ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය
~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත ලැබූ ඔහුගේ පියා වැවිලිකරුවෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ රෙජිනෝල්ඩ් සේනානායකය. බ්‍රිතාන්‍යයන් විසින් රෙජිනෝල්ඩ් සේනානායකව ඉන්දියාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා සිරගත කරනු ලැබූ අතර, ලකී සේනානායක ට වයස අවුරුදු දහය වන විට හෙතෙම මිය ගියේය. ඉන් පසු ඔහුව හදාවඩා ගැනීමේ වගකීම පැවරුනේ, 1947 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්වූ, ලකී සේනානායකගේ මව වන ෆ්ලොරන්ස් සේනානායකටය. ඔහු ලබා ඇති එකම විධිමත් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලබා ගත් අතර, ඔහුගේ ම පිළිගැනීම අනුව ඔහු නිතිපතා පාසලෙන් ‘කට්ටි පැන්න’ සිසුවෙක්  විය. පසුව ඔහු කෙටි කාලයක් තුළ කොළඹ මෙල්බර්න් කලා පාසලට ඇතුළත් වූ අතර, එහිදී එහි ප්‍රධාන ගුරුවරිය වූ කෝරා ඒබ්‍රහම්ස් සහ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙකු වන රිචඩ් ගේබ්‍රියෙල් ව මුණ ගැසුණි. වැඩි කල් නොගොස් ලකී සේනානායක ද ගුරුවරයෙකු වීමට වරම් ලැබීය. ලකී සේනානායක මූලිකවම ‘ශ්‍රීලාංකේය නිෂ්පාදනයකි’ (made in Sri Lanka). ඔහු ඉන්දියාවේ කෙටි කාලයක් ගත කළත්, පසුව ඔහුගේ දියණිය මුණගැසීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත වරින් වර ගමන් කළ ද, ඔහුගේ පරම්පරාවේ අන් බොහෝ අය මෙන්, හෙතෙම විදේශ අධ්‍යාපනයක් නොලැබූ අතර, ඔහු යුරෝපයේ ගතකර තිබුනේ ද  ඉතා සුළු කාලයකි. බොහෝ දුරට ස්වයං-අධ්‍යාපනයක් ලැබූ ලකී සේනානායක සුපිරි කෙටුම්පත් ශිල්පියෙකු හා වර්ණ ගන්වන්නෙකු (draughtsman and colourist) සහ විවිධ මාධ්‍යවල කුසලතා ප්‍රකට කළ අයෙක් බවට පත්විය. කෙසේ වෙතත්, මේ සියල්ලටම වඩා කැපී පෙනුනේ, ඔහුගේ කෘතිවල දැකගත හැකි වූ  හාස්‍යය හා නිර්මාණශීලීත්වයයි.

1950 දශකය අවසානයේදී ලකී සේනානායක එඩ්වර්ඩ්ස්, රීඩ් සහ බෙග් යන සමාගමේ වාස්තුවිද්‍යා කෙටුම්පත් ශිල්පියෙකු බවට පත්විය. එය සනිටුහන් කළේ, වාස්තුවිද්‍යාඥ  ජෙෆ්රි බාවා සමඟ ආරම්භ  කළ දීර්ඝකාලීන සම්බන්ධතාවයයි.  මේ සම්බන්ධතාව ඔස්සේ ලකී සේනානායක වාස්තුවිද්‍යාව සහ භූ දර්ශනය පිළිබඳ ඇතිකරගත් දැඩි  උනන්දුවට පදනම වැටුණි.  ඉස්මෙත් රහීම් සමඟ සමීපව වැඩ කරමින් ඔහු බාවා කාර්යාලයේ පසුකාලීනව ප්‍රසිද්ධියට පත්වූ වාස්තුවිද්‍යා චිත්‍ර ශෛලිය නිර්මාණය කළ අතර, එය පසුව බාවා පිළිබඳව පලකළ ප්‍රථම ජාත්‍යන්තර කෘතිය වූ  Geoffrey Bawa (1986) නම් කෘතියේ ප්‍රතිනිෂ්පාදනය  කරන ලදී. ‘වයිට් බුක්’ ලෙස බොහෝ දෙනා විසින් හැඳින්වූ මේ කෘතිය ලියන ලද්දේ බ්‍රයන් බ්‍රේස් ටේලර් විසිනි. පසුව මේ  ශෛලිය ආසියාව පුරා අනුකරණය කරන්නට යෙදුනි. ජෙෆ්රි බාවා හරහා ඔහු ජෙෆ්රි බාවාගේ ගේ සහෝදරයා වූ බෙවිස් බාවාගේ මිතුරන් කණ්ඩායම සමග එක විය. මොවුන් අතර ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ්, බාබරා සන්සෝනි සහ ඊනා ද සිල්වා වැනි අය සිටියහ. ඔහු මේ සියලු දෙනාගේම කුසලතාවන්ගෙන් සිය කලා භාවිතයට නොයෙකුත් දේ උකහා ගත බව පෙනේ. ලකී සේනානායකට චිත්‍ර ඇඳීමට මුලින්ම දිරිදුන්නේ ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් ය. පසුව, 1963 දී ඔහු ලංකාව හැර ගිය විට  සිය තීන්ත කට්ටලය සේනානායකට තෑග්ගක් ලෙස ලබා දුන්නේය. බාබරා සන්සෝනි විසින් ශ්‍රී ලංකාවේ පැරණි ගොඩනැඟිලි වාර්තාකිරීම සඳහා ආරම්භකර තිබූ ව්‍යාපෘතියට සේනානායකව බඳවා  ගත්තේය. මෙම සහයෝගීතාව නිසා පසුව සන්සෝනිගේ සුප්‍රසිද්ධ  Architecture of an Island (දූපතක වාස්තුවිද්‍යාව) යන පොත පළකරන්නට යෙදුනි. ඊනා ද සිල්වා ඇයගේ බතික් චිත්‍රාගාරයට ලකී සේනානායකව බඳවාගත් අතර, එහිදී ඇයගේ පුත් අනිල් ද සමඟ ඔහු බොහෝ බතික් මෝස්‌තර නිර්මාණය කළේය. පසුව ඊනා ද සිල්වා සිය බතික් නිර්මාණවලදී බොහෝ විට යොදාගත්තේ මේ නිර්මාණය. වසර ගණනාවක් පුරා ඔහු ගොවියෙකු, භූ දර්ශන නිර්මාණකරුවෙකු, වාස්තු විද්‍යාඥයෙකු, කවියෙකු, චිත්‍ර ශිල්පියෙකු සහ නිර්මාණ කරුවෙකු (decorator) ආදී ලෙස විවිධාකාරයෙන් ක්‍රියා කළේය. ඇත්ත වශයෙන්ම ඔහු සිය උනන්දු සහ කුසලතා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් ට බෙහෙවින් සමාන විය. 1970 දශකය අග භාගයේදී ඔහු සිය අතිවිශිෂ්ට ශාක හා සත්ව චිත්‍ර මත පදනම්ව ශ්‍රී ලංකා මුදල් නෝට්ටු මාලාවක් පවා නිර්මාණය කළේය. එහෙත් ඔහු සැබැවින්ම විශිෂ්ටතත්වයට පත්වූයේ චිත්‍රශිල්පියෙකු හා මූර්ති ශිල්පියෙකු ලෙස ය.

1960 දශකය අවසානයේ නීතිඥයෙකු වූ ලකී සේනානායකෙගේ සහෝදරයා විසින් මිරිස් ගොවිපොලක් පිහිටුවීමේ අරමුණින් දඹුල්ලේ සිට සැතපුම් කිහිපයක් දකුණු දිගින් සහ ඒ 9 මාර්ගයට නැගෙනහිරින් පිහිටි ඉඩමක් මිලදී ගත්තේය. ගොවිපොල සාර්ථක නොවූ අතර, 1972 දී ලකී සේනානායක එය පවරා ගෙන එය තමාගේම උද්‍යාන නිවාඩු නිකේතනයක් බවට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. එය විශාල භූමියක් නොවීය. එහි පරිමාණය  පාපන්දු තණතීරු දෙකක පමණ ප්‍රමාණයක් විය.  එය ප්‍රධාන වශයෙන් ලඳු කැලෑවලින් ආවරණය වී තිබුන අතර, භූගත ජලමූලාශ්‍රයකින් පෝෂණය වූ ඇලකින් නිරන්තර ජල ප්‍රවාහයක් ලැබුණි. ඔහු එම ඉඩම ‘දිය බුබුල’ ලෙස නම් කරන ලදී.

ඔහුගේ මිතුරන් වන බෙවිස් සහ ජෙෆ්රි බාවා විසින් බෙන්තොට ගඟ දෙපස ගොඩනගන ලද ප්‍රසිද්ධ උද්‍යාන දෙකෙන් දිය බුබුල සංවර්ධනය කිරීමට ඔහුට මුලින් ආභාෂය ලැබුණා විය හැක. නමුත් දිය බුබුල බෙවිස් බාවාගේ බ්‍රීෆ් උයනට සහ ජෙෆ්රි බාවාගේ  ලුනුගඟ උයනට වඩා බෙහෙවින් වෙනස් විය: බ්‍රීෆ් උයන සංකල්පගත කර තුබුණේ, එකිනෙකට සම්බන්ධවන දර්ශන පථයක් සහිත අන්තර්-සම්බන්ධිත කාමර මාලාවක් ලෙසය.  ජෙෆ්රි බාවාගේ ලුනුගඟ උද්‍යාණය පුළුල් ලෝකයට විවර වී තිබූ අතර, එහි වටපිටාවෙන් එය නොයෙකුත් දසුන් උයනේම කොටසක් බවට පත්කර තිබුණි. මීට සාපේක්ෂව, ලකී සේනානනායක දිය බුබුලේ වියළි භූමි ප්‍රදේශය ජල-පෝෂිත හරිත තලාවක් වන් ක්ෂේම භූමියක් බවට පරිවර්තනය කළේය. ඔහු සිය භුමියේ පිහිටි ඇල මාර්ගය හරහා වේල්ලක් ඉදිකර, එමගින් එකතු වූ ජලය භූමිය තැනින් තැන පිහිට වූ පොකුණු අටකින් සමන්විත ජල පද්ධතියකට සම්බන්ධ කරන ලදී. එමෙන්ම, ඒ අවට ඔහු දේශීය ගස්වලින් සමන්විත ඝණ වනලැහැබක් ද බිහි කරන ලදී. එහි පදනම වූයේ  පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් එකතු කරගත් පැලවලින් වැඩුණු කළුමැදිරිය, කළුවර හා  සඳුන් වැනි දේශීය ගස් පෙළකි. භාහිර ලෝකය වසා දැමූ ඔහු, සිය භූමියේ  සැඟවුණු ලෝකයක් නිර්මාණය කළේය. එය බොහෝ විට දැනුනේ භූගත පරිසරයක් මෙනි. එහි කේන්ද්‍රයේ ඔහු සිය නිවස සහ චිත්‍රාගාරය ඉදි කළේය. එය ඉදිකළේ වේදිකා මාලාවක් ගල් පර්වතය කිහිපයක් මත පිහිටුවමිනි. එහි වහල  බෙලෙක් තහඩ මත අතුරන ලද පිදුරු හා පොල් අතුවලින් සෙවිලි කර තිබුණි.

මා දිය බුබුලට ගිය සෑම අවස්ථාවකම මට පෙනුනේ, මම සැබෑ ලෝකය අතහැර දමා අද්භූත  සාමිවරයෙකු පාලනය කළ  විස්මිත මායාකාරී දේශයකට ඇතුළු වන බවයි. ඒ සැම විටම, ලකී සේනානායක සිය චිත්‍රාගාර වේදිකාවේ වාඩි වී සිටි අතර, ඒ දසුන මට මතක් කළේ ලුවිස් කැරොල් කුඩා දරුවන් සඳහා ලියූ Alice’s Adventures in Wonderland කෘතියේ එන ‘චෙෂයර් කැට්’ සහ ‘මෑඩ් හැටර්’ යන චරිත මුසු වී බිහිවුන චරිතයකි. සැම විටම සරමකින් පමණක් සැරසී සිටි ලකී සේනානායක, වෙහෙස මහන්සි වී සිතුවමක් අඳිමින් සිටියේ අවට ඇති ගස් අතර  සඟවා තිබූ  ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන සංගීතයට ඇහුම්කම් දෙමිනි.  අවට සතුන් හා පක්ෂීන් පිරී සිටි අතර ඒවායින් ඇතැමුන් සැබෑ ජීවින් වුව ද බොහෝමයක් ලෝහයෙන් නෙළා තිබූ ඒවා විය. ඇතැම් තැනක බකමූණෙක්, තවත් තැනක දිවියෙකු, දොළ අසල වල් ඌරෙක්, පොකුණට ඔබ්බෙන් අශ්වයෙකු සහ තවත් තැනෙක රයිනෝසිරස් සත්වයෙකු ආදී ලෙස මේ නිර්මිත සතුන් මේ මායාකාරී ලොවේදී අපට මුණගැසේ. ලකී සේනානායක කිසි විටෙකත් කලින් නොදන්වා යමෙකු ඔහුගේ අඩවියට පැමිණීම බාධාවක් ලෙස නොසැලකූ අතර, ඔහුගේ බුරුසුව බිම තබා, ඔහුගේ දිදුලන දෑස් යොමු කර, සිංහල හා ඉංග්‍රීසි සම්මිශ්‍රිත ඔහුගේ සුමුදු හඬින් සැමට  ආචාර කළේය.

දිය බුබුල මුලින්ම ආරම්භ වූයේ වරින් වර පැමිණිය හැකි නිවාඩු නිකේතනයක් ලෙසය. එනම්, සමාන අදහස් ඇති මිතුරන් හා සහකාරයන් සඳහා වූ ප්‍රජා අවකාශයක් ලෙසිනි. නමුත් පසුව, මේ ප්‍රජා පරමාදර්ශ වෙනුවට වඩාත් ප්‍රායෝගික සලකාබැලීම් සඳහා මග පෑදීමට සිදුවිය. 1980 න් පසු එය ලකී සේනානයකගේ ප්‍රධාන නිවස බවට පත්විය. මෙතැන් සිට සිය මිතුරා වූ නොයෙල් ඩයස් සමඟ මෙහි සිට ‘බොටනිකා’ නම් වූ උද්‍යාන සැලසුම් හා කොන්ත්‍රාත් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඔහු, දිවයින පුරා නිවාස හා හෝටල් සඳහා උද්‍යාන නිර්මාණය කළේය. පසුව, වාස්තු විද්‍යාත්මක මූර්ති නිෂ්පාදනය සඳහා කම්හලක් ද ඔහු  ආරම්භ කළේ මෙහිය. අවසාන වශයෙන්, 2014  දී, ලකී සේනානායක බාබරීන් හෝටල් සමූහය සමඟ ‘කොටස් නිකුතුවක්’ සඳහා වූ ගිවිසුමකට එළඹුණු අතර, එමඟින් ඔහු ඔවුන්ට තම උද්‍යානය විකුණා දැමීය. එහි කොටසක් ඔහු විසින්ම සැලසුම කළ ‘විලා’ පන්නයේ නිවෙස් පහක් සහිත හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට ඔවුන්ට ඔහු ඉඩ ලබා දුන්නේය. ඉතිරි කොටස ඔහු විසින්  ජීවිත බුක්තිය සඳහා ලබාගෙන තිබුණි.

ලකී සේනානායක ජෙෆ්රි බාවාගේ ප්‍රියතම කලාකරුවා වූ අතර, වසර තිස් පහකට වැඩි කාලයක් ඔහු බාවාගේ වාස්තුවිද්‍යා අවකාශවල තිබූ හිස් තැන් මූර්තිවලින් පුරවා බිතුසිතුවම් හා සිතුවම්වලින් හිස් බිත්ති ආවරණය කළේය. 1970 දී පැවැත්වූ ඔසාකා ලෝක ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ යෝධ ‘බෝ කොළ’ මූර්තිය සේනානායක විසින් නිර්මාණය කළේ ජෙෆ්රි බාවා වෙනුවෙනි. කෝට්ටේ පාර්ලිමේන්තුවේ (1982)  එල්ලා ඇති මහා තාලවර්ගතයේ ගස් සංකේතවත් කරන විදුලි ආලෝක චැන්ඩලියරය ඔහු විසින් නිර්මාණය කළේ, එම ගොඩනැගිල්ල ද බාවගේ නිර්මාණයක් වූ නිසාය.  බාවා විසින් සැලසුම් කළ ලයිට් හවුස් හෝටලයේ ඉහල මාලයට දිවෙන  ලන්දේසි හා සිංහල ‘සටන්කාමීන්ගෙන්’ (1996) සැදුම්ලත් පඩිපෙළ ද සේනානායකගේ නිර්මාණයකි. තවද ලුනුගඟ උයනේ සඳළු තලය සඳහා ඔහු විසින් අඳින ලද බිතුසිතුවම දැන් බොහෝ දුරට මැකී ගොසිනි. සහායකයින් කණ්ඩායමක් සමඟ වැඩ කරමින්, ඔහු නෙප්චූන් හෝටලයේ නිදන කාමර එකසිය විස්සේ සැම කාමරයකම බිතුසිතුවම බැගින් නිර්මාණය කළේය (මේවා කනගාටුදායක ලෙස දැන් අතුරුදහන් වී ඇත).

සෞඛ්‍යය අතින් ඔහු දුර්වල තත්ත්වයක් සිටිය ද, අසූ වැනි විය පසුවන තෙක්ම  චිත්‍ර ඇඳීම,  මූර්ති නෙලීම හා උද්‍යාන සැලසුම් කිරීම දිගටම කරගෙන ගිය ලකී සේනානායක, බට නලා වාදනයෙන්, සිය හාස්‍යයෙන් හා ඔහුගේ චිත්‍රවලින් තම මිතුරන්ට නිරතුරුවම විනෝදාස්වාදය ලබා දුන්නේය.

එහෙත් ලකී සේනානායක කොළඹ කේන්ද්‍රකරගත් ප්‍රධාන කලා ආයතන පද්ධතිය හා සම්බන්ධ වී සිටියේ නැත.  සේනක බණ්ඩාරනායක ගේ  Sri Lankan Painting in the 20th Century (20 වන සියවසේ ශ්‍රී ලාංකික සිතුවම්) යන සුප්‍රසිද්ධ පොතේ ඔහු ගැන කිසිදු සඳහනක් නොමැත. එමෙන්ම,  කලා විචාරකයින් ඔහු හුදු සැරසිලි කරුවෙකු ලෙස බැහැර කළහ. ඊට හේතුව වැදගත් කලාකරුවන් එක් තේමාවකට බැඳී සිටිය යුතුයි, අරගල කළ යුතුයි, මානසික ගැටළු සමඟ පොරබැඳිය යුතුයි වශයෙන් ගොඩනැගී තිබූ ජනප්‍රිය අපේක්ෂාවන්ය. එනමුත්, සේනානායකට  කලාව අරගලයක් නොවීය. ඔහුගේ ආසන්නතම සමකාලීනයෙකු වූ ඩේවිඩ් හොක්නි මෙන්ම ලකී සේනානායක ද ගොඩනැගීම හා නිර්මාණය කිරීම ප්‍රිය කළේය. ඔහු තම සැලකිය යුතු දක්ෂතා හා වෙනස්වන තේමා සහ විවිධ මාධ්‍ය අත්හදා බැලීමෙන් මහත් සතුටක් ලැබූ අතර, අන් අයට සතුටක් ලබා දීමට ද ඔහු ප්‍රිය කළේය. ඔහු සුන්දරත්වය, විශේෂයෙන්ම ස්වභාවික ලෝකයේ අලංකාරය සැමදාම සැමරීය. කලා ශිල්පියෙකු ලෙස ඔහුගේ භූමිකාව තුළ අතිශයින් නිවැරදිව නිම කළ උද්භිද චිත්‍ර, වියුක්ත සිතුවම් හා මූර්ති, මුදල් නෝට්ටු සඳහා කළ මෝස්තර, භූ දර්ශන සිතුවම්, කාමුක චිත්‍ර සහ වාස්තුවිද්‍යාත්මක ස්ථාපන ආදිය ඇතුළත් විය. එහෙත්, ඔහුගේ උපදේශක ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් මෙන්, ඔහු ද ඕනෑවට වඩා බහුශ්‍රැත හා දක්ෂ යැයි බොහෝ දෙනා සැක කළ අතර, එනිසාම ඔහු හුදෙක් විනෝදය සපයන්නෙකු හා කපටියෙකු ලෙස සලකා බැහැර කරන ලදී. කෙසේවෙතත්, නිසැකවම ඔහු පිළිගැනීමට ලක්වන දිනය ඉදිරියේදී පැමිණෙනු ඇත: ඒ, ඔහුගේ පරම්පරාවේ දක්ෂතම ශ්‍රී ලාංකික කලාකරුවෙකු සහ ශ්‍රී ලාංකිකයන් තමන් දකින ආකාරය වෙනස් කළ අයෙකු වශයෙනි.

(ඩේවිඩ් රොබ්සන් 2004 වන තෙක් බ්‍රයිටන් විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ වාස්තුවිද්‍යාත්මක භාවිතය නිවාස මත කේන්ද්‍රගත වී තිබුණි. 1970 දශකයේ වොෂිංටන් නව නගරයේ ප්‍රධාන නිවාස වාස්තුවිද්‍යාඥයා  වූ අතර, ශ්‍රී ලංකා රජයේ නිවාස වැඩසටහන පිළිබඳ උපදේශකවරයෙකු ලෙස 1980 දශකයේ මුල් භාගය තුළ සේවය කළේය. මේ ලිපිය සම්පාදනය කිරීම සඳහා මහාචාර්ය ඩේවිඩ් රොබ්සන්ට ආරාධනා කිරීමෙන් සහ එය සිංහල හා දෙමළ දෙබසට පරිවර්තනය කරීම සඳහා අවශ්‍ය අවසර ලබාගැනීම සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් පඨිත සංස්කාරක මණ්ඩලය වාස්තු විද්‍යාඥ සී. අන්ජලේන්ද්‍රන්ට ස්තූතිය පිරිනමයි)

Total
12
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට