පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය
~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි

ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස් සමග කොටා ගැනීමෙන් සෑදු ලාංකික මිශ්‍රණයකි. සම්බල වඩාත් රසවත්වන්නේ මාසී (උම්බලකඩ කුඩු) ඒ මත විසිරූ විට කියා මගේ ආච්චි අම්මා නිතර පැවසූයේ එවිට එයට වෙන කිසි ලෙසකින් හෝ අනුකරණය කළ නොහැකි කර්කශ ස්වභාවික රසයක් ලැබෙන නිසා ය. ඇත්ත වශයෙන් ම කියතොත්, තවමත් ලංකාවෙන් පැමිණි ඉන්දියානු දමිළ ජනතාව එක්තරා අතීත කාමයකින් හඳුන්වන සිලෝන්, නැතිනම් ලංකාවේ ගෙවුණු ඇයගේ ළමා කාලයේ දී උම්බලකඩ, ලුණු තරමට ම ඔවුන්ගේ එදිනෙදා පිසමනේදී සුලබ දෙයක් වී ලු. අදවන විටත් නීරස වට්ටක්කා සාම්බාරු, බත්, යන්තමින් තෙලෙන් පිසගත් කැරට් හා බෝංචිවලට කටගැස්මක් ලෙස එක් කිරීමට අප නිවසේ මාසී භාවිත කළත්, ඒ කෙරෙන්නේ අරපිරිමැස්මෙන් හා වරදකාරී හැගීමක් මුසු රසයකුත් සමග යි. කඳුළු බිඳක් වැනි ලංකා දූපත අලාපාළු කරමින් රට පුරා පැතිරුණු සිවිල් යුද්ධය හේතුවෙන් විසිවෙනි සියවසේ දී ඉන්දියාවට නැවතත් සිය ගණනින් පැමිණි ඉන්දියානු දමිළ ජනතාව (කඳුකර දමිළ ජනතාව) අතර මාගේ සීයා හා ආච්චි අම්මා ද සිටියහ. මගේ ළමා කාලයේ මතකයන් පිරී ඇත්තේ මුහුදු ගමන්, ඉන්දියාවට යැවූ ටෙලිග්‍රෑම්, දෙවන ලෝක යුධ සමයේ ආහාර සලාක කළ අයුරු හා ලංකාවේ කුළුබඩුවලින් අනූන වූ කෑම වර්ගත් ඒ හා බැඳුණු පුරුදු පිළිබඳවත් වූ කතාන්දරවලිනි.

අදවන විට, මම මාගේ අතීතයේ සලකුණු සොයන විට ලංකාවට අදාළ බැඳීම් බොහෝ විට දකින්නේ මගේ කෑම පිඟාන මත ය. උත්ප්‍රාසාත්මක ලෙස, අපේ ඉතිහාසයේ ඒ අවධිය ඇරඹෙන්නේ මගේ මීමුත්තන්ගේ පිඟන් හිස් වී යාමත් සමග ය. දහනව වන සියවස අගභාගයේ දී දකුණු ඉන්දියාවේ ඇති වූ සාගත සමග ම, සාගින්නෙන් සිදුවූ මරණ සාමාන්‍ය දිනපතා සිදුවීම් බවට පත්වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, කාවේරි නදියේ වී වගා කෙරෙන බිම් තීරයෙහි දිවි ගෙවූ ගොවි ජනතාව ශ්‍රමිකයන් වශයෙන් ලංකාවේ අලුතින් ආරම්භ කර තිබූ තේ වතු කරා සංක්‍රමණය වූහ. මේ අතර දුගී බවින් වෑරුණු මාගේ මුතුන් මිත්තෝ ද වූහ.

අදටත් තිරුච්චප්පල්ලිහි (මෙය ට්‍රිචි යනුවෙන් ද හැඳින්වෙයි), කාවේරි ගඟ අසබඩ වූ බස් නැවතුම්පොළක් ‘සිලෝන් ඔෆිස්’ බස් නැවතුම යනුවෙන් හැඳින්වෙයි. වසර සියයකට පෙර, මන්ද පෝෂණයෙන් පෙළුණු තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මෙම ස්ථානයේ දිගු පෝලිම්වල රැඳී සිටියේ ලංකාව දෙසට ගමන් කරන නැවකට ගොඩවීමට බලපත්‍ර ලබා ගැනීමට ය. ඔවුන්ව ආකාර්ෂණය වූයේ දින ගණන් වැය කල දැඩි ශ්‍රමය වෙනුවෙන් නිරන්තර ආහාර සලාක, නොමිලේ ලැබෙන රා සහ සිසිල් කාලගුණයක් ද ලංකාවේ දී අත්විඳින්ට හැකි වේ යැයි ඇසුණු “තරමක් දුරට සත්‍ය වූ” කතාවන් වෙත ය. ඔවුන් මෙසේ ලියාපදිංචි වූ පසු, ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු තුඩෙහි පිහිටි ධනුෂ්කොඩියේ පිහිටා තිබූ කඳවුරක් වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙනගොස්, වසූරිය සඳහා එන්නත් ලබා දී සතියක පමණ කාලයක් පුරා සිරුරෙහි වූ වයිරස හා විෂබීජ සෝදා හැරීමට නොයෙකුත් විරේක ද ලබා දී තිබේ. ඉන්පසුව, ගවයින් ආදී සතුන්ට අසමාන නොවන අන්දමකින් ඔවුන්ව නෞකා තුළ තදබද වූ මැදිරිවලට ගාල් කර සාරවත් තුරුලිය, මෙන් ම නොනිමෙන රා සැපයුමක ප්‍රාර්ථනාවන්ගෙන් අනූන වූ සිලෝන් නම් වූ විචිත්‍ර දේශයට රැගෙන ගියෝය.

එහෙත් සැබැවින් ම වතුකර ජීවිතය පොරොන්දු වූ දේශයේ දර්ශන මාත්‍රයකට හෝ සමීප නොවී ය. එහි වූ එක ම සතුටුදායක ගුණය ලෙස මාගේ මී මුත්තා සිය මුණුපුරන්ට විහිළුවෙන් මෙන් පැවසූයේ, පොල්කිරෙන් හා කරුපත්ති නැතිනම් කලු හකුරු සාරයෙන් රසවත් වූ රා මත බවය. එහෙත්, මාගේ සීයා හා ආච්චි අම්මා මේ කතාව සමග එකඟ වූයේ නැත. ඔවුනට ඒ සතුට දැනවූයේ සීත සිසිර සෘතුව දරාගැනීමට උපකාරී වූ කුළුබඩුවලින් සමන්විත කටගැස්මක් ලබාදෙන ලාංකීය ආහාර හා අති ග්‍රීස්ම ගිම්හානයක් වුව ද දරාගැනීමට උපකාරී වූ පොල්කිරි භාවිතයෙන් ද අනූන වූ ලාංකේය ආහාරයි. දශක ගණනකට පසු, නොයෙක් ගැටුම්කාරී තත්ත්ව හා සංක්‍රමණයන් හමුවේ දිවි ගැටගසාගත් මගේ පවුලත්, ඔවුන් වැනි ම වූ අනෙක් අයත් ඔවුන්ගේ සූපවේද චාරිත්‍රවල තව දුරටත් එල්බ සිටියෝ ය. එනමුත්, අද, මා දකින්නේ මේ චාරිත්‍ර කෙමෙන්, එහෙත් නිසැකයෙන් ම මතකයෙන් වියැකී යන බවයි. ලංකාවේ ඉන්දියානු දමිළ ජනතාවගෙන් පැවත එන මා මෙවන් කතා, වට්ටෝරු හා පිසමන් සංස්කෘති පිළිබඳ රහස් ද සමග හැදී වැඩුනෙමි. මගේ මිත්තණිය බ්‍රිතාන්‍ය වතු හිමිකරුවෙකුගේ දියණියගේ සෙල්ලම් සගයා ලෙස හැදී වැඩුණු නිසා පාන්, මාර්මලේඞ්, ජෑම් හා මාගරින් සහිත උදේ ආහාරවේල් පිළිබඳ මතකයක් තවමත් ඇයගේ සිතේ රැඳී තිබේ. වතුකරය පුරා විසිර සිටි ශ්‍රමිකයන්ගේ දිනපතා උදේ ආහාරය වූයේ එක්කෝ පාන් නැතිනම් තලපයක් තරමට තුනී කළ තිරිඟු පිටි හා විසල් පොල් රැලි දමා සෑදූ ඝන රොටියක් සමග බෙහෙවින් දැවිල්ල සම්බලයක් කෑම ය. එය මාගේ බ්‍රහස්පතින්දා රෑ කෑම වේල්වලට අසමාන නොවී ය.

එමෙන් ම, හිස් පාන් ගෙඩියක් තුළට අතිශයින් සැර වෑංජනයක් දමා සෑදූ දකුණු අප්‍රිකාවේ බෙහෙවින් ප්‍රචලිත වීදි අහරක් වූ බනී චව් වැනි විවිධ පාන් වර්ගයන් යටත් විජිත කලාපය පුරාවට ම අපට හමුවේ. එලෙසින් ම ලංකාවේ සිටි මාගේ මුතුන්මිත්තන් ද සිය හිස් පාන් ගෙඩි තුළට සම්බල දමාගෙන ඒවා තේ වත්තට රැගෙන ගියත්, එසේ කරනු ලැබුවේ ඔවුනට කෑම පෙට්ටි ලෙස භාවිත කිරීමට ඇවැසි උපාංග නොතිබුණු  බැවිනි. ට්‍රිචිහි කඳුරට දමිළයන්ට නිවහනක් වූ පළාත්වල තවමත් පාන් තිබුණ ද එය කඩවල, බොහෝ ගෙවල්වල හෝ ශ්‍රී ලාංකීය පිසමනට ම සුවිශේෂී වූ අවන්හල්වල දැකගත නොහැක. ඒ වෙනුවට, සෑම බ්‍රහස්පතින්දාවක ම මේ රළු පාන් වර්ගය තම නිවසේදී පිළියෙළ කර අවශ්‍ය පුද්ගලයින්ගේ නිවසට සියතින් ම ගෙන එන්නේ විශ්‍රාමික තේවතු ශ්‍රමිකයෙක විසින් ය.

මේ පිළිබඳ නොදන්නෙකුට, මෙය ‘රහසිගත මෙහෙයුමක්’ යැයි ඇතැම් විට හැඟෙනු ඇත: පාන් විකිණෙන්නේ ට්‍රිචිහි වූ කඳුරට දමිළයන් අතර පමණි; ඉල්ලුම සම්පූර්ණයෙන් ම පදනම් වී ඇත්තේ කටවචනය හරහා කරන ප්‍රචාරණය මතයි; එය නිවෙස්වල පිළිගැන්වෙන්නේ රසවත් ආහාරයක් ලෙස නොව, සැනසුම දනවන ආහාරයක් ලෙසයි; එමෙන් ම, මේ පාන් සාදන්නවුන් හා ඒවා ආහාරයට ගන්නා අයට අමතරව, වෙනත් කිසිවෙකුවත් මේ පාන්වල පැවැත්ම පිළිබඳ දන්නේ ද නැත. බොහෝ දුරට සිදුවී ඇත්තේ, පාන් යන්න ශ්‍රී ලංකාවෙන් පැමිණි ඉන්දියානු දමිළයන් අතර සිය අනන්‍යතාව හා සමාන දෙයක් බවට පත්ව තිබීමයි. එහිදී ඉතිහාසය හා පරිභෝජනය හඳුනාගැනීම විවෘතව සිදු වුව ද ඒ සාමූහිකව බෙදාගත් සංගතියක හෝ සමූහ සංක්‍රමණය පිළිබඳ ජීවන අරගලයක ලාංඡනයක් ලෙස හෝ නොවේ. ඔවුන්ගේ අනන්‍යතාව මෙන් පාන් ද අභ්‍යාසව පවතින්නේ ආවෘත හා පුද්ගලික අවකාශ (මෙම අවස්ථාවේ නිවෙස්) තුළ අත්හැර දැමිය නොහැකි යම් ආකාරයක පැරණි වැරැද්දක තත්කාලීන අවශ්‍යතාවක් ලෙසයි. පාන් නොවන උම්බලකඩ, සම්බල, පොළොස් හොදි වැනි ඔවුන්ගේ වෙනත් ආහාර වර්ග ද ඔවුන් පරිහෝජනය කරන්නේ මෙසේ ම ය. ඒ අතීතකාමයක් සමග ම යම් ලෙසකින් වරදකාරී යැයි හැගෙන (guilty) වින්දනයක් ලැබීමටයි. එහෙත් මේ ප්‍රජාව හැමවිට ම ඔවුන්ගේ යටත්විජිත ඉතිහාස හා ගමන් පිළිබඳව කථා කිරීමට මැළි වූයේ යැයි සිතීම නිවැරදි නොවේ. ට්‍රිචිහි ඌරායුර් නම් පෙදෙසට පිටතින් තිබූ කඩමණ්ඩිවලට පමණක් මස් හා මාළු වෙළඳාම් කිරීම සීමා කර තිබූ කාලයක් ගැන මගේ නැන්දා මතක් කරයි. මේ කඩමණ්ඩිය වෙත ඈ ගිය සෑම අවස්ථාවක ම ලජ්ජාවෙන් පැකිලුනු බව ඇයට සිහිවේ. ඊට හේතුව, ඒවා පිහිටියේ “ස්පර්ශ කළ නොහැක්කන්ගේ” (එනම් කුල හීනයන්ගේ) අඩවියේ වූ නිසා තම ආහාරය කුමක් ද හා එය කොයින් ලැබේ ද කියා සිය අසල්වැසියන් දැනගන්නවාට ඇය කැමැති වූයේ නැති බැවිනි. එහෙත් විසිවෙනි සියවසේ අගභාගය වනවිට මේ සියලු දෑ වෙනස් විය. ලංකාවේ සිටි ඉන්දියානු දමිළයන්ගේ නැවත පැමිණීමත් සමග ම, ඔවුන්ගේ එදිනෙදා ආහාර රටාවේ වැදගත් කොටසක් වූ මාළු ආහාරයට ගැනීම සාමාන්‍යකරණය වී, ඒවා විකුණන කඩ නගර තුළට ගෙන එනු ලැබීය. නිර්මාංශික නොවන ආහාර අනුභවය පිළිබඳ වූ තහංචි පිළිබඳ ලංකාවේ දැනුමක් නොතිබූ අතර, දැන සිටි අය අතර ද එය පැවතියේ සුළු වශයෙනි. ඒ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් හා තේ වතු හිමිකරුවන් අතර වූ සමීප සබඳතා හා කඳුකරයේ නිර්මාංශිකයන් හා බ්‍රාහ්මණයන් දුලබ වීම වැනි හේතු නිසා ය. ඇත්ත වශයෙන් ම, මොවුන් දකුණු ඉන්දියාවට නැවත පැමිණීමත්, පසුව තමිල්නාඩුවේ ට්‍රිචිහි කොයිම්බතෝර් හා කොඩයිකනාල්හි පදිංචිවීමත් නිසා කුලය පදනම් වූ භූ බෙදීම් යම් දුරකට තුනී කර, බ්‍රාහ්මණ-විරෝධී ව්‍යාපාර හා දේශපාලන ගතිකයන්ට තුඩුදුන් හැඟීම් ඇතිකළ බව කීම අසත්‍යක් නොවේ. එහෙත්, ඒ තවත් ලිපියක් මගින් සාකච්ඡා කළ යුතු කරුණු ගොන්නකි. දෙමසකට පෙර ට්‍රිචිහි ජීවත් වූ මගේ නැන්දා හමුවූ විට මම ඉඳිආප්ප හා පොල් හොඳි බුදින්නට මග බලාගෙන උන්නෙමි. මගේ බලාපොරොත්තු කඩ වූයේ නැත. අපි රෑ කෑම වේල අවසන් කළේ උණු උණු ඉදිආප්ප තුළට කරුපත්ති, පොල් රැළි, කරදමුංගු හා කුරුඳු දමා සැදූ පැණිරස ලැවරියා අනුභවයෙනි. එහෙත් අප ඉදිරියේ වූ සූපවේදී පාරාදීසය රසවිඳිනු වෙනුවට අපි කතාබහ කළේ නව පුරවැසි සංශෝධන පනත (Citizenship Amendment Act) හා ජාතික ජනගහණ නාමලේඛනය (National Population Register) වැනි තත්කාලීන ඉන්දීය දේශපාලන ක්‍රියාකාරකම් ලංකාවෙන් පැමිණි ඉන්දියානු දමිළ ජනතාවට බලපාන අයුරු පිළිබඳවයි. ඔවුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලු පැන නොනැගුණ ද, පුද්ගලික අවකාශ වන නිවෙස් තුළ පවා විවිධත්වය විදහාපාන ඕනෑ ම දෙයක් ‘අන්‍යයන්ගේ’ දෙයක් බවට පත්කර, ඒ හේතුවෙන්ම එය සැකකටයුතු බව පවසන ඒකමාන අති-ජාතිවාදයක් පවතින මෙවන් කලෙක ඔවුන්ගේ ආහාර, ඉතිහාස මෙන් ම, පිසමන් රටා වුව ද වියැකී යාමට වැඩිකල් ගත නොවණු ඇත. තෙමසකට පෙර, ට්‍රිචිහි සිටි අවසන් පාන් අළෙවිකරු මිය ගියේ ය. ඔහුත් සමග ම ඉන්දියානු දමිළ නිවෙස්වල සෑම බ්‍රහස්පතින්දාවක ම පාන් අනුභව කිරීමේ සිරිත ද වියැකී ගියේ ය. ඒවා සාදන්නට කිසිවෙකු දැන් දන්නේ ද නැත, කිසිවෙකුවත් ඒ සඳහා තැත් දරන්නේ ද නැත.

(මේ ලිපිය ‘The Paan on My Plate: From Bread to Identity’ යන සිරසින් මුලින් ම පළවූයේ Economic and Political Weekly සාර සංග්‍රහයේ සිව්වන වෙළුමේ 18 වන කාණ්ඩයේ ය. එය පරිවර්තනය කිරීමටත් පඨිත සාර සංග්‍රහයේ පළකිරීමටත් අවසර දීම සම්බන්ධයෙන් අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර් වෙත පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමි වේ. අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර් පාරිසරිකවෙදිනියක් වන අතර, ඇය දැනට ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ පාරිසරික අධ්‍යයන ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින්නීය. ඇයට දකුණු ඉන්දීය ප්‍රජාවන් හා සම්ප්‍රධායන් ගවේෂණය කිරීම සඳහා දීර්ඝ කාලින හා දැඩි පර්යේෂණ උනන් දුවක් තිබේ.)

Total
53
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට