කිත්සිරිමෙවන් රජු සහ පුරාතණ ලංකාවේ සංස්කෘතික බල ප්‍රක්ෂේපණය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

බුද්ධ ගයාවේ පිහිටා ඇති සුප්‍රසිද්ධ මහාබෝධි විහාරය ට නුදුරින් පිහිටා තිබෙන ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (Archaeological Survey of India) බෝධ් ගයා පුරාවිද්‍යා කෞතුකාගාරයට වර්ෂ 2015 දෙසැම්බරයේ දී මා හදිසියේ ම දොඩවැදුනු විට, එහි තිබූ එක් පුරාවස්තුවක් හා ඒ පිළබඳව තිබූ කෙටි විස්තරය මා මවිතයට පත් කළේය. එය කලුගලින් නෙළන ලද වැටක් වැනි ව්‍යුහයක කොටසක් විය. ඊට අදාළ විස්තරය මගින්, මහාබෝධි විහාරය පිළිබඳව ද  සඳහන් කරමින් කියනු ලැබුවේ, “ශ්‍රී ලංකාවේ මේඝවර්මන් රජු විසින් තම භික්ෂූන් වහන්සේලා සඳහා ආරාමයක් ද ඉදිකරන ලදී” යනුවෙනි. මෙම කෞතුක වස්තුව මෙකී ආරාමයෙන් ශේෂව ඇති කොටසක් බව පෙනුණි. මහා බෝධි විහාරය පිළබඳව මුළු මහත් ලෝකයම දන්නා නමුත්, මෙම ලාංකේය රජතුමා ඒ ආසන්නයේ ඉදිකරනු ලැබූ මේ ආරාමය පිළිබඳ ව හෝ, මෙය සිදු කළේ කුමන හේතුවක් නිසා ද සහ එහි දේශපාලනික අරුත කුමද යන්න පිළබඳ කිසිඳු අදහසක් බොහෝ දෙනා තුළ නොමැති බව මට පෙනුනි. ඊළඟ මාස කිහිපය තුළ, බෝධ් ගයා කෞතුකාගාරයේදී ඇස ගැටුන මේ තනි සඳහන මා නොයෙකුත් පුරාණ මූලාශ්‍ර, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ වාර්තා සහ ඉපැරණි චීන දේශාටන වාර්තාවල ඉංග්‍රීසි පරිවර්තන වෙත යොමු කරන ලදී. පසුව, මේ අහඹු සිදුවීම තවමත් නිමකර නොමැති, ජාත්‍යන්තර දේශසීමා හරහා බෞද්ධ වන්දනාකරුවන්ගේ ගමන් බිමන් පිළිබඳ දීර්ඝකාලීන මානවවිද්‍යාත්මක පර්යේෂණයකට ද මා යොමුකරන ලදී.  

මේ කෞතුකාගාර සටහනේ සඳහන්ව තිබූ රජ තුමා වූ  මේඝවර්මන් පැරණි ශ්‍රී ලාංකේය හා වඩාත් තත්කාලීන ඉතිහාසමය ආඛ්‍යානවල සිරි මේගවන්න, කීර්ති ශ්‍රී මේඝවර්ණ ලෙසත්, සිංහලයෙන් වඩාත් ජනප්‍රිය මූලාශ්‍රවල බොහෝ විට කිත්සිරිමෙවන් ලෙසත් හැඳින්වේ. ඔහු 4 වන ශතවර්ෂයේ අනුරාධපුර යුගයේ රජකම් කළ පාලකයෙකු වූ අතර, නොයෙකුත් බෞද්ධ වෙහෙර විහාර ගොඩනැගීම සඳහා අනුග්‍රහය දැක්වීම නිසා දේශීය මූලාශ්‍රවල සඳහන්ව ඇති සහ ගෞරවයට පාත්‍රව සිටි රජකෙනෙකි. එමෙන්ම, ඔහු බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කලවිට, එය නිසි ලෙස පිළගෙන, ඊට සුදුසු අයුරින් එය මුලින්ම රාජ්‍ය ගෞරව ඇතිව ස්ථාපනය  කළ පාලකයා වශයෙන් ද පිළිගැනේ. එහෙත් ඔහු දුටු ගැමුණු, පළමුවන විජය බාහු, මහා පරාක්‍රම බාහු වැනි  ඓතිහාසික රජවරුන් මෙන් හෝ රාවණා වැනි මිත්‍යාමතික චරිත මෙන් හෝ සාමූහික පරිකල්පනය තුළ හෝ අප රටේ සහ විශේෂයෙන් සිංහල ඓතිහාසික විඥානය තුළ හෝ සටහන් වී නොමැත. ඇතැම් විට, ඉහත සඳහන් කළ අන් රජවරුන් අපගේ සාමූහික පරිකල්පනය තුළට පැමිණයේ ඔවුන්ගේ බෞද්ධ අනන්‍යතාවයට අමතරව, ඔවුන් රණශූරන් ලෙස ද  ප්‍රසිද්ධව සිටි නිසා විය හැක. මීට සාපේක්ෂව, කිත්සිරිමෙවන් ශ්‍රද්ධාවන්ත හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය අගය කළ රජකෙනෙකි.  එහෙත් ඔහු සිය කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරයේ සිට භාරතයේ සමුද්‍ර ගුප්ත අධිරාජයාගේ රාජසභාව දක්වා සිය සංස්කෘතික බලය ප්‍රක්ෂේපණය කිරීම සඳහා සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා පමණක් නොව,  බුද්ධ ගයාවේ සිව්වන සියවස තරම් ඉපැරණි යුගයක මහා පරිමාණ ලාංකේය සංස්කෘතික-දේශපාලන ආයතනයක් ද ස්ථාපනය කරන ලදී. බෝධ් ගයා කෞතුකාගාරයේ ආඛ්‍යානය ද පවසන පරිදි, ඔහු භාරතයේ වන්දනා කටයුතුවල හෝ වඩාත් දීර්ඝකාලීන ආගමික කටයුතුවල නිරතවුණු ලංකාවේ භික්ෂූන් වහන්සේලා සඳහා විශාල ආරාමයක් බුද්ධ ගයා විහාරය අසලම ඉදි කළේය.

නමුත් මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති දේශපාලනය කුමක්ද? මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳ පැරණිතම සඳහන ලැබී ඇත්තේ ක්‍රි.ව. 602 සහ ක්‍රි.ව. 664 අතර කාලයේ ජීවත් වූ හිඋඑන් ට්සංගේ වාර්තාවලිනි (Hiouen-tsang). එනම්, හත්වන සියවසයේ දීය. ඔහු චීන බෞද්ධ භික්ෂුවක්, ශාස්ත්‍රඥයෙක් සහ සංචාරකයෙක් වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.ව. 629 දී බුද්ධ ගයා ප්‍රදේශය විස්තර කරන විට, මෙම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූ ආකාරය උන්වහන්සේ සිය වාර්තාවේ සඳහන් කර ඇත. ඔහුට අනුව — සිය වාර්තාවේ නාමිකව සඳහන් කර නොමැති — ලාංකේය රජතුමෙකුගේ  සහෝදරයා භාරතය සහ බුද්ධගයාව වෙත ගිය විට, ඔහුව හුදු විදේශිකයෙකු ලෙස සලකා, ඔහුට ලැබිය යුතු ආගන්තුක සත්කාර හෝ ගෞරවය ලැබුනේ නැත. තම සහෝදරයාට විඳින්නට සිදුවූ මේ නිෂේධනීය අත්දැකීම පිළබඳව  දැනගත් රජතුමාට භාරතය පුරා ලංකේය බෞද්ධ වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා ආරාම පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය විය. හිඋඑන් ට්සංට අනුව, ලාංකේය රජතුමා භාරතයේ රජතුමා වෙත වටිනා ස්වර්ණාභරණවලින් සැදුම්ලත් ත්‍යාගයක් යවා, භාරතය මුළුල්ලේ විසිරී තිබූ, බුදුන්ගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් ස්ථානවල ලාංකේය බැතිමතුන්ගේ උන්නතිය සඳහා ආරාම ඉදිකිරීමට අවසර ඉල්ලා සිටියේය. එනමුත්, භාරතය පුරා ලාංකේය සංස්කෘතික හා අධ්‍යාත්මික අවකාශ ඉදිකිරීමට ඉඩ දෙනවා වෙනුවට, භාරතීය රජතුමා ලාංකේය රජුගේ අභිමතය පරිදි, තමන් කැමති ස්ථානයක එක් ආරාමයක් පමණක් ඉදිකිරීමට අවසර ලබා දුන්නේය. අද දින බුද්ධගයාව ලෙස හැඳින්වෙන ස්ථානය මේ සඳහා තෝරා ගන්නා ලද්දේ, එය බුදුන් බුද්ධත්වය ලැබූ ස්ථානය ලෙසත්, එනිසාම අතිශයින් පූජනීය ස්ථානයක් ලෙසත් බෞද්ධයින් බොහෝ කාලය සිට සලකන නිසාය.  මෙලෙසින් ගොඩනගා නිමකරන ලද ආරාමයේ ස්ථාපනය කරන ලද තඹ පත්තිරුවකින් පහත සඳහන් ප්‍රකාශය කර තිබූ බව හිඋඑන් ට්සං සඳහන් කර ඇත: “මේ අනුව මගේ රටේ භික්ෂූන්ට අවශ්‍ය නිදහස ලැබෙනු ඇති අතර, ඔවුන් මේ රටේ (භාරතයේ) භික්ෂූ සමාජයේ සාමාජිකයන් වශයෙන් ද සලකනු ඇත.  මෙම වරප්‍රසාදය පරම්පරාවෙන් පරම්පරාවට බාධාවකින් තොරව ලබා දිය යුතුය.”

හිඋඑන් ට්සං (ක්‍රි.ව. 602 සහ ක්‍රි.ව. 664)

මෙම වාර්තාව ගැඹුරින් සලකා බලනේනම්,  මෙහි විස්තර කර ඇත්තේ ලංකාවේ දේශසීමාවන්ට බොහෝ ඈතින් පිහිටි ප්‍රදේශයක කෙටිකාලීන කටයුත්තක් සඳහා ඉදිකළ සරල ගොඩනැගිල්ලක් පිළබඳ  කතාවක් නොවේ. එහි සඳහන්වන්නේ, එකී කාලයට සාපේක්ෂව ලාංකේය සංස්කෘතික හා දේශපාලන බලය දේශසීමාවලින් ඔබ්බට ප්‍රක්ෂේපනය කිරීම සඳහා ඉතාමත් ප්‍රවේශමෙන් සැලසුම් කළ හා මැනැවින්අරමුදල් සම්පාදනය කරන ලද  අභ්‍යාසයක් පිළබඳවය. එම ගොඩනැගිල්ල සහ එහි දේශපාලනය එය ආරම්භකළ රජතුමාගේ කාලයෙන් බොහෝ ඔබ්බට පැවතීම සඳහා මුල සිටම සැලසුම් කර තිබූ බව පැහැදිලිය. හිඋඑන් ට්සං ගොඩනැගිල්ල පිළිබඳව සහ ඔහු එහිදී දැක තිබුන ක්‍රියාකාරකම් පිළබඳව සපයා ඇති විස්තරවලින් පෙනී යන්නේ, ආරාමයේ මෙම දීර්ඝ-කාලීන දේශපාලන හා සංස්කෘතික අරමුණු සාර්ථක වී ඇති බවයි. මෙය වඩාත් පැහැදිළි වන්නේ, හිඋඑන් ට්සං ගේ විස්තරය එම ආරාමය ඉදිකර වසර තුන්සියයකට පසුව ලියවුන බව අප මෙනෙහිකරන විටය. ඔහු සඳහන් කරන පරිදි, “බෝධි වෘක්ෂය වටකර තිබූ  තාප්පයේ උතුරු දොරටුවෙන් පිටත මහාබෝධි සංඝාරාමය පිහිටා තිබේ.  මෙම මන්දිරයේ ශාලා හයක් ඇති අතර, එහි තට්ටු තුනකින් සමන්විත නිරීක්ෂණ කුළුණු ඇත. සමස්ථ ගොඩනැගිල්ලම අඩි තිහක් හෝ හතළිහක් උස ආරක්ෂක පවුරකින් වටවී ඇත. සංඝාරාමය ගොඩනැගීමේදී කලාකරුවාගේ උපරිම කුසලතාවය යොදාගෙන ඇත; එය අලංකෘත කර ඇත්තේ අනේකවිධ වර්ණවලිනි. එහි ඇති බුදු පිළිමය රන් හා රිදී වලින් නිමවා ඇති අතර, මැණික් හා වටිනා ගල්වලින් සරසා ඇත. එහි ඇති ස්ථූප උසින් මෙන්ම විශාලත්වය අතින් ද කැපී පෙනෙනවා මෙන්ම, අතිශයින් අලංකාර ලෙස සරසා ඇත; ඒවා තුළ බුදුන්ගේ ධාතු තැන්පත් කර ඇත.” නිසැකවම, මෙය හුදෙක් ආරාමයක් පමණක් නොව, කාලයාගේ වියැකීමට මුහුණදීමේ ශක්තිය හා හැකියාව තිබූ  ආගමික-සංස්කෘතික ආයතනයකි. එය දකින්නන් විශ්මයට පත් කිරීමට සහ ස්වාධීන ආයතනයක් ලෙස අවකාශීයව සලකුණු කරන ලද ස්ථානයක් විය. එමෙන්ම, එය සැලසුම්කර තිබුනේ, විශේෂිත සංස්කෘතික හා දේශපාලන අවකාශයක් ලෙස, අවශ්‍ය විටෙක ආරක්ෂා කිරීමට හැකියාව තිබූ ස්ථානයක් ද වශයෙනි. හිඋඑන් ට්සං ගේ සංචාරයේ දී එය තවමත් ආරක්‍ෂිතව පැවතීමට හේතුව සහ එය ගොඩනැගීමට මුල්වූ කරුණු ඒ වන විට ද මතකයේ තිබීමට හේතුව, එහි දීර්ඝකාලීන පැවැත්මට සම්පාදනය කර තිබූ මේ සැලසුම් විය හැක. ඉතිහාඥයින් පෙන්වා දී ඇති පරිදි, හිඋඑන් ට්සං භාරතයට පැමිණියේ  ක්‍රි.ව. 629 දී හර්ෂා අධිරාජයාගේ පාලන සමයේදීය. එබැවින්, ඔහුගේ විස්තරය සහ ඔහු දුටු දේ සැලකිය යුතු නිරවද්‍යතාවයකින් යුක්තව කාලනිර්ණය කළ හැකිය.

7 වන සියවසෙන්ම ශේෂ වී ඇති තවත් චීන මූලාශ්‍රයක් වන වන්ග් හිඋඑන්-ට්සේ (Wang Hiuen-ts’e) විසින් රචිත හින් ට්චෝඅන් (Hing-tchoan) යන දේශාටන වාර්තාවේ මෙම සංඝාරාම ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරිපත් කරන අතර, එමඟින් එම උත්සාහයේ කාල වකවානුව වඩාත් නිවැරදිව තීරණය කිරීමට ඉඩ සලසයි. ඔහුගේ වාර්තාව ද හිඋඑන් ට්සං විසින් වාර්තා කරන ලද, ඉහත දක්වා තිබූ තොරතුරු වඩාත් පැහැදිලිව  සනාථ කරයි. හිඋඑන්-ට්සේ චීන හමුදා නිලධාරියෙකු වූ අතර, ඔහු බෞද්ධ වන්දනාකරුවෙකු ද විය. ඔහු අවම වශයෙන් සිව් වතාවක් පුරාණ භාරතයට ගොස් ඇති බව ඉතිහාසඥයින් විසින් තහවුරුකරගෙන ඇති කරුණකි. ඔහු ලාංකේය රජු ‘චි-මි-කියා-පෝ-මෝ’ (Chi-mi-kia-po-mo) ලෙස හඳුන්වාදී ඇති අතර,  එහි අර්ථය ‘පිංවත් වලාකුල’ (cloud of merit) යන්නයි. එය කිත්සිරිමෙවන් රජතුමා පිළිබඳ සඳහනක් ලෙස ඉතිහාසඥයින් හඳුනාගෙන තිබේ. මේ කතාවට අදාළ භාරතීය රජ හිඋඑන්-ට්සේ හඳුනවා දී ඇත්තේ ‘සන්-මියූ-ටො-ලොකියු-ටො’ (San-meou-to-lokiu-to) වශයෙනි. මේ චීන නම  සමුද්‍රගුප්ත  අධිරාජයා හැඳින්වීමට යොදාගත් පදයක් බව ඉතිහාසඥයින් තහවුරු කර ඇත. සමුද්‍රගුප්ත සහ කිත්සිරිමෙවන් යන රජවරුන් දෙදෙනාම ඉතිහාඥයින් මැනවින් දන්නා  ඓතිහාසික චරිත දෙකකි. පාටලී පුත්‍ර නගරය (තත්කාලීන පට්නා නගරය) සිය කේන්ද්‍රස්ථානය කරගත් සමුද්‍රගුප්ත රජතුමාගේ පාලනය ක්‍රි.ව. 335 සිට 380 දක්වා පැවති අතර, අනුරාධපුරයේ සිට සිය පාලන කටයුතු කළ කිත්සිරිමෙවන් රජතුමා ක්‍රි.ව. 352 සිට 379 දක්වා සිය පාලන කටයුතු කළේය. මේ අනුව,  හිඋඑන්-ට්සේ ගේ සටහන්වලින් අපට බොහෝ දුරට නිවැරදිව අනුමාන කළ හැක්කේ, සමුද්‍රගුප්ත සහ කිත්සිරිමෙවන් යන රජවරුන් දෙදෙනා සමකාලීනයන් බවත්, කිත්සිරිමෙවන් රජතුමාගේ සංඝාරාමය සැලකිය යුතු භූගෝලීය, භාෂාමය, සංස්කෘතික හා දේශපාලන දේශසීමා ඔස්සේ ක්‍රියාත්මක කරන ලද ක්‍රි.ව. 4 වන සියවසේ රාජ්‍ය ව්‍යාපෘතියක් බවත් ය.

කෙසේ වෙතත්, මෙම ආරාමය පිළිබඳ කතාව හුදෙක් ක්‍රි.ව. 7 වන සියවසේ චීන සංචාරක සටහන්වල ශේෂව පවත්නා සරල සඳහනක් පමණක් නොවේ. 19 වන සියවස අග භාගයේදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් එහි පැහැදිලි භෞතික පැවැත්ම ද තහවුරු වී තිබේ. ඉන්දියාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළබඳ උනන්දුවක් දැක්වූ යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් සඳහන් කරන්නේ, ආරාමයේ බිත්ති අඩි තිහ හතළිහක උසින් යුක්ත වූ බවයි. එනම්, 1800 ගණන්වල අගභාගයේදී, ආරාමය බොහෝ දුරට නටබුන් වී තිබුණු තත්වයක් තුළ වුව ද එහි ඇති විශාල පරිමාණය පිළිබඳ මූලික හැඟීමක් ලබා දුන් බවයි. ඔහු තම පුරාවිද්‍යාත්මක කැනීම්වලින් ලද දැනුම ඔස්සේ තවදුරටත් විස්තර කරනුයේ, ඊට සියවස් දොළහකට පෙර හිඋඑන් ට්සං විසින් සපයා තිබූ විස්තරවලට බෙහෙවින් සමීප දැවැන්ත ගොඩනැගිල්ලක නටබුන් පිලිබඳවය: “මෙහිදී, 1885 නොවැම්බරයේදී බෙග්ලර් මහතා සහ මම මහා ආරාමයක නටබුන් සොයාගත්තෙමු. මෙහි පිටත තාප්ප අඩි නමයක් ඝණ වූ අතර එහි සතර කොනේ  දැවැන්ත වටකුරු කුළුණු පිහිටා තිබුණි …. මෙයින් එක් කුළුණක් බටහිර දෙස පිහිටි මුස්ලිම් සුසාන භූමියක තවමත් දැකගත හැකි අතර, නිරිතදිග කුළුණේ බිත්තියේ පිටත රේඛාව තවමත් සොයාගත හැකිය. කොන් හතරේ කුළුණු හතරක් ද, සියලු පැතිවල අතරමැදි කුළුණු තුනක් බැගින්, මුළු කුලුනු 16 ක් ද විය.” කනිංහැම් තවදුරටත් විස්තර කරන්නේ, ආරාමයේ සමස්ත සැලසුම “චතුරශ්‍රාකාර අවකාශ 36 කින් සමන්විත වූ අතර, සෑම පැත්තකම මෙවන් අවකාශ හයක් පිහිටා තිබූ බවත්, එයින් සිව් කොනේ පිහිටි අවකාශ එහි තිබූ කුළුණුවලට සම්බන්ධ කර තිබූ බවත්ය.” එමෙන්ම,  “ගොඩනැගිල්ලේ මැද කොටසේ තිබූ අවකාශ හතර කුළුණු සහිත සාලයකට විවර වූ අතර, එය ලිඳකින් ද  සමන්විත විය.”  ඒ විස්තරයටම අනුව,  “දිගු ආවරණයකින් යුත් කාණුවක් ළිඳේ සිට උතුරු-වයඹ දෙසින් පිටත බිත්තියෙන් ඔබ්බට දිවෙන අතර, එය අවසන් වන්නේ නිල් පැහැති ගලින් නිමකර ඇති, මනරම් ලෙස කැටයම් කරන ලද, විශාල කිඹුලෙකුගේ හිසේ හැඩයට නෙලා ඇති පිහිල්ලකිනි.”

මෙම විස්තරය ඉදිරිපත් කිරීමේදී මට ප්‍රකාශ කිරීමට අවශ්‍ය කාරණය ඉතාමත් සරල ය. වර්තමාන ලංකාවේ බොහෝ දෙනා මිත්‍යාමතික රාවණා යන චරිතය, ඔහුගේ මිත්‍යාමය ගුවන් යානය සහ ඔහුගේ මිත්‍යාමය  වික්‍රමාන්විත ක්‍රියා සාක්ෂි මත පදනම් වූ ඊනියා ‘ඉතිහාසයක්’ ලෙස පුනරුත්ථාපනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව අපි දනිමු. එවන් මොහොතක, අපගේ අතීතයේ ඇතැම් වැදගත් හා තීරණාත්මක අවස්ථා මනාව ලේඛනගත වී ඇත. සිව්වන සියවසේ භාරතයේ දියත් කරන ලද කිත්සිරිමෙවන් රජතුමාගේ සංඝාරාම ව්‍යාපෘතිය එයින් එකකි. එහෙත් එවැනි තොරතුරු දේශීය මූලාශ්‍රවල දැකි ගත නොහැක. එහෙත්, 7 වන සියවසේ චීන වාර්තා සහ 19 වන සියවස අග භාගයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වාර්තා වැනි මා ඉහත ගෙනහැර දැක්වූ, දැනට පවතින තොරතුරු පිළබඳ කිසිදු අවධානයක් හෝ උනන්දුවක් විධිමත් ශ්‍රී ලාංකේය ඉතිහාසකරණ කතිකාව තුළ හෝ ජනප්‍රිය පරිකල්පනය තුළ හෝ දැකගත නොහැක. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික සිදුවීම් සමීපව අධ්‍යයනය කළහොත්, ඉපැරණි රාජ්‍ය තාන්ත්‍රික භාවිත, ජාත්‍යන්තර සබඳතාවල ස්වභාවය, ධනයේ දේශපාලනය සහ සංස්කෘතික බලය දේශසීමා අභිබවා ප්‍රක්ෂේපණය කිරීම යන කරුණු පිළබඳ වැදගත් තොරතුරු හා අර්ථකතනීය අවස්ථා අපට ලබාදෙනු ඇත. එමගින්,  දකුණු ආසියාවේ අතීතය සැලකිය යුතු ලෙස නැවත සිතා බැලීමට උපකාරී වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. එසේම, අප  සිතා බැලිය යුත්තේ, ඔහුගේ දේශීය ආගමික ක්‍රියාකාරකම් පිළබඳව සඳහන් වන අතරම, කිත්සිරිමෙවන් රජතුමා පිළබඳව අපගේ පාලි වංශකථාවල අනෙක් රජවරුන් මෙන් ‘වීරෝදාර’ ආකෘතියක් මගින් ආඛ්‍යානගත වී නැත්තේ කුමක් නිසාද කියාය. මට සිතෙනුයේ, මෙය සිදු කළ යුතු වැදගත් ඓතිහාසික පර්යේෂණයක් කියාය. අනෙක් අතට, උම්බර්ටෝ ඊකෝගේ The Name of the Rose සහ The Prague Cemetery වැනි පුළුල් ඓතිහාසික තොරතුරු මත පදනම්ව ලියන ලද ගෝලීය වශයෙන් සුප්‍රසිද්ධ උදාහරණවලට සමාන ප්‍රබන්ධ කථා රචනා කිරීමට අවශ්‍ය මූලාශ්‍ර සහ පරිකල්පනය ලාංකේය  නිර්මාණාත්මක ලේඛකයින්ට මෙවන් මුලාශ්‍ර ඔස්සේ ලබාගත හැකි බව මගේ විශ්වාශයයි. විශේෂයෙන් ප්‍රබන්ධ ක්ෂේත්‍රය තුළ එවැනි තොරතුරු මගින් නිමක් නැති අවස්ථා ලේඛකයින්ට ලබා දෙයි. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික හෝ ප්‍රබන්ධමය උත්සාහ කිසිවක් ලංකාවේ බැරෑරුම් ලෙස සිදු නොවීම සැබවින්ම අවාසනාවකි. මෙයට හේතුව, අප බොහෝ දෙනා රාවණා ආඛ්‍යානය වැනි ප්‍රබන්ධ කතා ඉතිහාසමය කරුණු ලෙස විශ්වාස කිරීමත්, මැනවින් විස්තර වී ඇති විශ්වසනීය ඓතිහාසික යුග හා සිද්ධි පිළබඳ මතකය අපගේ සවිඥානයෙන් ගිලිහී ගොස් ඇති නිසාත්ය.

Total
6
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට