රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් –
ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්ය
ජවහර්ලාල් විශ්වවිද්‍යාලය

පරිවර්තනය:
අනුෂ්කා කහඳගමගේ
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

(තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම කෙටි ලිපිය සිංහලෙන් පළකිරීම තුලින් අප බලාපොරොත්තු වන්නේ මේ තත්ත්ව ශ්‍රී ලංකාව තුල බලපවත්වන ආකාරය පිළිබඳව හා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කතිකාවට භාජනය කල යුතු අන් කරුණු පිළබඳව සාකච්චා කිරීමට අවකාශයක් විවර කිරීමටයි. මේ පිළිබඳ ඔබ දරන මතිමතාන්තර අප වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමු. මහාචාර්ය නයියර්ගේ මුල් ලිපිය පළවුයේ ‘ලයිව් මින්ට්’ වෙබ් අඩවියේය)

පසුගිය මාස හයක කාලය පමණ තුළ වඩාත් සංවිධානාත්මක හා ක්‍රියාකාරී ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රචණ්ඩ ක්‍රියාවලට ළක්වූ බව පෙනී යයි. බෙදුම්පකාරී පුරවැසි පනතට රජය විසින් ගෙන ආ සංශෝධනවලට සරසවි දැක්වූ විරෝධය ඉලක්ක කරගනිමින් සංඛේතතමකව මුලින් එල්ලවූ එම ප්‍රචණ්ඩත්වය, මේ වන විට යථාව දක්වා පරිවර්ථනය වී ඇති අතර, පසුගිය සති හතරක කාලය තුළදී වඩාත් භයානක ලෙස වර්ධනය වී ඇත.

2020 ජනවාරි පස්වන දින සවස, යකඩ පොලු හා කුලු ගඩිවලින් සන්නද්ධ වූ, මුහුණු ආවරණය කරගත් මැරයින් 70 සිට 100 අතර ප්‍රමාණයක් රටේ අගනුවර වන දිල්ලියේ පිහිටා ඇති ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුලුවී, ශිෂ්‍යයින්ට සහ ආචාර්යවරුන්ට පහර දුන්හ. මීට අමතරව ඔවුන් නේවාසිකාගාර කොල්ලකෑමත්, දේපළවලට හානි කිරීමත් සිදුකළහ. පැය තුනක පමණ කාලයක් පැවති මෙම කෝලහාලයෙන් ශිෂ්‍යයින් සහ ආචාර්යවරුන් 35 දෙනෙක් තුවාල ලැබූහ. මේ කාලය තුළ විශ්වවිද්‍යාලයේ දොරටුව අසළ රැස්ව සිටි 250ක් පමණ වූ පොලිස් නිලධාරීන් මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට කිසිවක් සිදුනොකළ අතර, නිහඬ නරඹන්නන් පමණක් වූහ. මේ අතරතුර විශ්වවිද්‍යාල දොරටුව අසළ වීදි පහන් නිවීගිය අතර, පොලීසිය බලා සිටිද්දීම, මැර පිරිස විසිර ගියේ නින්දා සහගත සටන් පාඨ කියමිනි. සියල්ල සිදුවී හමාර වූ පසු වීදි පහන් නැවතත් දැල්වුණු අතර, අනතුරුව පොලීසිය විසින් සියල්ල යථා තත්වයට පත්වූ බව ප්‍රකාශකෙරෙන සංඛේතීය පෙළපාලියක් (flag march) පවත්වන ලදී. මෙම ලජ්ජා විරහිත සිද්ධිය සිදුවන මුලු කාලය තුළම උප-කුලපතිවරයා සහ ඔහුගේ පරිපාලනය විසින් ඉතාම පැහැදිළිව තම වගකීම් සම්පුර්ණයෙන්ම පැහැර හරින ලදී.

මුහුණු ආවරණය කරගෙන පැමිණි මැර පිරිසේ අනන්‍යතාව තාමත් හෙළිකරගෙන නොමැත. කෙසේනමුත්, ඔවුන්ගේ සටන් පාඨ, ඔවුන්ගේ අනන්‍යතාව කෙසේ වෙතත් ඔවුන් විශ්වාස කරන්නේ කුමක්ද යන්න හෙළි කරයි. තම බුද්ධිමය සම්ප්‍රදාය, විචාරශීලී චින්තනය සහ ප්‍රශ්න කිරීමේ උනන්දුව හේතුකරගෙන, ජවහර්ලාල් නේරූ විශ්වවිද්‍යාලය 2014 සිට මෙවන් ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්විය. වසර තුනකට පෙර ඔවුන් වෙත එල්ලවූ ‘දේශ ද්‍රෝහී’ ලේබලය මෙම ක්‍රියාවලියේම තවත් අදියරකි. මෙම වැටලීම් අඩුවකින් තොරව හා අඛණ්ඩව සිදු වෙයි. මුහුණු ආවරණය කරගත් මැර පිරිසෙන් කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නොතිබීම පුදුම සහ කම්පා කරවන සුලුය. සිද්ධිය සිදුවූ අවස්ථාවේ පොලීසියේ අක්‍රියභාවය කිසි ලෙසකින්වත් පිළිගත නොහැක.

මීට සති තුනකට ඉහතදී, දිල්ලි පොලීසිය ජාමියා මිලියා ඉස්ලාමියා විශ්වවිද්‍යාලයේ අනුමැතියකින් තොරව එම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළට ඇතුල් වී, එහි පුස්ථකාලයට සහ මුස්ලිම් පල්ලිය තුලට කඩා වැදී ශිෂ්‍යයින් බොහෝ ප්‍රමාණයකට දඬු මුගුරුවලින් පහර දීමත්, ඉන්පසු සිදුවූ ඉහතින් දක්වන ලද ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ඇතිවූ සිද්ධියත් එකිනෙකින් විශාල ලෙස වෙනස් වෙයි. ජාමියා සිද්ධියේදී සිසුන් 50 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූහ. ජාමියා සිද්ධියට සමගාමීව තවත් එවැනිම සිදුවීමක් වාර්තා වීය. එනම්, උත්තර් ප්‍රදේශ් හි අලිගර් මුස්ලිම් විශ්වවිද්‍යාලයට කඩා වැදුණු පොලිසිය, එහිදී පුරවැසි සංශෝධන පනතට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නියැළෙමින් සිටි සිසුන් 60කට අධික ප්‍රමාණයකට පහර දීමය.

පසුගිය මාසය තුළදී අපි විශ්වවිද්‍යාල තුනක සිදුවූ ශාරීරික පහරදීම් අත්දකිනලද අතර, එයින් දෙකකදී පොලීසිය විසින්ම ප්‍රචණ්ඩත්වය මුදා හරිනලද අතර, අනෙකෙහිදී පොලිසිය නිහඬ නරඹන්නෙකු බවට පත්විය. කෙසේ වෙතත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම වසර පහක පමණ කාලයක සිට සිදුවන අතර, අදවන විට වඩාත් බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

මෙම ලැයිස්තුව, ජවහර්ලාල් නේරූ විශ්වවිද්‍යාලයෙන් ඔබ්බට, හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය, වාරණාසී හින්දු විශ්ව විද්‍යාලය, දිල්ලි විශ්වවිද්‍යාලය, ජාදව්පූර් විශ්වවිද්‍යාලය, සමාජයීය අධ්‍යයන පිළිබඳ ටාටා ආයතනය යන විශ්වවිද්‍යාල කරා දැන් පැතිර ගොස් ඇත. ස්වාධීන රාජ්‍ය ආයතන ලෙස පවතින විශ්වවිද්‍යාල වෙත එල්ලකරන දේශපාලන මැදිහත්වීම අලුත් එකක් නොවුණත්, අද වනවිට එය වඩාත් උග්‍ර වී ඇති අතර, රට තුළ දැනට ආධිපත්‍යමය බලය පවත්වාගෙන යන සහ නැගීඑන බලසම්පන්න මතවාදය මගින් නව ආකාරවලින් මෙහෙයවනු ලබන බව පෙනී යයි. විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීම සඳහා ආරාධනාකළ යුත්තේ කාටද, ආරාධනා නොකළ යුත්තේ කාටද, කියවීම් ලැයිස්තුවට ඇතුළත් කළයුත්තේ සහ නොකළ යුත්තේ මොනවාද, අඛණ්ඩව පවත්වාගෙන යා යුත්තේ කුමන පාඨමාලාද, නැවැත්විය යුත්තේ කවර පාඨමාලාද යන තීරණවලටද බලපෑම් කරන්නේ මේ මතවාදයයි. මේවා සම්පුර්ණයෙන්ම විශ්වවිද්‍යාලයේ පරමාධිකාරය යටතේ පැවතිය යුතු අධ්‍යයනික කාරණා වෙයි. එමෙන්ම, ආචාර්ය මණ්ඩලයට සිදුකරන නව පත්කිරීම් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පැවතිය යුතු ස්වාධීනත්වයද දැන් දැන් ගිලිහෙමින් පවතියි. පාලක මතවාදය මගින් මෙහෙයවනු ලබන උප කුලපතිවරු, අවම මට්ටමේ අධ්‍යයනික සුදුසුකම් පමණක් ඇති හෝ නොමැති, එනමුත් පාලක මතවාදයට අවනතවන පුද්ගලයින් ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේ උත්සාහයක නිරත වෙයි. නියමිත ක්‍රියාපටිපාටිය අනුව යමින් වරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ සංස්කෘත දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පත්වීම, මෙම නව පෙරළිය තුළ සිදුකළ බලපෑම් හේතුවෙන් පසෙකට තල්ලුකර දමා ඇත.

මෙවැනි තත්ත්ව මගින්, ඉගෙනීමේ අත්‍යවශ්‍ය අංග වන අදහස් ගවේෂණය සහ දැනුම වර්ධනය කරගැනීමද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසද සහිත ස්වාධීන අවකාශ ලෙස පැවති විශ්වවිද්‍යාල සංකල්පය නිශේධනයට ළක්වෙයි. විශ්වවිද්‍යාල යනු සැම කරුණක් පිළිබඳවම පාහේ සැකසංකා මතුකරන සහ සෑම දෙයක්ම ප්‍රශ්න කරන්නාවූ අවකාශ වෙයි. ඒ අනුව, විවිධ මත පැවතිය හැකි නමුන්, ඒවා විවෘත මනසින් යුතුව සංවාදයට ලක්කළ යුතුය. මේ තුළ, අනෙකාට නිගරු කිරීමට වඩා ගෞරව කිරීම පැවතිය යුතුය. විශ්වවිද්‍යාල, අනෙක් සියලු දේටම වඩා, තාර්කිකත්වය රජයන සහ අනෙකාගේ මතය ඉවසන අවකාශ වියයුතුය.

තරුණ කොටස්වලට විභාග සමත්වීම, උපාධි ලබාගැනීම සහ රැකියා ලබාගැනීම සඳහා පමණක් ඉගැන්වීම් සිදුකරන මෙන්ම පර්යේෂණ නොතකා හරින ආයතන ලෙස විශ්වවිද්‍යාල සැළකීම බරපතළ වරදකි. විශ්වවිද්‍යාල මේ සියලු දෙයින් ඔබ්බට ගිය, සමාජයට යහපත් පුරවැසියන් බිහිකරන ආයතන වෙයි. ඒවා මගින් ආණ්ඩු, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය තක්සේරු කිරීමේදී වඩාත් විශ්වාසදායක හඬක් නැගිය හැකි බුද්ධිමතුන් බිහිකරයි. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙම භූමිකාව අතිශන් වැදගත් වෙයි.

සංවර්ධනය අතින් පසුගාමී රටවල අනාගත සාර්ථකත්වයේ පදනම වන්නේ අධ්‍යාපනයේ ව්‍යාප්තිය බව අප මතක තබා ගත යුතුය. මෙම ක්‍රියාවලිය තුළ දැනුම සහ තාක්ෂණික වර්ධනයේ මෙන්ම නිර්මාණශීලීත්වයේ වැදගත්ම සාධකය වන්නේ විශ්වවිද්‍යාලයි.

විශ්වවිද්‍යාල වඩාත් සීමා සහිත, ඒකාකාරී ඉගෙනුම් සාප්පු බවට පත් වුවහොත්, ඒ මගින් නිවහල් චින්තනය විනාශකර දමන අතර, තරුණ කොටස්වලට ඉගෙනීමට ඇති අවස්ථා මොටකරමින් රටේ අනාගතය ද උකසට තබනු ඇත.

ඉන්දියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත එල්ලකෙරුණු පහරදීම් නිරර්ථක සහ ස්වයං-විනාශකාරී වෙයි. එමගින් දීර්ඝ කාලීනව ඉන්දියානු සමාජයට කරන හානිය සිතාගත නොහැකි තරම්ය. පාලකයන්ටද එහි දේශපාලන ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇත. දැනටමත් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා මුලු මහත් ඉන්දියාව පුරාම විශාල වශයෙන් පැතිර ගොස් ඇත. ශිෂ්‍යයන්ගේ කෝපය සහ උදහස, අධිපතිවාදී රජයකට පවා දැරිය නොහැකිබව සියලු ආණ්ඩු විසින් කාලයත් සමඟ ඉගෙන ගනු ඇත. කෙසේ වෙතත්, ඉන්දියාව යනු උත්කර්ෂවත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයක් බව පැහැදිලිය.

චායාරූප: ආර්ථික විද්‍යාව පිළිබඳ දිල්ලි පාඨශාලාව, දිල්ලි විශ්වවිද්‍යාලය, 14 ජනවාරි 2020; සසංක පෙරේරා

Total
12
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට