මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

~ අරුණි සමරකෝන්

මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික  විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත.  ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත  සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාර ස්ත්‍රීවාදී දේශපාලනය හරහා විභාග කිරීමය. එම විභාග කිරීම ස්ත්‍රීවාදී ‘මගේ  කතාව’ ලෙස දිග හැරේ.

මුලින්ම අවධානය යොමුවන කරුණ නම්, දැනුම් නිෂ්පාදනයේ සුජාත හිමිකාරීත්වය විශ්වවිද්‍යාල පමණක් සතුවේ යන්න වෙත ය. විශ්වවිද්‍යාලවලින් පිටස්තර ලෝකයේ දැනුම නිෂ්පාදනය නොවේද?  විශ්වවිද්‍යාලයක් වෙත ප්‍රවේශ නොවීමෙන් දැනුම් නිෂ්පාදනයේ සුජාතභාවයක් වෙත හිමිකම් කිව නොහැකිද? මෙයට ස්ත්‍රීවාදීනියක් ලෙස මාගේ කතාව නම්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තුලින් පරිබාහිරව විශාල දැනුමක් නිරන්තරයෙන් නිෂ්පාදනය වන බවය. නමුත් එම දැනුම වෙත සුජාතභාවයක් ලබා දීමට කිසිවෙකු අවධානයක් යොමු නොකරන හෙයින් ම, එම දැනුම ප්‍රධාන ප්‍රවාහයට ඒකරාශී වීමේදී විවිධ අභියෝග වෙත මුහුණදෙනු ලැබේ. මෙයට උදාහරණයක් ලෙස 2005 දී ආරම්භ වූ අශිෂ්ට යුධ මෙහෙයුම් විවේචනය කරන කතිකාවේ ආරම්භය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නොවේ. යුද්ධයක් විවේචනය කිරීම වෙනුවට එයට සහයෝගය දක්වමින්, හමුදාව දිරිමත් කිරීම උදෙසා පිරිත් කියා පිරිත් නූල් බැදීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අචාර්ය දඹර අමිල හිමි ඇතුළු පාර්ශව විසින්  ක්‍රියාකරණ ලදී. එම අශීලාචාර යුද්ධයේ අවසානය නම්, අදටත් නිශ්චිතව වාර්තා කිරීමට අපෝසත් වූ ජීවිත ප්‍රමාණයක්  විනාශ වීම සහ අතුරුදහන් වීමය. එම යුද්ධයේ ආරම්භය, විකාශනය සහ අශිෂ්ට අවසානය පිලිබඳ විචාරාත්මක දැනුමක් නිෂ්පාදන වෙනුවෙන් මූලිකත්වය ගැනීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත හැකි වී තිබේද? එසේම පිටස්තර ලෝකය තුල යුද්ධයට එදිරි කතිකාව විශ්වවිද්‍යාල වෙත රැගෙන යාමේ හැකියාවක් වේද?

යුද්ධයක් සාධාරණීකරණය කරන ලද දැනුම් නිෂ්පාදනයේ සුජාත දරු දැරියන් මේ ගෙවෙන මොහොතේ විශ්වවිද්‍යාල සුජාතභාවය රැකගැනීමේ අරගලයක නිරත වී සිටි. එහි එක් අවස්ථාවවක් නම්, නව කුලපතිවරු ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත යන භික්ෂු දෙනම යෝජනාකිරරීම ට විරෝධය පෑමය .  මෙම පත්කිරීම් වෙත විරෝධය පළකිරීමේ මූලිකම පදනම්ක් ලෙස මෙම දරු දැරියන් පවසනුයේ, මේ දෙපොළ, ඔවුන්ට ලබා දී ඇති පදවිය සදහා අදාළ සුදුසුකම් සපුරා නොමැති බවය.  සුදුසුකම් මත පත්කිරීම් සිදුකිරීම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ තිරසාර සම්ප්‍රධායක් වීද? බොහෝ නවක බඳවා ගැනීම් පුද්ගල රුචිතාවයන් මත සිදු නොවී ද?  ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සම්ප්‍රධාය තුල ද ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දී මෙන් “වංශය” (dynastic politics) මත පදැනම් ව බඳවා ගැනීම් සිදුවේ. මව හෝ පියා විශ්වවිද්‍යාලයේ සේවයේ නිරත වීම හේතුවෙන් ආධුනික කථිකාචාර්ය ධුර හිමි වූ යහළු-යෙහෙලියන් මෙය ලියන මට මෙන්ම  කියවන ඔබට ද නොසිටී ද? එසේම දීප්ති කුමාර ගුණරත්න කියූ ලෙස “ජෙන්ඩර්” (gender) වෙනුවට “ජුන්ඩා බැලන්ස්” [1]  කිරීම හේතුවෙන් ද පත්වීම් සිදුවන  වන පදනමක, මෙම කුලපතිධුරවල සුදුසුකම් වෙනුවෙන් හඬා වැටිය යුතුද?

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කුලපතිවරු පත්කිරීම වෙනුවෙන් විධායක ජනාධිපතිවරයා වෙත බලය හිමිවනුයේ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල  පනත මගිනි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 32 වන වගන්ති ප්‍රකාර ව , ජනාධිපතිවරයා විසින් කුලපති නම් කරන අතර,  එම ධුරය විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය දරමින් වසර පහක ධුර කාලයක්, උපාධි ප්‍රධානෝත්සවයේ මූලාසනය හොබවනු ඇත[2]. ඒ අනුව, ඉහත කී වංශය සහ ලිංගික රුචිකත්වය මත වන අභිමතානුසාරී පත්කිරීම් ඉක්මවා යමින්, කුලපතිවරු පත්කිරීම යම් ශිෂ්ටසම්පන්න භාවයක් යටතේ වූ බව මගේ තර්කය වේ.

කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත හිමි

අනෙක් කරුණ නම්, මෙම පත්කිරීම් හරහා විධායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකා සිංහල-බෞද්ධ ජනයා සදහා සිංහල-බෞද්ධ රාජ්‍යක් ගොඩ නැගීම තහවුරු කර තිබේ. සිංහල-බෞද්ධ ඡන්ද පදනම මත  පත්වන නන්දසේන ගෝටාබය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී ප්‍රංශ ආකෘතියේ ජනාධිපතිධුරයේ දිවුරුම් දෙමින් “ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙත රාජ්‍ය අනුග්‍රහය දක්වමින් රට ආරක්ෂා කරන බවට සපථ විය”.[3] එය තව දුරටත් සනිටුහන් කරමින් හෙතෙම විශ්වවිද්‍යාල පනතෙන් පවරා තිබෙන බලය අනුව, නව කුලපතිවරුන් ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත යන භික්ෂු දෙනම යෝජනා කර තිබේ.  සරලව ම මෙහි ගැටලුවක් තිබේද?  සිංහල-බෞද්ධ ජනාධිපතිවරයා ලෙස හෙතෙම පනතක් මගින් ඉල්ලා සිටින කාර්යයක් සිදුකර තිබේ. එය ව්‍යවස්ථා විරෝධී ද නොවේ.

නමුත් සුජාත දරු දැරියන් පවසනු යේ  මෙම පත් කිරීම නීතිමය අභිලාශය වෙනුවට දේශපාලන අභිලාශ ඉටුකරගැනීම වෙනුවෙන් සිදු වූ බවය. පුදුමය ට කරුණ නම්, මෙම දරු දැරියන් ට විශ්වවිද්‍යාල  ඉතිහාසය සහ වර්තමානය තුල දී සිදුවන පත්කිරීම් විවිධ  පාර්ශවයන් හි දේශපාලන අභිලාශ ඉටුකර ගැනීම වෙනුවෙන් සිදුවන බව නොපෙනී යාමය. උදාහරණයක් ලෙස, මෙම කුලපතිධුර පත් කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ඉටු කරගැනීමක් ලෙස අර්ථකතනය කරන කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය [4] විසින් එකී  සංගම් ධුර සඳහා කරනු ලබන පත්කරගැනීම් නිර්දේශපාලනික වේද?  එම පත් කිරීම් රාජපක්ෂ රෙජීමයේ ම වන පීතෘමූලික බල ධුරාවලියේ ම දිගුවන් නොවේද?  එවැනි පසුබිමක දී මෙම පත්කිරීම් වෙත පමණක් ඇගිලි දිගු කිරීමේ පදනම කුමක්ද?

එක අතකට දේශපාලනික ව්‍යපෘති සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් පාරිතෝෂික (rewards) ලෙස කුලපතිධුරයන් පමණක් නොව, උපකුලපතිධුර පවා පිරිනැමීමේ  ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු නොවේ ද? අනෙක් අතට, සියලුම ආණ්ඩු විසින් දේශපාලනික ව්‍යපෘති අභියෝගයට ලක්කිරීම හා විචේචනය කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රජාව මර්ධනය කිරීම ද සිදු කල බව අමතක නොකළ යුතුය. එම මර්ධනය වෙත සහයෝගය ලබාදීම ද එම සුජාත දරු දැරියන් ගේ ප්‍රජාව තුල නොපැවතුනි ද?

මීළඟට මගේ ස්ත්‍රීවාදී විඥානය ඔස්සේ වර්තමානයේ දී මෙම සුජාත දරු දැරියගේ ඥාන භාවිතය වෙත අවධානය යොමු කරමි. එහිදී   විශ්වවිද්‍යාල කිහිපයකදී ලත් අත්දැකීම්  විස්තර කිරීමෙන් මගේ ප්‍රකාශනය තහවුරු කිරීමට උත්සුක වෙමි.

කැළණි නාගයා සහ සුජාත දරු දැරියන් ගේ ඥාන භාචිතය

කැළණි විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස යෝජිත මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමියන් වෙත විරෝධය පළකිරීම වෙනුවෙන්, සුජාත දරු දැරියන් යොදාගනු ලැබූ එක් නිමින්තක් නම්, එම භික්ෂුව විසින් ප්‍රසිද්ධ කළ  නාග ලෝකයෙන්  බුදුන් ගේ ධාතු රැගෙන කැළණි ගඟෙන් මතු වූ ප්‍රාතිහාර්යක පුවතය.  මෙම පුවත් මේ මොහොතේ දී කවටකමක් ලෙස සැලකුව ද, එය සුභ නිමිත්තක් හෝ ප්‍රාතිහාර්යක් ලෙස සලකා 69 ලක්ෂණයක ජනතාවක් ජනාධිපතිවර්ණයේ දී ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමට මෙම සුජාත දරු දැරියන් ට නොහැකි වුයේ මන්ද? මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හිමිගේ දේශපාලනය  මේ මොහොතේ  ලෙල්ලමක් ලෙස දකින සුජාත දරු දැරියන්, විශ්වවිද්‍යාල තුල සිදුකරමින් සිටිනේනේ මිත්‍යාවෙන් මිදීමක් නොවන බව මගේ යෝජනාව වේ. එය තහවුරු කිරීම වෙන්වූවෙන් උදාහරණයක් දැක්වමි. “ලෞකික ආයතනයක් වන විශ්වවිද්‍යාල තුලට බුදුපිළිම වන්දනාව පිවිස ඇතිවිට මත්ස්‍ය සහ සාගර විද්‍යා අධ්‍යන පීඨ තුළ විශාල බුදුපිළිම ඉදි කර තිබෙන අතර, ඒවා අභියසම තනා ඇති පොකුණුවල මසුන් පර්යේෂණ සඳහා වගාකරමින් සිටී. නාගලෝකයෙන් ධාතු පැමිණීම මිත්‍යාවක් ලෙස මේ මොහොතේ සලකන මෙම සුජාත දරු දැරියන් ට මසුන් ද ප්‍රාණජීවීන් බවත්, එම ජීවින් මරා දමන ස්ථානයක, ප්‍රාණඝාතනයෙන් වැළකීමේ ආනිසංස ප්‍රකාශිත බුදුන් ගේ පිළිම ඉදිකිරීමෙන් තමන් ද මිත්‍යාවක් කෙරෙහි බැදී සිටින බව නොපෙනීම භයානක තත්ත්වයකි. එසේම, මෙම හැසිරීම මාගේ ස්ත්‍රී විඥාණය හදුනා ගනු ලබනුයේ, ප්‍රාණය වෙනුවෙන් වටිනාකම නියම කිරීමේ බලය මෙම සුජාත දරු දැරියන් වෙත පවතින බවය. ඒ අනුව, එම බලය විසින් ඕනෑම මිත්‍යා පදනමක් මත සිට මරාදැමීම යුක්ති යුක්ත කරනු ඇත. එය 2009  වන තුරුම් අ පවතී සිවිල් යුද්ධයට අනුබල දෙමින් මෙම දරු දැරියන් විසින් සිදුකළ අතර, පසුව මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව පල වූ හිංසනය හරහා තවදුරටත් තහවුරු කරන ලදී.

කැළණි නාගයා කතාව සහ සංඝරක්ඛිත හිමි ගේ පත්කිරීම එක්කර සම්පාදිත අන්තර්ජාල මීමයක් (meme)

කැළණි නාගයා කතාව වැනි අන් කතා මතු ව ආ තවත් අවස්ථා දෙකක් පිලිබඳ මගේ කියවීමේ දී  සටහන් කරමි. එයින් එක් අවස්ථාවක් නම්, මුස්ලිම් ප්‍රජාව විසින් සිංහල-බෞද්ධයන් වඳ කිරීම වෙනුවෙන් ආහාර සහ ඇඳුම් යොදාගන්නා බවට වූ ප්‍රචාරණය යි. එසේම දැන් “එක රටක්-එක නීතියක්” නම් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, ගලගොඩඅත්තේ ඥානසාර හික්ෂුව ඇරඹි “හලාල්” භාණ්ඩ වර්ජනය කිරීමේ යෝජනාව හේතුවෙන්[5] මෙම මුස්ලිම් විරෝධය තව දුරටත් ව්‍යාප්ත විය. එවිට මා රුහුණු විශ්වවිද්‍යාලයේ සේවයේ නිරත වී සිටි අතර, එම විශ්වවිද්‍යාලය තුල එක් යෝගට් වර්ගයක් ද විකිණීම වර්ජනය කරනු ලැබුවේ එහි වූ හලාල් සහතිකය මතය.  නමුත් එම වර්ජනය සිදුවන විට, විශ්වවිද්‍යාල ප්‍රජාව “හලාල්” යනු ආගමික පදනමක් මත වන ප්‍රමිතිකරණයක් බව නොදැන සිටි අතර, බහුතරය එය මුස්ලිම් ප්‍රජාව විසින් ශ්‍රී ලංකා සිංහල බෞද්ධ දේශය තුල සිදු කරන වෙළඳ උපක්‍රමයක් යයි විශ්වාස කළහ.  මම හලාල් මිත්‍යාවේ ම දිගුවක් ලෙස පසුව මතු වූ කැළණි නාග කතාව හඳුන්වමි. ඉතිහාසයේ පෙර මොහොතේ දී මිත්‍යාව වෙත විරුද්ධ නොවී පසු මොහොතේ දී මිත්‍යාව වෙත විරුද්ධ වීම සාධනීය ලක්ෂණයක් වුවද, එම විරෝධාකල්පය සමස්ථ මිත්‍යාවට ම සහ මිත්‍යාව ප්‍රතිනිෂ්පාදනය කරන කර්තෘන් වෙත නොව තෝරාගත් මිත්‍යා වෙත පමණක් කේන්ද්‍ර වීම ගැටළුවකි.

එසේම කැළණි නාග මිත්‍යා ආකෘතිය නැවත මුණ ගැසෙන අවස්ථාවක් නම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ සේවයේ නිරත වූ මැදගොඩ  අභයතිස්ස ඇතුළු භික්ෂූන් විසින් 2017 ශ්‍රී ලංකාවේ රැදී සිටි   අවතැන් වූ රෝහින්‍යා ජනයා ට එරෙහිව ත්‍රාසය සහ භීතිය මුදාහැරීම වේ[6]. එහිදී එම භිෂණය වෙත විරෝධය පළකිරීම වෙනුවට විශ්වවිද්‍යාල සුජාත දරු දරුයන් නිහඬ පිළිවෙතක් දැරුවේ, මෙම අවතැන් ජනයා මෙරට භුමියේ ආරක්ෂාව වෙත තර්ජනයක් එල්ල කරන බවට පට්ජුරා තිබූ මිත්‍යා විශ්වාසය මත පදනම් ව බව මගේ මතය වේ.  අවතැන් ජනයා විසින් ජාතික රාජ්‍යක භූමියක් අත්පත් කරගනු ඇති බවට විශ්වාස කිරීම සහ ඒ අනුව භීතිය වැපිරවීම ට අවකාශය ලබාදුන් සුජාත දරුවන් සිටින රටක කැළණි නාග වස්තුවේ කතා නායක කුලපති ලෙස පත් කිරීම දේශපාලන වැරදීමක් හෝ අහම්බයක් ලෙස මම නොදකිමි. එය හුදෙක් වාර්ගික අනෙකා පීඩනයට පත් කල මිත්‍යාවකම තවත් දිගුවකි.

ලිපිය අවසන් කිරීමේ දී මම අවධානය කරනු ලබන කරුණ වන්නේ, දැනුම් නිෂ්පාදනයේ සුජාත දරු දැරියන් ගේ ප්‍රශ්නය නම්, ඔවුන් වගාකරන ලද වාර්ගික දැනුමේ ප්‍රතිලාභ මේ මොහොතේ ලැබෙන බව වටහා නොගැනීමය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු ම වාර්ගය, කුලය, ආගම, ලිංගික සහ  ප්‍රාදේශීය පක්ෂපාතිභාවයන් කිසිදු හිරිකිතයකින් තොරව පවත්වා ගනු ලබන කෙන්ද්‍රස්ථාන බව මගේ යෝජනාව වේ. එවැනි කෙන්ද්‍රස්ථාන වෙත වඩාත් ම සුදුසු කුලපතිවරු ලෙස වූ මෙම පත්කිරීම් පිලිබඳ විශ්මයට පත්විය යුතු නැති වන අතර, මෙම ග්‍රාම්‍ය ලක්ෂණ ඉවත් නොකර නව දේශපාලන පුනර්ජීවනයක් ලෙසට පරිවර්තනය නොවන දැනුම් නිෂ්පාදනයේ සුජාත කේන්ද්‍රස්ථාන හේතුවෙන් අනාගතයේ දී ද මිත්‍යා ව හරහා රාජ්‍ය බලය ලබාගැනීම සහ පවත්වාගැනීම වැළැක්විය නොහැකිය.


සටහන්

[1] https://www.youtube.com/watch?v=cTe6TUdFBT0&t=17s

[2] https://www.ugc.ac.lk/index.phpoption=com_content&view=article&id=31&Itemid=195&lang=en

[3] https://apnews.com/article/49d640d05be4402d8c771716ee3bf278

[4] https://www.dailymirror.lk/latest_news/Colombo-Uni-Students-Union-opposes-Ven-Murutthettuwe-Anandas-appointment-as-new-Chancellor/342-223950

[5] https://www.tamilguardian.com/content/sri-lankans-call-“halal-boycott

[6] https://www.reuters.com/article/us-myanmar-rohingya-sri-lanka-idUSKCN1C22A7

Total
5
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට