පණ්ඩුක කරුණානයක ආමන්ත්‍රණය කරන අධ්‍යාපනයේ දේශපාලනය

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00  (මෘදු කවරය සහිතව).

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

කලකට පෙර ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගෙන කටයුතු කළ අධ්‍යාපනඥයෙකු ලෙස, මේ වෙළුමේ එක්රැස්  කර ඇති කරුණානායකගේ රචනා බොහොමයක් මීට පෙර ඒවා ජාතික පුවත්පත්වල පළ කළ අවස්ථාවලදී මම කියවා ඇත්තෙමි. මීට හේතුව හුදෙක් අප එකම විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් ලෙස එකළ කටයුතු කළ නිසා නොව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විසින් ජනනය කර තිබූ ගැටළු, අභියෝග සහ සාංකා පිළිබඳව අප දෙදෙනාම උනන්දුවක් දැක්වූ  බැවිනි. ඔහුගේ රචනා පිළබඳව එකළ මෙන්ම අදත් මා තුළ කුතුහලයක් ඇති කළේ, සිය රචනාකරණයේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔහුගේ විශේෂඥ ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට සැලකිය යුතු දුරක් බුද්ධිමය වශයෙන් ගමන්කර, බොහෝ විට අවුල් සහගත හා ඇතැම් විට කුරිරු මහජන විවාදයනට තම අදහස් යොමු කිරීමට කරුණානායක තුළ තිබූ කැමැත්තය. එමෙන්ම, මේ රචනාවලදී වඩාත් පැහැදිලි වූයේ, ඒවායේදී ඔහුගේ අවධානය සිය වෛද්‍ය විශේෂඥතාවය වෙතට වඩා අධ්‍යාපනය කෙරෙහි යොමු වී තිබුණු බවයි. ඔහු ලබා ඇති පුහුණුවම ලබා ඇති අන්‍යයන් හා සැසදීමේදී  මේ භූමිකාව බෙහෙවින් අසාමාන්‍ය දෙයක් විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, දේශීය ශාස්ත්‍රීය විශ්වාස පද්ධතිය තුළ වෛද්‍යවරුන්ගේ භූමිකාව හුදෙක් රෝගීන්ට  උපස්ථාන කිරීම සහ සමාජ විවරණ කටයුතු සමාජයීය විද්‍යාඥන්ගේ සහ  මාධ්‍යවේදීන්ගේ භූමිකාව විය යුතු ලෙස පැලපදියම් වී තිබූ විශ්වාසයයි.  මෙහිදී අප වඩාත් ස්තුතිවන්ත විය යුතු කරුණක් නම්, මෙම රචනාවල තේමා මෙන්ම ඒවායේ බුද්ධිමය ගමන් මඟ තුලින්ම දැක්වෙන පරිදි, කරුණානායක විසින් මේ ප්‍රතිගාමී චින්තනය සවිඥානිකවම අභියෝගයට ලක්කිරීම ආරම්භ කළේ, අවම වශයෙන් මීට වසර 15 කට පමණ පෙර කාලයක සිට බව මෙනෙහි කරන විටය. එනම්, ඔහු බොහෝ කලකට පෙර සිටම ප්‍රසිද්ධ මහජන අවකාශය සිය අදහස් සඳහා කතිකාමය අඩවියක් ලෙස සැලකූ බව පැහැදිලිය.   මෙම සන්දර්භය තුළ, මෙම පෙරවදනෙන් මා උත්සාහ කරන්නේ මෙම රචනා ඒවා තේරුම්ගත යුතු පුළුල් දේශපාලනය තුළ ස්ථානගත කිරීම ය. කරුණානායක එම දේශපාලනය වෙත අප අවතීර්ණ විය යුතු බව පුණපුනා පවසා සිටිය ද අප බොහෝ දෙනා එම ආයාචනයට සවන් දී නොමැති බව මගේ විශ්වාසයයි.

මෙම එකතුවෙහි ඇති රචනා 23 න් අඩක් පමණ මීට පෙර  ප්‍රකාශයට පත් කර නොමැති අතර, සමස්ථයක් ලෙස ගත කළ මේ සියළුම රචනා අධ්‍යාපනය යන පුළුල් ක්‍ෂේත්‍රය පිළිබඳ  කරුණානායකගේ  චින්තනයේ පැහැදිලි පැතිකඩක් සේ සැලකිය හැක. එහෙත් වඩා වැදගත් දෙය නම්, මේ රචනා ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ පුළුල් විෂය ක්‍ෂේත්‍රය විස්තර කිරීමය. මේ ප්‍රධාන කරණු තුන නම්:

  1. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරගේ දූරදර්ශී නායකත්වය යටතේ 1940 ගණන්වල සහ ඉන් පසුව ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වර්තමාන තත්ත්වය;
  2. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයට කළ හැකි කාර්යභාරය;
  3. උසස් අධ්‍යාපන අවකාශයක් ලෙස මෙන්ම චින්තනමය අවකාශයක් වශයනේ ද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්වය සහ භූමිකාව.

නිදහස් අධ්‍යාපනය සහ පසුකාලීන අධ්‍යාපනය පිළබඳ දේශපාලනය

අප මැනවින් දන්නා පරිදි, ආචාර්ය කන්නන්ගර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ මෙරට ‘නිදහස් අධ්‍යාපන’ ක්‍රමය හඳුන්වාදීම නිසාය. මෙයින් බලාපොරොත්තු වූයේ සහ බොහෝ දුරට සිදුවූයේ, රටවැසියන්ට රජයේ වියදමින් බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු සැලසීමය.  මෙම ක්‍රමය ආයතනගකිරීමේදී වැදගත් වාහකයක් වූයේ, රටේ විවිධ ප්‍රදේශවල නාගරික හා අර්ධ නාගරික කේන්ද්‍රස්ථානවල මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමයි. එමගින් බලාපොරොත්තු වූයේ, මූලික වශයෙන් ග්‍රාමීය බහුතරයක් වූ රටේ ජනගහනය උසස් ද්විතීයික අධ්‍යාපනයක් කරා යොමු කළ හැකි මාර්ගයක් ලෙස පාසල් මට්ටම ක්‍රියාත්මක කිරීම සහ එමගින් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් සූදානම් කිරීමත්ය. වර්තමානයේදී මතුව ඇති වාදවිෂය  ‘නිදහස්’ අධ්‍යාපනය සහ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය රට තුළ දැන් නොපවතින බව නොවේ. ඒ වෙනුවට ප්‍රශ්නය වන්නේ, ආචාර්ය කන්නන්ගර විසින් උපකල්පනය කළ රටවැසිභාවය පිළිබඳ පුළුල් අදහස් දැනට පවතින ක්‍රමය හා පද්ධතිය මගින් සපුරාලන්නේද යන්නයි. මට පෙනෙන ආකාරයට, පණ්ඩුක කරුණානයකගේ සාංකාව වී ඇත්තේ,  ආචාර්ය කන්නන්ගරගේ  ප්‍රතිසංස්කරණවල පරමාදර්ශයන්හි සියුම් කරුණු රටේ වර්තමාන අධ්‍යාපන බලධාරීන් මැනැවින් තේරුම් නොගැනීම  හේතුවෙන් මේ අධ්‍යාපන ක්‍රමයේ අගය අවතක්සේරුවකට  ලක්ව ඇත් ද යන කාරණයයි. මේ බලධාරීන් මෙම අධ්‍යාපන  ක්‍රමයේ ප්‍රතිලාභ මුළුමනින්ම ලබාගත්තවුන් බව ද අප අමතක නොකළ යුතුය. මගේ මතය නම්, අද දින ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පාසල්  සමස්ථයක් ලෙස ගත විට, සාක්රත්වය සහ මූලික ශික්ෂණමය නිපුණතා වැනි අධ්‍යාපනයේ මූලික උපයෝගීතා අපේක්ෂාවන් ඉක්මවා යන රටවැසිභාවය සහ මහජන විඥානය යනාදිය  පිළිබඳ හැඟීමක් ගොඩනැගීමට කිසිසේත් යොමු වී නැති බවයි.  මේ අර්ථයෙන් ගත් කල, එවැනි අධ්‍යාපන පද්ධතියක් ආචාර්ය කන්නන්ගරගේ චින්තනයෙන් අපේක්ෂා කළ දෙයට වඩා අයිවන් ඉලිච්ගේ වචනවලින් වඩා හොඳින් විස්තර කළ හැකි බව මගේ විශ්වාසයයි. එනම්, පොදුවේ ගත් කල, අද දින සෑම තැනකම පිහිටා ඇති පාසල් නිර්මාණය කර ඇත්තේ “ජීවිතයේ සෑම දෙයකටම රහසක් ඇතැයි යන උපකල්පනය මත ය; ජීවිතයේ ගුණාත්මක බව  රඳා පවතින්නේ එම රහස දැන ගැනීම මත බවයි; එම රහස් දැනගත හැක්කේ යම් පිළිවෙළකට අනුව පමණි; මෙම රහස් නිසි ලෙස හෙළි කළ හැක්කේ ගුරුවරුන්ට පමණක් බව. පාසල් මගින් පුහුණු කළ මනසක් ඇති  පුද්ගලයෙකු ලෝකය දකින්නේ  වර්ගීකරණය කළ පැකේජවලින් සමන්විත පිරමීඩයක් ලෙස වන අතර, එම පැකේජ තුළට අවතීර්ණ විය හැක්කේ ඊට අදාළ ලේබල ගැන දන්නා පුද්ගලයින්ට පමණි.”[1]

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

මෙම රෙජිමේන්තුගත හා ඒක-රේඛීය අධ්‍යාපන ක්‍රමය යෝජනා කරන්නේ, පාසල්වලට පිවිසෙන තරුණ තරුණියන් ඉගෙනගත යුතු මූලික ශික්ෂණමය පුහුණුව ය. මක්නිසාද යත්, ඔවුන්ට රැකියා වෙළඳපොළේ අනිවාර්ය හා බාධාවකින් තොර කොටසක් බවට පත්වීමට ඉඩ සැලසෙන්නේ මෙමගින් බවට පවතින ප්‍රභල විශ්වාසය නිසාය. කරුණානායක මෙන්ම මා ද කටයුතු කරන මෙම  පද්ධතිමය සැකසුම තුළ, ස්ව-සවිඥානිකව  මානව වර්ගයා පිළබඳව  යම් සංවේදනයකින් සිතීම පවා දුෂ්කර වනු ඇත. එනම්, පද්ධතිමය හා ව්‍යුහාත්මක වශයෙන් ගත් කල, මේ සමස්ථ පද්ධතිය තුළ අපේක්‍ෂා කරන දේ මෙය නොවේ. එනමුත්, පුද්ගලයන්ට තවමත් පාසල් හා විශ්වවිද්‍යාල වෙත පැමිණෙන සිසු සිසුවියන්ට නොයෙක්  ලෙසින් බුද්ධිමය වශයෙන්  බලපෑම් කිරීමට, සාම්ප්‍රදායික චින්තනයෙන් පරිභාහිරව සිතීමට සහ තමන් ජීවත්වන වාතාවරණය පිළබඳව විචාරපූර්වක සිතීමට අවකාශ සලසා දීමට සැලකිය යුතු ඉඩක් ඇති බවත් පැහැදිලිය. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ,  තරඟකාරී සහ තමතමන්ගේ කණ්ඩායම් සුවිශේෂී ලෙස සිතීමට පොළඹවන ජනවාර්ගික-සංස්කෘතික හා ආගමික අනන්‍යතා ගොඩනැගීමට පදනම යොදන්නේ මේ ඌනිත අධ්‍යාපන ක්‍රමයයි. මෙමගින් ආචාර්ය කන්නන්ගර වැනි රාජ්‍යතාන්ත්‍රික නායකයින් මෙරට නිදහස ලැබූ යුගයේ අපේක්ෂා කළ, වඩාත් පුළුල් හා සියළු දෙනා ඒකරාශී කරගැනීමට හැකියාව තිබූ ශ්‍රී ලාංකේය රට වැසිභාවය පිළබඳ අදහස සැලකිය යුතු ලෙස යටපත් කර තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ රචනාවලින් මැනැවින් පෙනී යන පරිදි, කරුණානායක මෙම සමස්ථ ගැටළුකාරී තත්ත්වයෙන් තමන්ව මුදවා ගන්නට උත්සාහ දරන්නේ නැත. එහෙත් විවේචනය කළ යුතු දේ විවේචනය කිරීමෙන් සහ වෙනස් කළ හැකි දේ පිළබඳව ගැඹුරින් සිතා බැලීම තුළින් ඔහු පවත්නා ක්‍රමය තුළ නිහඬ සිරකරුවෙකු නොවී, තම අදහස් පොදු අවකාශය වෙත ගෙන ඒමෙන්, අනාගතය පිළබඳ යම් නිශ්චිත අපේක්ෂාවක් සම්පාදනය කිරීමට ඔහු උත්සාහ කරයි. අද දින ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා සම්බන්ධ තීරණ ගන්නවුන්, ජිද්දු ක්‍රිෂ්ණමූර්ති විසින් Education and the Significance of Life (අධ්‍යාපනය සහ ජීවිතයේ වැදගත්කම) යන තම කෘතියෙන් දක්වා ඇති අධ්‍යාපනයේ මූලික ඇඟවුම් යෞවනයන්ට බලපාන ආකාරය වැනි මූලික කරුණු අමතක කර දමා ඇති බව පෙනේ. ඔහු සඳහන් කළ පරිදි, “යමෙකුගේ තරුණ විය යනු සෑම දෙයක්ම සොයා බලන්නට සහ අත්හදා බලන්නට යොමුවන කාලයයි. පාසල මගින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ වෘත්තීය හැකියා සහ වගකීම් සොයා ගැනීමට උපකාර කළ යුතු අතර, හුදෙක් කරුණු සහ තාක්‍ෂණික දැනුමෙන් ඔවුන්ගේ මනස අවුල් නොකළ යුතුය; එය ඔවුන්ට බියෙන් තොරව, සතුටින් හා ඒකාග්‍රව වර්ධනය විය හැකි භුමියක් විය යුතුය.”[2] පුද්ගලයින්ගේ සමාජ සංචලතාව දියුණු කරනවාට අමතරව කන්නන්ගර ප්‍රතිසංස්කරණ මගින් සැබවින්ම බලාපොරොත්තු වූයේ ද මේ ආකාරයේ පුළුල් අධ්‍යාපනයක් ය.

ශ්‍රී  ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයට ඇති අවකාශ

කරුණානායකගේ ඇතැම් රචනා තුළින් මතුවන දෙවන තේමාව වන්නේ, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කිරීමය. ඔහුගේ සාමාන්‍ය ස්ථාවරය නම්, රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයට ඉටු කිරීමට කාර්යභාරයක් ඇති බවයි.  අප මැනවින් දන්නා පරිදි, මෙම ස්ථාවරය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන බොහෝ විට ඝෝෂාකාරී වූ වාද විවාදවලදී  කිසිලෙසකින් හෝ ජනප්‍රිය වූ ස්ථාවරයක් නොවේ. අප රටේ බොහෝ අධ්‍යාපනඥයින් තර්ක කරන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීමේ දී සහ ලබාදීමේදී  දැරිය යුතු පිරිවැය සපයා ගැනීම මුළුමනින්ම රජයේ වගකීමක් විය යුතු බවයි. මා ද මේ ස්ථාවරය සමග එකග වෙමි. එනමුත් එසේ එකග විය හැක්කේ, සෑම මට්ටමකම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ගුරුවරුන්ගේ නිපුණතාව, එකී අධ්‍යාපනයට ප්‍රවේශවීමේ ඇති සමානාත්මතාවය සහ අවසාන වශයෙන් විශ්වවිද්‍යාල විසින් සපයනු ලබන අධ්‍යාපනය මගින් පටු අදහස් කරපින්නා ගත් තරුණ පරම්පරාවක් වෙනුවට ව,ඩාත් පුළුල් ලෙස  රට වැසිභාවය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහතික කිරීමේ වගකීම ද රජය විසින් භාරගන්නා තාක් කල් පමණි. නමුත් මෙම පරමාදර්ශ ඉටු කිරීමට රජයට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමේ අත්දැකීම්වලින් අපි මැනැවින් දනිමු. එවැනි තත්ත්වයක් තුළ, මුළුමනින්ම රජයේ පාලනය යටතේ පවතින උසස් අධ්‍යාපනයක් පිලිබඳ මන්ත්‍රය පුන පුනා ජපකිරීම අර්ථවත් නොවේ. කරුණානායක ශ්‍රී ලංකාව සඳහා යෝජනා කරන්නේ,  ඔහු විසින් ‘දේශීය ආකෘතියක්’ ලෙස හඳුන්වා දී ඇති, රට තුළ ක්‍රියාත්මක කළ හැකි පෞද්ගලික විශ්වවිද්‍යාල අංශයකි. එහෙත් මෙම යෝජනාව තුළ පවා රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමට ඔහු අපේක්ෂා නොකරයි. ඔහු ඒ වෙනුවට යෝජනා කරන්නේ, රාජ්‍ය පද්ධතිය සමගම ක්‍රියාත්මක වන, ඊට සමාන්තර පෞද්ගලික පද්ධතියකි.

පෞද්ගලික අධ්‍යාපනයට පාක්ෂිකව කරුණු දැක්වීමේදී  කරුණානයක සීමා රහිත පුද්ගලීකරන ක්‍රියාවලියක් වෙත නැඹුරු නොවේ. ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ, රටේ උසස් අධ්‍යාපනය නගාසිටුවීම සඳහා බුධිමත් ලෙස පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීමෙන් රටේ උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම සමාජ සාධාරණත්වය ලඟාකර ගත හැකි  ක්ෂේත්‍ර ද පුළුල් කළ හැකිය යන අදහසයි.  1977 න් පසු ශ්‍රී ලංකාවේ සිදුකල වෙලඳපොල ලිහිල්කරණ ක්‍රියාවලිය නිසා ජාතික ආර්ථිකයේ බොහෝ අංශවල පුද්ගලික ප්‍රාග්ධනය ආයෝජනය කිරීම ඇරඹී තිබේ. සෞඛ්‍ය අංශය ඉන් එකකි. පාසල් මට්ටමේ අධ්‍යාපනය සහ විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා මූලික මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා දීම (college level training) සම්බන්ධයෙන් ද  පෞද්ගලික අංශයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. රටක ආර්ථික ප්‍රතිපත්ති ධනවාදය වැලඳගන්නා සන්දර්භයක් තුළ, එහි ජනතාවගෙන් බහුතරයක් ද මේ ප්‍රවේශයට කැමැත්ත දක්වන්නේ නම්, උසස් අධ්‍යාපනය වැනි තෝරාගත් විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් මෙම ප්‍රවේශ  බලනොපානු ඇතැයි අප නොසිතිය යුතුය. එවැනි ආස්ථානයක් හුදෙක් බුධිමත් ආස්ථානයක් නොවේ. එමෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණයට විවර කිරීම යන්න අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය අසමාන වීමක් ලෙස සැලකීමට හේතුවක් නැත.  එවන් ප්‍රවේශයකින් මතුවිය හැකි අහිතකර බලපෑම් රාජ්‍ය ප්‍රතිපත්ති මගින් පාලනය කළ හැක. මේවා අතර,  පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුල්වීමට වත්කම නොමැති සිසුන් සඳහා ශිෂ්‍යත්ව හා  මුල්‍යාධාර ක්‍රම අනිවාර්ය කිරීම ආදිය ඇතුළත් විය හැක. ඇත්ත වශයෙන්ම, එවැනි යෝජනා ක්‍රම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය මුල්බැසගත් ලෝකය අන් රටවල සාර්ථකව අත්හදා බලා ඇති බව පැහැදිලිය. මෙම අදහස් සමුදාය ශ්‍රී ලංකාවේ පොදු කතිකාමය අවකාශය තුළ දැඩි සාංකාවක් සහ ඝෝෂාකාරී තර්ක විතර්ක ඇතිවූ කතිකාවක් බවට පත් වී තිබුණ ද එතුළ සමාන්‍යයෙන් ආවර්ජනීය සම්භාෂණය බෙහෙවින් විරල බව පැහැදිලිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව කරුණානායකගේ රචනා අපව යොමුකරන්නේ මේ අතිශයින් කලහකාරී විවාදය වෙතට ය. යමෙකුට ඔහුගේ ස්ථාවර සමඟ එකඟ නොවී සිටිය හැක. එහෙත්, මේ කාරණය සම්බන්ධයෙන් ඔහු ලියන දේ පිළබඳව ගැඹුරින් සිතාබැලීම අතිශයින් වැදගත්ය.

උසස් අධ්‍යාපන හා  චින්තනමය අවකාශයක් වශයනේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්වය සහ භූමිකාව

කරුණානයක සිය රචනා තුළින් කියවන්නට උත්සාහ දරන තවත් වැදගත් කතිකාමය අඩවියක් නම්, ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ ආයතනික පද්ධතියක් වශයෙන් විශ්වවිද්‍යාලයේ තත්ත්වය සහ භූමිකාව කුමක් වේ ද යන කාරණයයි. එහෙත් ඔහුගේ ආවර්ජනය විහිදී ඇත්තේ, විවිධ අංශවල උසස් තාක්ෂණික පුහුණුව සඳහා විශ්වවිද්‍යාල නිසි ආයතන පද්ධතියක් ලෙස ක්‍රියා විය යුතු ආකාරය පිළබඳව පමණක් නොවේ. මෙය නිසැකවම විශ්වවිද්‍යාලවලට තත්කාලීනව ඉටු කළ හැකි හා ඉටුකළ යුතු වැදගත්ම කාර්යයන්ගෙන් එකකි. එනමුත් ඔහු මෙහිදී අවධාරණය කරන වැදගත්ම කාරණය නම්, විශ්වවිද්‍යාල ආවර්ජනය හා චින්තනය සඳහා ද අවකාශයක් විය යුත්තේ කෙසේ ද යන්න පිළබඳවය. ශ්‍රී ලංකාව ද ඇතුළු අන් බොහෝ රාජ්‍යයන් සැලකිය යුතු අවධානයක් යොමු කර ඇත්තේ, විශ්ව විද්‍යාලවල ඉහත සඳහන් කළ පළමු අර්ථයයේ  කාර්යභාරය ගැන ය. එනම්, ඒවායින් සපයන තාක්ෂණික පුහුණුව පිළිබඳවය. සාම්ප්‍රදායිකව, විශ්වවිද්‍යාල මගින් සපයන කාර්මික අධ්‍යාපනය  සැම විටම අවධානය යොමු කර ඇත්තේ මේ අංශය වෙතය. එහෙත් සමකාලීනව මේ අදහස අධික-අවධාරණයකට ලක්වීම නිසාත්,  විශ්වවිද්‍යාල පිළබඳ එම සීමිත තේරුම්ගැනීම  අද බොහෝ දෙනාගේ ජනප්‍රිය පිළිගැනීම වී තිබෙන නිසාත්, විශ්වවිද්‍යාල පිළිබඳ මෙම අධිපතිවාදී අදහස ට පුළුල් රාජ්‍ය අනුග්‍රහයක් ලැබී තිබෙන නිසාත්, විශ්වවිද්‍යාලය ආවර්ජනය සහ වගකිවයුතු සමාජ හා දේශපාලන විවරණයට විවර වූ අවකාශයක්  ලෙස බොහෝ කාලයක් මුළුලේ  වර්ධනය වී තිබූ පරමාදර්ශය මේ වන විට පිරිහී ගොස් ඇත. විශ්වවිද්‍යාල විසින් තාක්ෂණික නිපුණතා ලබා දිය යුතුය යන කාරණය සමග  කරුණානායක එකඟ වේ. වෛද්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙස ඔහු කරන්නේ ද මේ කෘත්‍යය බව ඔහු අමතක නොකරයි.  එනමුත්, මේ තාක්ෂණික නිපුණතා ලබා දියයුත්තේ විශ්වවිද්‍යාල  තුළ ආවර්ජනය සඳහා තිබිය යුතු අවකාශය බිල්ලට දීම මගින් යැයි ඔහු විශ්වාස නොකරයි. ඔහුගේ මතය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටින ඔහුගේ මෙන්ම මගේත් බොහෝ සගයන්ගේ අදහස් වලට වඩා වෙනස්ය. පැහැදිලවම, රජය මෙන්ම ඔවුන් බොහෝ දෙනා ද අදහන්නේ,  විශ්වවිද්‍යාල වෙළඳපොළේ අවශ්‍යතා සඳහා පුද්ගලයින් පුහුණු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවයි. සරසවි සිසුන් බොහෝමයකගේ මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගේ  ආකල්පය ද මෙය වේ. බෙහෙවින් අවාසනාවනත කාරණයක් වන්නේ, 21  වන සියවසේ වර්තමාන මොහොත වන විට, අප බොහෝ දෙනෙකුට විශ්වවිද්‍යාලයක් සහ කාර්මික විද්‍යාලයක් අතර ඇති මූලික වෙනස අමතක වී තිබීමය.

කරුණානයක විසින් ‘University and Society: To Tango or Not’ යන පරිච්ඡේදයෙන්  පරමාදර්ශී විශ්වවිද්‍යාලය පිළිබඳ ආචාර්ය සර්වේපල්ලි රාධක්‍රිෂ්ණන්ගේ අදහස් අප වෙත ගෙනෙන්නේ විශ්වවිද්‍යාලය ආවර්ජනය සඳහා අත්‍යාවශ්‍ය ස්ථානයක්ය සන අදහස පෙරදැරි කරගෙනය. ඉන්දීය ශාස්ත්‍රඥයෙකු සහ දාර්ශනිකයෙකු මෙන්ම එරට ප්‍රථම උප ජනාධිපතිවරයා හා දෙවන ජනාධිපතිවරයා ද වූ ආචාර්ය රාධක්‍රිෂ්ණන් ට අනුව පරමාදර්ශී විශ්වවිද්‍යාලය යනු, “මනසෙහි නිදහස හෝ චින්තනයේ නිදහස ප්‍රවර්ධනය කිරීමේ” ස්ථානයක් විය යුතු අතර, එය “වරප්‍රසාද ආරක්ෂා කිරීම හෝ අනුකූලතාවය ගොඩනගන” අවකාශයක් නොවිය යුතුය.[3] විසිවන සියවසේ මුල් භාගයේදී මහා ගත්කරු රබීන්ද්‍රනාත් තාගෝර් ඉදිරපත් කළේ ද එම අදහස ම ය. ඔහුට අනුව, “විශ්වවිද්‍යාල කිසි විටෙකත් හුදෙක් දැනුම රැස් කිරීම හා බෙදා හැරීම සඳහා වූ යාන්ත්‍රික සංවිධාන බවට පත් නොකළ යුතුය. විශ්වවිද්‍යාල තුළින් ජනතාව ඔවුන්ගේ බුද්ධිමය ආගන්තුක සත්කාරය අන්‍යයන්ට ලබා දිය යුතුයි; විශ්වවිද්‍යාල මගින් තම මනසේ ඇති බුද්ධිමය ධනය අන් අයට ලබා දිය යුතුයි;  මේ සියල්ලට සමගාමීව, ලෝකයේ සෙසු රටවලින් බුද්ධිමය තෑගි ලබා ගැනීම සඳහා  සාඩම්බර අයිතියක් ද ඔවුන් උපයා ගත යුතුය.”[4] මෙම අදහස් හුදෙක් හණමිටි අදහස් ගොන්නක් පමණක් බවට තර්ක කර,  පහසුවෙන් බැහැර කළ හැක. එසේ කර, තත්කාලීන  විශ්වවිද්‍යාලයේ කාර්යභාරය හුදෙක් තාක්ෂණික අධ්‍යාපනයේ අවශ්‍යතා සපුරාලීම පමණක් යැයි ද තවදුරටත් තර්කකළ  හැක. සැබවින්ම අපට බොහෝ විට ඇසෙන්නේ ද මෙවන් ඝෝශාවකි.  මෙම ඌනිත අදහසට බොහෝ විට සහාය ලැබෙන්නේ විශ්වවිද්‍යාල තුළින්ම සහ රටේ පාලන ව්‍යුහය තුළිනි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ සමස්ථ බුද්ධිමය වටිනාකම හීන වී ඇත්තේ මෙවැනි චින්තනමය දරිද්‍රතාවන් නිසාය. එසේ වුව ද තෝරාගත් තාක්ෂණික ක්‍ෂේත්‍ර මගින් ලබා දෙන දැනුම ලොව අන් ප්‍රදේශවල ඇති ආයතනවලින් ලබාදෙන දැනුමට සමාන වියහැකි බව අප අමතක නොකළ යුතුය. කරුණානායක විසින් මෙම වැදගත් චින්තනමය වාද විෂයන් සිය රචනා මගින් ප්‍රසිද්ධ අවකාශයේ සිදුවෙන විවාදවලට ගෙනැවිත් තිබීම සැබැවින්ම අගය කළ යුතු කරුණකි.  

කරුණානායකගේ රචනා එකතුව ප්‍රසිද්ධ අවකාශය තුළ සංසරණයට පිවිසෙන්නේ ඔහුගේ පුහුණුව, සමාජ පසුබිම හා දෘෂ්ටිවාදාත්මක ස්ථාවර හා බැඳී ඇති ආවර්ජනීය අදහස් සමුදායක් ලෙසය. එසේම, අදහස් එසේ සමාජගත්වන්නේ,  ශ්‍රී ලාංකේය සමාජය සහ විශේෂයෙන් රටේ පුළුල් අධ්‍යාපන ක්‍රමය ගැඹුරු හා බහු-විද අර්බුදවලට මුහුණපා සිටික අවස්ථාවකය. විශ්වවිද්‍යාල ගුරුවරයෙකු ලෙස, මෙම දුෂ්කර සන්දර්භය තුළ මගේ මතකයට එන්නේ රබීන්ද්‍රනාත් තාගෝර් විසින් බොහෝ කලකට පෙර ගෙනහැර දැක්වූ පහත දැක්වෙන වචන ය: “මගේ වචනවලින් හා කෘතිවලින් මා ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේ, අධ්‍යාපනයේ ඇති එකම අරුත හා අරමුණ නිදහස සමග බැඳී ඇති බව පෙන්වාදීමටය. එනම්, විශ්වයේ සත්‍යයන් පිළබඳ ඇති මෝහයෙන් නිදහස් වීම සහ මිනිස් ලෝකය සමඟ අප කරන  සන්නිවේදනයේ දී මතුවන ආශාවන්ගෙන් සහ අගතීන්ගෙන් නිදහස් වීම යි.”[5] දේශපාලනයේ නිශ්චිත භාවිතයක් ලෙස ඔහුගේ අදහස්, සිතිවිලි සහ දෘෂ්ටිවාදාත්මක ස්ථාවර ඔහුට වඩාත් හුරුපුරුදු සහ සුවපහසු අවකාශ වන ශාස්ත්‍රාලයීය අඩවියෙන් සහ වෛද්‍ය වෘත්තියෙන් ඔබ්බට ගෙනගොස්, ඒවා ප්‍රසිද්ධ කතිකාවට ගෙන ඒමෙන්, මට පෙනෙනාකාරයට කරුණානායක විශ්වවිද්‍යාල ගුරුවරයෙකු ලෙස උත්සාහ කර ඇත්තේ අපගේ යුගයේ කඩාකප්පල්කාරී හා ආධිපත්‍යධාරී දේශපාලනයට වඩා ගත්කරු තාගෝර්ගේ ඉහත දැක්වූ  වචනවලට සමීපව ජීවත් වීමට උත්සාහ කිරීමට බව යි.

(මේ ලිපිය මහාචාර්ය පණ්ඩුක කරුණානායකගේ Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections  කෘතියට සැපයූ පෙරවදනේ සිංහල පරිවර්තනයයි)


සටහන්

[1]. https://thoughtcatalog.com/ayodeji-awosika/2015/04/25-quotes-that-accurately-represent-the-problems-with-our-education-system/

[2].  . https://www.goodreads.com/work/quotes/343644-education-and-the-significance-of-life

[3]. R. Radhakrishnan, 2005.Foundation of Civilisation: Ideas and Ideals, 2005.  New Delhi: Orient Paperbacks.

[4]. Tagore, Rabindranath. 2004. ‘Ideals of Education.’ In, Selected Essays. New Delhi: Rupa Publications, pp. 78.

[5]. Tagore, Rabindranath. 2004. ‘Ideals of Education.’ In, Selected Essays. New Delhi: Rupa Publications, pp. 329.

Total
1
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

තත්කාලින ශ්‍රී ලාංකේය කලා භාවිත ඔස්සේ ජෝර්ජ් කීට් කියවීම

Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය). යශෝධරා දල්මියා. නව දිල්ලිය: රව්ට්ලෙජ්, 2017. පිටු: 216. ISBN 978-1-138-03814-1. මිල: ඉන්දියානු රුපියල් 795.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: අනෝලි පෙරේරා අතිශයන් වැදගත් 20 වන සියවසේ චිත්‍ර ශිල්පියෙකු වන ජෝරජ් කීට් පිලිබඳ යශෝධරා දල්මියාගේ කෘතිය ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වන්නේ එවැනි පුළුල් බුද්ධිමය උත්සාහයක් ඔහු ජීවත් වූ ශ්‍රී ලංකාවේද බෙහෙවින් විරල බව සැලකිල්ලට ගත් විටය. මා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ පෘතුගීසි යුගය පිලිබඳ කියවීමක්

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia. ((වි)සම්බන්ධිත අධිරාජ්‍යය: අධිරාජ්‍යවාදී පෘතුගාලය, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා ආසියාවේ හැබ්ස්බර්ග් ආක්‍රමණයක නිර්මාණය). සොල්ටාන් බීඩර්මන්. ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2018. පිටු: 255. ISBN: 9780198823391, doi: 10.1017/S002191181900233X (රෙදි කවරය සහිතව).  ___________ විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලයපරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න (Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතිය මගින් සොල්ටාන් බීඩර්මන් ගවේෂණය කරන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල ගීතයේ හා කාව්‍යයේ දේශපාලනය

Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය). ගැරට් ෆීල්ඩ්. ඕක්ලන්ඩ්: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 213. ISBN: 9780520294714 (මෘදු කවරය සහිතව). ඇමරිකානු ඩොලර් $34.95. doi: 10.1525/luminous.27   විමර්ශනය: ප්‍රවීන් තිලකරත්න, ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය සිංහල ජනප්‍රිය ගීයේ රසිකයන්ට මෙන්ම එහි ඉතිහාසය, රසාස්වාදය හා විචාර කලාව හදාරන්නන්ට ගීයක පදවල ඇති වැදගත්කම මෙන්ම ගී පද හා කාව්‍යය අතර ඇති සමීප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උඩරට රාජධානියේ සමාජ-සංස්කෘතික අතීතය පිළිබඳ කියවීමක්

Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 195. ISBN 978-955-7743-060-6. මිල: ශ්‍රී ලාංකේය රුපියල් 1, 200.00 (මෘදු කවරය සහිතව). ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය ගනණාත් ඔබේසේකර විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පළකරන ලද කෘති දෙකෙන් නවතම කෘතිය වන්නේ Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොන්ටෙන් මෙයසූ සිංහලෙන් කියවීමේ උත්සාහයක්

පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්. කොන්ටෙන් මෙයසූ (Quentin Meillassoux විසින් රචිත After Finitude: An Essay on the Necessity of Contingency කෘතියේ සිංහල පරිවර්තනය. පරිවර්තක: වංගීස සුමනසේකර). කොළඹ: තීර්ථ ප්‍රකාශන, 2019. පිටු 360. මිල: රුපියල් 700.00. ISBN 978-955-4940-03-1. ———- විමර්ශනය: රංග මනුප්‍රිය දාර්ශනික කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම බොහෝ විට පරිවර්තකයාට, ප්‍රබන්ධ රචනාවක් පරිවර්තනය කරන තරම් පහසු කටයුත්තක් නොවීමට ඇති ඉඩ වැඩිය. අනෙක් අතට, මෙරට දාර්ශනික සාහිත්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසක් හඳුනා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අතීතය පිලිබඳ දේශපාලනය

දේවසිරි, නිර්මාල් රංජිත්. ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක්. දෙහිවල: විදර්ශන. 2019. ISBN -978-624-5084-17-4, පිටු: 269. මිල රුපියල් 950.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: සමල් විමුක්ති හේමචන්ද්‍ර ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව දෙස්විදෙස් ශාස්ත්‍රඥයන් විසින් 90 දශකයෙන් මෙපිටට ලියා ඇති ශාස්ත්‍රීය ලේඛන පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී අපට මඟ නොහැර යා නොහැකි යථාර්තය වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන් ලියැවී ඇති ලේඛනවල ඇති සාපේක්‍ෂ ගුණාත්මකභාවය සහ සිංහල භාෂාවෙන් ඇති ලේඛනවල සාපේක්‍ෂ දරිද්‍රතාවයයි. විශේෂයෙන්ම අන්තර්ජාතික දැනුම් පද්ධතිය තුළ වර්ධනය වූ ව්‍යුහවාදය, පශ්චාත්ව්‍යුහවාදය,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්

The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්). හර්ෂන රඹුක්වැල්ල. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය, 2018. පිටු: 178. ISBN: 978-1-78735-128-8. මිල: පවුම් 35.00 (ඝන කවරය සහිතව); පවුම් 15.00 (මෘදු කවරය සහිතව). කෘතියේ පී.ඩී.එෆ් පිටපතක් මේ පිවිසුම ඔස්සේ නොමිලේ ලබාගත හැක. ___________ විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය ජාතිකත්වය, ජාතිකවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය වැනි සංකල්ප ශ්‍රී ලාංකේය අධ්‍යයනික ප්‍රජාවට ආගන්තුක සංකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ  පුලුල් කියවීමක් 

Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World (ජාතියෙන් ගලවා ගත් පසු:  අනගාරික ධර්මපාල සහ බෞද්ධ ලෝකය). ස්ටීවන් කෙම්පර්. චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2015.  පිටු: 368. මිල; අමෙරිකානු ඩොලර් $69.95 (ඝන කවරය සහිතව). ISBN 9780226199078 ___________ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය  ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ පසුබිමක හැදී වැඩුන අයෙකුට අනගාරික ධර්මපාල තුමා ( 1864-1933) කිසිවිටෙකත් මගහැරිය හැකි චරිතයක් නොවේ.  අප සියලු දෙනාම දෛනික සමාජානුයෝජනය තුළින් මැනවින් ඉගෙනගෙන ඇති පරිදි, එතුමා ශ්‍රී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත් විජිත විරෝධී ජාකොබ් හාෆ්නර් ගේ උත්කෘෂ්ට ලෝකය). සිංගප්පූරුව: සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2020. පිටු 200. මිල: සිංගප්පූරු ඩොලර් 24.00. ISBN: 978-981-3250-82-6 විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Life Under the Palms යන මෙම කෘතිය  ජාකොබ් හාෆ්නර් නම් ජර්මානු සම්භවයක් සහිත ඕලන්ද ජාතික සංචාරකයාගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මානව විද්‍යා පෙළපොතක් පිළිබඳ පසුවදන​ක්

Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත) රැ අමෙරිකානු ඩොලර් 80.00 (විද්‍යුත් පිටපත). ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය මා මහාචාර්ය ආරී ආරියරත්නගේ Key Concepts of Cultural Anthropology යන මානව විද්‍යා පෙළපොත කියවූයේ එවන් කෘතියක් බොහෝ කලකින් කියවා නැති සංදර්භයක් තුළය. ශාස්ත්‍රීය හා ශාස්ත්‍රාලයීය කතිකා තුළ පෙළපොතක් විමර්ශනය කරන අවස්ථා…
වැඩි විස්තර පරිශීලනයට