ශ්‍රී ලංකාවේ පෘතුගීසි යුගය පිලිබඳ කියවීමක්

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia. ((වි)සම්බන්ධිත අධිරාජ්‍යය: අධිරාජ්‍යවාදී පෘතුගාලය, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා ආසියාවේ හැබ්ස්බර්ග් ආක්‍රමණයක නිර්මාණය). සොල්ටාන් බීඩර්මන්. ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2018. පිටු: 255. ISBN: 9780198823391, doi: 10.1017/S002191181900233X (රෙදි කවරය සහිතව). 

___________

විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලය
පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතිය මගින් සොල්ටාන් බීඩර්මන් ගවේෂණය කරන්නේ අධිරාජ්‍යවාදී පෘතුගාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ රාජ්‍ය තාන්ත්‍රික සහ වානිජ සබඳතාව ආක්‍රමණයක් දක්වා වර්ධනය වූ අයුරු ය. මෙහි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඔහු හඳුනා ගන්නේ ස්පාඤ්ඤ හැබ්ස්බර්ග්වරුන් විසින් 1580 වසරේ දී මුල පුරන ලද ස්පාඤ්ඤ හා ප්‍රතුගීසි රාජ්‍යයන් අතර ඇතිකර ගත් රාජවාංශික සංධානයයි. කෘතිය එක් අව්‍යාජ හා සරල ප්‍රශ්නයකට පිළිතුරු දීමට උත්සහ කරයි. ඒ, ‘ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ කුමක් නිසාද සහ කෙසේ ද?’ යන ප්‍රශ්නයයි. පොතේ අඩංගු පරිච්ඡේද අට යටත්විජිත ආක්‍රමණයේ ව්‍යුහය පිළිබඳ අංග සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.

කෝට්ටේ යුගයේ ප්‍රභූ දේශපාලනය පිළිබඳව මනා අවබෝධයක් ප්‍රදර්ශනය කරන බීඩර්මන්, “ඛන්ඩිත, බහු-කේන්ද්‍රීය රාජධානිවලින්” (2018: 60) සැදුම්ලත් දේශීය සන්දර්භය පාඨකයාට දක්ෂ ලෙස විස්තර කර දෙයි. එම කාලයේ, කෝට්ටේ දිවයිනේ තිබූ බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණි. කෝට්ටේ රජු වෙනත් රාජධානිවලින් කප්පම් අය කළ චක්‍රවර්ති කෙනෙකු ලෙස ස්ථාපිත වී සිටි අතර, ඒ අනෙකුත් රාජධානි මෙකී බැඳීම් මග හැරීමට  නිරතුරුවම උත්සාහ කළේ ය. මෙම පොත අවසන් වන්නේ 17 වන ශතවර්ෂයේ පළමු දශකයේදී දෙවන ෆිලිප් විසින් දිවයින ආක්‍රමණය කිරීම විස්තර කිරීමත් සමගිනි.

ක්‍රමක්‍රමයෙන් සිදු වූ අපසාරිතාවන් (divergence) ආක්‍රමණයක් කරා වර්ධනය වූ අයුරු පිළිබඳ බීඩර්මන්ගේ තර්කය ටිකිරි අබයසිංහ හා චන්ද්‍ර රිචර්ඩ් ද සිල්වාගේ ආරම්භක කෘති මත මෙන්ම ඇලන් ස්ට්‍රැතර්න්ගේ විශිෂ්ට වඩාත් මෑතකාලීන දායකත්වය මත ද ගොඩනැගුණකි.1  ඔහු පෘතුගීසීන්ගේ පැමිණීම ආක්‍රමණයම අරමුණු කරගත් දේශගවේෂණයක් ලෙස දකින ජාතිකවාදී ඉතිහාසවේදී සම්මුතියට, පුද්ගලයන් නම් නො කරමින්, අභියෝග කරයි.2  බීඩර්මන් තර්ක කරන්නේ, පෘතුගීසීන්ගේ අධිරාජ්‍යවාදී අභිලාෂ අධිතක්සේරු කිරීමේ ප්‍රවණතාවලට ප්‍රතිවිරුද්ධ වන මුල් නූතන යුගය පිළිබඳ සංශෝධනවාදී ඉතිහාසයක් ලිවීම තුළින් “හරවත් වියමන් රැසකින්” යුත් අතීතයක් ග්‍රහණය කරගැනීමට හැකිවන බවයි. මෙය සිදු කරනු ලබන්නේ සන්ජේ සුබ්‍රමනියන් විසින් මුලපුරණ ලද ‘සම්බන්ධිත ඉතිහාසයේ’ (connected history) මූලධර්ම බාරගැනීමෙනි.3 බීඩර්මන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයක් නොව, 1500 ගණන්වල තිබූ අන්තර් සම්බන්ධිත ලෝකය පිළිබඳ ආවර්ජනයකි. ඒ අනුව, මෙහිදී ආක්‍රමණයක් සිදු වුව ද, එසේ සිදුවන්නේ යම් එකඟතාවක් නැතහොත් සම්මේයතාවක් (commensurability) විසින් විවිධ පාර්ශ්ව අතර සංවාදය සඳහා ද අවකාශයක් තිබූ කාල පරිච්ඡේදයකින් පසුව ය.

පොතේ පළමු භාගයේ, බීඩර්මන් යෝජනා කරන්නේ ඇතැම් අදහස් සහ ඒ වටා බැඳුණු දේශපාලන ව්‍යවහාරයන්, විශේෂයෙන්ම අධිරාජ්‍යය යන විශ්වීය අදහස සහ “පාලනය කරන ලද ගැටුම” (contained conflict) (2018: 22) යන සංකල්පය, විවිධ පාර්ශ්ව විසින් සම්මේය ලෙස සැලකුණ ද, විසංවාදී අවස්ථාවන් ද විරෝධතාවන් ද මතු වූ බවයි.  පෘතුගීසීන් ලංකාවේ ප්‍රාදේශීය රජවරුන් අතර සිදු වූ බල අරගලවල පැටලුණේ බල තණ්හාවෙන් යුත් දේශීය ප්‍රභූන්ගේ ක්‍රියාවන් තුළින් බව ඔහු නොපැකිලී ප්‍රකාශ කරයි. එවකට රටේ ආධිපත්‍යය දැරූ කෝට්ටේ රජවරුන්ට රයිගම හා සීතාවක යන රාජධානිවලින්  රාජ්‍යත්වය සඳහා තරඟකළවුන් බලවත් වීම වැළැක්වීම සඳහා බාහිර වෙළඳාම හා හමුදා සම්පත් ද ලබා ගැනීම අවශ්‍ය විය. එනිසා ඔවුන්ට අධිරාජ්‍ය කේන්ද්‍රය මත යම් පාලනයක් ඇති කරගැනීමට අවශ්‍ය විය. මෙය අසාමාන්‍ය චර්යාවක් නොවේ. විදෙස් රාජධානිවලට කප්පම් ගෙවීම අතීතයේ සිටම සුපුරුදු ක්‍රියාමාර්ගයක් වූයේ, 14 වන සියවසේ සිටම පාලකයන් චීනයටත් දකුණු ඉන්දීය රාජධානිවලටත් කප්පම් ගෙවා තිබූ නිසා ය.

පොතේ හයවැනි පරිච්ඡේදයෙහි, 1557 වසරේ කතෝලික ආගම වැළඳගෙන බෞතීස්මය ලැබූ කෝට්ටේ ලාබාල රජෙකු වූ ධර්මපාල පිළිබඳ පුවත නැවත ඉතා ආකර්ෂණීය ලෙස විස්තර කරයි. මෙම සිදුවීම ආගමික විශ්වාසය මත පදනම් වූවක් නොව, දේශපාලන අරමුණු මත තීරණය වූවකි. මෙම සිද්ධිය වැදගත් ප්‍රතිවිපාක දෙකක් ඇති කළේ ය: ඉන් එකක් වූයේ, සිංහලයින් අතර අමනාපයක් ඇති කිරීම වූ  අතර, එය අවසන් වූයේ බෞද්ධ භික්ෂූන් තිස් නමක් ඝාතනයට ලක් කළ කෝලාහලයකිනි. තව ද ඉන් රාජධානිය තුළ කතෝලිකයන්ගේ උන්මූලකරණයට (radicalization) තුඩු දුන් අතර, මෙ මගින් බෞද්ධ විහාර ගණනාවක් විනාශයට පත් වුණි. මෙම කැලඹීම මධ්‍යයේ, 1580 වසරේ සිදු වීමට නියමිතව තිබූ කෝට්ටේ රාජධානියේ පරිත්‍යාගය සඳහා අවැසි සන්දර්භය සැකසෙමින් තිබුණි. එනම්, ධර්මපාල රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය පෘතුගාලයේ රජුටත් ඔහුගේ උරුමක්කාරයන්ටත් භාර දීම සඳහා පදනම සැකසීමය.  “ශ්‍රී ලංකාව සම්පූර්ණ හා නීත්‍යානුකූල ලෙස අයිබීරියානු අධිරාජ්‍යයට ඒකාබද්ධ කරවීමට” (2018: 160) මෙම පරිත්‍යාගය සමත් වුණි. බීඩර්මන් කියා සිටින්නේ, මෙම ක්‍රියාව සීතාවක රාජධානියේ ව්‍යාප්තිය නැවැත්වීමේ අරමුණින් සිදු වූවක් බවයි. එහෙත්, පෘතුගීසීන් මෙය තේරුම් ගත් ආකාරය අනුව, කප්පම් ගෙවීම් මත පදනම් වූ පැරණි ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවට, දිවයිනේ ස්වෛරීභාවය පෘතුගාල රජුට පවරා දීම දිවයිනට සහනයක් විය. මෙසේ මෙම ‘ක්‍රීඩාවේ’ නීතී රීති යළි අර්ථ දැක්වීම මගින් ස්වාභාවිකවම ආක්‍රමණය සඳහා මග පෑදුණි.

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතියේ විෂය පථය ඉතා පුළුල් බැවින්, ගෝලීය ඉතිහාසය යන රාමුවට එය මනා ලෙස අනුකූල වේ. ඉතා සැලකිලිමත් ලෙස කරන ලද පර්යේෂණයක් වන මෙහි, බීඩර්මන් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර, දේශපාලන ලිපි, සිතියම් සහ කලා වස්තු ඇතුළු පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගනියි. එනමුත්, දේශීය කටහඬවල් නම් මෙහි නිහඬ වී ඇත. ඇතැම් විට, කවියෙකු, නඩු කාරයෙකු හා සිවිල් සේවකයෙකු වූ, සිංහල රජුගේ රාජසභාවේ මෙන්ම පෘතුගීසී පාලකයන් යටතේ ද සේවය කළ අලගියවන්නගේ කාව්‍ය කෘති ද පරීක්ෂා කර බැලුවේ නම්, යටත්විජිත මූලාශ්‍ර ඔස්සේ පමණක් කියන ලද මෙම කතාන්දරයට වෙනත් කෝණයකින් ප්‍රවේශයක් ද එකතු කරගැනීමට බීඩර්මන්ට හැකි වන්නට ඉඩ තිබුණි.4 

බීඩර්මන්ගේ ලේඛනය මගින් ඥානාලෝකයක් සපයනවා වෙනුවට සිදුවන්නේ කියා දීමකි (explanation). පාඨකයා වෙනුවෙන් අතීතයේ පැවති ලොවක් හා කාලයක් ප්‍රතිනිර්මාණය කරනු වෙනුවට සිදුවන්නේ එය අර්ථකථනය කරන ආකාරය විස්කර කිරීමය. ඒ අනුව ඔහුගේ රචනයේ හිස් තැන් බොහොමයක් ඉතිරි වේ. උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කතාවේදී එතරම් බලවත් නොවූ පුද්ගලයින්ගේ බෙහෙවින් වැදගත් වූ භූමිකාව මග හැරේ. මෙනිසා, පොතෙහි ගෝලීය ඉතිහාසය, විශ්වදේශවාදය සහ අධිරාජ්‍යය පිළිබඳ යාවත්කාලීන න්‍යායාත්මක නියැලීම් තිබියදීත්, එහි යම් යල් පැන ගිය ගතියක් ද නැතුවා නොවේ. ඒ අනුව, පෘතුගීසීන් ‘අධිරාජ්‍යවාදීන් ලෙස හැසිරීමට පසුබට වූ කණඩායමක්’ ලෙස අර්ථකථනය කර ඇති මේ කෘතිය, එතරම් ප්‍රසිද්ධ නොවූ සිදුවීම්වලට නොවැදගත් ස්ථානයක් නොව කේන්ද්‍රීය ස්ථානයක් ලබා දුන්නේ නම්, මේ කෘතිය බෙහෙවින් වෙනස් කෘතියක් ලෙස අපට පරිකල්පනය කිරීමට පුළුවනි. මෙවන් අප්‍රකට නමුත් වැදගත් සිද්ධීන් සහ ප්‍රවණතා සඳහා නිදසුන් ලෙස 1551 වසරේ දළඳා මාලිගය මංකොල්ල කෑම, කුලය සහ ශ්‍රමය යන සංස්ථා ද්විත්වයෙහි පරිවර්තනය වෙමින් පැවති ව්‍යුහය, ජන වර්ගය (race/පෘතුගීසි බසින්, raça) යන අදහසේ උපත ආදිය දැක්විය හැක. එහෙත්, මේවා බීඩර්මන්ගේ කථාව තුළ හුදු සේයා මාත්‍රයක් පමණි.  

කෘතිය සමග මට තිබෙන මෙවැනි කුඩා ගැටළු පසෙකලා කිව හැක්කේ (Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia ඇගයිය යුතු, විචක්ෂණශීලී කෘතියක් බවත්, බර භාෂා විලාශයකින් යුතුමුත්, මැනැවින් තර්ක කරන ලද කෘතියක් ද බවයි. බීඩර්මන් දක්ෂ ලෙස විග්‍රහ කරන මෙම සංකීර්ණ, එකිනෙක හා පැටළුණු ඓතිහාසික මාවත් ඔස්සේ ඔහු හා ගමන් කිරීමට කැමැති, ගෝලීය ඉතිහාසය, ආසියානු සබඳතා හා යටත්විජිතවාදය පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂඥ පාඨකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් විශිෂ්ට කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.

පසු සටහන්

  1. Tikiri Abeyasinghe, Portuguese Rule in Ceylon, 1594–1612 (Colombo: Lake House, 1966); Chandra Richard de Silva, The Portuguese in Ceylon, 1617–1638 (Colombo: H. W. Cave, 1972); Alan Strathern, Kingship and Conversion in Sixteenth-Century Sri Lanka: Portuguese Imperialism in a Buddhist Land (Cambridge: Cambridge University Press, 2007).  
  2. පෘතුගීසී පාලනය පිළිබඳ තිබෙන ජාතිකවාදී ඉතිහාසවේදයෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ ජනප්‍රිය ඉතිහාසය යන කාණ්ඩයට වන අතර, ඒවා යැපෙන්නේ පෘතුගීසි මූලාශ්‍රවල පරිවර්තන මත ය. බලන්න: C. Gaston Perera, The Portuguese Missionary in 16th and 17th Century Ceylon: The Spiritual Conquest (Colombo: Vijitha Yapa, 2009).  
  3.  Sanjay Subrahmanyam, ‘Connected Histories: Notes towards a Reconfiguration of Early Modern Eurasia, Modern Asian Studies 31, no. 3 (1997): 735–62.  
  4. බලන්න: Stephen C. Berkwitz, Buddhist Poetry and Colonialism: Alagiyavanna and the Portuguese in Sri Lanka (Oxford: Oxford University Press, 2013).  

(මෙම විමර්ශනය මුලින්ම පළකරන ලද්දේ The Journal of South Asian Studies සාර-සංග්‍රහයේ 79 වන වෙළුමේ පළමුවැනි කොටසේය  (පෙරවාරි 2020). එය පඨිත සංග්‍රහයේ පළකිරීමට අවසර දීම සම්බන්ධයෙන් පඨිත සංස්කාරක මණඩලයේ ස්තූතිය මහාචාර්ය නිරා වික්‍රමසිංහ වෙත හිමිවේ. රූපය ‘අමෙසින්ග් ශ්‍රී ලංකා’ බ්ලොග් අඩවියෙනි) 

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

උඩරට රාජධානියේ සමාජ-සංස්කෘතික අතීතය පිළිබඳ කියවීමක්

Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 195. ISBN 978-955-7743-060-6. මිල: ශ්‍රී ලාංකේය රුපියල් 1, 200.00 (මෘදු කවරය සහිතව). ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය ගනණාත් ඔබේසේකර විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පළකරන ලද කෘති දෙකෙන් නවතම කෘතිය වන්නේ Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තත්කාලින ශ්‍රී ලාංකේය කලා භාවිත ඔස්සේ ජෝර්ජ් කීට් කියවීම

Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය). යශෝධරා දල්මියා. නව දිල්ලිය: රව්ට්ලෙජ්, 2017. පිටු: 216. ISBN 978-1-138-03814-1. මිල: ඉන්දියානු රුපියල් 795.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: අනෝලි පෙරේරා අතිශයන් වැදගත් 20 වන සියවසේ චිත්‍ර ශිල්පියෙකු වන ජෝරජ් කීට් පිලිබඳ යශෝධරා දල්මියාගේ කෘතිය ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වන්නේ එවැනි පුළුල් බුද්ධිමය උත්සාහයක් ඔහු ජීවත් වූ ශ්‍රී ලංකාවේද බෙහෙවින් විරල බව සැලකිල්ලට ගත් විටය. මා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ  පුලුල් කියවීමක් 

Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World (ජාතියෙන් ගලවා ගත් පසු:  අනගාරික ධර්මපාල සහ බෞද්ධ ලෝකය). ස්ටීවන් කෙම්පර්. චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2015.  පිටු: 368. මිල; අමෙරිකානු ඩොලර් $69.95 (ඝන කවරය සහිතව). ISBN 9780226199078 ___________ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය  ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ පසුබිමක හැදී වැඩුන අයෙකුට අනගාරික ධර්මපාල තුමා ( 1864-1933) කිසිවිටෙකත් මගහැරිය හැකි චරිතයක් නොවේ.  අප සියලු දෙනාම දෛනික සමාජානුයෝජනය තුළින් මැනවින් ඉගෙනගෙන ඇති පරිදි, එතුමා ශ්‍රී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල ගීතයේ හා කාව්‍යයේ දේශපාලනය

Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය). ගැරට් ෆීල්ඩ්. ඕක්ලන්ඩ්: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 213. ISBN: 9780520294714 (මෘදු කවරය සහිතව). ඇමරිකානු ඩොලර් $34.95. doi: 10.1525/luminous.27   විමර්ශනය: ප්‍රවීන් තිලකරත්න, ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය සිංහල ජනප්‍රිය ගීයේ රසිකයන්ට මෙන්ම එහි ඉතිහාසය, රසාස්වාදය හා විචාර කලාව හදාරන්නන්ට ගීයක පදවල ඇති වැදගත්කම මෙන්ම ගී පද හා කාව්‍යය අතර ඇති සමීප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අතීතය පිලිබඳ දේශපාලනය

දේවසිරි, නිර්මාල් රංජිත්. ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක්. දෙහිවල: විදර්ශන. 2019. ISBN -978-624-5084-17-4, පිටු: 269. මිල රුපියල් 950.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: සමල් විමුක්ති හේමචන්ද්‍ර ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව දෙස්විදෙස් ශාස්ත්‍රඥයන් විසින් 90 දශකයෙන් මෙපිටට ලියා ඇති ශාස්ත්‍රීය ලේඛන පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී අපට මඟ නොහැර යා නොහැකි යථාර්තය වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන් ලියැවී ඇති ලේඛනවල ඇති සාපේක්‍ෂ ගුණාත්මකභාවය සහ සිංහල භාෂාවෙන් ඇති ලේඛනවල සාපේක්‍ෂ දරිද්‍රතාවයයි. විශේෂයෙන්ම අන්තර්ජාතික දැනුම් පද්ධතිය තුළ වර්ධනය වූ ව්‍යුහවාදය, පශ්චාත්ව්‍යුහවාදය,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්

The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්). හර්ෂන රඹුක්වැල්ල. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය, 2018. පිටු: 178. ISBN: 978-1-78735-128-8. මිල: පවුම් 35.00 (ඝන කවරය සහිතව); පවුම් 15.00 (මෘදු කවරය සහිතව). කෘතියේ පී.ඩී.එෆ් පිටපතක් මේ පිවිසුම ඔස්සේ නොමිලේ ලබාගත හැක. ___________ විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය ජාතිකත්වය, ජාතිකවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය වැනි සංකල්ප ශ්‍රී ලාංකේය අධ්‍යයනික ප්‍රජාවට ආගන්තුක සංකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොන්ටෙන් මෙයසූ සිංහලෙන් කියවීමේ උත්සාහයක්

පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්. කොන්ටෙන් මෙයසූ (Quentin Meillassoux විසින් රචිත After Finitude: An Essay on the Necessity of Contingency කෘතියේ සිංහල පරිවර්තනය. පරිවර්තක: වංගීස සුමනසේකර). කොළඹ: තීර්ථ ප්‍රකාශන, 2019. පිටු 360. මිල: රුපියල් 700.00. ISBN 978-955-4940-03-1. ———- විමර්ශනය: රංග මනුප්‍රිය දාර්ශනික කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම බොහෝ විට පරිවර්තකයාට, ප්‍රබන්ධ රචනාවක් පරිවර්තනය කරන තරම් පහසු කටයුත්තක් නොවීමට ඇති ඉඩ වැඩිය. අනෙක් අතට, මෙරට දාර්ශනික සාහිත්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසක් හඳුනා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මානව විද්‍යා පෙළපොතක් පිළිබඳ පසුවදන​ක්

Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත) රැ අමෙරිකානු ඩොලර් 80.00 (විද්‍යුත් පිටපත). ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය මා මහාචාර්ය ආරී ආරියරත්නගේ Key Concepts of Cultural Anthropology යන මානව විද්‍යා පෙළපොත කියවූයේ එවන් කෘතියක් බොහෝ කලකින් කියවා නැති සංදර්භයක් තුළය. ශාස්ත්‍රීය හා ශාස්ත්‍රාලයීය කතිකා තුළ පෙළපොතක් විමර්ශනය කරන අවස්ථා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සහ උතුරුකරයේ ‘ගෙදර’ පිලිබඳ හැඟීම

In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය). ශාරිකා තිරාණගම. ෆිලඩෙල්ෆියාව: පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2011. පිටු 296. ISBN: 9780812222845. මිල: අමෙරිකානු ඩොලර් 29.95 (මෘදු කවරය සහිතව). විමර්ශනය: දියෝතිමා චත්තෝරාජ්, රුඅර් විශ්වවිද්‍යාලය, ජර්මනියපරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි ___________ උතුරේ ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ‘ගෙදර’ (home) යන්නට ලැබෙන ප්‍රතිවිරුද්ධ අර්ථ සමග මෙම කෘතිය සවිස්තරාත්මකව ගනුදෙනු කරයි. තිරාණගම මෙහිදී නිරූපණය කරන්නේ, යමෙකුගේ ගෙදර (ur,18 පිටුව) පිළිබඳව දැනගත හැකි දෑ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත් විජිත විරෝධී ජාකොබ් හාෆ්නර් ගේ උත්කෘෂ්ට ලෝකය). සිංගප්පූරුව: සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2020. පිටු 200. මිල: සිංගප්පූරු ඩොලර් 24.00. ISBN: 978-981-3250-82-6 විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Life Under the Palms යන මෙම කෘතිය  ජාකොබ් හාෆ්නර් නම් ජර්මානු සම්භවයක් සහිත ඕලන්ද ජාතික සංචාරකයාගේ…
වැඩි විස්තර පරිශීලනයට