සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන් ගැටලුවක් තිබුණේ නම්, මේ කරුණු කාරණා මෙලෙස සිදු වූයේ කෙසේද? එනිසා, මේ ඊනියා අතපසුවීම වසර 6ක පමණ දිගු කාලයකට පසු විශ්වවිද්‍යාල බලධාරීන් ගේ දිව්‍යඥානයට හසු වූයේ කෙසේ ද යන්න තවමත් මට පැහැදිලි නැත.

මේ තාක්ෂණික ගැටලුව සත්‍යයක් නම්, ඒ පිළිබඳ පවතින නීති රීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීම සාධාරණය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය සමස්ථයක් ලෙසත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සුවිශේෂ වශයෙන් ගත් කලත්, එතුළ විධිමත් හා නිල රාජකාරි ඉටුකිරීමේදී නොයෙක් විට ඊර්ෂ්‍යාව හා කුහකත්වය මත පදනම් වීම විශ්වවිද්‍යාල පිළිබඳ සරල දැනුමක් ඇති අයෙකු පවා මැනැවවින් දන්නා කරුණකි. මෙනිසා සෞම්‍ය ලියනගේ සම්බන්ධයෙන් මේ ගෙන ඇති මහා හදිසි තීරණය හා එහි නීතිමය තත්ත්වය අනිවාර්යයෙන්ම අප සියලු දෙනාගේම සිත් තුළ සැක සංකා ඉපදවීම සාමාන්‍ය කරුණකි. එය සාධාරණ සැකයක් ද වේ.

නමුත් මෙවන් ආචාරධර්ම විරෝධී තීරණ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් කල, සෞම්‍ය ලියනගේ ට පමණක් සීමා වී නැත. පසුගිය කාලය තුළ අප මැනැවින් දැක ඇති පරිදි, මෙවැනි ආචාර්ය දර්​ම විරෝධී සිදුවීම් සහ ගැටළු ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සිදු වීය. එනමුත්, ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව හෝ විශ්වවිද්‍යාල පිළිබඳ උනන්දුවක් ඇති සමාජයේ අන් පුද්ගලයන් අවශ්‍ය ප්‍රමාණයෙන් උනන්දුවක් දක්වා ක්‍රියා කළ බව මා විශ්වාස කරන්නේ නැත. සෞම්‍ය ලියනගේ මේ අවාසනාවන්ත හා භයානක ක්‍රියාවලියේ වඩාත් මෑත කාලීන සහ ප්‍රසිද්ධතම ගොදුරයි.

ලියනගේ සහෝදරයා සම්බන්ධයෙන්ද දැනට මා දකින්නේ අතිශයින් සරල ප්‍රවණතා දෙකක් පමණි. එනම්,  ‘චේනජ් ඩොට් ඕර්ග්’ (chnage.org) සංවිධානය ඔස්සේ තමන්ට සැපපහසු අවස්ථාවල විද්‍යුත් පෙත්සමක් අත්සන් කිරීම සහ එවැනිම පහසු වේලාවක මුහුණු පොතේ හෝ ට්විටර් ගිණුමක් හරහා තමන්ගේ සිතේ ඇති දේ සයිබර් අවකාශයට මුදා හැරීම‍ය. ගැටලුව වන්නේ, මේ සියළු දේ කළ පමණින් මෙවන් අසාධාරණකම් සම්බන්ධයෙන් සමාජයෙන් සිදු විය යුතු දේ තමන් විසින් කර ඇති බවට බොහෝ දෙනා පුද්ගලිකව සතුටු වීමය. එනමුත් මෙහිදී සැබැවින්ම සිදුවන්නේ, අතිශය ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව තමාගේ සිතේ තිබෙන දේ නොයෙකුත් දෙනා සමග බෙදා ගැනීම පමණි. මැදිහත්වීමක් නොවේ. සැබැවින්ම, මෙවන් අදහස් දැක්වීම වැදගත්ය. එනමුත් එමගින් අසාධාරණයක් වී ඇති අයට හා ආයතන වෙත ලැබිය යුතු ආකාරයේ උදව්වක් හෝ මැදිහත්වීමක් ලැබේයැයි විශ්වාස කරන්න අමාරුයි.

ඒ නිසා, සෞම්‍ය ලියනගේ සම්බන්ධයෙන් පමණක් නොව, මෙලෙසින්ම අසාධාරණ හා හිතුවක්කාරී ක්‍රියාවන්ට නතු වූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් අප රටේ විශ්වවිද්‍යාලවල අනාගතය පිළිබඳ උනන්දුවක් ඇති සියලු දෙනාම කළ යුත්තේ, මේ ගැටලුකාරී කටයුත්තට දායක වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ට මෙන්ම, ඊට උල්පන්දම් දී ඇත්නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ට ද එරෙහිව බලව​ත් බිම් මට්ටමේ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමය. එය විශ්වවිද්‍යාල හා ඉන් පරිබාහිරවත් ක්‍රියාත්මක විය යුතුය. එය බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් විය යුතුය. එය නීතිමය ව්‍යාපාරයක් ද විය යුතුය. එමෙන්ම එය සයිබර් අවකාශයේ සුවපහසු සීමාවන්ගෙන් බොහෝ ඔබ්බට ​ද යා යුතුය.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට