු සිටිය හැක්කේ රොමැන්තික සැබෑ බවක දී පමණක් වන අතර, එවැනි යල් පැන ගිය ආඛ්‍යානයක් යටතේ මහාචාර්ය සුනිල් සෙනෙවි නිවැරැදි වෙයි. ඩසයින්ගේ සමස්ත බව අප තේරුම් ගන්නා මොහොතක දී අපට භාෂාවක් නිර්මාණය කෙරෙනවා යැයි යන බොරුව සමඟ අනුගත වීමට නොහැකිය.   

හරීන්ද්‍ර දසනායක අසන “සැබෑ කාව්‍යමය මාන”  පිළිබඳ අ-දාර්ශනික ප්‍රශ්නය හුදෙක් ශබ්දකෝශ අර්ථයක් මත පමණක් පදනම් වී ඇති අතර, දාර්ශනික අර්ථයෙන් උත්තර දීමට තරම් ගැඹුරු ප්‍රශ්නයක් නොවන බව ද පෙනී යයි. හයිඩෙගර් Being and Time හි දී පෙන්වා දෙන පරිදි, සැබෑ කාව්‍යය (authentic poetry) සම්බන්ධ අදහස හරීන්ද්‍ර දසනායක කිසිදු අකාරයකින් තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. එමෙන්ම,  හයිඩෙගර්ට අනුව  සැබෑ කාව්‍යය යම් උසස් දෙයක් (higher kind) නොවන බව විශද වේ. මේ අනුව, ප්‍රියංකර නිවුන්හැල්ල ද මහාචාර්ය සුනිල් සෙනෙවි ද කියන නන්දන වීරසිංහගේ භාෂාවේ ඒජන්තභාවය බිඳ වැටෙන අතර, භාෂාව මගින් තවදුරටත් යථාර්ථය නිරූපණය කිරීමක් නොවන බව පෙනී යයි.

සමස්තයක් වශයෙන්, නන්දන වීරසිංහ වැනි කවියෙකු කාටීසියානු ඊගෝ කොජිටෝවක්  බවට ඌනනය කිරීම සහ ඔහු සම්බන්ධයෙන් ගෙන එන ආත්ම මූලික දෘෂ්ටිය (subjectivistic view) ප්‍රතික්ෂේප කළ යුතුය. එලෙසින්ම, භාෂාව මගින් නිපදවන නන්දන වීරසිංහගේ මානව ආත්මය විකේන්ද්‍රණය කර (de-centering the human subject) හයිඩෙගර් පෙන්වා දෙන ආකාරයට කාව්‍යමය සැබෑව මඟින් එය ප්‍රතිස්ථාපනය කළ යුතුය. එබැවින් නන්දන වීරසිංහ  ආවශ්‍යයක ප්‍රජානනාත්මක  සත්ත්වයෙකු (cognitive creature) බවට පත් කරන මහාචාර්ය සුනිල් සෙනෙවිගේ යල් පැන ගිය මතවාදයෙන් අපට එළියට බැසීමට සිදු වන අතර නව විචාරයක් ඒ සඳහා රැගෙන ආ යුතු වේ.  ඒ නන්දන වීරසිංහගේ කාව්‍යය  කියවීම සඳහා පමණක් නොව, මෙරට සමස්ථ නිර්මාණ සාහිත්‍යය භූමිකාවම කියවීම සඳහාය.

(දර්ශන අශෝක කුමාර වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන අතර විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කරයි. පුවත්පත් තීරු ලිපි රචකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ද වන ඔහු මාධ්‍ය විචාරය සම්බන්ධයෙන් කෘති කිහිපයක් රචනා කර තිබේ)

සංස්කාරක සටහන: මෙහි දක්වා ඇති සියලු අදහස් සංවාදයට විවෘතයි.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට