‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ
දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

(චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019)

මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර, අමුතුම ආකාර සත්ත්වයෙකු නිර්මාණය කර තිබීම නිසාය. නමුත්, බොහෝ කලක සිට මා උනන්දුවන පර්යේශන තේමාවක් වන ‘මිලිටරි පුරුෂත්වය’ ශ්‍රී ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරයේ සහ එය සමාජ මනෝභාවය තුළින් සජීවීකරණය වන ආකාරයේ පරම උදාහරණයක් ලෙස මෙම සිතුවම සැලකිය හැක.

නොයෙකුත් භාහිර  බලවේග හරහා ඕනෑම රටක  යුද්ධය සාධාරණීකරණය කළ හැකි කතිකාවක් ගොඩනැගිය හැකිය. පුරුෂත්වය මෙන්ම ආධිපත්‍යමය පුරුෂත්වයත් ස්ථිර ප්‍රවර්ග නොවේ. ඒ වෙනුවට, ඒවා යම් මොහොතක පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවි සබන්ධතා මත ස්ථානගතවන අතර, නිරතුරුවම විවාදයටද පාත්‍රවේ (කොනෙල් 2005: 76). පවතින ආර්ථික, සමාජ සහ දේශපාලන සන්දර්භ මගින් ආධිපත්‍යමය පුරුෂත්වය හැඩ ගස්වනු ලබයි. සමාජ අභිමතය පරිදි පුරුෂත්ව කතිකාවක් ගොඩනැඟීම සඳහා ඕනෑම පුරුෂත්වයකට හෙජෙමොනික හෝ ආධිපත්‍යමය පුරුෂත්වයකට ළඟා විය හැකි වෙයි. රාජ්‍යයේ ඵලදායිතාවට දායකවන පරිදි  ඕනෑම පුරුෂත්ව ආකෘතියක් ආධිපත්‍යමය හෝ හෙජමොනික පුරුෂත්වයකට ඔසවා තැබීමේ කාර්යයේදී, රාජ්‍යය විශාල භූමිකාවක් රඟ දක්වයි (කොනෙල් 1987: 126). මෙලෙසින්ම, ලිංගිකව හැසිරීම සඳහා එකඟ වීමේ වයස, සමලිංගිකත්වය තහනම් කිරීම වැනි බොහෝ කරුණු රාජ්‍යය විසින් තීරණය කරනු ලබයි (කොනෙල් 1987: 126).

දේශපාලන සංස්ථාව තුළ මෙම තහනම් කිරීම් සහ ලිංගික සංකල්ප ගොඩනැඟීම දේශපාලන න්‍යාය පත්‍ර තුළ  යොදාගනු ලබන අතර, ඒවා සිවිල් අයිතිවාසිකම්   ව්‍යාපාර දක්වා වර්ධනය වී, විරෝධතා සහ ප්‍රතිවිරෝධතා චක්‍රයක ආස්ථානගත වෙයි (කොනෙල් 1987: 130). ඒ අනුව,  රාජ්‍යය විසින් තම පැවැත්ම උදෙසා ලිංගික දේශපාලනය යොදාගනු ලබයි. කොනේල්ගේ වැඩි අවධානය යොමු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවි භූමිකා හැඩ ගැස්වීමෙහිලා දායකවන රජයේ පරිපාලන භූමිකාව කෙරෙහිය. කෙසේ වෙතත්, ඍජු නියාමන මැදිහත්වීම්වලට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකා හැඩගැස්වීමෙහි ලා අවශ්‍ය මතවාදීමය පදනම සකස් කිරීමේදීද රාජ්‍යය සක්‍රීය මෙන්ම සියුම් ආකාරයෙන් මැදිහත් වෙයි.

ලාංකීය සමාජයේ ඇතිවන සමාජ, ආර්ථික සහ දේශපාලනික විපරිවර්තනයන්ට අනුකූලව සිංහල පුරුෂත්වය විකාශනය වී තිබේ. නමුත් ශ්‍රී ලංකා සමාජ හා මානව ශාස්ත්‍ර විෂය පථය තුළ, පුරුෂත්වය සම්බන්ධව සිදු කෙරී ඇති පර්යේෂණ ඉතා අල්පය. පුරුෂත්වය පිළිබද කැපී පෙනෙන අධ්‍යයන  කාර්යයක් සිදුකර ඇත්තේ ජනී ද සිල්වා විසිනි. ද සිල්වාට අනුව, අධිරාජ්‍යවාදය මගින් යටත්විජිත සිංහල පුරුෂත්වයට විශාල බලපෑමක් සිදු කර ඇත. අධිරාජ්‍යවාදය යටතේ,  අධිරාජ්‍යවාදීන් විසින්  තමන් විසින් ග්‍රහණය කරගත් දැනුමට අනුකූල ලෙස, යටත්විජිත වාසීන්  ශිශ්ට කිරීමේ ව්‍යාපෘතියක නියැළී සිටියහ (ද සිල්වා 2005). බටහිර ආක්‍රමණිකයා , ‘ගෞරවය/නම්බුව’ යන්න ‘වික්‍රමාන්විත ලීලාව’  සමඟ සම්බන්ධ කරයි. නමුත් පූර්ව-යටත්විජිත ශ්‍රී ලංකාව තුළ, ගෞරවය යන්න ‘වික්‍රමාන්විත  ලීලාවට‘ වඩා ‘තත්ත්වය/සමාජ තත්ත්වය‘ සමඟ බැඳී පැවතුණි (ද සිල්වා 2005: 27). මෙහිදී තත්ත්වය යන්න, ඉඩම් අයිතිය  සමඟ බැඳී තිබුණි. එම පූර්ව-යටත් විජිත සිංහල පුරුෂත්වය, ප්‍රචණ්ඩත්වයෙන් මෙන්ම සිරුර අවධානමට ළක් කිරීමෙන් තොර වූ අතර, වඩාත් ‘අවනතභාවී’ ලක්ෂණ ප්‍රකට කළේය (ද සිල්වා 2005: 27).

මේ ඓතිහාසික තත්ත්ව යටතේ බොහෝ  විට ‘ගම‘ යන්න එක් කුලයකට හෝ ඥාති කණ්ඩායමකට අයත්ව පැවතුණි. ඒ අනුව ‘ඉඩම‘ තනි පුද්ගලයකුට අයත් නොවූ අතර, ඥාති සමුහයට හෝ පවුලකට අයත් විය (ද සිල්වා 2005: 29). සිංහලයින් ‘ප්‍රජාව’ කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දීම අවඥාවට ළක්කළ යටත්ජිවිජිතවාදීන්, තනි පුද්ගලයා කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දුන්හ. පූර්ව-යටත්විජිත සිංහල සමාජයේ පුරුශත්ව කේත ගොඩනැගුණේ ‘ලැජ්ජාව සහ බිය‘ මතය. යමෙකු නිර්පුරුෂ කිරීමේ හොඳම ක්‍රමය වූයේ ඔහු ප්‍රසිද්ධියේ අවඥාවට සහ හාස්‍යයට ළක් කිරීමයි. ඒ අනුව, ප්‍රසිද්ධියේ අවඥාවට සහ  හාස්‍යයට  ළක්නොවී  සිටීමට නම්, ලැජ්ජා-බයට අවනත විය යුතුය ( ද සිල්වා 2005: 27).

ලැජ්ජා-බය යන සංකල්පය පිළිබඳ වඩාත් සියුම් විශ්ලේෂණයක් සිදු සිදුකර ඇත්තේ ඔබේසේකරය .  ඔහුට අනුව,  පිරිමි දරුවා වඩාත් සංවේදී වන්නේ ‘බිය‘ යන්නටයි, එනම්, ප්‍රසිද්ධියේ සමච්චලයට ළක්වීමට ඇති බියයි (ඔබේසේකර 1984). ඔබේසේකරට අනුව මෙම තත්ත්වය උද්ගත වන්නේ, පුරුෂයාට ඇති මහජන භූමිකාවත්, ඒ සමඟම ඔහුට අන් අයට ප්‍රතිචාර දැක්වීමට සිදුවීමත් නිසාය (ඔබේසේකර 1984). මේ අනුව, ශ්‍රී ලංකා සමාජය තුළ පුරුෂත්ව ගතික නිර්මාණය වී සහ ගොඩනැඟී ඇත්තේ ලැජ්ජාවට පත්වීමට ඇති බිය පදනම් කරගෙනය.

පූර්ව-යටත්විජිත යුගයේ සිංහල ආධිපත්‍ය මය පුරුෂත්වය ගොඩනැඟී තිබුණේ ඉඩමට ඇති  ප්‍රවේශය පදනම් කරගෙනය. නමුත් යටත්විජිතවාදීන් විසින් නීතියේ  ආධිපත්‍යය මෙන්ම ඉඩම්   ප්‍රතිසංස්කරණ ද  හඳුන්වා දෙනු ලැබීය (ද සිල්වා 2005: 30). මෙම සන්ධර්භය තුළ වඩාත් ඉස්මතු වූයේ, තනි පුද්ගලයා නැතහොත් රටවැසියා ය. මෙම ප්‍රතිසංස්කරණ  සහ නව නීති සමඟ ඉඩම් විකිණීම ආරම්භ වූ අතර, ගම හා ඊට සම්බන්ධිත ඥාති සමුහයේ කඩා වැටීම ඇරඹුණි (ද සිල්වා 2005: 30).

එමෙන්ම පූර්ව  යටත්විජිත සිංහල පුරුෂත්වය මගින්, යටත්විජිතවාදීන් දන්නා පුරුෂත්වය පිළිබඳ අදහස ව්‍යාකූල කරනු ලැබීය. එනම්, සිංහල පිරිමියාගේ ඊනියා මිශ්‍ර වූ  ස්ත්‍රී පුරුෂ සමාජභාවී චර්යාව (යටත්විජිත වාදීන්ට අනුව) සහ දකුණේ සිංහල පිරිමින්ගේ බඳින ලද කොණ්ඩය ආදිය යටත්විජිතවාදීන්ගේ කණස්සල්ලට හේතු විය (වික්‍රමසිංහ 2015: 69). ඒ අනුව, බ්‍රිතාන්‍ය පාලනතන්ත්‍රය   විසින්  බ්‍රිතාන්‍ය යටත්විජිත රාජ්‍ය ආයතනවල  සේවය කල  ලාංකික පුරුෂයින්ට කොණ්ඩය බැඳීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය (වික්‍රමසිංහ 2015). වික්‍රමසිංහ යෝජනා කරන ආකාරයට, දිගු කෙස් ඇති පිරිමින්, බ්‍රිතාන්‍ය පාලනතන්ත්‍රයට තර්ජනයක් ලෙස දකින ලදී. ඒ අනුව, මේ පුරුශත්ව ආකෘතීන් දෙක, එනම්, යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පුරුෂත්වය සහ පූර්ව-යටත්විජිත සිංහල පුරුෂත්වය,  ප්‍රතිවිරෝධතා සහිතව පැවතුණි.

ලංකාවට නුතන  අධ්‍යාපනය හඳුන්වා දීමද, ලංකාව තුළ ස්ත්රී-පුරුෂ සමාජභාවි සම්බන්ධතා වෙනස් කිරීමට හේතු විය (ද සිල්වා 2005: 27). සිංහල පුරුෂත්ව අනන්‍යතාව  වික්‍රමාන්විත ලීලාවන්ගෙන් සමන්විත නොවූවත්, එයට නිරන්තරවම ස්ත්‍රීත්වයෙන් වෙනස් වීමට අවශ්‍ය විය (ද සිල්වා 2005: 27). උගත් කාන්තාවන් හේතුවෙන් තම ගෞරවයට හානිවන බවට හැඟීමක් සිංහල පිරිමි තුළ හට ගැනුණි (ද සිල්වා 2005: 27). 1977 ආර්ථිකය විවෘත කිරීමත් සමඟම නව ගෝලීයකරණයේ බලපෑම දිවයිනට දැනෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීමේ අවස්ථාවත්, ආයෝජන ප්‍රවර්ධන  කලාපවල ඇරඹුණු නව ඇඟලූම් කම්හල්වල සේවය කිරීමේ අවස්ථාවත් නුපුහුණු කාන්තා ශ්‍රමිකයින්ට ලැබුනි  (ජයවීර 2002). බැලූ බැල්මට තමාට සමාන සුදුසුකම් සහිත කාන්තාවන්ට පහසුවෙන් රැකියා වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ඇතිවීම, තරුණයන් තුළ අසහනකාරී තත්ත්වයක් ඇතිකළ අතර, ඔවුන් නාගරික ආර්ථිකය තුළ ආන්තිකරණයට ළක්විය (ද සිල්වා 2005: 22). ආර්ථික ලිබරල්කරණය විසින් සංගීතය, නර්තනය සහ විලාසිතා යන අංශවල පමණක් නොව, අඩු අදායම්ලාභී ප්‍රජාවන්, සුලු අවි සපයන්නන්, පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය  ජාවාරම් කරුවන්ගේද වර්ධනයට හේතු විය (ද සිල්වා 2005: 23). මේ තුළ, පාතාලය, සංස්කෘතියේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්විය (ද සිල්වා 2005: 23). 1980 ගණන්වලදී මතුවූ ප්‍රචන්ඩත්වයට මෙම තත්ත්ව බලපෑවේය (ද සිල්වා 2005: 23).

පනහ දශකයේ මැද භාගයේදී, විශේෂයෙන් ග්‍රාමීයව   දිවයින තුළ මතු වූ ස්වභාෂා පාසල් ගුරුවරයා සහ සිංහල උගත් සිවිල් සේවකයා යන පුරුෂත්ව ප්‍රවර්ග දෙක, ආධිපත්‍යමය නැතහොත් හෙජමොනික පුරුෂත්වයක් දක්වා වර්ධනය විය. 1950 ස් ගණන් වලදී පාසල් අධ්‍යාපනය   ඉංග්‍රීසියේ සිට  සිංහල දක්වා වෙනස් කිරීම තුළින්, සිංහල උගත් ප්‍රභූ පන්තියක් බිහිවීමට හේතු විය. බටහිර පුරුෂත්ව ආකෘති රට තුලට ගලාඑන මාර්ග ඇහිරීම හරහා ඉන්ගිරිසි කතාකරන පුරුෂත්වයෙන් වෙන්වීමට මෙම පන්තියට අවශ්‍ය විය. 1980 ගණන් වන තෙක්ම ශ්‍රී ලංකාවේ   ග්‍රාමීය ප්‍රදේශ  තුළ ආධිපත්‍යමය හෝ හෙජමොනික පුරුශත්ව  ප්‍රවර්ගය ලෙස පැවතුණේ ගුරුවරයායි (ද සිල්වා 2005: 121). 1980 ගණන්වල  මැද භාගයේදී, ජනතා විමුක්ති පෙරමුණේ ‘දේශහිතෛෂීන්’ විසින් මෙම පුරුෂත්ව ආකාරය  අතික්‍රමණය කරන ලදි. ජනතා විමුක්ති පෙරමුනේ දේශ හිතෛෂීන්ට  අවශ්‍ය වූයේ, එක් අතකින් ස්වදේශීය භාෂාවෙන් තමන් ලැබූ අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා දැනුමේ මදබව නිසා ඔවුන් මුහුණ දුන් විරැකියාව හේතුවෙන් රජයට එරෙහිව කැරළි ගැසීමයි.

1983 ජූලි කලබල සහ සිවිල් යුද්ධය ඇති වීමට හේතු වූයේ 1956 දී රජය විසින් ක්‍රියාවට නැංවූ භාෂා   ප්‍රතිපත්තිය (දීගල්ල 2006) මෙන්ම අධ්‍යාපන ප්‍රමිතිකරණය ද  (රොබර්ට්ස් 2011) ඇතුළත්ව තවත් හේතුය. 1983 ජූලි කලබලයත්, උතුරු නැගෙනහිර යුද්ධයේ වර්ධනයත් සමඟ  ත්‍රිවිද හමුදා විසින් පිළිඹිබුකළ ‘රණවිරුවා’ යන පුරුශත්ව   ආකෘතිය  කරළියට පැමිණියේය ( ද සිල්වා 2005: 121). මින් පසු රට තුළ මූලික වශයෙන් පුරුෂත්වය  මතු වන්නේ, යුද්ධය හේතුවෙන් බිහිවූ රණවිරු ප්‍රතිරූපය හේතුකර ගෙනය. වික්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයට, මෑතක් වනතුරුම යුද්ධය සඳහා සොල්දාදුවන් බඳවා ගැනීමේදී රාජ්‍යය විසින් මෙම රණවිරු ප්‍රතිරූපය යොදා ගනුලැබ ඇත (වික්‍රමසිංහ 2015: 189). ඇය තවදුරත් තර්ක කරන්නේ, වර්තමානශ්‍රී ලංකාවේ ‘පුරවැසියා’ යන්නෙන්  තවමත් පුරුෂයෙකු පමණක් නියෝජනය වන  බවයි (වික්‍රමසිංහ 2015: 189). රාජ්‍යය විසින්, යුද්ධය සහ  ප්‍රචණ්ඩත්වය  සාධාරණීකරණය කරන්නාවූ පාලනතන්ත්‍රයක් මේ අනුව  ගොඩනැගීය.

‘සොල්දාදුවා’ නැතහොත් ‘රණවිරුවා’ යන පුරුෂත්වය ආකෘතිය ජනප්‍රිය  පරිකල්පනය තුළ ආකාර දෙකක පුරුෂත්වයන්ගේ සම්මිශ්‍රනයකි. එනම්, සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරක්ෂකයා යන ආකෘතිය සහ පුරුෂත්ව විලාසිතාවකට අනුව රට බේරාගන්නට කැපවූ, නමුත් බටහිරින් ආනයනය කරනලද   ක්‍රියාකාරී  සිනෙමා චරිතයයි. කරුණානායක සහ වරදාස් යෝජනා කරන පරිදි ‘ඉන්දියානා ජෝන්ස්’, ‘රම්බෝ’ සහ ‘කැප්ටන් ඇමරිකා’ වැනි චරිත, ජාතියකට අවශ්‍ය විය හැකි ආකාරයේ සියලු පුරුෂත්ව ලක්ෂණ, එනම් දේශප්‍රේමීත්වය, රාජපාක්ෂික වීම, ඥානය සහ දුරදක්නා නුවණ මෙන්ම නිර්භීතභාවය සහ  වික්‍රමාන්විත බව සහිත අධි-මානුෂික හෝ සුපිරි වීර චරිත ප්‍රතිනිර්මාණය  කරයි (කරුණානායක සහ වරදාස්  2013: 05).  ඔවුන් තම තර්කය ඇමරිකාවට පමණක් සම්බන්ධකර ගොඩ නගන්නේ වුවත්, පෙරේරා තවදුරත් සඳහන් කරන ආකාරයට මෙවැනි සමහර චරිත ශ්‍රී ලාංකික යෞවනයට ද බලපෑම් සිදුකර ඇත (පෙරේරා 2010: 20). තවත් සන්දර්භයකදී, පෙරේරා තවදුරත් සඳහන් කරන්නේ ‘රම්බෝ’ ආකාරයේ ප්‍රචාරක සහ  ජනප්‍රිය චරිත ශ්‍රී ලංකාව තුළදී  දියසෙන්  කුමරු දක්වා රූපාන්තරණය වන බවයි (පෙරේරා 2010: 20). ‘කමාන්ඩෝ දියසේන’ [1] දේශීය විරුවෙකු ලෙසත්, ‘රම්බෝ’ [2]  ඇමරිකානු විරුවෙකු ලෙසත් නිරූපණය කිරීමේ අනන්‍යතා මිශ්‍රවීමෙන් වූ රම්බෝ ප්‍රතිමූර්තිය  විසින් සිංහල සොල්දාදුවාට නව වලංගුභාවයක් ලබා දෙන ලදි (ද සිල්වා 2007: 222).

ත්‍රිවිද හමුදා උදෙසා ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතියක් සඳහා අරමුදල් රැස් කිරීමට 2008 වර්ෂයේදී වෙළඳ දැන්වීමක් මගින් ප්‍රචාරණයක් ලබා දෙන ලදී. ‘අපගේ දියසෙන් කුමරා වෙනුවෙන් මැදුරු තැනේවා’ යනුවෙන් එම දැන්වීම අවසාන වන අතර, එම දැන්වීම තුළ සොල්දාදුවන්, බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500කට පසු බුදු දහම සුරැකීමට පහළවන, සිංහල මිත්‍යා ඉතිහාසයේ වීර චරිතයක් වන දියසෙන් කුමරුට සමාන කරයි (ප්‍රේමතුන්ග 2011).

පසු සටහන්

  1. මෙම ආඛ්‍යානය  මා මුලින්ම දැක්වූ බිත්ති සිතුවමට සම්බන්ධ කරන්නේ නම්, එම සිතුවම මගින් රම්බෝ සහ දියසෙන් කුමරා මිශ්‍ර වූ ශ්‍රී ලංකා ජන විඥානයේ විපරීත හෙජමොනික පුරුෂත්වය නිරුපණය කරන බව පෙනේ.  
  2. ජෝන් රම්බෝ යනු, ‘ෆර්ස්ට් බ්ලඩ්’ සහ ‘රම්බෝ’ චිත්‍රපට මාලාවේ වීරයා වන ඇමරිකානු චරිතයයි. ඒ චරිතය ගොඩනැගෙන්නේ, වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාවේ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළ විරුවෙකු ලෙසයි. මොහු මස් පිඩු සහිත ශරීරයකින් යුක්ත, ආයුධ සන්නද්ධ වීර සොල්දාදු රූපයකි.

අශ්‍රේය  ග්‍රන්ථ

Connell, R.W. 1987. Gender and Power: Society, the Person and Sexual Politics. Cambridge: Polity.

De Silva, Jani. 2005. Globalization, Terror & the Shaming of the Nation: Constructing Local Masculinitiesin a Sri Lankan village. Victoria: Trafford Publishers.

De Silva, Jani. 2007. ‘Globalization, Embourgeoisment, Violence: Shifting Frames of ‘Hegemonic Masculinity’ in Sinhala Discourse.’ Paper presented at the conference, ‘The Nation State, Embodied Practices and the Politics of Identity,’ 1st to 2nd March 2007, Department of Sociology, University of Delhi, Delhi.

Deegalle, Mahinda, EDs., 2006. Buddhism, Conflict and Violence in Modern Sri Lanka. New York: Routledge.

Jayaweera, Swarna. 2002. ‘Fifty Years Since Political Independence: An Overview, pp. 15-40. In, S Jayaweera Ed., Women in Post-independence Sri Lanka, New Delhi: Sage.
 
Karunanayake, D. & T. Waradas. 2013. What Lessons are We Talking About? Reconciliation and Memory in Post Civil War Sri Lankan Cinema. Colombo. ICES .

Obeyesekere, G. 1984. The Cult of the Goddess Pattini. Chicago: University of Chicago Press.

Perera, S. 2011. ‘The Construction of Masculinity and Bravery in War.’ In, Asia Leadership Fellow Program, 2010 Report, Rethinking Global Challenges, Asian Intellectuals in Dialogue.  Tokyo. International House of Japan.

Prematunga, Sajitha. 2011. ‘Myth of Prince Diyasena From Yetis to Unicorns: Man’s Enthusiasm for Myths is Undying.’ In, Sunday Observer. 24th February 2008 (online). http://www.sundayobserver.lk/2008/02/24/imp02.asp. Accessed on 28th of May 2015.

Wickramasinghe, N. 2014. Sri Lanka in the Modern Age: A History. Oxford. Oxford University Press.  

Total
38
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට