වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

චායාරූප මූලාශ්‍රය: ලෝක සෞඛ්‍යය සංවිධානය

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ:

1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද?
2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද?
3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ කවරේද?
4) ඒ පිළිබද තොරතුරැ යාවත්කාලීන කර තිබේද?
5) අවදානම් කාණ්ඩ මොනවාද සහ ඔවුන්ගේ වයස, ස්ත්‍රී-පුරැෂභාවය ආදී තොරතුරැ

මැදිහත්වීම්වලදී පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ:

1) ඉලක්කගත ජනසමූහයන් පිළබද තොරතුරු එකතු කිරීම
2) භාවිත කළ යුතු අමුද්‍රව්‍යය හා මෙවලම් පැහැදිලිව තේරුම් ගැනීම
3) අදාල මානව සම්පත් පිළබද දැනුවත් වීම
4) වසංගතය මැඩලීමට අදාළ දර්ශක අධ්‍යයනය කිරීම හා සූත්‍රගත කිරීම  

මෙහිදී වසංගතයේ ඇති අවදානම පිළිබද පැහැදිළි හා නිරවුල් තොරතුරැ සන්නිවේදනයේදී අදහස් පළ කිරීම, විවිධ අදහස් වෙත සවන්දීම මෙන්ම කටකතා කලමණාකරණය යන ප්‍රමිතීන් පිළිබදව ද අවධානය යොමු කළ යුතුවේ (Managing Epidemics, World Health Organization, 2018, P 33-35).  මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයන් අනුගමනය කරන ක්‍රමවේද එකිනෙකට වෙනස් වුවද, ඒ සියල්ලේම අවසන් ප්‍රතිපලය විය යුත්තේ වසංගතය මැඩපැවැත්වීමට අදාළ දායකත්වය ලබාදීමයි. වසංගතයක් පිළිබද ජනමාධ්‍යය මගින් පුලුල්ව වාර්තා සැපයීම එහි ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල් වන බව 2009 වර්ෂයේ ‘ඒඑච්1එන්1’ ඉන්ෆ්ලුවන්සා වසංගතය පැතිරගිය කාලසීමාවේ චීනයේ ෂීයැන්ෂී ප්‍රාන්තය පදනම් කරගෙන සිදුකරන ලද පර්යේෂණයකදී තහවුරැ වී තිබේ (Qinling Yan, Sanyi Tang, Sandra Gabriele, Jianhong Wu, ‘Media Coverage and Hospital Notification: Correlation Analysis and Optimal Media Impact Duration to Manage a Pandemic’, Journal of Theoretical Biology, 2016, 390:1 DOI). එසේ වුවද, වසංගතයකදී මාධ්‍යවල හැසිරීම ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම්ද ඇති කළ හැකිය.

2003 වර්ෂයේදී ‘සාර්ස්’ වසංගතය පැතිර ගිය අවස්ථාවේදීත්, 2000-2010 දශකයේ අගභාගයේදී දකුණු දිග අප්‍රිකාවේ කොලරා වසංගතව පැතිර ගිය අවස්ථාවේදීත්, ජනමාධ්‍යය රෝගය පිළිබද නිසි ලෙස ජනතාව දැනුවත් කිරීම, රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබද ඔවුන් දැනුවත් කිරීම, අදාළ සියලු කරැණු අතර සමබරතාව පවත්වාගෙනයාම ආදියේදී ඉටුකර ඇති ධනාත්මක කාර්යභාරය තීරණාත්මකය. එමෙන්ම, මෙහිදී බිය පාලනය කිරීමේ අරමුණින් අත්‍යාවශ්‍ය තොරතුරැ සැගවීම, දුස්තොරතුරැ සන්නිවේදනය සහ සැබෑ විශේෂඥයන් නොවන, එහෙත් විශේෂඥයන් ලෙස තමන් විසින්ම දුන්වාගන්නා ලද පුද්ගලයන්ගේ අදහස් ඉදිරිපත් කිරීම හරහා සෘණාත්මක බලපෑම් ඇති කළ බවද හදුනාගෙන තිබේ. (Blumberg Lucille, ‘The Role of the Media in Disease Outbreaks’, South African Journal of Epidemiology and Infection, 2009).
 
දැනට ගෝලීයව පැතිරගොස් ඇති කොරෝනා වසංගතය හමුවේ  ජාත්‍යන්තර සහ දේශීය ජනමාධ්‍ය  මත  විවිධ පරිමාවන්ගෙන් සන්නිවේදනය පිළිබද වගකීම් ස්ථාපිත වී ඇත. ලාංකීය මාධ්‍ය ක්‍ෂේත්‍රය අදාළ කාර්යභාරය හදුනාගෙන ඇති ආකාරය මෙහිදී විමසිල්ලට ලක් කිරීම වැදගත් වේ.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යය ද සන්නිවේදනයේ අවේක්ෂණ ප්‍රවේශය බොහෝදුරට නිවැරදිව හසුරැවා ගන්නා බව නිරීක්ෂණය කළ  හැකිය. රෝගය හදුනාගන්නා ආකාරය, එහි රෝග ලක්ෂණ, රෝගය හදුනාගැනීමට පරීක්ෂණ කිරීම සහ ප්‍රතිකාර සදහා රජයේ රෝහල්වලටම යොමුවිය යුතු බව පෙන්වාදීම, හානි සහ අවදානම පිළිබද විස්තර ඉදිරිපත් කිරීම, තොරතුරැ යාවත්කාලීන කිරීම යනාදී අංශ සම්බන්ධයෙන් බොහෝදුරට නිවැරැදිව සහ වේගවත්ව සන්නිවේදන මාධ්‍යය ක්‍රියාත්මක වන බව හදුනාගත හැකිය.

කෙසේවෙතත්, මැදිහත්වීමේ ප්‍රවේශයේදී ලංකාවේ  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයද අවස්ථා ගණනාවකදී අසාර්ථක වී ඇති බව පෙනේ. විශේෂයෙන් ඉලක්කගත ජන කණ්ඩායම් වෙත සන්නිවේදනය සිදුවෙනවාද යන්න සැකසහිතය. ආසාදිතයන් පිළිබද සංඛ්‍යාලේඛනවලට අනුව, සිංහල භාෂාව සිය මව්භාෂාව කරගත් අය මෙන්ම දෙමළ භාෂාව මව් බස  කරගත් අයද සැළකිය යුතු සංඛ්‍යාවක් සිටින බව තහවුරැ වී තිබේ. එහෙත්, කොරෝනා වසංගතය පිළිබද දෙමළ භාෂාවෙන් කෙරෙන සන්නිවේදනය, විශේෂයෙන් විශේෂඥ අදහස් සන්නිවේදනය අවම බව පරිපාලන ව්‍යුහයන් මගින් පවා පිළිගෙන ඇත.

දැනට සිදුකෙරෙන සන්නිවේදන ක්‍රියාවලියේ මූලික යෙදවුමක් වන්නේ සම්මුඛ සාකච්ඡායි. විශේෂයෙන් වසංගත රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන් හා ආරක්ෂක ප්‍රධානීන් මෙහි ප්‍රමුඛ චරිත බවට පත් වී තිබේ. දිගින් දිගටම එකම තේමා ඔස්සේ සිදු කෙරෙන සම්මුඛ සාකච්ඡා වැනි සාම්ප්‍රධායික ක්‍රමවේදයන්ට පමණක් සීමා නොවී, දත්ත මූලික වූ ජනමාධ්‍යවේදය හා දෘශ්‍ය  මූලික ජනමාධ්‍යවේදය වැනි ක්‍රමවේද කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත්ය. එතුළින් අදාළ සන්නිවේදනයේ ආකර්ෂණය  ඉහළ නංවා ගැනීම හරහා එහි ඵලදායීතාවය වැඩි කර ගත හැකි බව පෙනේ.

අදාළ  ක්‍රියාවලියේදී මානව සම්පත් කළමණාකරණය කිරීම පවතින්නේ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි තත්වයකය. ඇතැම් දිනවල එක් රෑපවාහිනී නාලිකාවක පැය දෙකක පමණ කාලයක් විකාශනය වන සම්මුඛ සාකච්ඡාවක් සදහා ක්ෂේත්‍රයේ විශේෂඥයන් සිව්දෙනෙකු මැදිරියට පැමිණ ඊට සම්බන්ධ වී සිටින අන්දම නිරීක්ෂණය කළ හැකිය. එහිදී සාමාන්‍යයෙන් අදාළ විශේෂඥයාට අදහස් දැක්වීමට ලබාදෙන කාලසීමාව මිනිත්තු 15කට නොවැඩිය. ඇතැම් අවස්ථාවල එක් දිනක් තුළ එකම විශේෂඥයා මෙවැනි සාකච්ඡා දෙකකට පමණ සම්බන්ධවී සිටින ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. ලෝකයේ මාධ්‍යය බහුතරය හැකි සෑම අවස්ථාවකදීම මෙවැනි සාකච්ඡා සදහා තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දුරස්ථව ආරාධිත විශේෂඥයන්  සම්බන්ධකර ගන්නේ, කාලීනව අතිශය වැදගත් විශේෂඥ මානව සම්පත් භාවිතය පිළිබද ආදර්ශ ලබාදෙමිනි. ලංකාවේ සිදුකරන සාකච්ඡාවලදී ඒවා මෙහෙයවන්නන්ගේ විශේෂ ප්‍රාගුන්‍යය පිලිබද දුබලතාද  විශේෂඥ මානව සම්පත් නිසි පරිදි කලමණාකරණයට බාධා ඇති කරන බව පෙනේ.

වසංගතය මැඩලීම සදහා වන දර්ශක පිළිබද සන්නිවේදනයේදී වඩාත්ම හානිකර භූමිකාවක නිරතව සිටින්නේ සමාජ මාධ්‍යයයි. මේ දිනවල කොරෝනා ආසාදිතවූවන් හදුනාගැනීම සදහා වේගවත් සහ ක්‍රමවත් පර්යේෂණ සොයාගැනීම සදහාද අදාළ ක්‍ෂේත්‍රවල ප්‍රමුඛත්වයක් හිමිවී තිබේ. එහිදී එවැනි පර්යේෂණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව වැනි රටවල් මගින් හදුනාගෙන ඇති අතර, ලංකාවේ බොහෝ සමාජ මාධ්‍ය තුළ එම සොයාගැනීම් කොරෝනා වසංගතයට ප්‍රතිකාර සොයාගත් අවස්ථා ලෙස ඉදිරිපත් කොට තිබිණ. එමෙන්ම, කොරෝනා වෛරසය යම් මට්ටමකට පාලනය කළ හැකි බවට විවිධ අවස්ථාවලදී හදුනාගෙන පර්යේෂණයන්ට භාජනය කෙරෙමින් ඇති ඇවිගන්, ක්ලෝරක්වීන් වැනි ඖෂධ ඊට අදාළ සාර්ථක ඖෂධ බවට දැක්වෙන වැරදි සහගත පුවත්ද ඉදිරිපත් වූ අතර, ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔස්සේද සමාජගත වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

අවේක්ෂණය සහ මැදිහත්වීම යන අංශ දෙක ඔස්සේම වසංගත අවස්ථාවක සෞඛ්‍යය සන්නිවේදනය සිදුකරන විට අනුගමනය කළ යුතු ප්‍රමිතීන් අතර, අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදීම අතිශය වැදගත් වේ. ලංකාව තුළ අදහස් පළ කිරීමේ අවස්ථා පුලුල්ව පවතින බව සදහන් කළ යුතුය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය තුළද ඒ සදහා සදහා පුලුල් ඉඩකඩක් වෙන්ව  ඇති බව පැහැදිළි වේ. ගැටලුව ඇත්තේ එහිදී අත්‍යවශ්‍යම කරැණු වඩාත් පැහැදිළි ලෙස සන්නිවේදනය වනවාද යන්නයි. එසේ නොවුණහොත්, එහි උපයෝගීතාව හීන විය හැකිය. මෙහිදී තවත් වැදගත් කරැණක් වන්නේ, අදාළ සන්නිවේදනය නිවැරැදිව හා නිරවුල්ව සිදුවනවාද යන්නයි. උදාහරණයක් ලෙසින්, ඇතැම් බටහිර සහ දේශීය වෛද්‍ය විශේෂඥයන් කොරෝනා පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම සදහා ඇතැම් දේශීය ඖෂධ භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, බොහෝ අවස්ථාවලදී එය සමාජයේ ඇතැම් ස්ථර වෙත සන්නිවේදනය වී තිබුණේ ඒවා කොරෝනා සදහා ප්‍රතිකාර ලෙසිනි. මෙහිදී ප්‍රතිශක්තිය ඉහල නැංවීමට අදාළ සාම්ප්‍රදායික ආහාර පිළිබද අධිප්‍රචාරණයක් ලබාදීමද සිදුවූ අතර, එය ජනතාව තුල ව්‍යාජ ආරක්ෂාවක් පිළිබද හැගීමක් (f alse sense of security) ජනිත කරවීය. එමෙන්ම, තවත් අවස්ථාවක එක්තරා ජනප්‍රිය  නිවේදකයකු ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළැදීමේ වැදගත්කම පිළිබද අදහස් දක්වමින් ‘ඒටීඑම්’ යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමෙන් පසු, තම දෑත් නොසෝදා මුඛ ආවරණය ඉවත් කරමින් අදහස් දක්වන රෑප රාමු පෙළක් විකාශය කෙරිණ. මුඛ ආවරණ පැළදීමටත් වඩා වැදගත් වන්නේ පොදු ස්ථාන පරිහරණයෙන් පසු දෑත් සේදීමය. එවැනි අවස්ථාවල දෑත් නොසෝදා මුහුණ ස්පර්ශ නොකළ යුතු බවට පිළගෙන ඇති මූලික කරැණ එහිදී ඔහු විසින්ම නිශේෂධනය කර තිබිණ. එබැවින් අදහස් පළ කිරීම යන්න, නිවැරදි අදහස් නිවැරදි ලෙස පළ කිරීම යනුවෙන් වටහාගැනීම අනිවාර්‍යය  වේ.

විවිධ අදහස්වලට ඉඩ ලබාදීමද මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය සන්නිවේදනයේ වැදගත් ප්‍රමිතියකි. එහිදී විශේෂයෙන් ජනතාවට සවන්දීම වැදගත් වන අතර, එය ඔවුන්ට අවශ්‍ය තොරතුරැ නිවැරදිව හදුනාගැනීමටත් අනවශ්‍ය බියගැන්වීම් අවම කිරීමටත් හේතුවනු ඇත. මෙම ක්‍රියාවලියේදී  ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඒ සදහා අවකාශ සැලසීමෙන් ඔබ්බට ගොස්, සමාජ මාධ්‍ය  හරහා සම්බන්ධීකරණ ක්‍රියාවලියකට යොමුවීම අවශ්‍ය වේ. තමන් නිවැරිදි යැයි හදුනාගන්නා දේ ඒකපාර්ශ්වීයව සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලියකට වඩා, ප්‍රතිපෝෂණයෙන් හැඩගැසුණු සන්නිවේදන ක්‍රියාවලියක් වඩාත් ඵලදායීය.

කටකතා කළමණාකරණය මෙහිදී අවධානය යොමු කළ යුතු අනෙක් ප්‍රමිතියයි. වර්තමානයේදී කටකතා යන්න සමාජ මාධ්‍යය  හරහා කෙරෙන දුස්තොරතුරැ ව්‍යාප්ත කිරීම තරම් පුලුල් පරාසයකට පැතිරී තිබේ. මෙය පාලනය කිරීම සදහා සමාජ මාධ්‍ය  ඔස්සේ වැරදි සහගත තොරතුරැ ප්‍රචාරය කළ පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන, ඒ පිළිබද පුලුල් ප්‍රචාරයක් ලබාදී ඇතත්, මෙය එවැනි නෛතික මැදිහත්වීමකින් පමණක් පාලනය කළ හැකි තත්වයක් නොවේ. ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට කඩිනම් සහ විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. විශේෂයෙන් දුස්තොරතුරැ වහා හදුනාගැනීමටත්, ඒවායේ අසත්‍යභාවය හෙළිකරමින් විශ්වසනීය ලෙස හා කඩිනමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමත් ප්‍රධාන මාධ්‍යයේ  වගකීමකි. එමෙන්ම, ඒ සදහා නිසි පරිදි සමාජ මාධ්‍යය හසුරැවන්නන්ගේ භූමිකාව ද උපයෝගී කර ගත හැකිය.

වසංගත අවස්ථාවක සිදුකෙරෙන සන්නිවේදන ක්‍රියාවලියේදී  අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කලාපයක් වන්නේ නීති සහ අචාරධර්මවලට අනුකූලව මාධ්‍යය හැසිරවීමයි. විවිධ ජාතික සහ ආගමික ආදී බැදියාවන්ගෙන් මිදී, පොදු මානව වර්ගයාගේ යහපත උදෙසා මාධ්‍යය හැසිරවීම මෙහිදී වැදගත් වන අතර, යම් දේශපාලනික න්‍යාය පත්‍ර මත මාධ්‍යය හැසිරවීම පොදුවේ මහජන ආරක්ෂවට හානි පැමිණවිය හැකිය. කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය තොරතුරැ සන්නිවේදනය කිරීමද අනිවාර්ය වන අතර, ඒ අනුව ප්‍රවෘත්ති වටිනාකම සහ සමාජ වටිනාකම යන අංශ දෙකම සමබරතාවයෙන් යුක්තව පවත්වා ගැනීම කළ යුතුවේ. මෙහිදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත පැවැරෙන වගකීම සුවිශේෂීය (Claire Hooker, Julie Leask, Catherine King, Media Ethics and Disease Outbreak, 2012).

ශ්‍රී ලංකාවේදී මුද්‍රිත මාධ්‍ය සදහා කර්තෘ සංසදය විසින් අචාර ධර්ම පද්ධතියක් සකසා පවත්වාගෙන ගියත්, එය පිළිපැදීම පිළිබද ගැටලු පවතී. මුද්‍රිත මාධ්‍යය සදහා කුමන ආකාරයක හෝ අචාර ධර්ම සංග්‍රහයක් පැවැතියද විද්‍යුත් මාධ්‍යය සදහා එවැනි ආකාරයේ කිසිවක් නැත. ඒ අනුව ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබද අචාර ධර්ම සම්බන්ධ වගවීම ඊට අදාළ සීමිත නෛතික සීමාවන්ට පමණක් අදාළ වේ.

මේ තත්වය තුළ කොරෝනා වෛරසට අදාළ සන්නිවේදන ක්‍රියාවලිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමාජ හා විද්‍යුත් මාධ්‍යවලට හැකියාව ලැබී තිබේ. කෙසේවෙතත් මෙහිදී සමාජමාධ්‍යටත් වඩා වැදගත් වන්නේ විද්‍යුත් මාධ්‍යයේ භූමිකාවයි. සමාජ මාධ්‍යයේ බලපෑම තීරණාත්මක වුවත්, ඒ හරහා සන්නිවේදනය කෙරෙන තොරතුරැ පූර්ණ ලෙස විශ්වාස කිරීමට මහා සමාජය තවමත් යම් මැලිකමක් දක්වයි. එහෙයින් ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය මහා සමාජයේ විශ්වසනීයම සන්නිවේදන මාධ්‍යය බවට පත්ව තිබේ. එහෙත් ඔවුන් එම විශ්වසනීයභාවය ආරක්ෂා කරනවාද යන්න ගැටලු සහගතය.

එක්තරා හදිසි අවස්ථාවක රෝගියෙකු ගිලන් රථයකින් රැගෙන යෑමට සුදානම් වන  අවස්ථාවක, එය තාවකාලිකව නවත්වා සජීවී විකාශයක් සදහා අදහස් ලබාගන්නා නිවේදකයෙකු එක් රෑපවාහිනී නාලිකාවකදී නිරීක්ෂණය කළ හැකි විය. ආසාදිතයන්ගේ නම, ලිපිනය, ආගම ආදියත් මියගිය අයගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයත්, අසාදිතයන්ගේ පෞද්ගලිකත්වය හෙළිකරන තොරතුරැ අසීමාන්තිකව ප්‍රචාරය කිරීමත් නිසා, ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත ව්‍යාප්තියට ජාතිවාදී මුහුණුවරක් ලැබීමේ අවධානමක් ද මතුව තිබේ. මේ හේතුවෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අසාදිතයන්ගේ නම හා ජාතිය හෙළිදරව් නොකරන ලෙසත්, අවසන් කටයුතු වැනි දර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, එවිට අදාළ පුද්ගලයින්ගේ  නම් බොද කිරීම් සහිතව ප්‍රචාරය කරන ලෙසටත් ආදී වශයෙන් වූ කරැණු ගණනාවක් ඇතුළත් නිර්දේශ මාලාවක් නිකුත් කර ඇත. ඊට අදාළ නිල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම නිර්දේශ මාලාවට බාහිරව කටයුතු කිරීමෙන් ඇති විය හැකි බරපතලම අගතිය වන්නේ රෝගය ආසාදිත පුද්ගලයන් සමාජයෙන් කොන්වීමට ඇති බිය නිසා, නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොගෙන සැගවීමට උත්සහා දැරීම බවයි. ඉන් පැහැදිළි වන්නේ, ආචාරධාර්මික නොවන වාර්තාකරණයේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ  අවදානමක් පවා ඇති බවයි.

මේ සමස්තය තුළ පැහැදිළි වන්නේ, ශ්‍රී  ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ජනමාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති බවයි. අදාළ භූමිකාව මතුපිටින් හදුනාගැනීමේදී වුවද පැහැදිළිව නිරෑපණය වන්නේ  වසංගතය මැඩලීමට එය දක්වන දායකත්වයයි. එහෙත්, තම කාර්යය නිවැරදිව හදුනාගෙන නිසි තක්සේරැවකින්  කටයුතු නොකළහොත්, මාධ්‍ය භූමිකාව වසංගත ව්‍යාප්තියට ද හේතුවිය හැකිය. එබැවින් වසංගත අවස්ථාවක සෞඛ්‍ය  සන්නිවේදනය යනු දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් බව වටහාගෙන, එහි නිසි පැත්ත නිසි ලෙස භාවිත කිරීම කළ යුතු වන අතර, ශ්‍රී ලංකාවේ බහුතර මාධ්‍ය, විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය එම තත්වය වටහාගෙන කටයුතු කිරීම කාලීනව අතිශයින් වැදගත් වේ.

(විරන්ජන හේරත් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ දර්ශණසූරි උපාධි අපේක්ෂකයෙකි. ඔහු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර දහයකට අධික අත්දැකීම් ඇත්තෙකි)

Total
16
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි. අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක්…
වැඩි විස්තර පරිශීලනයට