ප්‍රජාතන්ත්‍රවාද​ය, කම්කරු ​​ව්‍යාපාරය හා 20 වන සංශෝධනය

​~ ​ඉෂංඛා  සිංහආරච්චි 

මෙරට කම්කරු ​​ව්‍යාපාරයේ  කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ​වූ බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය  ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ​,​  කර්මාන්ත  හා පොදු සේවක සංගම් ​මූලස්​තානයේදී පැවති සමරුවේදී මේ දිනවල කථාබහට ලක්වෙන 20 වැනි ​​ව්‍යවස්ථා සංශෝධනය ​පිළිබ​ද බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බවක් දක්නට ලැබිණි. 1978 දී  ජේ.​ ​ආර්​.​  ජයවර්ධන ආණ්ඩුව  විධායක බලතල සහිත  ​ජනාධිපති ධුරයක් මෙර​ට ​ව්‍යවස්ථාව​ට  හදුන්වා දීමේදී  වෘත්තීය සමිතියක් ලෙස  බාලා තම්පෝ ප්‍රමුඛ  ලංකා වෙළඳ,  කර්මාන්ත  ​හා පොදු  සේවක සංගමය  දැක්වූ  විරෝධය  ඉහළින්ම  සනිටුහන් කළ බවත්,  එතැන් පටන් අද  දක්වාම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රමුඛ ජේ. ආර්. ජයවර්ධන​ගේ  ව්‍යවස්ථාවට එම වෘත්තීය සමිතිය සිය ප්‍රතිපත්තියක් ලෙසින් විරෝධය දක්වන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එහෙත් ඒ ගැන විමර්ශනයේදී  අද  එම වෘත්තීය සමිතියේ  සාමාජිකත්වයට පමණක්  නොව  සමස්ත කම්කරු  ව්‍යාපාරයම  තුළ ද විධායක ජනාධිපති  ක්‍රමය කෙරෙහි  විරෝධයක් හෝ  ඒ  සඳහා විටින්  විට  ගෙන  එනු  ලබන සංශෝධන කෙරෙහිවත් දැනුවත් බවත් තියේ යැයි සැක සහිතය. 

ලලිත්- ගාමිණී වෙඩි මුරය

විධායක ජනාධිපතිධුරයේ කෘරත්වය  කෙසේද යන්න මෙරට කම්කරු ව්‍යාපාරය 1980  ජූලි වර්ජනයේදී  මනාව අත් විඳි බවට සැකයක් නොමැත. ඉන්පසු පැනනැ​ගි  කම්කරු හා සමාජ අරගලවලදී ද මේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයේ පල විපාක ඔව්හු අත්දුටුහ.  ආර්. ​ප්‍රේමදාස  ජනාධිපතිවරයාගේ පාලන සමයේදී  විධායක ජනාධිපති සතුවූ අසීමිත බලතලවලට  එරෙහිව පළමු වෙඩිල්ල පුපුරා ගියේ ඔහුගේම  පක්‍ෂ සගයන්වූ  ලලිත් -ගාමිණි ඇතුළු පිරිසගේ බිඳීයාම මගිනි. ඉන්පසු  විධායක  ජනාධිපති ධුරය  අහෝසි කිරීම මැතිවරණ දේශපාලනයේ ප්‍රමුඛතම සටන් පාඨයක් විය. 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංගත්  ඇය​ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ගාමිණී දිසානායකත් සිය මැතිවරණ වේදිකාවේ  සපථ කර සිටියේ මේ අසීමිත බලතල හිමි විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. චන්ද්‍රිකා කුමාරතුංග විසින්  ඒ පිළිබඳව ලිඛිත පොරොන්දුවක් ශ්‍රීලංකා ප්‍රගතිශීලි පෙරමුණේ  ජනාධිපති  අපේක්ෂකයා වූ  ජනතා විමුක්ති පෙරමුණේ  නිහාල් ගලප්පත්ති වෙත ලබා දුන්නාය. එහෙත්  මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇය එම පොරොන්දුව ඉවත දැමුවාය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ජාතික ප්‍රශ්නයට විසදුම් පෙරට දමා, සියලු විධායක බලතල  අගමැතිවරයා වෙත පවරමි​න් තව දුරටත් බලයේ සිටීමේ ඇයගේ උත්සහාය පරාජය වුයේ  රනිල් වික්‍රමසිංහගේ  එක්සත් ජාතික පක්ෂය හා සෙසු  සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයන්ගේ විරෝධය හමුවේය. ඉන්පසුව ද  විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨ​ය  දේශපාලන  වේදිකාවේ  මතු වුවද  එය යටපත් වුයේ  දෙමළ ඊලාම් අරගලයට එරෙහිව දියත් කෙරුණු යුද ප්‍රහාරයන් හේතුවෙනි. යුද්ධය ඉදිරියට කරගෙන යාමට නම්,  විධායකය සතු බලතල ප්‍රයෝජනවත් බව බලයේ සිටියවුන් පමණක් නොව  විධායකය හදුන්වාදීමේදී  ඊට  එරෙහි වූ  වාමාංශිකයන්  ඇතුළු  සෙසු  ආණ්ඩු විරෝධීන් ද   කියන්නට විය. 

ජනපති බලතල කප්පාදුව 

යළිත් විධායක ජනාධිපති සතු බලතල පිලිබඳ කතාබහක් මතුවූයේ  යුද්ධය අවසන්ව,  ඇරඹි  මහින්ද  රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ  දෙවන ධුර කාලයේදීය. ජනාධිපති සතු  මෙකී  අසීමිත බලතල හේතුවෙන්  ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙත වූ බලපෑම් ද  18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ  එතෙක් ජනාධිපති ධුර කාලය දෙවරකින් අවසන් වන්නට නියමිතව තිබු නියමයන් වෙනස් කරමින් තෙවැනි ධූර කාලයක් දක්වා යෑමට හැකි පරිදි නීති සැකසීම  මී​ට හේතු විය. පැන නැගි විරෝධයේ  ප්‍රථිපලයක් ලෙසින්  බලයට පැමිණි  රනිල් වික්‍රමසිං​හ- මෛත්‍රීපාල සිරිසේ​න  හවුල්  පාලනයේ  ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වූ​යේ  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින්  අගමැතිට හා පාර්ලිමේන්තුවට බලතල හිමිවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්  සකස් කිරීමය. එහි අතර  මැද  පියවරක්  ලෙසින්  19 වැනි ව්‍යවස්ථා  සංශෝධනය  හරහා  ජනාධිපති ධුරය සතු අසීමිත  බලතල කප්පාදු  කළේය. එතෙක්  ජනාධිපතිවරයාගේ  අභිමතය පරිදි  පත් කෙරෙන්නට යෙදුණු   මැතිවරණ, රාජ්‍ය සේවා, අධිකරණ, පොලිස්  ආදී  කොමිෂන් සභාවල  වගකීම පාර්ලිමේන්තුවට  පැවරිණි.  ජනාධිපතිගේ ධුර කාලය  වසර පහකට සීමා  කෙරුණු අතර වසරක කාලයකින් අනතුරුව පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමේ  බලය ද  අහෝසි  වී   විධායකය, ව්‍යවස්ථාදායකය  හා  අධිකරණය  තුළ   යම් බ​ල තුලනයක් ඇති විය.

20 වැනි සංශෝධනය  

පාර්ලිමේන්තුවේ තුනෙන්  දෙකක බලයක් සතු  ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව විසින්  ගෙන එනු  ලබන 20 වැනි සංශෝධනය  මගින් යළිත් ස්ථාපිත කරන්නට අදහස් කරන්​නේ    2015 ට  පෙර පැවති අසීමිත  බලයක් හිමි ජනාධිපති ධුරයක් ය.ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය  අතර  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය  මගින් ඇති කරනු ලැබූ යම් බල  තුලනයක් වේ නම්, එය යළිත්   20 වැනි   සංශෝධනය  ඔස්සේ  එක් පුද්ගලයෙක් අත කේන්ද්‍ර  වනු  ඇත. 

මෙරට  වැඩකරන  ජනතාව  ඇතුළු බහුතරයක් වූ  ජනයා  ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අසුනට  ඔසවා  තබන්නේ​ත්, මහ මැතිවරණයෙන්  ඔහුගේ  පාර්ශ්වය​ට තුනෙන්  දෙකේ බලයක්  ලබා  දෙන්නේත්, නීතිය හා  සාමය අකුරට ක්‍රියාත්මක කරමින්  විනය ගරුක සමාජයක්  ස්ථාපිත කරනු ඇතැයි යන පුර්ණ විශ්වාසය මතය. දෙමල ඊළාම් අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමේ යුධ වීරයා  ලෙසින් රටවටා යමින්  “වියත් මග” නම්  ඔහුගේම වූ  ව්‍යාපාරයක් ගොඩ නැගුවේ  ඇතැම් වෘත්තිකයන් හා බහුතරයක් වූ  සන්නද්ධ හමුදා නිලධාරීන්ගෙන් ද සමන්විතවය. ජනාධිපති රාජපක්ෂ කිසිදු දේශපාලන පක්ෂයක් සෘජුව  නියෝජනය නොකරයි. මෙතෙක් විධායක ජනාධිපති ධුරය  අන්තනෝමතිකව හෙබවූ   එහි  නිර්මාපකයා ද වූ  ජේ.ආර්  ජයවර්ධන මෙන්  නොව,  ප්‍රජාතන්ත්‍රවාදී  ආයතන ව්‍යුහයන්  තුළ අත්දැකීම් විරළ  ඔහුට  මිලිටරිමය නිලධාරියෙකු සතු විනය  හා  වැඩ  රටාව  සිවිල්  හා  ප්‍රජාත්නත්‍රවාදී ව්‍යුහයන් තුල වැඩ කිරීමේදී  කෙතරම් දුරට  බලපානු ඇත්දැයි  මේ  මෙහොතේ  විනිශ්චය කළ නොහැකිය.  එහෙත්  පුද්ගලයා  කෙතරම්  යහපත්  වුවද  ඔහුට අසීමිත බලයක්  ඒකරාශි වීම  තුළ අගතිගාමී බොහෝ  දේ  සිදුවිය හැකි  බව  කළාපීයව  මෙන්ම  ජාත්‍යන්තරව ද  ඕනෑ තරම්  නිදසුන්  සොයා  ගත හැකිය.  

කම්කරු  ව්යාපාරය

20 වැනි  සංශෝධනය ඔස්සේ  එක් පුද්ගලයෙක්  වෙත කේන්ද්‍රවන බලය ඔස්සේ  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ තත්වයක්  මතු වේ. විශේෂයෙන්​ම  ස්වාධීන කොමිෂන් සභා  ජනාධිපති කොමිෂන් බවට පත් වීම ගැන වත්  ප්‍රජාත්නත්‍රවාදය අගයන කොටස්වල  අවධානය යොමු විය  යුතුය. විධායක ජනාධිපති ධුරය  ගෙන එන  විට  ඊට  විරෝධය දැක්වූ  ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, ලෙනින්වාදීන්, ස්​ටාලින්වාදීන්, ට්‍රො​ට්ස්කිවාදීන්, මාඕවාදීන්, චේගවෙරාවාදීන්  ඇතුළු  සියල්ලම  අද  නිහඬය. බොහෝ  අවස්ථාවාදීන්   විධායකයේ බලය කප්පාදු කෙරුණු  19 වැනි සංශෝධනයටත්  දෑත්  ඔසවා විධායකයේ බලය  යළි ස්ථාපිත කෙරෙන 20 වැනි  සංශෝධනයටත්  දෑත් ඔසවති. 

මේ  අතර  කම්කරුවන්ට බලපාන  සේවක  අර්ථසාධක  පනත  ඇතුළු  පනත් පහක්  සංශෝධනය කරන බව  පසුගිය දිනෙක කම්කරු  ඇමතිවරයා  ප්‍රකාශ කර තිබුණි. සංශෝධනය ගැන වැඩි විස්තර සදහන් කර නොතිබුන ද  පසුගිය  රජය මගින්   ආයෝජකයන්ට හා හිමිකරුවන්ට  වාසි සහගත ලෙස  කම්කරු පනත් සංශෝධනය කරමින්, නව කම්කරු පනතක් ගෙන එන්නට දැරූ උත්සහාය හකුලා ගනු ලැබුවේ කම්කරු විරෝධය හමුවේය. මේ ඒකරාශී වන බලය හමුවේ නව  ආණ්ඩුව යටතේත් එම පනත යළි නොඑනු ඇතැයි  විශ්වාස කළ නොහැක. එබැවින්  වැඩ කරන ජනතාව ලෙස  මෙරට කම්කරු ව්‍යාපාරය 20 වැනි සංශෝධනය ඔස්සේ දිග ඇදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ  බිඳ වැටීම කෙරෙහි පුළුල්  විරෝධයක් නොදැක්වුවත්, ඒ පිළිබඳව  සමාජය  තු​ළ හා ​කම්කරු ව්‍යාපාරය තුල  පුළුල් කතිකාවක් ගොඩනැගීම  මේ  මොහොතේ වැදගත් වනු ඇත. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය  අහෝසි කිරීමේ  සටන් පාඨය  යළිත්   ඉහලින් ඔසවා තබන්නට හැකිය.  ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ එවන්  සංවාදයක්  වැඩකරන  ජනයාගේ දේශපාලන පක්ෂ  පිහිටුවීමේ අවස්ථාවාදීන්ගේ  රංචු ගැසීම්වලට  වඩා  කම්කරු ව්‍යාපාරයට ප්‍රයෝජනවත්ය. 

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට