ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ වේ. ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපද වැනි රටවල් ජනවාර්ගික, ආගමික ආදී පදනම් මත බහූත්ව ලක්ෂණ බොහෝමයක් පෙන්නුම්කරන සංකීර්ණ සමාජ වන අතර, ජපානය සහ අයිස්ලන්තය වැනි රටවල් මේ බහූත්ව සංකීර්ණත්වය සාපේක්ෂ වශයෙන් අඩු රටවල් බව පෙනේ. ලංකාව වැනි රටවල්, ඒවායේ බහූත්වවාදී සංකීර්ණත්වය අනුව ස්ථානගතවන්නේ මේ අන්ත දෙක අතරය. කෙසේ වෙතත්, තත්කාලීන සමාජ දේශපාලනික තත්වයක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ-සංස්කෘතික-වාර්ගික බහූත්වත්වය සාමාන්‍ය තත්ත්වයක් වන ලෙසින්ම, එය දිර්ඝකාලීන ඓතිහාසික යථාවක් ද වේ. මේ කෙටි ලිපියේ උත්සාහය අප රටේ බහූත්වවාදය පිළබඳ අතීතය තත්කාලීන මතකයට ගෙන ඒමය.  

පැරණි මූලාශ්‍ර

විවිධ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරුවලට අනුව, සංස්කෘතික, ආගමික හා ජනවාර්ගික බහූත්ව බව  අතීතයේ ද නොයෙකුත් යුගවලදී අප රටේ යථාර්ථයක් විය. ක්‍රි.පූ 3 සිට 1 වන සියවස් අතර කාලයේදී බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි, පෙළපත වැනි පරාමිතීන් මත පදනම් වූ කණ්ඩායම් අනන්‍යතා පිළබඳ සදහන් කර ඇත (ගුණවර්ධන 1990). මෙවැනිම අන්  ශිලාලේඛන මගින් ‘කබෝජ’, ‘මිලාක’ සහ ‘දමෙඩ’ යන කණ්ඩායම් හඳුනාගෙන ඇති අතර, ඒවා බොහෝ දුරට ගෝත්‍රික කණ්ඩායම් විය හැකිය (ගුණවර්ධන 1990). මෙම කන්ඩායම් නම් වශයෙන් සඳහන් කිරීමේ අවශ්‍යතාවයෙන් ඇඟවෙන්නේ එවකට සිටි දේශපාලන බලධාරීන් විසින් මෙම කණ්ඩායම් පැහැදිලිවම ස්වධීන කණ්ඩායම් ලෙස හදුනාගෙන තිබූ බවයි.

පොලොන්නරුව රාජධානියේ දේශපාලන බලය උච්චතම අවස්ථාවන්හි එහි නගර සැලසුම්කරණයේ ගතික දෙස බලන විට ද බහූත්වවාදය පිළබඳ බෙහෙවින් වැදගත් ඉඟි අපට ලැබේ. එහිදී ආගමික අන්‍යයන් ඉවසීම පිළිබඳ සිත්ගන්නාසුලු ප්‍රාරම්භක උදාහරණ සපයයි. පුරාණ අනුරාධපුර රාජධානියේ බෞද්ධ සංවේදීතාව  හා අනන්‍යතාව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වාර්තාවල පැහැදිලිව පෙනේ. මීට සාපේක්ෂව, පොලොන්නරුව සම්බන්ධයෙන් මෙම සංවේදීතාවයේ සියුම් හා සන්දර්භමය වශයෙන් වැදගත් වෙනස්කම් ඇති විය. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, එහි ආගමික බහූත්වවාදය  පිළිබඳ සංවේදීතාවක් පෙන්නුම් කරයි. නිදසුනක් වශයෙන්, කේන්ද්‍රීය බෞද්ධ විහාරස්ථාන සමඟම පොලොනරුව පැරණි නගරය  පුරා වැදගත් ස්ථානවල ශිව දේවාල ගණනාවක් පිහිටා තිබේ. පොලොන්නරුව මුලින්ම හින්දු පාලකයින් විසින් පිහිටුවන ලද නමුත්, එය පසුකාලීන බෞද්ධ රජවරුන් විසින් බලගතු දේශපාලන-සස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන ලද අතර, ඔවුන් එම ශිව සිද්ධස්ථාන දීර්ඝකාලීනව පවත්වාගෙන ගිය බව පැහැදිලිය. ඒවායේ නටබුන් වර්තමානය දක්වාම ආරක්ෂා වී තිබීමට එක් හේතුවක් වන්නේ මෙයයි. එමෙන්ම, අනුරාධපුර යුගයේ සදකඩපහන තුළ ගව රූපය ප්‍රධාන අංගයක් වූ නමුත්, පොලොන්නරුව යුගයේදී  එම ගව රූපය සඳකඩ පහනෙන් ඉවත් කරන ලදී. මෙයට හේතුව ‘නන්දි’ නමින් හැඳින්වෙන ගවයා ශිව දෙවියන්ගේ වාහනය යැයි විශ්වාස කිරීම හා මේ අදහසට ගරුකිරීමක් වශයෙන් විය හැකියි. මේ උදාහරණ දෙකම පොදුවේ බහූත්වවාදයේ පැහැදිලි සංකේත ලෙස පමණක් නොව, මූලික වශයෙන් බෞද්ධ සමාජ-දේශපාලන අවකාශයක් තුළ ශිව වන්ධනය සදහා නිදහස ලබාදීම ද පෙන්නුම් කරයි. 

ශිව දේවාලය අංක 2, පොළොන්නරුව

උඩරට රාජධානි යුගය

මෙවැනි උදාහරණ උඩරට රාජධානිය ආශ්‍රයෙන් ද අපට දැකගත හැක. විශේෂයෙන් පළමු  විමලධර්ම සූරිය (1591-1604) රජතුමාගේ සිට නරේන්ද්‍ර සිංහ (1707-1739) රජතුමා දක්වා කාලය තුළ උඩරට ප්‍රදේශය ආගමික විවිධත්වය හා ආගමික අයිතිය පිළබඳ අගනා උදාහරණ සපයයි. ඕලන්ද ඉතිහාසවේදියෙකු  හා දේවධර්මාචාර්යවරයෙකු වූ ෆිලිපස් බෝල්ඩියස් (1632-1672) සඳහන් කරන්නේ, විමලධර්ම සූරිය රජතුමා “සියලු ආගමික කණ්ඩායම්වල ආධානග්‍රාහී අදහස් සමච්චලයට ලක්කළ අතර, සෑම කෙනෙකුටම තමන්ගේ කැමැත්ත  අනුව තම ආගම ඇදහීමේ නිදහස ලබා  දුන්” බවයි (ඔබේසේකර 2020). මෙහි ඇති වැදගත්ම දෙය නම්, ඔහු ආගමික නිදහසට ඉඩ දී තිබූ  බව මෙවන් තත්කාලීන වාර්තා තුළින් පැහැදිලි වීමය. මේ තත්ත්වය එම කාල පරිච්ඡේදයේදීම ලියන ලද වෙනත් බොහෝ මූලාශ්‍රවලින් ද පැහැදිලි වේ. විමලධර්ම සූරිය රජතුමාගෙන් පසුව රජ වූ සෙනරත් (1604-1635) සහ දෙවන රාජසිංහ (1635-1687) යන රජවරුන් දෙදෙනා ද ලන්දේසීන්ගෙන් පීඩා විඳි කතෝලික සරණාගතයින්ට උඩරට රාජධානියේ ආරක්ෂාව හා පදිංචි වීමේ අයිතිය ලබා දුන් බව වාර්තා වී ඇත (ඔබේසේකර 2020).  

එමෙන්ම, මහාචාර්ය ගණනාත් ඔබේසේකෙර විසින් සිය The Many Faces Of The Kandyan Kingdomයන (2020) කෘතියෙන් පෙන්වාදෙන පරිදි,මුස්ලිම්වරුන් හාරදහසක් පෘතුගීසීන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් නෙරපා දැමූ විට, සෙනරත් රජු ඔවුන්ට ආරක්ෂාව ලබා දුන් අතර, පසුව ඔවුන්ව නැගෙනහිර වෙරළ තීරයේ උඩරට පාලනය යටතේ පැවති ප්‍රදේශවල පදිංචි කරවීය. බ්‍රිතාන්‍ය යටත් විජිත වාර්තාවල සඳහන් වන ආකාරයට, උඩරට  යුගයේ මෙන්ම,  1815 න් පසු රට සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් වූ කාලයේත් සිංහල සමාජයේ, ඉතාමත් දියුණු හා ආදර්ශවත් බහූත්වවාදයක් තිබුණි.  මෙය ශ්‍රී ලාංකේය සම්ප්‍රදායක් මිස, පිටින් පැමිණි දෙයක් නොවේ.  නිදසුනක් වශයෙන්, පෘතුගීසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශවල සිටි  මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කළ විට, ඔවුන් උඩරට රාජධානිය වෙත පලා ගිය අතර, එහිදී රජතුමා ඔවුන්ට පදිංචි වීමට අවසර දුන්නා පමණක් නොව, ඔවුන්ට ආගමික නිදහස ද  ලබා දුන්නේය (දේවරාජා 1988). මේ අනුව,  රිදී විහාරයට අයත් වූ රම්බුකන්දන ගම්මානයේ පදිංචි කළ සියලුම නිවැසියන් මුස්ලිම්වරු  වූහ. ඔවුන් පන්සලට ප්‍රවාහන සේවා සැපයූ අතර, ඒ වෙනුවට මෙම ජනතාවගේ ආගමික අවශ්‍යතා සපුරාලීම සඳහා මුස්ලිම් පූජකවරයෙකුට ප්‍රදේශයේ බෞද්ධ ඉඩම් හිමියා විසින් විශේෂයෙන් පිහිටුවන ලද  ගොවිපොලකින් ලැබෙන ආදායමෙන් උපකාර  කරන්නට පන්සල විසින් ඉඩ සලසා තිබුනි (දේවරාජා 1988) . මහාචාර්ය ලෝර්නා දේවාරාජා උඩරට රාජධානිය පිළබඳ ලියූ සිය ප්‍රසිද්ධ කෘතිය වන The Kandyan Kingdom of Sri Lanka මගින් තවදුරටත් පවසන්නේ, “… මේ අනුව, බෞද්ධ විහාරයකට අකමැත්තෙන් තොරව සේවය කරමින් මුස්ලිම් ගැමියන්  ජීවත්වූ  අතර, එම විහාරය තම ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජනයා සඳහා අඛණ්ඩව සහයෝගය දක්වූ” බවයි (දේවරාජා 1988). යටත් විජිත රජයේ Service Tenure Commission නැතිනම් ‘සේවා කාල කොමිසම’ විසින් 1870 දී මෙය විස්තර කලේ, ආගමික ඉවසීමේ ආදර්ශමත් උදාහරණයක් ලෙසයි (දේවරාජා 1988).

දෙවන විමලධර්ම සූරිය (1687-1707) සහ ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර සිංහ (1707-1739) යන රජවරුන්ගේ රාජ්‍ය කාලවලදී උඩරට රාජ්‍ය ප්‍රදේශය  තුළ ගෝවෙන් පැමිණි මිෂනාරිවරයෙකු වූ ජෝසෆ් වාස් පියතුමාට ලබා දී තිබුන නිදහසේ ගමන්බිමන් යාමේ හැකියාව හා ආගමික නිදහස අපට තේරුම් ගත හැක්කේ ද මෙම සන්දර්භය තුළ ය. මෙසේ කතෝලිකයන්ට ආරක්ෂාව දීම සඳහා මේ රජවරුන්  දෙදෙනාම දෙවන රාජසිංහ පාලන සමයේදී ලන්දේසීන් සහ උඩරැටියන් අතර අත්සන් කරන ලද ‘1638 සම්මුතියේ’ විධිවිධාන හිතාමතාම නොසලකා හැර ඇති බව පෙනේ. කතෝලික පූජකවරුන් උඩරට ප්‍රදේශවලින් නෙරපා හැරිය යුතු යැයි එම සම්මුතියේ තිබූ එක් කේන්ද්‍රීය කොන්දේසියක් විය (ඔබේසේකර 2020). Congregation of the Oratory යන කතෝලික නිකාය විසින් 1701 වසරේ ලියූ වාර්තාවක දෙවන විමලධර්ම සූරියගේ රජතුමාගේ දැඩි බෞද්ධ භක්තිය පිළිබඳව මෙන්ම, කතෝලික පූජකවරුන්ට පෙරහැර හා මංගල්‍ය වැනි ප්‍රසිද්ධ උත්සව පැවැත්වීමට එතුමා අවසර දී තිබීම ගැන ද සදහන් කරයි (ඔබේසේකර 2020).   එමෙන්ම, මහාචාර්ය ගණනාත් ඔබේසේකෙර විසින් සියThe Many Faces Of The Kandyan Kingdom යන කෘතියෙන් පෙන්වාදෙන පරිදි, මුස්ලිම්වරුන් හාරදහසක් පෘතුගීසීන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් නෙරපා දැමූ විට, සෙනරත් රජු ඔවුන්ට ආරක්ෂාව ලබා දුන් අතර, පසුව ඔවුන්ව නැගෙනහිර වෙරළ තීරයේ උඩරට පාලනය යටතේ පැවති ප්‍රදේශවල පදිංචි කරවීය (ඔබේසේකර 2020).

මේ උදාහරණ හුදෙක් රජවරුන් කිහිප දෙනෙකුගේ  අසම්මත ක්‍රියා නොවේ. මේවා අපට පෙනේනේ එම රාජධානියේ එකල පැවති ප්‍රතිපත්ති ලෙසිනි. සමකාලීන අර්ථයෙන් බහූත්වවාදයේ  ව්‍යාප්තිය  පිළිබඳ පැහැදිලි අදහසක් උඩරට රාජධානියේ  නාගරික අවකාශය තුළ දැකගත හැකි වූවා මෙන්ම එය එම කාලයේ දෛනික යථාර්ථයක් ද විය. 1600 ගණන්වල මුල් භාගයේ දී ලන්දේසි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජෝරිස් වැන් ස්පීල්බර්ගන්, පළමු විමලධර්ම සූරිය රජතුමා හමුවීමට ගිය අවස්ථාවේ  මෙසේ සඳහන් කරයි: “සිංහල වැසියන් අතර මුවර්වරු, තුර්කිවරු සහ වෙනත් විජාතික බොහෝ දෙනෙක් ජීවත් වෙති. බ්‍රාහ්මණයෝ ද විශාල සංඛ්‍යාවක් එහි සිටිති… ” (ඔබේසේකර 2020). එනම්,  විමලධර්ම සූරිය රජුගේ කාලයේ මහනුවරට පැමිණි විදේශීය සංචාරකයෙකුට පවා එහි පැවති බහූත්වවාදය ප්‍රායෝගික මට්ටමෙන් දැකගත හැකි විය.  ස්පීල්බර්ගන්ගේ නිරීක්ෂණවලින් කියැවෙන්නේ මෙම විවිධ පුද්ගලයින්ට “විශේෂ නීති” රීති තිබූ බවත්,  ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික භාවිත අන් අයගේ භාවිතයන්ට වඩා වෙනස් ලෙස පවත්වා ගත හැකිව තිබූ බවත්ය (ඔබේසේකර 2020). මෙය එකල උඩරට නාගරික අවකාශයේ සාමාන්‍යයෙන් හඳුනාගත හැකි ජන සංයුතිය  පිළිබඳ පැහැදිලිකිරීමක් නම්, රජවාසලේද මේ බහූත්වවාදී ලක්ෂණ මෙලෙසම  පිළිබිඹු විය. උදාහරණයක් ලෙස, ස්පීල්බර්ගන් තවදුරටත් සඳහන් කරන්නේ, ඔහුගේ මහනුවර සංචාරයේදී, ඔහුව රජ වාසල වෙත කැදවාගෙන යාම සඳහා 1000 ක පමණ සන්නද්ධ සොල්දාදුවන් පිරිසක් රජතුමා විසින් එවා තිබුණු බවත්, ඔවුන් තුර්කි, මුවර්, සිංහල, අප්‍රිකානු හා පෘතුගීසි හමුදාවෙන් පැන ආවුන් ආදී අනේකවිද ජනවර්ගයන්ගෙන් සමන්විත වූ බවයි (ඔබේසේකර 2020). 

පළමු විමලධර්ම සූරිය රජතුමා ජොරිස් වැන් ස්පීල්බර්ගන් මුණගැසීම

වර්තමානය

මා මෙතෙක් කෙටියෙන් විස්තර කළේ, ශ්‍රී ලංකාවේ අතීතයේ විවිධ කාල පරිච්ඡේදවල පැවති,  අද දින අප බහූත්වවාදය සහ අන්‍යයන් ඉවසීම ලෙස හඳුන්වන භාවිත පිළිබඳ ඉපැරණි උදාහරණ කිහිපයක් පමණි.  අවාසනාවකට මෙන්, අපගේ සාමූහික සංස්කෘතික  භාවිතයන්ගේ සහ උරුමයන්ගේ අනිවාර්ය අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති  බහූත්වවාදය සහ අන්‍යයන් ඉවසීම ක්‍රියාත්මක වූ ආකාරය පෙන්නුම් කරන ඉහත සඳහන් කළ ආකාරයේ උදාහරණ අද බොහෝ දෙනාට අමතක වී ගොස් ඇත. එවැනි මතකයන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන කතිකාවේ කොටසක් ද නොවන අතර, අපගේ සිසුන් පාසල්වල දැනට ඉගෙන ගන්නා විධිමත් ඉතිහාස පාඩම්වල වැදගත් කොටසක් ද නොවේ. මෙම මතකය අමතක කරදැමීම සිංහල හා බෞද්ධ බහුතරය විසින් පමණක් සිදුකරන දෙයක් නොවේ. එය අප  රටේ ආගමික හා ජනවාර්ගික සුළුතරයන් අතර ද එලෙසම දක්නට ලැබෙන මකාදැමීමකි.

බොහෝ විට, අද දින ජනප්‍රිය ලෙස උපකල්පනය කරනුයේ බහූත්වවාදය සහ ජනවාර්ගිකත්වය යනාදී සංකල්ප හුදෙක් බටහිරින් ආනයනය කර දේශීය තත්ත්ව මත ආරෝපනය කළ සංකල්ප  ලෙසිනි. ඒවායින් සලකුණු කරන ඓතිහාසික අත්දැකීම අපගේ සභ්‍යත්වයේ හා ඉතිහාසයේ කොටසක් බව බොහෝ දෙනා නොදැන සිටීම මෙන්ම දැනගැනීමට උනන්දුවක් නොවීම සැබැවින්ම අවාසනාවකි. එවැනි බොහෝ සංකල්ප බටහිරින් ව්‍යුත්පන්න දේශපාලන හා සමාජයීය විද්‍යාවන්ගෙන් මූලික වශයෙන් පැනනැගුනු  බව සත්‍යයකි. වෙනත් බොහෝ භාවිත හා අදහස් ද ඒ හා සමානවම අප විසින් ණයට ගෙන ඇත. මේවා අතර ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු දේශපාලනය, ජනාධිපති පාලන ක්‍රමය හා ලංකාවේ නීති පද්ධතිය යනාදිය තිබෙන බව අපි මැනවින් දැන සිටිමු.  එහෙත් මෙම තත්කාලින සංකල්ප දේශීය අත්දැකීම් හා ඉතිහාසය තුළ ස්ථානගත කළ විට පැහැදිලිවම අපට පෙනිය යුත්තේ, ඒවා අපේම උරුමයේ සහ අපගේ ජීවන අත්දැකීම්වල අත්‍යන්ත කොටස් වශයෙනි.  ඉහත දක්වා ඇති අර්ථයෙන් ගත් කල, බහූත්වවාදය අප තේරුම් ගත යුත්තේ, භාවිතයක් ලෙස අපගේ අතීතයේ මෙන්ම වර්තමානයේ ද මුල් බැස ගත් අත්දැකීමක් ලෙසය. නමුත් එය අපගේ උරුමයේ කොටසක් ලෙස වටහා ගැනීමට හා අගය කිරීමට නම්, අපට මේ වන විට මුළුමනින්ම පාහේ අමතක වී තිබෙන අතීත අත්දැකීම් හා භාවිත නැවත සොයා යන්නට සිදුවනු ඇත.

මූලාශ්‍ර

Dewaraja, Lorna. 1988. Kandyan Kingdom of Sri Lanka, 1707-1782.  Colombo: Lake House.

Gunawardana, R.A.L.H. 1990. ‘The People of the Lion: Sinhala Identity and Ideology in History and Historiography,’ pp. 46. In, Jonathan Spencer ed., Sri Lanka: History and the Roots of Conflict. London: Routledge.

Obeyesekere, Gananath. 2020. The Many Paces of the Kandyan Kingdom 1591-1765: Lessons for Our Time. Colombo: Sail Fish.

(මේ ලිපිය මුලින්ම පළවූයේ 14 දෙසැම්බර් 2020 දිනැති සමබිම මාසික සංග්‍රහයේය)

Total
35
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට