යුක්රේන අර්බුධය කෙරෙහි මතුවන බටහිර ප්‍රතිචාරයන්හි සරණාගත ධූරාවලිය

~ පියුමනී පංචාලි රණසිංහ සහ ඛාලිඩ් ඩැඩර්
~ පරිවර්තනය: කල්පනී දඹගොල්ල

“සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා යන වඩා නිදහස් හා උසස් බවක් ආරෝපණය කරගෙන සිටී. අපි මානව හිමිකම් කෙරෙහි නැඹූරු (හෝ එසේ කියනු ලබන) ලෝකයක ජීවත් වන හෙයින් වර්ගවාදය වසර ගණනාවකට පෙර අවසන් වු බව සිතූ මුත් මෙම වසරේ (2022) පෙබරවාරි මස අගදී පුපුරා ගිය යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය විසින් වර්ගවාදයේ සැබෑ ස්වරූපය හෙලිදරව් කිරීමට සමත් විය.

2015 වසරේ සංක්‍රමණ අර්බද සමය තුළ යුරෝපයට ඇතුළු වීමට උත්සහ කරන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ඉහළ අගයක පවතින්නේ මැද පෙරදිග සිදුවන අඛණ්ඩ ගැටුම් සහ යුද්ධයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. 2011 වසරේ ආරම්භ වු සිරියානු සිවිල් යුද්ධය එයින් ප්‍රමුඛ වේ. සංක්‍රමණික ජීවිත පමණක් නොව ඔවුන්ගේ මතක සහ අත්දැකීම් ද සමග ගිලී ගිය මුහුදු යාත්‍රා හා අබලන් බෝට්ටු විශාල ප්‍රමාණයක් අපි දුටුවෙමු- මුහුදේ ගිලී මිය ගිය දරුවකුගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන නැරඹූු මුළු මහත් ලෝකයම කම්පා විය. සංක්‍රමණිකයන් පීඩාවට පත් කරමින් අඩත්තේට්ටම් හා ලිංගික හිරිහැර සිදු වු අතර දේශසීමා තුළ දී ඔවුන්ගේ මානව ගෞරවය කෙලෙසා දැමිණි. මේ සඳහන් කළේ එසේ සිදු වු පීඩනයන්ගේ අංශු මාත්‍රයක් පමණි. යුද්ධයෙන් සහ අනාරක්ෂිත බවින් හෝ යහපත් ජීවිතයක් සොයා යාම වෙනුවෙන් මෙම මිනිසුන් තම ජීවිත පරදුවට තැබුහ. මෙම අර්බූදය වසර ගණනාවක් තිස්සේ පවතින අතර, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවෙන් පැමිණෙන මෙවැනි සංක්‍රමණිකයන් වෙනුවෙන් සාධාරණ ඉටු කළ හැකි ක්‍රමයක් යුරෝපීය රටවල තවමත් ගොඩනැගී නොමැත.

එසේ වුවද, 2022 දී යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය පුපුරා ගිය සැනින්, යුරෝපීය සංගමය ආශ්චර්යමත් ලෙස ඉතා ඉක්මනින්, යුද්ධයෙන් පලා එන යුක්රේන සංක්‍රමණිකයන්ට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගෙන ඇත. මෙලෙස, යුරෝපීය රටවලින් ලැබෙන පිළිගැනීම් හා සහයෝගීතාව මධ්‍යයේ, ඇතැම් යුරෝපීය මාධ්‍යවේදීන් ජුගුප්සාජනක ප්‍රකාශ නිකුත් කර තිබේ. NBC News සේවයෙහි කෙලී කොබියෙලා පැවසුවේ, “ඔවුන් සිරියාවෙන් පැමිණි සරණාගතයන් නොවේ, ඔවුන් යුක්රේනයේ සරණාගතයින්… ඔවුන් ක්‍රිස්තියන්, සුදුහම ඇති අය ඔවුන් (අපට) බොහෝ සමානයි…” කොබියෙලාගේ මෙම ප්‍රකාශයට ඇහුම්කන් දීමෙන් පසු අප සිතුවේ, “සමාන වන්නේ කුමකටද?”යන්නයි. “සුදුහම ඇති යුරෝපීය බටහිර ජාතීන්ටද?” මෙම ප්‍රකාශයෙන් ප්‍රබල ප්‍රතිමාන රැසක් නිරාවණය වන අතර ‘පිළිගත හැකි සරණාගතයන්’ සහ ‘පිළිගත නොහැකි සරණාගතයන්’වශයෙන් අනුලෝමව වෙනස් දෙකොටසක් නිර්මාණය වේ. ‘සමාන අයිතිවාසිකම් හා අභිමානයෙන්’ සැලකීම් ලැබීමට නම් බටහිර සුදු ජාතීන්ට එය පිළිගත හැකි කාරණයක් ලෙස ඒත්තු යා යුතුය. එසේ ‘පිළිගත හැකි ප්‍රමාණවත් බව’ යනු කොබියෙලා දක්වන ක්‍රිස්තියානි සහ සුදුහම යන විශේෂණ පද වලට ආරෝපණය වුවක් මිස ‘ලෝකයේ නොපිළිගන්නා කොටසකට’ අයත් වීමක් නොවේ.

කොබියෙලාගේ ප්‍රකාශනයේ ඇඟවුම පිළිබඳ ගැඹුරින් සිතා බලන විට අපට මතක් වන්නේ අකිලෙ ම්බෙම්බේගේ මේ අදහසයිත “ජාතිවාදිකයා තමන් (ඔවුන්) තුළ ඇති මනුෂ්‍යත්වය දකින්නේ, ඔහු (ඔවුන්) අන් අයට සමාන කොට නිර්ණය කිරීමෙන් නොව, ඔහු (ඔවුන්) අන් අයට වඩා වෙනස් වන්නේ කෙසේදැයි නිර්ණය කිරීමෙනි.” කොබියෙලා විසින් සිදුකළ වෙන් කොට හැඳින්වීම, යුරෝපීය සරණාගතයන්ගේ සේම සංක්‍රමණික ප්‍රතිපත්ති තුළ ද බොහෝ කල් සිට පවතින කරුණක්  බව පෙනේ. විශේෂයෙන්, යුක්රේනයේ වත්මන් සරණාගත අර්බුධය හමුවේ මේ ආකාරයේ වෙන් කොට හැඳින්වීමේ ප්‍රකාශ තුළින් සාක්ෂාත් වන්නේ “පුද්ගලයකුගේ ජාතිය” යටත් විජිතකරණයේදී සිදුකළ ආකාරයෙන් ම වෙන්කොට සැළකීමේ ක්‍රියාවලිය නිර්වචනය කිරීමට සහ තහවුරු කිරීමට මෙවලමක් ලෙස යොදාගෙන ඇති බවයි.

පසුගිය සති කිහිපය තුළ යුක්රේනයේ දිගහැරෙන මානුෂිය අර්බුධය දෙස බලා සිටින අපි, ඒ හා සමගාමීවම, ඒ අතරතුරම දරුවන් ඇතුළු අහිංසක පලස්තීනුවන්ට එරෙහිව සිදු වු කුරීරු ප්‍රහාරයන් කිහිපයක්ද දුටුවෙමු. කෙසේවෙතත්, BBC වාර්තා කළ අන්දමට යුක්රේනයේ රාජ නීතීඥ ඩේවිඩ් සක්වෙර්ලිස් ප්‍රකාශ කළේ “නිල් ඇස් සහ දුඹුරු හිසකෙස් ඇති යුරෝපීය මිනිසුන් මරා දැමීම මා ඉතා හැඟුම්බර කරවන කාරණයක්” බවයි. මෙම තර්කනයට අනුකූලව, යමෙකු මරානොදැමීමට පූර්ව අවශ්‍යතා වන්නේ නිල් ඇස් සහ දුඹුරු හිසකෙස්ය. පලස්තීන දැරියක් ඊශ්‍රායල සොල්දාදුවෙකු සමඟ ගැටෙන වීඩියෝවක් ඇය රුසියානු සොල්දාදුවන්ට එරෙහිව නැගී සිටින යුක්රේන ජාතිකයෙකු බව පවසමින් බටහිර මාධ්‍ය විසින් සංසරණය කරන ලදී. එයට හේතුව ඇය දුඹුරු හිසකෙස් සහ සුදුහම ඇති දැරියක් වීමයි.  

මෙම නිල් ඇස් සහ දුඹුරු හිසකෙස් මිශ්‍රණයට අයත් වන අනෙකුත් අවශ්‍යතා වන්නේ ධනය හා සමෘද්ධියයි. Al-Jazeera හි වාර්තාකරුවෙකු වන පීටර් ඩොබි සඳහන් කර සිටියේ “මේ අය සමෘදිධිමත් මධ්‍යම පාන්තික මිනිසුන්ය. මොවුන් පැහැදිලිවම මැද පෙරදිග ප්‍රදේශවලින් පලායාමට උත්සහ කරන සරණාගතයින් නොවේ.” (මේ ප්‍රකාශය සඳහා අල්-ජසීරා පසුව සමාව ඇයද සිටියේය). නිල් ඇස් සහ දුඹුරු හිසකේ තර්කනය අනුගමනය කරන්නෙකුට මේ පඨිතයේ හැගවුම්කාරකය තේරුම් ගත හැකිය. ෆ්‍රෑන්ට්ස් ෆැනන් ඔහුගේ —Black skin & White masks˜ කෘතියේ සඳහන් කොට ඇති පරිදි “යහපත් සහ කරුණාවන්ත දෙවියන් වහන්සේ කළු අයෙකු වන්නේ කෙසේද? ඔහු දීප්තිමත් රෝස පැහැති කම්මුල් ඇති සුදු මිනිසෙකි…, යමෙකු සුදුහම ඇති අයෙකු නම් ඔහු පොහොසත්, කඩවසම් සහ බුද්ධිමත් අයෙකි” මෙම ප්‍රකාශන හරහා අප ජීවත්වන ලෝකයේ අපගේ නියෝජනය, ස්ව‐ආත්මය පිළිබඳ හැඟීම සහ මනුෂ්‍යත්වය ප්‍රශ්න කිරීමට ඉඩ සලසයි. සංවේදනය ලැබීමට, ආරක්ෂාව සමාජයේ ඉතා ‘විශාල ඉල්ලීමක්’ නම්, යමෙකු නිල් ඇස් සහ දුඹුරු හිසකේ සහිත සුදුහම ඇති පුද්ගලයෙකු වීමට කැමති විය යුතු ද? එසේ නිල් ඇස් සහ දුඹුරු හිසකේ නැති අයෙකු වීම නිසා කුමක් වේද? ඉතා නිශ්චිතව පවසන්නේනම් ඔබ යුරෝපීය ජාතිකයෙකු නොවන සරණාගතයෙකු නම් ඔබට සිදුවන්නේ කුමක්ද?

CBS News සේවයේ චාර්ලියා ද’අගතාට අනුව, ඉන් අදහස් වන්නේ ඔබ ශිෂ්ටසම්පන්න අයෙකු නොවන බවත්, එමනිසා මානව හිමිකම් සහ ගෞරවය ලැබීමට අයිතිය නොමැති බවත් ය. ද’අගතා විශේෂයෙන් සඳහන් කර සිටියේ ‘යුක්රේනය යනු ඉරාකය හෝ ඇෆ්ගනිස්ථානය වැනි දශක ගණනාවක් තිස්සේ ගැටුම් පවතින රටක් නොවන බවයි’. ද’අගතාගේ මෙම ජාතිවාදී විවරණයට සවන් දීමට වඩා අපහසු වන්නේ ඔහු ඒ හා සබැඳිව “මෙය සියලු ගෞරවයෙන් යුතුව සිදු කරන බව” හා “ මෙම වචන තෝරාගැනීම ඉතා ප්‍රවේශමෙන් සිදු කල යුතුය” යන ප්‍රකාශනයන් හේතුවෙනි. ඔහුගේ “ශිෂ්ටත්වය” පිළිබඳ තක්සේරුවට සවන් දීම ඊටත් වඩා කෝපය අවුලන සුලු ය. ද’අගතාගේ කුප්‍රකට ප්‍රකාශයකට අනුව “මෙය සාපේක්ෂ වශයෙන් ශිෂ්ටසම්පන්න මෙන්ම යුරෝපීය නගරයක් වන අතර, එවැන්නක් සිදු වේ යැයි ඔබ අපේක්ෂා නොකරන හෝ එය සිදු වේ යැයි බලාපොරොත්තු නොවිය හැකි නගරයකි. මටත් භාවිතය සඳහා එම වචන ඉතා ප්‍රවේශමෙන් තෝරාගත යුතු වනවා.” මෙම ප්‍රකාශයේ ප්‍රධාන වශයෙන් නිරූපණය වන කොටස් දෙකක් ඇත. පළමුව, සාපේක්ෂ වශයෙන් ශිෂ්ටසම්පන්න යුරෝපීය ස්ථාන වල ගැටුමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කල නොහැකිය. දෙවනුව, සාපේක්ෂ වශයෙන් ශිෂ්ටසම්පන්න යුරෝපයේ ගැටුමක් ගැන ‘අපේක්ෂා කිරීම’ හෝ ‘බලාපොරොත්තු වීම’ විය නොහැක. පළමු අර්ථ නිරූපනයට අනුකූලව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ශිෂ්ටසම්පන්න නොවන බව උපකල්පනය කර ඇති මුත් සහස්‍ර ගනනාවක ශිෂ්ටාචාර ඉතිහාසයක් ඇති එම රටවල් දෙකම පසුගිය දශක කිහිපයක් තුල බලවත් ව්‍යසනයන්ට මුහුණ දීමට හේතුව වුයේ බටහිර ආක්‍රමණයන්ය. ITVහි වාර්තාකරුවෙකු වන ලුසී වොට්සන් පවසන පරිදි “සිතාගත නොහැකි යමක් සිදු වී ඇත. මෙය සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ ජාතියක් නොවේ. මෙය යුරෝපයයි.” ‘සිතාගත නොහැකි’ සහ ‘බලාපොරොත්තු විය නොහැකි’ යන යෙදුම් භාවිතා කිරීම මඟින් පෙන්නුම් කරන්නේ ‘අනෙකාට’ එරෙහිව තමන්ගේම ඵෙතිහාසික කුරිරුකම් හඳුනාගත නොහැකි තරමට බටහිර අන්ධභාවයට පත්ව ඇති බවයි.

මාධ්‍යවේදීන් සහ මහජන සේවකයන් විසින් කරන ලද මෙම ප්‍රකාශනයන්ගෙන් පෙන්නුම් කරන්නේ යුරෝපීය බටහිර දේශපාලනයෙන් අඛණ්ඩව පෝෂණය වු වාර්ගික පිඩාකාරී ආඛ්‍යානයන් ය. මෙම ආඛ්‍යානයන් ජාතිවාදය හා හීනමානය ප්‍රචාරය කරන දෘෂ්ටිවාද කැටිකරගත් මෙන්ම සමාජ-දේශපාලන ආයතන පවත්වාගෙන යාමට භාවිතා කරන පාලන මෙවලම් ද වේ. ග්‍රීක සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය නෝට්ස් මිටරාකි විිසින් මාර්තු 1 වන දින සිදු කරන ලද ප්‍රකාශය මෙයට සාක්ෂියකි. මිටරාකිට අනුව යුක්රේනුවන් යනු ‘සැබෑ සරණාගතයින් ය’. අප මෙම යෙදුමෙහි විරුද්ධාර්ථය ගැන මෙනෙහි කිරීමට යන්නේ නැත. මන්දයත් එය ප්‍රබන්ධ සහ මනඃකල්පිතයන්ගේ සිට මිත්‍යාව දක්වා ඕනෑම දෙයක් අදහස් කල හැකි බැවිනි.

බටහිර ලෝකයට තම බලය සාධාරණීකරණය කිරීමට මිථ්‍යාවන් නිරන්තරයෙන් අවශ්‍ය වේ. ම්බෙම්බේට අනුව, මෙම මිත්‍යාවන්, බටහිර යනු ‘තර්කනය, විශ්වීය ජීවිතය, සහ මනුෂ්‍යත්වයේ සත්‍යය බිහි වු ස්ථානය’, යන මතයේ පටන් ‘ලෝකයේ වඩාත්ම ශිෂ්ට කලාපය’ ලෙස පරමාදර්ශිව බටහිර හඳුන්වා දීම දක්වා යන පරාසයක පැතිර පවති. ම්බෙම්බේ පෙන්වා දෙන පරිදි, බටහිර ජාතීන් විශ්වාස කරන්නේ මිනිස් අයිතිවාසිකම් යනු ඔවුන් විසින් ‘තනිවම සොයාගත්’ දෙයක් බවයි. බටහිර ජාතීන් හා බැඳි ප්‍රහේලිකාව ද එයම ය. එනම්, බලය අල්ලාගැනීම සඳහා හා එහි ආයතනික ව්‍යුහයන් තුල අඛණ්ඩව විනිවිද යන වර්ගීකරණය බැහැර කිරීම සඳහා මිත්‍යාවන් මත පදනම් වීමයි. බටහිර ජාතිකයන්ට, විශ්වීය මානව හිමිකම් ප්‍රායෝගික ක්‍රියාවේ යොදවන විට ඒවා විශ්වීය නොවේ. ඊට පටහැනිව ඔවුන් ද්විත්ව අදහසක් අනුගමනය කරයි. යුරෝපීය හෙවත් ‘ශිෂ්ට මිනිසුන්ගේ අයිතිවාසිකම්’ සහ ‘සෙසු අය’ නොහොත් මනුෂ්‍යයින් ලෙස සැලකිය හැකි අයගේ අයිතිවාසිකම් සියල්ල බටහිර අත්තනෝමතිකව පූර්ව අවශ්‍යතාවන්ට යටත්වන ප්‍රස්තුත වේ.

පියුමනී පංචාලි රණසිංහ ශ්‍රී ලංකාවේ නීතිඥවරියකි. ඇය දැනට අග්නිදිග නෝර්වේ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සහ බහු සංස්කෘතිකවාදය පිළිබඳ MSc උපාධි අපේක්ෂිකවක්ය. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ BSc උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය සම්පූර්ණ කර ඇත.  ඇය ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ හිටපු තාවකාලික අධ්‍යයන නිලධාරිනියකි. ඇය මතිමතාන්තර හා පර්යේෂණ පත්‍රිකා හා අන ප්‍රකාශන කිහිපයකට ද දායක වී ඇත. 

ඛාලිඩ් ඩැඩර් ලේඛකයෙක් සහ ක්‍රියාකාරිකයෙකි. ඔහු දැනට අග්නිදිග නෝර්වේ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සහ බහු සංස්කෘතිකවාදය පිළිබඳ MSc උපාධි අපේක්ෂකයෙකි. ඔහු ගාසා හි ඉස්ලාමීය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර එහිදී ඔහු වසරක් ගුරු සහායකයෙකු ලෙස සේවය කර ඇත. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රයන් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන, යටත්විජිතකරණ න්‍යායන් සහ මානව හිමිකම් ය. ඔහු පරිවර්තකයෙකු ලෙස යුරෝ-මධ්‍යධරණී මානව හිමිකම් නිරීක්ෂණ (Euro-Mediterranean Human Rights Monitor) ආයතනයේ ද සේවය කළ අතර ‘අපි අංක නොවේ’ (We Are Not Numbers) සංවිධානයෙහි ලේඛකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇත. 

කල්පනී දඹගොල්ල පර්යේෂිකාවක් වන අතර සහදැනට අග්නිදිග නෝර්වේ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් සහ බහු සංස්කෘතිකවාදය පිළිබඳ MSc උපාධි අපේක්ෂකයෙකි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපෘති ලේකම් ලෙස සහ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස (කෙටි කලක්) කටයුතු කර ඇත.  ඇය බටහිර සම්භාව්‍ය දේශපාලන චින්තනය, සංසන්දනාත්මක අධ්‍යයනය, මානව හිමිකම් අධ්‍යාපනය සහ බහු සංස්කෘතිකවාදය යන  පර්යේෂණ ක්ෂේත්‍රයන් හි පර්යේෂණ පත්‍රිකා හා ප්‍රකාශන කිහිපයක් සිදුකර ඇත.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට