පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින් මග නොහැරිය යුතු ව්‍යායාමයකි.

වසංගතයට එරෙහි විවිධ සමාජයීය හා පුද්ගල භාවිතයන් ඔස්සේ දැඩි ලෙස වෙනස් වූ ‘එදිනෙදාබවේ’ විවිධ ස්වරූප සේම, දුරස්ථකරණය හා අඩස්සිගතකිරීම ඔස්සේ අහිමි වන සමාජයීය ජීවිතය විවිධාකාරයෙන් යලි සොයා ගැනීමට දරණ උත්සාහයන් ද  අනාගතයේ දී පැමිනීමට නියමිත සමාජ පරිවර්තනයේ බීජ දරා සිටිනවා විය හැකි ය. එසේම, ජාතික රාජ්‍යයන් ගේ සහ පාලනයේ ස්වරූප වෙනස් විය හැකි ආකාරය පිලිබද ඉඟි මේ මොහොතේ දී ගෝලීය හා දේශීය කෝවිඩ් මර්ධන ක්‍රියාමාර්ග දෙස බැලීමෙන් වටහා ගත හැකි ය. පළමු හා දෙවන ලෝක යුද්ධ වැනි සමාජ ව්‍යසනයන්ගෙන් පසු සිදුවන ඥාණවිභාගාත්මක ඛන්ඩන සේම, සමාජ-සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික පරිවර්තන ගැන ඉතිහාසය සාක්ෂි දරයි. මේ නිසා, ලෝක යුද්ධවලටත් වඩා ලෝකය පුරා පැතිරුණු සමාජ ව්‍යසනයක් වන කෝවිඩ් වසංගතය මගින් සලකුණු කරන මෙම ඓතිහාසික කාලය හා ඉන් ඔබ්බෙහි ඇති ලෝකය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ඔස්සේ රාමුගත කිරීමට උත්සාහ කිරීම මෙම පඨිත විශේෂ කලාපයේ අරමුණයි.  

මේ සදහා ගොලීය හා දේශීය සන්ධර්භ ආශ්‍රයෙන් ලියූ, වචන 3000 ඉක්මවා නොයන කෙටි රචනා අප වෙත යොමු කළ හැක. මේ රචනා ලිඛිත හෝ චායාරූ රචනා විය හැක. ඒවා පහත දක්වා ඇති  පුලුල් තේමා ඔස්සේ සංවිධානය කළ හැක:

1. ජනවාර්ගික ජාතිකවාදයන්ගේ ස්වභාවය
2. අධිකාරීවාදයේ නැගීම සහ ප්‍රති-අර්ථකතන / .මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය
3. වැඩ, රැකියාව සහ ජීවනෝපාය භාවිත පිළිබඳ අදහස වෙනස්වීම/ ප්‍රති-අරුත්ගැන්වීම
4. ශ්‍රමය සහ ස්පර්ශය පදනම් වූ ශ්‍රමිකයාගේ ඉරණම
5. ආගම පිළිබඳ අදහස
6. කලාව සහ එහි නව මාන
7. සමාජ මාද්‍ය භාවිතය තුළ මතකය (ආත්මීය හා සමාජයීය) පිළිබඳ අදහස
8. සයිබර් සාමාජීයත්වයේ නව මාන
9.  ගෝලීය, දේශීය සහ කලාපීය දේශපාලන  ආකෘති නැවත කියවීම
10. ජෛව දේශපාලනයේ පරිවර්තන සහ විද්‍යාව හා එහි දේශපාලනය
11. ස්පර්ශය සහ දුරස්ථ භාවය
12. විවේකය  
13. කෝවිඩ් සහ හාස්‍යය
14. පවුල හා ගෘහස්ථය පිළිබඳ අත්දැකීම
15 මානව ජීවිතය හා ස්වභාවධර්මය

රචනා බාරගන්නා අවසන් දිනය: 30 ජූනි 2020

මේ පිළිබද අමතර තොරතුරැ පහත සදහන් විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විමසිය හැක. සියලුම රචනාද ඒ ලිපිනයටම යොමු කරන්න: patithaj@gmail.com

රචනා ඉදිරිපත්කිරීමෙදී පිලිපැදිය යුතු නියමයන් සදහා පඨිත රචනා උපදේශනය වෙත පිවිසෙන්න.

(කාටූනය: ශානිකා සෝමතිලක) 

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත ලැබූ ඔහුගේ පියා වැවිලිකරුවෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ රෙජිනෝල්ඩ් සේනානායකය. බ්‍රිතාන්‍යයන් විසින් රෙජිනෝල්ඩ් සේනානායකව ඉන්දියාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා සිරගත කරනු ලැබූ අතර, ලකී සේනානායක ට වයස අවුරුදු දහය වන විට හෙතෙම මිය ගියේය. ඉන් පසු ඔහුව හදාවඩා ගැනීමේ වගකීම පැවරුනේ, 1947 දී ශ්‍රී ලංකාවේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි. අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක්…
වැඩි විස්තර පරිශීලනයට