මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය

කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි.

අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක් වූයේ, එම දේශපාලනය “බහිෂ්කාරක-එරෙහි වීමේ දේශපාලනයක සිට ඉල්ලා සිටීමේ දේශපාලනයක් දක්වා විතැන් වී” ඇත්තේය යන්නයි. ‘මව් පෙරමුණ’ වැනි 80 දශකය අග භාගයේ උතුරු නැගෙනහිර හා දකුණේ මිලිටරිකරණයට හා ජාතිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ සංවිධාන 90 දශකයේ සිට ක්‍රමයෙන් වෙනත් මාතෘකා කරා ස්ත්‍රී සාමූහික ප්‍රජාවන් ද සමග පසුබැස්සේ මන්ද යන්න ඇයගේ විචාරක්ෂියට ගෝචර විය. එනම්, ‘ස්ත්‍රීන් බලගැන්වීම,’ ‘ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වීම,’ ‘ගැටුම් නිරාකරණය,’ ‘ගැටුම් කළමනාකරණය,’ ‘යහ පාලනය,’ ‘මානව අයිතීන් කඩවීම් ලේඛනගත කිරීම,’ ‘ස්ත්‍රී දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම’ ආදී නොයෙකුත් ඉල්ලීම් දක්වා කැඩී වෙන් වී යාමේ තතු පිළිබදවයි. ඊට අනුව, වර්තමානයේ බොහෝවිට පූර්ණකාලීන ස්ත්‍රීවාදී ‘තනතුරු’ බිහිවී ඇත. එසේම, දේශපාලනය වෘත්තීයකරණට හා කළමණාකරණ විෂයයන්ට ඌනනය වී ඇත. එමගින් වත්මනෙහි ස්ත්‍රීවාදී දේශපාලනය සීතල-පහසු අඩවියක මිඩංගු වෙමින් පවතී. මේ නිසා බොහෝ දෙනා දැන් කරමින් සිටින්නේ අරුන්දතී රෝයිගේ භාෂාවෙන් කියන්නේ නම්, ‘වර්චුවල් එරෙහිවීම්’ය.

ඒ අනුව ගල් ගැසී ඇති අනන්‍යතා රැකීම හා එදිනෙදා දේශපාලන සිදුවීම් සමග කටයුතු කරනවා වෙනුවට, එහි ව්‍යුහාත්මක තත්ත්ව නිර්මාණය කළ රාජ්‍යයේ ආකෘතිය ගැඹුරු ලෙස ප්‍රශ්න කිරීමට ලක්කරන ‘දේශපාලනිකයේ’ මානය ඔවුනගෙන් බරපතළ ලෙස ගිලිහී තිබෙයි. කෙටියෙන් කිවහොත්, අපි දැන් කැරලි ගසන්නේ නැත. ඒ වෙනුවට ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින නොනවතින ඉල්ලීම් ප්‍රවාහයකට මාරු වී ඇත. මාලතීගේ තියුණු සුපරීක්ෂාවන් යොමු වූයේ මෙම සංකීර්ණ අර්බුදය දෙසටය.

මාලතී දී අල්විස් විසින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයන් ඉතා විශාල ප්‍රමාණයකි. ඒ නිසාම ඇය ශාස්ත්‍රීය අවකාශයේ තාරකාවක් යැයි කීමේ වරදක් නැත. පිටු 20 කටත් අඩුවෙන් වැය කර, ඉතාම අනර්ඝ න්‍යායික පෙළක් ඊට අදාළ ඓතිහාසික නිදසුන් ද සමගින් සංග්‍රහ කිරීමේ අපූර්ව හැකියාවක් ඇති වෙනත් සිතන්නියක් මට මුණගැසී නැත. කුමාරි ජයවර්ධන සමග 2001 දී ලියා පලකළ Casting Pearls  (මුතු විසිකිරීම) අපගේ ස්ත්‍රී දේශපාලන ඉතිහාසයේ ආ ගිය මුල් ගිය තැන් පෙන්වා දෙන්නකි. ඇයගේ මම ප්‍රිය කරන තවත් කෙටි ලිපියක් වන්නේ, 1999 දී පලකළ, Respectability, Modernity and the Policing of ‘Culture’ in Colonial Ceylon (ගරුත්වය, නූතනත්වය සහ යටත්විජිත ලංකාවේ ‘සංස්කෘතියේ’ පොලීසිකරණය) යන ලිපියයි. එහිදී ඇය විසින් ගණනාත් ඔබේසේකර විසින් පෙන්වා දී ඇති සිංහල සංස්කෘතියේ පවතින ‘ලැජ්ජා බය,’ එනම් ‘ලජ්ජා කිරීමේ භාවිතය’ විසින් සමාජයේ අධිපතීත්වය සහ යටහත්බව වැනි මානයන් නිර්මාණය කළේ කෙසේද යන කියවීම පදනම් කරගනියි. යටත්විජිත කතිකාව විසින් ‘නම්බුවට සිටීමේ’ භාවිතයන් හරහා සිංහල සහ දෙමළ ස්ත්‍රී ශරීර විනයගත කළේ කෙසේද යන්න ඇය එහිදී පෙන්වා දෙයි. ඇය එමගින් සූරාකෑම හා යටහත්භාවය ඇති කිරීමේ පාලන රෙජීමයන් නිර්මාණ කිරීමේ ඉතිහාසය ගෙන හැර දක්වයි.

මාලතී යුධ සමයේ දී ‘සාමය සදහා වූ  ස්ත්‍රීන්’ (Women for Peace) සංවිධානයේ (1984) ක්‍රියාකාරී සාමාජිකාවක් වූවාය. ඔවුන් විසින් යෝජනා කළ ‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක්’ යන යෝජනාවට සිංහල සමාජයෙන් එල්ල වූයේ ‘ඉහළ පෙළේ ගැහැණු රට බෙදන්න හදනවා’ යන විවේචනය බව ඇය සඳහන් කර තිබේ. ‘ඇයගේ දේශාපාලනය ඉංග්‍රීසි කතා කරන පැලැන්තියට පමණක් සීමා වී දැයි’ මම ඇය සමග 2012 දී පමණ රාවයට කළ සම්මුඛ සාකච්චාවක දී විමසා සිටියෙමි. ඇයගේ ප්‍රතිචාරය වූයේ, ඇය සිය උපරිමය යොදවා එම විවේචනයෙන් ගැලවීමට කටයුතු කළ හා කරන බවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨ මාලා ඉගැන්වීම්වලදී හා විවෘත විශ්වවිද්‍යාලයේ කළ  ඉගැන්වීම්වලදී සිය විෂය නිර්දේශය තුළ අලුත් කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් නොයෙකුත් නව කියවීම් එක් කළ  බව ඇය කලකට පෙර මා සමග පැවසීය.

මහ පාරේ අරගලවලට ඇය නිතරම ආවාය. ඇයගේ නිවස හැරුණු කොට මට ඇය හමු වූ අනෙක් ස්ථානය වූයේ අප සංවිධානය කළ දේශපාලන වැඩබිම්ය. වැඩිය කතා නොකොට බොහෝ දේ කෙටියෙන් බෙදාගැනීමට ඇය දැක්වූයේ සුවිශේෂී හැකියාවකි. එසේ කරමින්, අපගේ වැඩසටහන් අවසාන වන තෙක් ඇය සිටියාය. මා ප්‍රදීප් ජෙගනාදන් සහ ඇය හමු වීමට ඔවුනගේ නිවෙසට ගිය සෑම විටකම එම හමුවීම් පැය ගණනක් ගතවූ දිගු සැදෑ සමයන් බවට පත්විය. එම හමුවීම් මාගේ චින්තන ක්ෂිතිජයෙහි සීමාවන් මටම මුණගැස් වූ මගේ ජිවිතයේ වඩාත් වර්ණවත් නිමේෂයන් විය.

ඇයගෙන් තවත් අපේක්ෂා කරන්නට යමක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඇය ඉක්මනින් නික්ම ගිය මෙම ගමන නම් හද දවන ගිනි හුළක් වැනි යැයි පැවසිය යුතුමය. ඇයට අසාධ්‍ය බව දැනගත් විට ම’හද දැවුණු තරම්! ප්‍රදීප් ඇය කලින් යන්නට යන බව විටින් විට සටහන් කර තිබුණි. ඒ නිසාම ඇය මෙන්ම අපි ද ඇයගේ නික්ම යාමට සුදානම් වෙමින් සිටියෙමු.

අපි ඇය පිළබඳ මතකය එකතු කරගන්නට පූර්වයෙන් ඇය බොහෝ මතකවල ඉතිහාසයන් එකතු කළාය. හසිනි හපුතන්ත්‍රී සමගින් සංස්කරණය කොට මේ මෑතක (2019) පළ කොට ඇති අවුරුදු 70 ක නිදහස් ලංකාවේ අපි දන්නා සහ නොදන්නා පුරවැසියන්ගේ මතක ශේෂයන් පිළිබඳ කෘතිය ඊට නිදසුනකි. අපගේ එදිනෙදා ජීවිතයේ අප වටා ඇති, කාලයක් මුළුල්ලේ ඉතිරි වී ඇති වස්තු මගින් ඒවායේ ඉතිහාසය, ආදරය, බිඳවැටීම්, හිත්රිදීම්, අයුක්තීන් පිළිබඳව පමණක් නොව, ඇතැම් වස්තු වටා අපගේ ජීවිත කතාවම ගෙතී ඇති බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය. මගේ මතකයේ ඇය ඉතිහාසයකි. ඇයගේ කියවීම් මගේ දේශපාලනයට ආශිර්වාදයකි.

ඇය ජීවත්ව සිටිද්දී මට ඉතිරි කර ගිය දේ සේම ඇයගේ මරණයෙනුත් යමක් මට ඉතිරි කරදී තිබේ. එනම් මා මියයන දිනෙකත් මම ඇයට ප්‍රේම කරන්නාක් සේම මටත් ප්‍රේම කරන මිනිසුන් උපයා ගත යුතු බවය. ඇය ඒ තරම්ම යහපත් මිනිස් දියණියක් වූවාය.

ඇරඹුම හෝ අවසානය අවිනිශ්චිත වූ යථාර්තයකට ඔබ දැන් එක් වී ඇත. ඔබ වෙනුවෙන් එකී අහඹුව සමග මම ඒකාත්මික වෙමි.

ප්‍රේමයම පමණයි මාලතී..!

Total
10
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට