ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය

ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප කණ්ඩායම් පිලිබඳ නොවන නමුත්, බහුතරය පිළිබඳවයි.

විකල්ප දේශපාලනය කල්ලි දේශපාලනයක් ද?

ලංකාවේ විකල්ප දේශපාලන කණ්ඩායම් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ, කල්ලි පදනම් කරගෙනය. බොහෝ විට අසන්නට ලැබෙන දෙයක් වන්නේ, (නා)අඳුනන බව මත එක්ව දේශපාලනයේ යෙදීම හෝ නොයෙදීම තීරණය වන බවයි. බොහෝ කලක් දැන හඳුනාගෙන සිටීම, එකට කල්ලි ගැසී ක්‍රියාකාරකම් කිරීම මත මේ දේශපාලනය පදනම් වී ඇත. එහිදී තමුන්ගේ ‘කල්ලියේ’ නොවන හෝ ‘නාඳුනන’ නමුත් මතවාදීමය වශයෙන් යම් සමානාත්මතාවක් දරන්නන් සමඟවත් දේශපාලනයේ යෙදීමට මෙම කණ්ඩායම් අපොහොසත්ය. එහිදී මෙම ‘කල්ලි වාදය’ සහ රාජපක්ෂ ‘පවුල් වාදය’ අතර ඇත්තේ ඉතාම නොසැලකිය යුතු තරමේ වෙනසකි. තමුන්ගේ කල්ලිය රැකීමේ නිරතවන විකල්ප දේශපාලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසි පවා මඟ හැර යන්නේ, කල්ලියේ ඒකමතික කැමැත්තෙනි.  තම කල්ලිය විසින් පිහිටුවා ගන්නා කණ්ඩායමක් මෙහෙයවන මොවුහු, තම කණ්ඩායම තුළවත් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් රැකගැනීමට අසමත් වෙයි. එවැනි විකල්ප දේශපාලනයක් සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යමය බල ව්‍යුහයම නියෝජනය කරන අතර, ඔවුන්ගේත් පවතින පීඩාකාරී ව්‍යුහයේත් වෙනසක් නැත. මෙහිදී පුරුෂාධිපත්‍ය ආකෘති ලෙස මම අදහස් කරන්නේ, හුදෙක් පිරිමින් විසින් පවත්වාගෙන යන දේශපාලන කල්ලි පමණක් නොවෙයි. මේවා ස්ත්‍රීන් ද ඇතුළු ඕනෑම අයෙකු විසින් පවත්වාගෙන යන විකල්ප දේශපාලන කල්ලි ද විය හැකිය.  එවැනි දේශපාලනික කල්ලිවලට ජනයා ආකර්ෂණය කරගැනීමේ ප්‍රශ්නයක් තිබීම අවබෝධ කරගැනීම අපහසු කරුණක් නොවෙයි.  මෙම විකල්ප දේශපාලන කණ්ඩායම්වල සාමාජිකත්වය දැරිය හැකි වන්නේ, කල්ලියේ සාමාජිකයෙකු වන්නේ නම් හෝ කල්ලියට අවනත වීමෙන් පමණකි. මෙවැනි කල්ලි තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තේ ඉතාම අඩු ඉඩකි.

වාමාංශික වීමේ වෙළෙඳපොල: “අපි තමයි හොඳටම කළේ”

මෙම විකල්ප කණ්ඩායම් බොහෝ විට “වාමාංශික සබුද්ධික බව” තම දේශපාලනයේ මතවාදය ලෙස ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම, මෙවැනි කණ්ඩායම්වලට සැබැවින්ම සමාජය වෙනස් කරීමේ හෝ  සැබැවින්ම සමාජ වෙනසක් දැකීමේ හෝ අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නැත. මන්ද යත්, එවැනි විකල්ප කණ්ඩායම් අත්කරගත් දේශපාලන ජයග්‍රහණ ඉතාම අල්ප බැවිනි. සමාජ වෙනසක් වෙනුවට මෙම කණ්ඩායම් සිදු කරන්නේ, ධනවාදය තුළ වාමාංශික අදහස්වල ඒකාධිකාරය පවත්වාගෙන යාමයි. ඒ හරහා ධනවාදය තුළ වඩාත් හොඳ වෙළෙඳපොළක් ඇති වාම අදහස් පවත්වාගෙන යන කණ්ඩායම බවට පත්වීමට මේ කණ්ඩායම් උත්සාහ දරයි. එහිදී ඇතිවන අගතිය වන්නේ” මෙම කණ්ඩායම් තමා හා සමාන කණ්ඩායම් අතර කරන තරඟයෙන් එහාට තම දේශපාලනය පුළුල් නොකිරීමයි. මොවුන් මාක්ස්වාදය හෝ ඒ ආශ්‍රිතව පැනනැඟී ඇති අදහස් තම පෞද්ගලික දෙපොළක් ලෙස පවත්වාගෙන යයි.  මෙවැනි කණ්ඩායම් තුළ සංවාද හා විසංවාදවලට ඇති ඉඩකඩ අවමය. එවැනි තත්වයක් තුළ, මෙම කණ්ඩායම්  —අපි තමයි හොඳටම කළේ˜ යන ජනප්‍රිය සටන් පාඨයෙන් ඔබ්බට යන්නේ ද යන ගැටලුව ඇතිවෙයි. එනම්” මෙම කණ්ඩායම් නිරතව සිටින්නේත් අගතිගාමී සහ පීඩිත ව්‍යුහ පවත්වාගෙන යන ජනප්‍රිය දේශපාලන ක්‍රිකාරීත්වයක බව පෙනී යයි.

ධුරාවලි

අන් සියලු රාජ්‍ය ආයතනගත ව්‍යුහ ආකාරයටම මෙවැනි කණ්ඩායම් තුළත් ධුරාවලීන් ඇත. වෙනසකට ඇත්තේ, මෙම විකල්ප කණ්ඩායම්වල පොරොන්දුව බලය මත පදනම්වූ ධුරාවලීන් රහිත සමාජයක් ගොඩනැගීම වීමයි. එවැනි පොරොන්දුවක් දෙන මෙම කණ්ඩායම් තුළ පවතින බල ධුරාවලි වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක පවතින බල ධුරාවලිවලින් වෙනස් වන්නේ නැති තරම්ය. මොවුන් තම දේශපාලන ව්‍යාපාර පදනම් කරගන්නේ බටහිර ආනයනය කළදැනුම මතය. ඒ අනුව, මෙම කණ්ඩායම් හොඳින් කියවා ඇති සාමාජිකයින් කෙරෙහි විශාල ලැදියාවක් දක්වයි. තම අභ්‍යන්තර කවවලට ඇතුළත් කරගන්නේ, හොඳින් කියවා ඇති සාමාජිකයින්ය. කියවා සහ ලියා ඇති දේ අනුව ඔවුන් මිනිසුන් වර්ග කරන අතර” ප්‍රසිද්ධියේ එසේ ඇසීමට ද පැකිලෙන්නේ නැත. මෙවැනි කොටස්” සාක්ෂරතාව නොමැති හෝ අධිපතිවාදී කතිකාව අනුව  “අධ්‍යාපනය නොලැබූ” කණ්ඩායම් සමඟ වැඩ කිරීමේදී පවත්වාගෙන යන ධුරාවලිය ගැන මෙයින් ඉඟි සපයයි. එමෙන්ම, ප්‍රධාන ධාරාවේ දේශපාලන අවකාශ මෙන්ම මේවා පුරුෂ අවකාශ වෙයි. එසේ නොවන අවස්ථාවල වුවත්” මේවා තුළ ක්‍රියාත්මකවන බල ධුරාවලිය පුරුෂාධිපත්‍ය ආකෘතිවලින් ගලවා ගැනීම ඉතාම අපහසු කාර්යයකි.

භාෂාව

මෙම විකල්ප කණ්ඩායම්වල භාෂාව අතිශය විදග්ද එකක් වෙයි. මෙම කණ්ඩායම්වලටම සුවිශේෂී වූ එම භාෂාව හරහා මහා සමාජයේ දැනටමත් පවතින බල ධුරාවලි තව තවත් ශක්තිමත් කරන අතර” ඒ බල ධුරාවලි තුළ සහභාගී වෙමින්” එම බල ධුරාවලි නඩත්තු කරයි. ඒ භාවිතකරන භාෂාව හරහා

“දැනුම” හා “සාක්ෂරතාව” කෙරෙහි අසීමිත බලයක් ලබා දී ඇත. මෙසේ “දැනුම” හරහා ගොඩනඟන පීඩාකාරී ප්‍රචණ්ඩ ව්‍යුහය තුළ සිදු කරන්නේ, “දැනුම නැති” යැයි මහා සමාජයේ ස්ථාපිත අධ්‍යාපන පද්ධතිය විසින් හඳුනා ගන්නා ජන කොටස් එම විකල්ප දේශපාලන කණ්ඩායම්වල න්‍යෂ්ටිය බවට පත්වීම වළකා දැමීමයි.  මෙවැනි  විකල්ප දේශපාලන කණ්ඩායම් සිදු කරන්නේ, දැනටමත් සටන්කරන ජන සමූහයකට හේත්තු වී, අධිපතිවාදී පාලකයින් සමඟ ගණුදෙනු කරන මැදිහත් කරුවන් බවට පත්වීමයි. ඒ හරහා කිසිඳු අරගලයක සැබෑ ලෙස සහභාගී නොවන මොවුන් දැනටමත් පවතින අරගල වලට අයිතිය කියා පාමින් ඉතාම තක්කඩි දේශපාලනයක නිරත වෙයි. යම් මොහොතක අධිපතිවාදී “දැනුම නැති” ජන කොටස්වල අරගල වෙනුවෙන් මෙම කණ්ඩායම් පෙනී සිටියත්” තමුන්ගේ පටු තක්කඩි වුවමනාවන් උදෙසා මිස මිනිසුන් දිනවීම උදෙසා නොවේමය.

විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

මෙවැනි කණ්ඩායම් පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයින්” මෙවැනි කණ්ඩායම් කිහිපයකම සාමාජිකයින්ය. මෙවැනි ඇතැම් විකල්ප දේශපාලන කණ්ඩායම් ඇතිවන්නේ යම් ප්‍රශ්නයක් මතු වූ විටයි. ප්‍රශ්නයක් දීර්ඝ කාලීනව පවතින සමාජ ව්‍යුහය හා බැඳුනු දෙයක් ලෙස සලකා ඒ සමඟ ගනුදෙනු කිරීම වෙනුවට, යම් ප්‍රශ්නයක් මතු වූ විට “දන්නා හඳුනන” කිහිප දෙනෙකු එකතුවී සාදාගන්නා මෙවැනි සාමුහික නව ලිබරල්වාදයේ ලක්ෂණයක් බවට පත්ව ඇත. ජනතා ව්‍යාපාර වෙනුවට නව ලිබරල්වාදය විසින් ඉල්ලා සිටින්නේ මෙවැනි හතු පිපෙන්නා මෙන් ඇතිවී”  හතු පරවෙන්නා මෙන් නැතිවී යන ව්‍යාපාරය. මෙවැනි ව්‍යාපාර කිසිදා අරගල සිදුනොකරන අතර” අරගල සිදුවන නොවන මායා ලක්ෂයක නිරන්තරවම ස්ථානගත වෙයි. එවැනි ලක්ෂයක ස්ථානගතවීම පහසු වනවා පමණක් නොව,  ධනවාදය තුළ තම වාම “ව්‍යාපාරය” (වෙළඳ අර්ථයකින්) පවත්වාගෙන යා හැකි වන්නේ ත් එසේය. අරගලය සිදුවන්නේත් නැත” නොවන්නේත් නැත!

මේ තත්ත්ව තුළ විකල්ප දේශපාලනය ප්‍රගතිශීලි වන දවස එන තෙක් මා බලාපොරොත්තුවෙන් සිටිමි. 

(කාටූනය ඩේලි මිරර් වෙතිනි)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට