ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00.

———-

විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ

මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද?

යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින් ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක් ‘ වශයෙන් සිංහල බසට නගා ඇති අතර, එය 2019 සැප්තැම්බරයේදී අහස ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නිර්මාණ කෘතියට පාදක වන්නේ, කතෝලික පල්ලියට මෙන්ම සමස්තයක් වශයෙන් බටහිර දර්ශනයට ද බලපෑම්කිරීම තුළින්, ස්ත්‍රිය පිළිබඳ ඛෙහෙවින් පසුගාමී අදහස් ගොන්නකට පදනම සැපයූ ශාන්ත ඔගස්ටීන් නමැති දේවධර්මවාදියා වෙත ඔහුගේ ගිහිකළ පෙම්වතිය විසින් ලියූ දාර්ශනික ලිපියයි.

ශාන්ත ඔගස්ටීන් පූජකත්වයට ඇතුලූ වන්නට පෙර ඔහු වසර දොළහක කාලයක් ෆ්ලෝරියා නමැති ඔහුගේ පෙම්වතිය සමඟ එකට ජීවත් වූ අතර, ඔවුන්ට අඩියෝඩේටස් නමැති පුත්‍රයෙක්ද විය. අඩියෝඩේටස් මෙන්ම ඔගස්ටීන්ගේ පෙම්වතිය ඓතිහාසික චරිත වේ. අඩියෝඩේටස් නාමිකවද ඔගස්ටීන්ගේ දීර්ඝකාලීන පෙම්වතිය නිර්නාමිකවද ඔහුගේ ‘පාපොච්චාරණ’ කෘති පෙළ තුලින්ම වරින් වර මතුවේ. කෙසේ වෙතත්, ගාඩර්ගේ නවකතාවෙන් දක්වන ආකාරයට, ඔගස්ටීන්ගේ මව මොනිකා ඔවුන්ගේ පෙමට විරුද්ධ වූ අතර, නිරන්තරව ඔගස්ටීන්ට බලකර සිටියේ තම සමාජ තත්වයට ගැලපෙන නෛතික විවාහයකට එළඹෙන ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔගස්ටීන්ගේ මව විසින් ඔහුගේ විවාහය උසස් සමාජ තත්ත්වයක් ඇති දැරිවියක සමඟ තීන්දු කරන අතර, ඇයගේ වයස දස වසක් පමණක් බැවින්, රෝම නීතියට අනුව ඇයට නිසි වයස එළඹෙන තෙක් වසර දෙකක කාලයක් ගත කිරීමට ඔගස්ටීන්ට සිදුවෙයි. දේවධර්මය සහ දර්ශනය වෙත මහත් නැඹුරුවක් දැක්වූ ඔහු වසර දෙක අවසන් වීමට ප්‍රථම පූජක දිවියට එළඹෙයි. මවගේ සහ පෙම්වතියගේ සෙනෙහසට මැදි වීම සහ මවගේ කීම මත බොහෝ කලක් ඇසුරුකළ සහ, තම දරුවාගේ මව වූ ගැහැ‚යගෙන් ඈත් වීමට සිදුවීම නිසා දැඩි මානසික කම්පනයකට සහ පස්චාත්තාපයකට ළක්වන ඔගස්ටීන් ‘පොපොච්චාරණ’ නමැති සම්භාව්‍ය කෘති පෙළ රචනා කරයි. එය වෙලූම් දහතුනකින් යුක්ත වන අතර, පළමු වෙලූමේ සිට නව වන වෙලූම දක්වා තම චරිතාපදානයත්, අවසන් වෙලූම්වලදී ලෝකයේ ආරම්භය පිළිබඳ අදහසුත් දක්වයි. කෙසේ වෙතත්, ඔහු මුළු කෘති පෙළ පුරාම උත්සාහ දරන්නේ දෙවියන් පැසසුමට ළක් කරමින්, දෙවියන් වෙත තමා සමීප වූ ආකාරය හා එමගින් ඇති වූ ජීවිත පරිවර්තනය තම ජීවිතාන්දරය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමටයි. එහිදී ඔහු විසින් ‘පාපය’ යන සංකල්පය ආකෘති ගතකරන්නේ කාන්තාව පාපයේ මූලික ඇරඹුම් ලක්ෂය ලෙස හඳුනා ගනිමිනි. කතෝලික පල්ලිය විසින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ ලිංගිකත්වය තුළ ස්ත්‍රිය මත පටවන්නාවූ බර වෙත ඔගස්ටීන්ගේ මතවාද විශාල ලෙස බලපෑ අතර, ඔහු ලිංගිකත්වය හඳුනා ගන්නේ මානව පාපයේ රෝග ලක්ෂණයක් ලෙසිනි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට, තමුන්ගේ බිරිඳ මෙන්ම මව වුවත් ඊඩ්න් උද්‍යානයේදී පාපයේ ගැලූනු ‘ඒව’ නැමැති දෙවියන් වහන්සේ විසින් මුලින්ම මැවුවා යැයි සැලකෙන ස්ත්‍රිය හා සම වෙයි.

දැන් අපි ඔගස්ටීන්ට යම් අයුරකින් පිළිතුරු සැපයීමක් ලෙස සැලකිය හැකි පරිවර්තන කෘතිය වෙත හැරෙමු. ඔගස්ටීන්ගේ පෙම්වතිය මෙසේ ලියන්නීය: ‘ඔයාම ඉතින් ලියලා තියෙනවානේ, හැම දේකටම ඉහළින් දෙවියන් වහන්සේ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මචාරී බව කියලා. මට නම් ඔය වගේ දේවල් බලාපොරොත්තුවන දෙවියෙක් ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නැහැ…. ඇත්තටම මේ විදියට මිනිස් බිල්ලක් ඉල්ලා හිටින දෙවි කෙනෙකු ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නැහැ. පිරිමියෙකුගේ ආත්මය බේරලා දෙන්න ගෑනියෙකගේ ජීවිතය කාලකන්නි කරන දෙවිකෙනෙක් ගැනත් මගේ විශ්වාසයක් නැහැ’. ෆ්ලෝරියාගේ මේ අදහස් මගින් තත්කාලීන ස්ත්‍රීවාදය අබිභවා ගිය මානව වාදයක් මතුකරන අතර, අසාධාරණ යැයි ඇයට පෙනෙන දෙවියන් වහන්සේ ප්‍රශ්න කිරීමට නොපැකිළෙන්නීය. තමා සමඟ දස වසකට අධික කාලයක් ප්‍රේමයෙන් ජීවත් වූ ආදරවන්තයා තමාගෙන් ඈත්කරන්නට තරම් කුරිරු වන දෙවියන් වහන්සේ පිළිබඳ ඇයට ඇත්තේ සැකයකි.

ඔගස්ටීන්ට අනුව ස්ත්‍රී පුරුෂ අසමානතාව දෙවියන්ගේ ලෝක නිර්මාණ ව්‍යායාමයේම කොටසකි. එමෙන්ම පාපය හේතුකරගෙන මානවයා තම අපූර්ව අමරණීයත්වය මෙන්ම කැමැත්ත පිළිබඳ නිදහසද නැතිකරගන්නා ලදි. එහිදී පුරුෂයාට තම කැමැත්තට අනුව තම ශරීරය පාලනය කරගත නොහැකි බවත්, කාන්තාව එහි නිමිත්ත වන බවත් ඔගස්ටීන් සඳහන් කරයි. නමුත් මෙයට පිළිතුරු සපයන අප කතා නායිකාව ශරීරයේ තමන්ට පාලනයකළ හැකි කොටස් ගැන සටහනක් තබමින් කියා සිටින්නේ මෙවන් දෙයකි: ‘එහෙම නැත්නම් ඔයා විශ්වාස කරනවාද ඔයාගේ ලිංගයට වඩා ඔයාගේ ඇස් දෙකයි කන් දෙකයි වඩාත් දිව්‍යමය ලෙස නිර්මාණය වෙලා ඇති කියලා? ඔයා හිතනවාද මානව ශරීරයේ ඇතැම් කොටස්වලට, තවත් කොටස්වලට වඩා දෙවියන් වහන්සේගේ බැල්ම අඩුවෙන් ලැබිලා තියෙනවා කියලා?’.

වඩාත්ම සිත් ගන්නා සුලූ කරුණ වන්නේ, මෙම දාර්ශනික ආදර හා විරහ කතිකාව තුළ කාන්තාව පිළිබඳ පසු කාලීනව වික්ටෝරියානු අදහස්වලට පදනම සැපයූ මූලික අදහස් මෙන්ම, රැඩිකල් ස්ත්‍රීවාදයේ කේන්දී්‍රය අදහස්ද ඇතුළත්ව තිබීමයි. ප්‍රේමය විග්‍රහ කිරීමේදී පසු කාලීනව වඩාත් මතුව එන ශරීරය සහ ආත්මය අතර ඛණ්ඩනය මෙන්ම එම අදහස ප්‍රශ්න කිරීමේ ඉඟිද ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේදී තරම් ඈත කාලයකදී සිදුවීම මවිත කරවන සුලූයි. ඔගස්ටීන් ප්‍රේමය දෙවියන් වහන්සේට ළඟා වීමට ඇති බාධාවක් ලෙස දකින අතර, ෆ්ලෝරියා ප්‍රේමය දෙවියන් කෙරෙහි ළඟා වීමේ මාර්ගය ලෙස දකින්නීය.

කෘතියේ පරිවර්තක මහාචාර්ය සසංක පෙරේරා, ෆ්ලෝරියාගේ ලිපියෙහි පවතින ආදරය මුසුවූ ශෘංගාරය මෙන්ම, වියෝවේ වේදනාව සහ එම පෞද්ගලික අත්දැකීම දාර්ශනික පොදු අවකාශයක් සමඟ මුසු කිරීමේ වෑයම වඩාත් සූර ලෙස තම පරිවර්තනය තුළට ගෙන එයි. තම පැරණි පෙම්වතාට ලියන නමුදු, වෙන්වීමෙන් ඇතිකරනලද දුරස්ථ භාවය මෙන්ම ස්ත්‍රියක් ලෙස අත්කර ගැනීමට නොහැකි අවකාශයක් යයි ඔගස්ටීන් විසින් සළකුණු කරන්නාවූ බුද්ධිමය සහ දාර්ශනික තලයට ඇය ඇතුලූ වූ බව ලියමන තුළ සෘජුව සහ වක්‍රව ඇය කියා සිටින්නීය. කෙසේ වෙතත් පරිවර්තනයට ළක්වූ කෘතිය, සත්‍ය ලිපි පදනම්ව ලියවුණු ප්‍රබන්ධයක් බව අමතක නොකට යුතුය.

සසංක පෙරේරා ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර, දැනුමේ නිම්වළලූ පුලූල් කරනු පි‚ස සහ අධ්‍යනික ප්‍රජාව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරන්නාවූ ඉංග්‍රීසි භාෂා ආධිපත්‍ය නිරන්තරව ප්‍රශ්න කරනු ලබයි. ඒ අදහස අනුව යමින් ඔහු විසින් සිංහල බසට නැගුණු කෘතියකි ‘කෙටි දිවියක මතකය¦ කුසුමකින් උපන් හසුනක්’.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට