යූස්ටේන් ගාඩර්ගේ කෙටි දිවියක මතකය පිළබද කෙටි විමසුමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00.

___________

(සෝමසිරි ඒකනායකගේ මේ විමර්ශනයත් සමගම කොරෝනා වසංගත කාලයේ නිවසට සීමා වී සිටින ඔබ සැමට තමන් කියවන ඕනෑ ම පොතක් පිළබද ඇති අදහස් සිය නිවෙස් තුල විලංගුගතවී සිටින අන්‍යයන් සමග බෙදා ගන්නට මේ ග්‍රන්ථ විමර්ශන අවකාශය විවර කර ඇති බව පඨිත සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පඨිත විමර්ශන අවකාශය වෙන්වී ඇත්තේ ශාස්ත්‍රීය කෘති විමර්ෂණය කිරීම සදහා වුවද, මේ කාලයේදී එය ඕනෑම පොතක් පිළබද අදහස් පලකිරීම හා බෙදාගැනීම සදහා විවරව පවතී)

විමර්ශනය: සෝමසිරි ඒකනායක

යුස්ටන් ගෝඩර් ලාංකීය පාඨකයාට ආගන්තුකයෙකු නොවේ. රාණී සේනාරත්න රාජපක්ෂ විසින් සිංහලයට පරිවර්තනය කළ සොෆීගේ ලෝකය නැමැති විශිෂ්ට කෘතිය නොකිය වූ පාඨකයෙකු නැති තරම්ය. වසර තුන්දහසක දර්ශනයේ ඉතිහාසය තුළින් ‘ඔබ කවුද’ සහ ‘ලෝකය ආවේ කොහෙන්ද’ යන ප්‍රශ්න දෙකට පිළිතුරු ගොණු කරන සටහන් හා ලිපි මාලාවක් ලෙසින් ගුප්ත දාර්ශනිකයෙකු වන ඇල්බරටෝ නොක්ස් විසින් දහහතර හැවරිදි නෝර්විජියානු පාසැල් සිසුවියක් වන සොෆී ආමන්ඩ්සන්ට ලැබෙන්නට සලස්වන සටහන් පෙළක් හා පසුව පෞද්ගලිකවම පෙනී සිටිමින් කෙරෙන කතා බහක් ලෙස කෘතිය අප හමුවට එයි. එමගින් දාහතර හැවිරිදි යෞවනියකගේ යොවුන් මනස පුබුදුවාලන්නේ දාර්ශනික ඉතිහාසය හරහා ඒ මේ අත පීරමින් සැරි සරමින් ඉහත මූලික ප්‍රශ්න දෙකට පිලිතුරු සොයන චාරිකාවක් වශයෙනි.

යුස්ටයින් ගෝර්ඩර් ඉන් පසුව ලාංකීය පාඨකයා හමුවට කැඳවාගෙන එන්නේ ඔහුගේ Vista Brevis: A L etter to St Augastine කෘතිය කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක් ලෙස සිංහලයට පරිවර්තනය කරමින් ආචාර්ය සසංක පෙරේරා විසිනි. Vista Brevis කෘතිය මූලික වශයෙන්ම ලියවී ඇත්තේ ෆ්ලෝරියා එමිලියා නමැත්තිය විසින් කතෝලික පල්ලියේ පීතෘවරයෙකු වූ හිප්පෝවේ බිෂොප්තුමාව සිටි ඔරේලියස් ඔගස්ටින් වෙත ලියු පිළිතුරු ලිපියක් ලෙසිනි. එය අතිශය පෞද්ගලික වූත් ෆ්ලෝරියාගේ අතිශය පෞද්ගලික චිත්තවේගයන් මුදා ලන ලියවිල්ලක් වශයෙනුත් ලියවී ඇත.

මධ්‍යතන යුගයේ විසූ දාර්ශනික පූජකවරයෙකු වුණු ඔගස්ටින් මුලික වශයෙන්ම භෞතික ලෝකයට අයත් මිනිසාගේ ද්‍රව්‍යමය ශරීරයත් දෙවියන් මගින් දැකගත හැකි ආත්මය පිළිබඳ අදහසත් මත පදනම්ව වෙලුම් දහතුනකින් සමන්විතව ලියා ඇති පාපෝච්චාරණ’ (Confessions) කෘති මාලාව තුළින් කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ කේන්ද්‍රීය තොරතුරු, පාපය, ලිංගික ආශාවන්, මිනිසාගේ භෞතික ලෝකය සමග ඇති බෑඳීම් හේතුවෙන් විමුක්තිය සෙවීමේ ක්‍රියාවලියට සිදුවන බාධාවන් පිළිබඳව විස්තරාත්මකව හා ගැඹුරින් ලියා ඇතත්, ඔහු පූජකවරයෙකු වීමට පෙර තමා සමග විවාහයෙන් පරිබාහිරව ගෙවු කෙටි දිවිය තුළ අත්විදිනු ලැබූ උත්කර්ෂයන්, ලිංගිකාලය, ආත්මිය ආදරය, කාමුකත්වය වැනි කරුණු එම ලියවිලි තුළ නොසලකාහැරීම හෝ හිතා මතාම මගහැර යාම හේතුවේන් ඇය (ෆ්ලෝරියා එමිලියා ) තුළ උපන් දැඩි කම්පනය හා ආවේගයන් මුදා හැරීම සඳහා ලියන ලද පිළිතුරු ලිපියක් ලෙස සමස්ථ කෘතියම දිග හැරේ. එමෙන්ම තමා නිර්නාමික ආන්තිකත්වයකට තල්ලු කර දැමීම පිළිබඳව වන කෝප සහගත සිතුවිලිද එහි කැටී වී ඇත.

ජීවිතය පිලිබදව එක් තැනක ඇය මෙලෙස පවසයි: “කිසිම මනුෂ්‍ය ක්‍රියාවක් දිහා අමුතුදෙයක් විදියට වපරැහින් බලන්න නරකයි. අනෙක ඉතිං සදාතනිකවම තරුණයෝ තරුණකම් කරාවි. ඔයා අවුරුදු දහසයේදි තවත්පිරිමි ළමයි කිහිප දෙනෙක් එක්ක කළා කියන මහා අපරාදය ඒ කියන්නෙ පෙයාර්ස් ගහකින් ගෙඩි කිහිපයක් හොරකම් කළ එක ගැන ඔයා කියන්නෙ කිසිම පැකිලිමක් නැතිව.ඊට පස්සෙ ඔයා හිටි හැටියෙම ගාම්බීර වෙනව. ඉස්සෙල්ලාම ඔයා පුරුෂයෙක් ස්ත්‍රියක ස්පර්ෂ නොකර සිටීම යහ ගුණයක්ය කියන පෝල්ගේ වචන ටික ගැන අපිට කියනව …..”(පි.39). මේ තුළ පැහැදිලවම ගැබ් වන්නේ තමා සමග ගත කළ කෙටි දිවිය පිළිබඳව වූ මතකයන් හා ප්‍රහර්ශයන් සිය ලියවිලිවලින් යටපත් කර තැබිම හෝ තමාව නොතකා හැරීම පිළිබඳව වූ පශ්චත්තාපි චිත්තවේගයන්ය. නමුත් ෆ්ලෝරියා කිසිවිටෙක ඇය තුළ කෝප සහගත හැගීම් කෝපයක් විදියටම පිට නෙකරයි. ඒ වෙනුවට සිය පිළිතුර තුළ ඒවා බුද්ධිමය ප්‍රකාශනයන් ලෙස තැන්පත් කරයි.

ස්ත්‍රී ශරීරය වින්දනය කරමින් එහිම ගිලෙමින් ජීවිතයේ අනේක කාල හොරාවන් ගෙවා දමන්නේ වුවද, තමන්ගේ ජීවිතවල එකී ස්ත්‍රීන්ට හිමිවිය යුතු හෝ ලබා දිය යුතු නිසි ඉඩකඩ ලබා දීමට පැකිලෙන හෝ හිතා මතාම ඒ ඉඩකඩ අවුරා ලන වර්තමාන පුරුෂ මූලික සමාජයට මේ ලියවිල්ල හරහා අතුල් පහරක් නොහෙලන්නේ යයි කාට නම් කිව හැකිද? ෆ්ලෝරියා එමිලියා විසින් ඔගස්න්ටින් අමතා ලියන, විමසන, පිටකරන මේ ආවේගයන් ඔබේ හෝ මගේ ජීවිතයෙන් කෙලෙසනම් පිටමං කළ හැකිද? එෆ්ලෝරියා මේ ලිපිය ලියන්නේ මධ්‍යතන යුගයේ සිටි දාර්ශනික දේවදර්මාවදී ඔගස්ටීනට පමණද, නොඑසේනම්, එය ඔබට හා මට අදාළ වන සීමා සලකුණු කර ගැනීම අප විසින්ම අපගේ ආත්මයෙන් හා හර්දසාක්ෂියෙන් විමසියි යුතු කරුණක් බව සමස්ථ ලියවිල්ල පුරාම ඇය අපට නොකියා කියනු වැනිය:

“ඔයාට මතකද මගේ මුලු සිරුරම පිරිමැද්ද හැටි. ඔයාට මතකද මුලු සිරුරම මල් පොහොට්ටු පිපෙනව වගේ හැඟිමක් ඇති වෙලා අන්තිමට ඒ හැඟිමට මුලු සර්වාන්ගෙම යටත් වෙච්ච හැටි. ඔයා මාව මලක් වගේ නෙලා ගත්ත එකෙන් කොච්චර ආශ්වාදයක් ලැබුවද. මගේ සුවඳෙන් ඔයාව මත් වෙන්න ඔයා කොච්චර ඉඩ දුන්නද…මගෙන් පිට වෙච්ච දියර වලින් ඔයා කොච්චර පොෂණය වුණාද….. ඇත්තටම මේ විදියට මිනිස් බිල්ලක් ඉල්ලන දෙවි කෙනෙකු ගැන නම් ම‌ගේ කිසිම විස්වාසයක් නැහැ. පිරිමියෙකුගේ ආත්මය බේරලා දෙන්න ගැහැනියකගේ ජිවිතය කාලකණ්ණි කරන දෙවි කෙනෙක් ගැනත් මගේ විස්වාසයක් නැහැ…..” (පි. 61).

සිංහල පරිවර්ථනය තුළ බහුලව දක්නට ලැබෙන පාද සටහන් කෘතිය තේරුම් ගැනීමට ලබා දෙන්නෙ මහඟු පිටුවහලකි. ඇතැම් තැනක ඒ පාද සටහන් නොතිබුණා නම්, පාඨකයා දුරාවබෝධි බවකට පත් වනු නොවැළැක්විය හැකි තරමටම ඒ පාද සටහන් කෘතියට අත්‍යාවශ්‍ය යයි හැඟේ. කෙසේ නමුත් යුස්ටන් ගෝඩර්ගේ මේ දාර්ශනික වූ ලියවිලි මෙලෙස අපට සමිප නොකළේ නම්, තවමත් ඔහු අපට ආගන්තකයෙකු වන බව නම් නොඅනුමානය.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට