ප්‍රජාතන්ත්‍රවාදය යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පමණ ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය  

අරගලයේ ශක්තිය මිනිසුන් විසින් පෙන්වා දෙමින් සිටින මොහොතක මේ සටහන ලියමි. පවතින සටන් පාඨ අභියෝගයට ලක්කිරීමේ වරප්‍රසාදය මට ඇති බව මම නොසිතමි. ඒ වෙනුවට, ඒ සටන් පාඨ ප්‍රවාහයට එක්වෙමින්, සියල්ලන්ගේ ම සටන් පාඨවලට මගේ සටන් පාඨ මුසු කිරීමට සිතමි. එමෙන්ම, ජන මනස තුළ පාලකයා විසින් ගොඩ නඟන ලද මිලිටරි රාජ්‍ය පිළිබඳ අදහස අභියෝග කිරීම මාගේ සටන් පාඨවල මූලික අරමුණක් වනු ඇත. මේවා ‘මාගේ’ සටන් පාඨ ලෙස හැඳින්වුවත්, එම සටන් පාඨවලට මා එළඹි සිතුවිලි ක්‍රියාවලිය, සිය දහස් ගණන් මිනිසුන්ගේ සංවාදවල ප්‍රතිඵලයකි.

නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂය බොහෝ විට කියා සිටින්නේ ඔවුන් ‘ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ’ ආණ්ඩුවක් බවයි. ආණ්ඩු යනු රාජ්‍යය පාලනය කරන යාන්ත්‍රණයක් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදීව පත්වීම යනු, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින් සිටිනවා යන්න නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වීම යනු, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බැඳී සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර, එය නිරන්තර වෙනස්වීම්වලට ලක්වන ඉතාම බිඳෙන සුළු අවකාශයක් වෙයි. රාජ්‍ය පරිපාලනය සඳහා වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම වෙනුවට, මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇති අයෙකු ලෙස මම, පාර්ලිමේන්තුවෙන් පිටත පවතින ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට සිතුවෙමි.

ජනතාව අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රති-අර්ථකතනය කරමින් සිටිති. එම ප්‍රති-අරුත්ගැන්වීම දශක ගණනාවක් තිස්සේ මිලිටරිකරණය වූ සහ පාලක වුවමනා මත විනයගත කරන ලද සමාජයකට එහි ආදීනව දරාගත නොහැකි නිසා ඇතිවූ  බවක් ඇතැම් විට හැඟී යයි. එහි ඉතාම ආසන්න උදාහරණය වන්නේ ජෙහාන් අප්පුහාමි කුරිසිය කරමත තබාගෙන ආ පාද චාරිකාව විවේචනය කිරීමයි. එය විවේචනය වූයේ අරගලය කලාකරුවාගේ ‘වේදිකාවක්’ බවට පත් වී ඇති බව කියමිනි. මා සිතන ආකාරයට වැදගත් වන්නේ ජෙහාන් අප්පුහාමි රංගන ශිල්පියෙකු වීමේ වරප්‍රසාදය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ වේදිකාව මත රඟ දැක්වීමය. එමෙන්ම වැදගත්ම කාරණය වන්නේ, එය ඉතා අසීරු, ජීවිතය පරදුවට තබා සිදුකරනලද අතිශය අවිහිංසාවාදී සහ ප්‍රබල රංගනයක් වීමය. රංගන ශිල්පියා රඟන්නේ කාගේ වේදිකාවේ ද යන්න වැදගත්ය. ජෙහාන් අප්පුහාමි රංගනයේ යෙදුණේ ජනතාව වෙනුවෙන් ජනතා වේදිකාවේය. කලාකරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළහැකි උපරිම කර්තව්‍යය එයයි.

එමෙන්ම, කවුරුත් අසන මූලික ප්‍රශ්නයක් වන්නේ දැනට පවතින බල කඳවුර වෙනස් නොවීම අරගලය අසාර්ථක වීමේ ලක්ෂණයක් වේද යන්නයි. කිරන් ග්‍රේවාල් ගොටාගෝගම මහජන සරසවියේදී දැක්වූ අදහස් කිහිපයක් මෙතැනදී උපුටා දක්වමි. මිලිටරි රෙජීමය බලයට පත්වීමට පෙර ජනතාවට අවශ්‍ය වූයේ පාලකයා විසින් තමුන්ගේ ‘විනය’ ඇති කිරලීමයි. නමුත් ග්‍රේවාල් ප්‍රකාශ කළේ, ජනතාවට ‘විනය’ නැතිකම පිළිබඳ පාලකයා විසින් ගොඩනංවන ලද එම ආඛ්‍යානය හෝ කතාන්දරය සම්පුර්ණයෙන් ම අසත්‍යයක් බවයි. ඒ වෙනුවට, ඇය පැවසුවේ, මේ මොහොතේ පාලකයෙකුගෙන් තොරව තමන්ගේ ජීවිතය ‘විනයානුකුලව’ පවත්වාගෙන යන අයුරු ජනතාව විසින් පාලකයාට උගන්වමින් සිටින බවයි. එනම්, අත්‍යාවයශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, තෙල් සහ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීම මෙන්ම, දේපොළ විනාශ කිරීම වෙනුවට, උද්ඝෝෂකයින් විසින් නිර්මාණශීලී අවකාශ බිහිකර ඇත: පුස්තකාල, දරුවන් සඳහා අවකාශ, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සරසවි නිර්මාණය කර ඇත. අරගලයේ ජහග්‍රහණ මේවාය.

‘ගෝහෝම් ගෝටා’ යන සටන් පාඨය හුදු තනි පුද්ගලයෙකුට එරෙහි සටන් පාඨයක් නොවෙයි. මෙම අරගලය, ‘තම කටින් පිටවන වචනය නීතිය වන්නේය’ ලෙස ප්‍රකාශ කරමින්, තනි පුද්ගලයෙකු විසින් ආධිපත්‍යය උසුලන ලද ක්‍රමයකට එරෙහිව මිනිසුන් ගැසූ කැරැල්ලකි. මිනිසුන් තම ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ කරන්නේ එලෙසිනි. තවත් සටන් පාඨයක් වූයේ ‘සාටක ඝාතක’ යන්නයි. මෙය පවුලක් විසින් තම හිතුමතයට පාලනය කරන සහ මර්ධනය කරන යාන්ත්‍රණයක් නැතහොත් රාජ්‍ය ත්‍රස්තවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ගේ සටන් පාඨයයි. එනිසා, මෙම සටන් පාඨ හුදු තනි පුද්ගලයෙකුට හෝ පවුලකට එරෙහි සටන් පාඨ ලෙස පෙනී ගියත්, ඒවා එවැනි පවුල් සහ පුද්ගලයින් නිර්මාණය වූ ක්‍රමයට විරුද්ධව  පැන නඟින සටන් පාඨ ලෙස වඩාත් නිවැරදිව තේරුම් ගත හැක.

පොරක් වීමට නොව අරගලයේ පුරුකක් වීමට!

මෙම අරගලය දිනක දේශපාලන පරිපාලන ව්‍යුහයක්, නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දක්වා පරිවර්තනය වනු ඇත. එවිට ඕනෑම තක්කඩියෙකු බලයට පත්වීම වෙනුවට, මෙම සටන් පාඨවලින් අරුත්ගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නියෝජිතයින් පත්වේය යන අපේක්ෂාව අප සියලු දෙනාටම ඇත. ජයදේව උයන්ගොඩ ගෝටාගෝගම මහජන විශ්වවිද්‍යාලයේදී ප්‍රකාශ කළ ආකාරයට, මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මොහොතකි. ඒ කියමන සමග සපුරා එකඟ වන මම කොන්දේසි විරහිතව අරගලයට සහාය වෙමි. අරගලය තුළ ඇද පලුදු තිබෙනු ඇත, වැරදීම් සිදුවනු ඇත. නමුත්, වැදගත් වන්නේ අරගලය සිදු වීමයි; මිනිසුන් සංවාදයේ හා භාෂණයේ යෙදීමයි; ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා පුළුල් කිරීමයි. එමෙන්ම, ඒ සමගම  එසේ ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිර්මාණශීලීව සහභාගී වීමයි.

පොරක් වීමට නොව අරගලයේ පුරුකක් වීමට!

අරගලයට ජය!

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට