Skip links

පඨිත: අර්බුද සමයක ඥාන සම්පාදනය

පඨිත 12 වන ථවෙළුම (පළමු හා දෙවන ඒකාබද්ධ කලාප, 2021) ජනගත කෙරෙන්නේ දිවයින අතිශයින් ඛේදනීය ආර්ථික, සමාජ සහ දේශපාලනික අර්බුධයකට මුහුණ දී සිටින මොහොතක සහ ඒ අර්බුදයට එරෙහිව විශාල ජන අරගලයක් ද මතුවී තිබෙන අවස්තාවකය. එම අර්බුදය සෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහිම තීව්‍ර ලෙස බලපෑම් කතර ඇති කර   ඇති අතර, අන් බොහෝ දේ මෙන්ම කඩදාසි සහ මුද්‍රණ තීන්ත හිඟ වීම හේතුවෙන් ප්‍රකාශන කර්මාන්තය ද සම්පුර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වී ඇත. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ශාස්ත්‍රාලීය දැනුම් සම්පාදනය මුහුණ දෙන ගැටළු මෙන්ම, එම අර්බුදය සහ අරගලය  කියවා ගැනීම පිළිබඳ කතිකාවකට මුලපිරීම අවශ්‍ය බව පඨිත කණ්ඩායමේ අදහසයි.

මේ පිළබඳ මූලික අදහස් දැක්වීමකට හා සාකච්ඡාවකට සහභාගී වන ලෙස ඔබට කෙරෙන ආරාධනයයි මේ.

දිනය හා වෙලාව: 2022 ජූනි 15; පස්වරු 05.00 ට ගූග්ල් තාක්‍ෂණය ඔස්සේ.
සබැඳියාව.

සම්පත් දායකයින්:

  • සසංක පෙරේරා, සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සහ සංස්කාරක මණ්ඩල සාමාජික, පඨිත
  • පවිත්‍රා ජයවර්ධන, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සංස්කාරක මණ්ඩල සාමාජික, පඨිත
  • සාමිනාදන් විමල්, සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, යාපනය විශ්වවිද්‍යාලය සහ සංස්කාරක මණ්ඩල සාමාජික, පඨිත
  • කෞෂල්‍ය කුමාරසිංහ, දර්ශන ශූරී උපාධි අපේක්ෂක, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සහ සංස්කාරක මණ්ඩල සාමාජික, පඨිත
  • අනුෂ්කා කහඳගමගේ, දර්ශන ශූරී උපාධි අපේක්ෂිකා, ඔටාගෝ විශ්වවිද්‍යාලය සහ සංස්කාරක මණ්ඩල සාමාජික, පඨිත

Leave a comment

This website uses cookies to improve your web experience.