පීතෘමූලික විකල්ප දේශපාලනයේ පුරුෂ නොවන නියෝජනය[1]

~ අරුණි සමරකෝන්

මම කැමතියි මගේ කතාව කියන්න.

මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්‍රවාහයේ පුරුෂ නොවන සංකේතය තුළය. අනුෂ්කා කහඳගමගේ ‘ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?’ සහ ක්‍රිෂාන් සිරිවර්ධන ‘‘විකල්පය’ ද විකල්පයද?’ යනුවෙන් පළකල ලිපි දෙක කියවීමෙ න් පසුව මම මගේ ආඛ්‍යානය ලියමි.  එම ආඛ්‍යානය තුළදී අපේක්ෂා කරනුයේ, වාර්ගික කේන්ද්‍රීය හා පීතෘමූලික ශ්‍රී ලංකා විකල්පය තුළ පුරුෂ නොවන දේශපාලන නියෝජනය අර්ථකථනය කිරීම පිලිබඳ මගේ කතාව අවධාරණය කිරීමය. ඒ අනුව, සමස්ත ලිපිය පුරාම ප්‍රතිචාරාත්මක දේශපාලනය දැකගත හැකිවනු අතර, ඒ හරහා මගේ ආඛ්‍යානය ඔස්සේ විකල්ප දේශපාලනය කියවන ආකාරය ද හඳුනා ගත හැකිවනු ඇත. එහෙත්, මගේ ආඛ්‍යානය යනු පරම සත්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.

ප්‍රධාන සහ විකල්ප දේශපාලන අවකාශ ගොඩනැගෙනුයේ පීතෘමූලික ආකෘතිය තුළය. එවිට, දේශපාලන සමාජානුයෝජනය, ඒ වෙත වන ආකර්ෂණ පසුබිම සහ දේශපාලන විඥානය ද නිරන්තරයෙන්ම ප්‍රක්ශේපණය කරනුයේ පීතෘමූලික බල ධුරාවලියම වේ.  රෝස/නිල් පාට බෙදීම, බෝනික්කා සෙල්ලම/ලස්සන සාරි අදින්න පුළුවන් නිසා ලොකුවුනාම ගුරුවරියක් වීමට ආසාක්ත වීම සහ ලොරි රියදුරෙක් වෙලා වේගයෙන් යනවා යන මූලික දේශපාලනික ද්වෛතයේ සිට ස්ත්‍රී-පුරුෂ විභේදනය ඇරඹෙන ශ්‍රී ලංකාවේ පුරුෂ කේන්ද්‍රීය බල අවකාශ පිලිබඳ සංවාදය ආධුනික නොවේ. එසේම, මෙම ප්‍රශ්නය නිරන්තරයෙන්ම විකල්ප දේශපාලන ව්‍යාපෘති  තුළ සාකච්ඡා කරන පසුබිමක දී පුරුෂ නොවන නියෝජනය නොමැති වීම ප්‍රශ්න කිරීම ද අර්බුධකාරී බවට විකල්ප දේශපාලන අවකාශ තුළ දී ප්‍රකාශ වී ඇත. එම ප්‍රශ්න කිරීම ලඝු කරනුයේ ද, හුදෙක් ස්ත්‍රී-පුරුෂ ලිංග ගණනය අනුව සිදුවෙන  නියෝජනයක් ලෙසිනි. එය පීතෘමූලික බල ප්‍රකාශනයක් වන අතර, මගේ ආඛ්‍යානය තුළදී මා පවසනුයේ, එම නියෝජනය ප්‍රශ්න කිරීම, යම් අංක ගණිතමය සුත්‍රයක් වෙත පමණක් සීමා නොවන බවය. 

මෙම යොදාගැනීම ම ජනවාර්ගික අර්බුධය වෙත ආරෝපණය කර බැලූවිට පෙනීයන්නේ ද මෙම කරුණ ම වේ. ජනවාර්ගික විවිධත්වයේ නියෝජනයක් නොමැතිවීම ප්‍රශ්න කිරීම බලහත්කාරයෙන් අවසන් කිරීමේ ප්‍රථිපලය නම්, දිග්ගැසුණු අශිෂ්ට යුද්ධයක් සහ බලහත්කාරයෙන් පවරා තිබෙන ජයග්‍රාහකයකු ගේ සාමය වේ.  මනා ලෙස හා පරීක්ෂාකාරීව බලන විට පෙනී යන කරුණ නම්, පුරුෂ නොවන නියෝජන ප්‍රශ්න කිරීම ගණිත අංකයකට ලඝුකරන විකල්ප දේශපාලන පාර්ශව ජනවාර්ගික ස්වායක්තතාව හා ස්වයංනිර්ණ අයිතිය ද ප්‍රතිකෙෂ්ප කරන බවය.  ඒ අනුව මගේ තර්කය නම්, මෙම කව/කණ්ඩායම් පුරුෂ නොවන කිසිදු අකාරයක නියෝජන වෙත අවකාශය සැපයීමට රුචිකත්වයක් නොදක්වන බවය.

එසේම, මෙම කණඩායම් නිරන්තරයෙන්ම අවධාරණය කරන කරුණ නම්, විකල්ප දේශපාලනික සාකච්ඡා වෙත තමන් කැඳවන්නේ ප්‍රාමාණික බුද්ධිමතුන් බවය. වෙනත් වචයෙන් පවසන්නේ නම්, තෝරාගත් විෂයේ යම් දැනුමක් තිබෙන කණ්ඩයාම් වෙත අදහස් ප්‍රකාශය වෙනුවෙන් අවස්තාව ලබා දෙන බවය. පීතෘමූලික සමාජ ක්‍රමයක් තුළ දැනුම ලබාගැනීම වෙනුවෙන් පුරුෂ බලය අහිමි කණ්ඩායම් කොතරම් අරගලයක් කළ යුතුද? එසේම, මෙහිදී එම කණ්ඩායම් නිපුණත්වය පෙන්වීම අනිවාර්ය වන්නේ ද පීතෘමූලික දැනුම පිළිබඳව ම වේ. එවැනි පසුබිමක පුරුෂ බලය අහිමි පුද්ගලයන් ට විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් වීමේ හැකියාව නැවත සිතා බැලිය යුතු නොවේද?

එසේම, එම විෂය ඔස්සේ බුද්ධි ප්‍රමාණය තීරණය කිරීමේ බලය කා සතුවේද? නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිලිබඳ සාකච්ඡා  කිරීමේ ප්‍රමාණික බුද්ධිමට්ටම තීරණය කිරීමේ හැකියාව කේන්ද්‍රවන්නේ විශ්වවිද්‍යාල හෝ තෝරාගත් අධ්‍යාපන කවවල ප්‍රධාන භූමිකා නිරූපණය කරණ පුරුෂ ලිංගික පුද්ගලයන් කිහිප දෙනෙකු මතය. ඔවුන් ලබා දෙන රෙකමදාරු මත බලය අහිමි ලිංගිකයෙකු හට තම මතය හඬ ගා විකල්ප දේශපාලනය තුළ පැවසිය හැකිය. එවැනි රෙකමදාරු නොමැති ඕනෑම ලිංගිකයකු ට සිදුවන්නේ, සදාකාලිකව ම ශ්‍රාවක භූමිකාව තුළ කල් ගෙවන්නට පමණි. එසේම, ඔවුන් දෙවන පෙළ බුද්ධි සම්පාදක ශ්‍රමික කාණ්ඩයට පමණක් මෙලෙසින් ඇතුළත් වේ. මේ වන තුරු පැවති පීතෘමූලික විකල්ප දේශපාලනය මෙය ප්‍රශ්න නොකළ ද ස්ත්‍රීවාදී දේශපාලනය මෙය ප්‍රශ්න කිරීමේ කතිකාව සකසා ඇත.

මෙම විකලප දේශපාලන අවකාශ තුළ, රොකට් සෑදීමේ විද්‍යාව පිළිබඳව නොව, නියෝජනය සහ බෙදාහැරීම වැනි මානව සම්බන්දතා පිළිබඳ කතිකාව සැකසෙන පරිසරයක, ඒ වෙනුවෙන් ම රෙකමදාරු වූ ප්‍රමාණික බුද්ධිමතුන් අවශ්‍ය වේ යන මිත්‍යාව මගේ ආඛ්‍යානයෙන් ප්‍රතික්ෂේප කරයි.  අනිත් කරුණ නම්, වියත් බව සහිත පාර්ශව විසින් ප්‍රධාන දේශපාලන ධාරාව වෙත සිදු කර තිබෙන දායකත්වය මනාව දර්ශනය වන නිමේෂයක, විෂය ප්‍රාමාණික බුද්ධිමත් ප්‍රජාව නව දේශපාලනයක් නිර්මාණය කිරීම උභතෝකෝටියක් වීමය. එසේම, ජාලගත ප්‍රාග්ධනයක හිමිකාරීත්වය සහ ඒ වෙනුවෙන් වූ කොන්දේසි සමග එකඟවීමට සිදුවීම ද, මෙම බුද්ධි ප්‍රභා කව හේතුවෙන් උද්ගතව තිබේ. එවිට ප්‍රධාන ධාරාවේ මෙන්ම විකල්ප ධාරාවේ ද පවුල/පාසල/විශ්වවිද්‍යාලය/කුලය හෝ සමාජය විසින් ගොඩ නගන ලද අන් සාධක මත සිදුවන නියෝජනය විකල්ප ධාරාව තුළ ද ඇතිවීම වැළැක්විය නොහැකිය.

එසේම, පුරුෂ බලය රහිත කණ්ඩායම් නිරන්තරයෙන්ම වින්දිත භාවය මත ආකෘතිගත කිරීමේ ගැටලුව ද මේ සමඟ දැකිය හැකියි. මෙය නිදසුනක් හරහා පැහැදිලි කිරීමට මා කැමතියි.  2009 දී, ඉතාම අශිෂ්ඨාචාර ලෙස අවසන් වූ යුද්ධය තුළදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් අනවරත අරගලයක යෙදෙන බහුතරයේ නියෝජනය ස්ත්‍රීන් වේ. ඔවුන් වින්දිතයන් පමණක් නොව, සමාජ පෙරලිකරුවන් ද  බව පීතෘමූලික විකල්ප දේශපාලනය විසින් හදුන්වා දී තිබේද? දෛනික ජීවිතයේ දී  ඉතිරි වී සිටින තම ආදරණීයන්  සමඟ ආදරය බෙදා ගනිමින් ද, ජීවිකාව වෙනුවෙන් එදිනෙදා කුලීවැඩ කරමින් ද, වාර්ගික රාජ්‍යක් විසින් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන් සොයමින් රෑ දහවල් අව් වැසි නොතකා මාවතේ සරමින් ද සිටින මේ ස්ත්‍රීන් වේදනාවෙන් සලන කදුළු මෙන්ම, ඔවුන් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති චිත්ත වීර්යය ද පුරුෂ නොවන ඉතිහාසයේ සනිටුහන් විය යුතුය. එය කිසි දිනක පීතෘමූලික විකල්ප දේශපාලනය විසින් සිදු නොකරන බව මගේ කියවීම වේ. මන්දයත්, මෙම ස්ත්‍රීන්ට ඔවුන් තීරණය කර තිබෙන දේවල බුද්ධි පරිමාණය හිමි නොවන හෙයින්, ඔවුන් ස්ථානගත වන්නේ, බේරාගත යුතු වින්දිතයන් ලෙස පමණක් ලෙස බැවිනි.

අනෙක් කරුණ නම්, වින්දිතකරණය නොමැතිව පීතෘමූලික විකල්පය ට පැවැත්මක් ද නොමැත. එය මා සම කරනුයේ, ස්ත්‍රීන් නොමැතිව පීතෘමූලික දේශපාලන ධාරාව ට පැවතිය නොහැකි වීම සමගය. එය සුපිරි වීරවරු/වරියන් පැමිණ ආක්‍රමණයට හෝ අනතුරට ලක්ව සිටින වින්දිතයන් බේරා ගන්නා චිත්‍ර කතාවට වඩා වෙනස් නොවේ.

එසේම, පීතෘමූලික විකල්ප දේශපාලන අවකාශ තුළ පුරුෂ නොවන පිරිස් වෙත දෙවන පෙළ සාමාජිකත්වය හිමිකිරීම අවසන් කිරීම මෙන්ම, මනුෂ්‍යයෙකු වීම හේතුවෙන් ම තම ආඛ්‍යානය පැවසීමට ඇති අවකාශයක් ගොඩ නැගීම සිදු කල හැකි එක් ප්‍රවේශයක් ලෙස මා දකිනුයේ ස්ත්‍රීවාදී දේශපාලනය වේ. ස්ත්‍රීවාදී දේශපාලනයේ දී දිරිගැන්වීම සිදු වන්නේ, ඔබගේ කතාව කීමට මිස, පීතෘමූලික ක්‍රමය නිෂ්පාදනය කල බුද්ධි ප්‍රජාවගේ කතාව නැවත කියා පහදා දීමට නොවේ. එවිට විකල්ප දේශපාලනය අප අතර, අප වෙනුවෙන් ගොඩනැගෙනු ඇත.


[1]. පුරුෂ නොවන නියෝජනය යනු බලය අහිමි ඕනෑම පුදගලයෙක් වේ.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට