‘විකල්පය’ ද විකල්පය ද?

~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

මෙම කෙටි ලිපිය  අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ්  අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’ යන මැයෙන් ලියූ ලිපිය මගින් ඉස්මතු කරන කරුණු පිළිබඳව සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් ලියවෙන්නකි.

ශ්‍රී ලංකාවේ ‘විකල්ප දේශපාලන’ ප්‍රවණතා පිළිබඳව අනුෂ්කා කහඳගමගේ විසින් සිදු කරන සියුම්  නිරීක්ෂණ මෙන් ම  විවේචන ද සමකාලීන මොහොත අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. විකල්ප දේශපාලනය පිළිබඳ  සිදුකරන විවේචන, අධිපති දේශපාලන කතිකාව විවේචනය කිරීමට වඩා ප්‍රහාරයන් ට ලක් විය හැකි ක්ෂේත්‍රයක් බව කිව මනාය. වරෙක මෙරට සිනමා විචාරකයෙක්‌  විසින් සිනමා පටයක් විචාරය කළ පසු,  එම සිනමා පටයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, ‘ඔබ මීට වඩා හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළහොත් මා ඔබේ විචාරය පිළිගන්නම්’ යනුවෙනි. විකල්ප දේශපාලනයේ විරුද්ධභාසයන් හෝ ගැටලුකාරී තැන් විවේචනය කරන අයෙකුට ද ඉතා පහසුවෙන් එල්ල කල හැකි විවේචනය නම් ‘ඔබ මොනවාද කරලා තියන්නේ’ වැන්නකි. එවැනි අවස්ථා අප මෑත කාලීනව ඔනෑතරම් දැක ඇත. කෙසේනමුත්, කහඳගමගේ විසින් මතු කරන කරුණු පිළිබඳ සාධනීය කතිකාවක් වෙසෙසින්ම අවැසි මොහොතක් ලෙස තත්කාලීන මොහොත දැක්විය හැකිය.

මෙරට මෑතකාලීන දේශපාලනය නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ, විකල්ප දේශපාලනය යන අදහසම ඉතා සංකිර්ණව තේරුම් ගත යුතු එකක් බවයි. දේශපාලනය බලය සහිත අවස්ථාවල ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමග සමපාත වී, බලය නොමැති තැන විකල්පයේ පෙර ගමන්කරුවන් වූ පුද්ගලයන් පිළිබඳව උදාහරණ එමටය. නූතන මහජන අවකාශය තුළ විකල්ප දේශපාලන මත දැරීම නිසා හිමිවන සමාජ ප්‍රාග්ධනය නිසාම පවතින විකල්ප මතධාරීන් හා කණ්ඩායම් ද පවතින බව  අමතක නොකළ  යුතුය. විකල්පය සහ විකල්ප නොවන (ප්‍රධාන ධාරාවේ) දේශපාලනය අතර තිබූ රේඛාව මේ වන විට බොඳ වී තිබේ. එනිසා අප විකල්ප දේශපාලනය ලෙස දකින්නා  වූ බොහෝ මැදිහත්වීම් පවතින්නේ, ප්‍රධාන ධාරාව නමැති අනෙකාගේ පැවැත්මට සාපේක්ෂවය.

මෙරට විකල්ප දේශපාලනයේ කල්ලිවාදී  ස්වරූපය පිළිබඳව කහඳගමගේ මතු කරන කරුණ අපට දේශපාලනය තුළ පමණක් නොව, කලා හා සංස්කෘතික කව තුළ  පවා ඉතා ප්‍රබලව දක්නට ලැබෙන්නකි. මෙය වඩාත් හොදින් විද්‍යාමාන වන්නේ ‘විකල්ප’ කණ්ඩායම්වල සමාජ මාධ්‍ය භාවිතය තුළය. ගෝලීය විමුක්ති දේශපාලනයක් පිළිබඳව කටයුතු කරන යම් පිරිස් ස්වකීය සමාජ මාධ්‍ය අවකාශ ඉතා හිංසනීය  ලෙස  භාවිත කරන ආකාරය දක්නට ලැබේ. තමන්ට විරුද්ධ මත දරන්නන් සමග සංවාදය කෙසේ වෙතත්, දේශපාලනිකව යම් සමාන අදහස් දරන පිරිස් පවා බහිෂ්කරණය  කෙරෙන ආකාරයක් දක්නට ලැබේ. තමන්ට වඩා වෙනස් දේශපාලන මත දරන්නන්ට එරෙහිව බලමුළු ගැන්වෙන මෙවැනි කණ්ඩායම් තුළ දක්නට ලැබෙන ගෝත්‍රවාදී ලක්ෂණයක් නම්, කොන්දේසි විරහිතව ස්වකීය සාමාජිකයන්ගේ අගතිගාමී ක්‍රියා වෙනුවෙන් පෙනී සිටීමයි.

කහඳගමගේ සිය ලිපියෙන් මතු කරන  තවත් කරුණක් නම්, විකල්ප කණ්ඩායම්වල ට සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැති අතර, විකල්ප කණ්ඩායම් අයත්කරගෙන තිබෙන  දේශපාලන ජයග්‍රහණ ද  ඉතාම අල්ප බවයි. මෙහිදී මෙහිදී මා කහඳගමගේ සමග එකඟ නොවන්නේ, කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න නම්, අප  විකල්ප යයි හඳුන්වන දේශපාලනයේ නිරත බොහෝ දෙනකුට යහපත් සමාජයක් පිළිබඳව සිහිනයක් තිබේ. ඔවුන් ඒ වෙනුවෙන් විශාල  කැපකිරීමක් ද සිදු කරයි. එහෙත් භාවිතයේ ඇති ගැටලුකාරීත්වය නිසාම සිය සීමිත කව තුළ  අමන්දානන්දයට පත්වනවා හැරෙන්න වඩා යමක් සිදුව නොමැත. එමෙන්ම, විසඳුම් සෙවීම මූලධාර්මිකව ම ගැටළුවක් බවට පත්වන්නේ, විකල්පය ද මූලික ප්‍රශ්නයේම  පාර්ශවකරුවෙක්  වන බැවිනි.

දෙවැන්න නම්, සමකාලීන සමාජ පර්යාය තුළ විකල්පයට දේශපාලන ජයග්‍රහණ  ලැබීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ, විකල්පයේ දේශපාලන ජයග්‍රහණ මොනවා ද යන්න විමසීමට වඩා, විකල්ප දේශපාලනය කෙතරම් ප්‍රජාතන්ත්‍රීය හා මානවවාදී ප්‍රවේශයකින් ක්‍රියාත්මක වනවා ද යන්න සොයාබැලීමයි. විකල්ප දේශපාලනයට ඉදිරිය පිළිබඳව සුභවාදී බලාපොරොත්තුවක් ඇතිකරගන හැක්කේ එවැනි පුළුල් දැක්මකින් හා  ප්‍රවේශයකින් පමණි.

ලංකාවේ විකල්ප දේශපාලන ව්‍යාපාර හා ප්‍රවණතා  නිසා විශාල දේශපාලන පරිවර්තන සිදු නොවුන ද දැනුම සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොතකා හැරිය නොහැකිය. පසුකාලීනව ඇතිවූ බෙදීම් නිසා කුමන තත්ත්වයන් ඇති වුව ද, ‘X කණ්ඩායම’  සිදු කළ මැදිහත්වීම මෙරට දැනුම පිළිබඳව ප්‍රභූ කතිකාවට විශාල අභියෝගයක් එල්ල කළේය. වර්තමානයේ පවා වාමවාදී නැඹුරුවක් ඇති පිරිස් අන්තර්ජාලය ඔස්සේ කාලීන බුද්ධිමය කතිකාවන් පවත්වාගෙන යන ආකාරයක් දක්නට ලැබේ. මෙහිදී වැදගත් වන්නේ, එම සංවාද හැකිතාක් ජනතාව අතරට ගෙන යා හැකි සංවාදමය භාෂාවක් භාවිතා කිරීමයි. යම් දාර්ශනිකයකුගේ නම උච්චාරණය කරන්නේ කෙසේ ද යන්න හෝ දාර්ශනිකයන්ගේ දැනුම තම දේශපාලන බූදලයක් බවට පත් කරගැනීමට හෝ වඩා පුළුල් තලයකට විකල්ප දේශපාලන සංවාද ගෙන ඒම මේ මොහොතේ ඇති කේන්ද්‍රීය අවශ්‍යතාවකි. 

කහඳගමගේ සිය ලිපියෙන් මතු කරන තවත් කරුණක් නම්, හතු පිපෙන්නා සේ විවිධ අවස්ථාවල මතුවන ප්‍රශ්න මත පදනම් ව බිහිවන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති සීමාවන්ය. මෙය එක අතකින් යම් පුද්ගලයන් හා කණ්ඩායම් සිය විකල්ප දේශපාලන අනන්‍යතා නඩත්තු කරගැනීමේ ම දිගුවක් ලෙස දැක්විය හැකිය. කෙසේ නමුත්, විවිධ අවස්ථා මත බිහිවන ව්‍යාපාරයන් ට බලපෑමක් ඇති කළ නොහැකි බවක් මින් නොකියවේ. උදාහරණයක් ලෙස, වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ යම් විකල්ප කණ්ඩායම් විසින් සිදු කළ දේශපාලන මැදිහත්වීම මෙන්ම ක්ෂුද්‍ර මූලය ණය ගැටලුව සම්බන්ධයෙන් සිදු කළ මැදිහත්වීම් ඒ මොහොතේ  සිදු විය යුතුව තිබුණකි. නමුත් මෙහිදී වැදගත් වන්නේ, මෙම මැදිහත්වීම් සිය ක්ෂුද්‍ර කණ්ඩායම්වලින් ඔබ්බට ගොස්, බහුතරයකට සම්බන්ධ විය හැකි ආකාරයේ ප්‍රජාතන්ත්‍රීය හා විකල්ප අවකාශ බවට පත් කරගැනීමයි.

මේ මොහොතේ වැදගත් වන්නේ, විකල්ප කණ්ඩායම් සෙසු විකල්ප කණ්ඩායම්වල ට එරෙහිව සිදු කරන විකල්ප දේශපාලනයකට වඩා, ප්‍රධාන ධාරාවේ අධිපති කතිකාවට අභියෝග කළ හැකි, හුදු බහිෂ්කරණය වෙනුවට අනෙකා දිනා ගැනීම අරමුණු කොට ගත් දේශපාලනයකි.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට