Skip links

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’

  • 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය.
  • 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය.

මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක:

පර්යේෂණ ලිපි

ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක සටහන්ද ඇතුඵව සෑම ලිපියක්ම වචන 5500 සිට 7500 ට සීමා විය යුතුය. මෙම ලිපි වචන සියයක සාරාංශයකින් සහ මූල පද දහයකින් සමන්විත විය යුතුය.

මතිමතාන්තර

සුවිශේෂ විෂයක් හෝ සිද්ධි‍යක් පිළිබද තම මතය ඇසුරින් රචිත කෙටි ලිපි මේ යටතේ ඉදිරිපත් කළ හැක. මේ ලිපිවල වචන සීමාව 2000 සිට 2500 දක්වා වේ.

විද්වත් සාකච්ඡා

මීට තෝරා ගත් විද්වතුන් සමග පැවැත්වූ සම්මූඛ සාකච්ඡා ඇතුළත් වේ. මෙහි වචන සීමාව 3000 සිට 4000 දක්වා වේ. සම්මුඛ සාකච්ඡාවක් ආරම්භ කිරීමට පෙර පඨිත සංස්කාරක මණ්ඩලය වෙත ලියා, එම තේමාව පිළිබඳ පඨිත ලිපි සංග්‍රහයට උනන්දුවක් තිබේද යන්න කලින් විමසා බලන ලෙස සංස්කාරක මණ්ඩලය ඉල්ලා සිටී.

ග්‍රන්ථ විචාර

මෙකී විචාර 2018න් පසුව පළවූ ශාස්ත්‍රීය පොත්පත් ඇසුරින් රචනා කළ යුතුය. මීට දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් බසකින් පළවී වී ඇති විචාරයක සිංහල පරිවර්තනයක් ද ඇතුළත් විය හැක. විචාරයක වචන සීමාව සීමාව 1500ක් වේ.

ඡායාරූ රචනා

යම් තේමාවකට අනුව පෙළගැස්වූ කලු හා සුදු හෝ වර්ණ ඡායාරූප 12 කින් හා වචන 650 ට වැඩි නොවූ ලිඛිත රචනයකින් ‘ඡායාරූ රචනය’ සමන්විත විය හැක. අන්තර්ජාල සංස්කරණයේ සියලු ඡායාරූප වර්ණයෙන් ඉදිරිපත් වුවද මුද්‍රිත වේලුම්වල මේවා පළකරන්නේ කලු හා සුදු වර්ණයෙන් පමණි.

උපදෙස්

පඨිත සමාජ සංස්කෘතික සමීක්ෂා වෙත ලිපි සම්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් සංස්කාරක මණ්ඩලයට ලියා දැනගත හැක. මේ හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු මේ යොමුව ඔස්සේ ලබාගත හැක.

මේ කරුණු පිළිබඳ අමතර තොරතුරු අවශ්‍ය නම්, කරුණාකර පඨිත සංස්කාරක මණ්ඩලය වෙත විද්‍යුත් තැපෑලෙන් ලියා දැනගන්න. සියලුම සම්බන්ධතා පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සිදුවිය යුතුය: patithaj@gmail.com

Leave a comment

This website uses cookies to improve your web experience.