සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00.

_________________________

~ ආරි ආරියරත්න

~ පරිවර්තනය: උපසේන හේවගේ

සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි. 

මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර වර්ගයා හිරු, රතු, සඳු සහ තරු යන තරුණ තරුණියන්ය. සඳු මෑතක දී තම උපාධිය ලැබ, අවිනිශ්චිත වූ ආධුනික කථිකාචාර්ය පදවියක් ද ලබාගෙන පරිවාස කාල සිමාවේ පසුවන්නියක්ය. ඇයගේ පරිවාස කාල සීමාව වසරකින් අවසන් නොවනු ඇතැයි  කියා විශ්වාසයක් ද ඇයට නැත. උපාධිය ලැබීම ට ආසන්න කාලයේ පසුවන ඇයගේ මිතුරු මිතුරියන් මුහුණ දෙන්නේත් එවැනිම වූ අවිනිශ්චිත අනාගතයකට යි. මේ තත්ත්වය එසේ තිබියදීත්, මෙම චරිත තම තරුණ වයස ට උරුම වූ ආදරය, අනාගත ජීවන අපේක්ෂා, සරසවි අධිකාරීත්වය නොතැකීම වැනි ප්‍රපංච වටා ගොනු වී සිටිති.

මෙලෙස සලකා බලන විට, මෙම නවකතාව හැඳින්විය හැක්කේ, බටහිර රටවල සරසවි නවකතා (college novels) ලෙස හැඳින්වෙන නවකතා ගණයට අයත් නවකතාවක් ලෙස යි. ඇතැම් විටෙක දී, ශාස්ත්‍රාලයීය (academic) හෝ සරසවි-මණ්ඩප (campus) නවකතා ලෙස හැඳින්වෙන්නේත් මේ සාහිත්‍ය ප්‍රවර්ගයම වේ (genre). සරසවි නවකතාවල ඉලක්ක පාඨක පිරිස වන්නේ බොහෝ විට විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයීය ප්‍රජාව හා ඉහළ පන්තිවල ඉගැනුම ලබන පාසල් සිසුන්ය. ඉතා ජනප්‍රිය මතයක් වන ජීවිතයේ හොඳම කාලය යනු සරසවියේ ගෙවන සිව් වසරය යන්න ස්ඵුට කරමින් ලියැවුණු සරසවි නවකතා හා ඒවා පදනම් කරගෙන බිහිවූ ඇතැම් සිනමා නිර්මාණ, එම නවකතා රචකයන් ග්‍රහණය කරගැනීමට බලාපොරොත්තු වූ සාම්ප්‍රදායික ප්‍රේක්ෂක බල ප්‍රදේශය ඉක්මවා යමින්, අන් ප්‍රේක්ෂකයින් හා පාඨකයින් අතර ද ජනප්‍රිය වූ අවස්ථා තිබේ.

පරිකල්පිත සංස්කෘතික භූ-දර්ශනය හා කාල නිර්ණයෙන් තොරවූ සිද්ධි සරණිය

මෙම කතාව දිග හැරෙන්නේ කතුවරයාගේ පරිකල්පනය මත  නිර්මාණය කළ සංස්කෘතික භූ-දර්ශනයක් තුළ යි. කතුවරයා ඉතා සියුම් ලෙස තම චරිත හා ඔවුන්ගේ ක්‍රියා කාරකම් කෙළි බිම, පුස්තකාලය, සිසු නේවාසිකාගාර හා පෞද්ගලික නවාතැන් පොළවල් වැනි සරසවි බිමේ තැන් කිහිපයකට පමණක් සීමා කර ඇත.

මීට අමතරව, මෙම සංස්කෘතික භූ-දර්ශනය තුළ ජීවත් වන්නන් සදාකාලික වර්තමානය ක (eternal present) ජීවත් වන්නන් සේ දැනේ. කතාව ගලායන්නේ කාල නිර්ණයකින් තොර අවකාශයක් තුළ ය. මේ අකාලිකත්වය තීව්‍ර කරන තවත් හේතුවක් තිබේ. එනම්, බොහෝ පාත්‍ර වර්ගයාට ලබා දී ඇති නම් විශ්වය හා යම් සබඳතාවක් පෙන්නුම් කරන නිසාය (cosmic connotations). මේ නිසා පාඨකයාට හැඟෙන්නේ, තමන් නිමක් කොනක් නොමැති තාරකා මණ්ඩලයක ට අයත්  සිද්ධි දාමයක් අත් විඳිනවා වැනි හැඟීමකි. මේ කරුණ තවත් තීව්‍ර වන්නේ, පාත්‍ර වර්ගයා ගේ ලෞකික හැඟීම් හා ක්‍රියාකාරකම් දැක්වෙන්නේ, මෙලොවින් පරිබාහිරව පැවැතිය හැකි හැඟීම් හා ක්‍රියාකාරකම් සහ පිටසක්වල සුවිශාලත්වය හඟවමින් වීම නිසා යි. උදාහරණයක් වශයෙන්, ඇතැම් කථිකාචාර්යවරුන්ගේ හැසිරීම සැසඳෙන්නේ පිටසක්වල ජීවීන් ගේ හැසිරීම සමගයි (2020: 26). එමෙන් ම, තමනට කෑමට ලැබෙන ඉඳි ආප්ප කෙතරම් තුනීද කියනවා නම්, ඔවුන් සරදමින් මෙන් පවසන්නේ, එහි ඇති එකම ප්‍රයෝජනය සුර්යග්‍රහණයක් බැලීමට ආරක්‍ෂිත ආවරණයක් ලෙස පමණක් බවයි (2020: 79). මීට අමතරව, ප්‍රධාන චරිතයක් වන රතු පවසන්නේ, හිරු ගේ රශ්මිය නිසා සහෝ ගේ සදාචාරවත් බව නැංවුණු බවත්, සඳු ගේ එළියෙන් ඔහුගේ ආශාව තීව්‍ර වූ බවත්, ධූම කේතුවක් මෙන් ඈත සිතිජයෙන් පායා ආ තරු ගේ ගල් ගැසීමෙන් සහෝ මරණයට පත් වූ බවත් ය (2020: 65).

අතීතකාමී සහෝදරත්වය

සරසවි සන්ධර්භයක ඔවුන් මුහුණ දෙන ගැටළු එක හා සමාන නිසා තරුණ වැඩිහිටියන් වශයෙන් එකිනෙකා හා සමග ගණුදෙනු කිරීමේ හැකියාවක් ප්‍රධාන චරිත සම්බන්ධයෙන් දැකගත හැක.  එසේ වුව ද මෙම චරිත අතර ගැඹුරු අසමාන කම්  ද තිබේ. උදාහරණයක් වශයෙන්, සඳු ට ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයෙන් උකහා ගත් උපුටන දේශන අතරවාරයේ පහසුවෙන් මුව’ගට නගා ගන්නට පුළුවන. නමුත් ඇයගේ සගයන්ට ඒවා ගැන කිසිදු අදහසක් හෝ ඒවා උකහා ගත්තේ කුමන මුලාශ්‍රයකින් ද කියා හෝ පැවසීමට හැකියාවක් නැත. අපට ඒත්තු යන්නේ, ඔවුන් හැසිරෙන්නේ භාෂාමය බාධකය කිසිදා ජය ගත නොහැකි දෙයක් ලෙස සළකමින් බවයි. එමෙන්ම, කතාවේ අවසානය දක්වාම හිරු ට තම රහස් ජීවිතය සඟවා ගනිමින්, සිය යහළු යෙහෙළියන් සමග එක් වෙන්නට ද හැකියාව  තිබේ. එලෙසින් ම සහෝ ගේ මරණයට ඔවුන් වගකිවයුතු යයි චෝදනා කරන ගමන්ම ඔවුන් මිතුරන් ලෙස සළකමින් ඇසුරු කරන්න ට රතුටත් හැකියාව ක් තිබේ. 

ඔවුන් අතර ඇති වැදගත්ම සමානත්වය නම්, අතීතකාමී සහෝදරත්වය යි. අතීතකාමය (nostalgia) මෙහිදී ඉටු කරන කාර්යභාරය සැකෙවින් දැක්වීම ට මම කැමැත්තෙමි. අතීතකාමය ඉඳුරා ම අකාලිකත්වය සහ කතුවරයා විසින් සිය පරිකල්පනය ඔස්සේ  නිර්මාණය කළ සංස්කෘතික පසුතල යේ පෘෂ්ඨය සිඳ බිඳ දමන්නේය. අතීතකාමය මෙය ඉටු කරන්නේ කාලය හා අවකාශය නැවත නැවත ත් උත්පාදනය කිරීමෙනි. එහි අරුත් රාමුව තුළ අතීතයේ සිදු වූ දේ වර්තමානය ට ද අදාළ ව පිහිටු විය හැකි වේ. භාෂාවේ තීරණාත්මක ආඛ්‍යානමය  කාර්යයක් ලෙස අතීතකාමය මගින් “අතීතයේ සිදු වුණු දෑ,” “දැන් සිදු විය හැකි දෑ” සහ “සිදු වෙමින් පවතින දෑ” ලෙස නොයෙකුත් සිදුවීම් කාලානුරූපී ව ගොනු කරන ලැබේ. මේ අනුව, කතාවක් ආඛ්‍යානගත කිරීම යනු සිදුවීම සහ එහි පසුතලය තුළ චරිත පිහිටුවීම සහ යම් කිසි දෙයක් යම් කිසි තැනැත්තෙකු ට සම්බන්ධ කිරීම යි. වෙනත් ලෙසකින් පවසනවා නම්, අතීතකාමය අරුත් සඳහා ඍජු සමාජ පූර්වගතයන්ගෙන් යුතු වූ අන්තර්-සම්බන්ධිත අර්ථ විවරණාත්මක අවකාශයක් නිර්මාණය කරයි.   

මෙම අර්ථ විවරණ අවකාශයට නවකතාකරු අන්‍යෝන්‍ය විශ්වාසය, මිත්‍රත්වය සහ සමගිය පිළිබඳ කේන්ද්‍රීය සංකල්පය වන ‘සහෝදරත්වය’ සහ එකිනෙක අභිබවා යන ඒ පිළිබඳ  අතීතකාමී මතකයන් රැගෙන එයි. ඇතුගල ගේ නවකතාවේ ප්‍රබලත්වය රැඳී ඇත්තේ, ඔහු මනා ලෙස තරඟකාරී අතීතකාමී මතකයන් යොදා ගනිමින්, මිය ගිය කතානායකයා වන සහෝ ගේ චරිතය ඉදිරිපත් කරන ආකාරය මත යි. නවකතාකරු ගේ උත්සාහය තුළ සහෝ චරිතය සහෝදරත්වය පිළිබඳ එකිනෙක අභිබවා යන මතකයන් ඉදිරිපත් කෙරෙන, සාකච්ඡා කෙරෙන, අභියෝගය ට ලක් කෙරෙන සහ ප්‍රහාරය ට මෙන්ම ප්‍රතිප්‍රහාරය ට ලක් කෙරෙන අර්ථ විවරණ අවකාශය ක් බව ට පත් වේ. ඔහු ගේ චරිත යේ අන්තර්වර්තී බව සහ හාත්පස පැතිර පවත්නා බව ප්‍රබල ලෙස දක්වා ඇති බැවින්, පාඨකයා ට සහෝ තමා අබියස සිටින බව හැඟී යනු ඇත.

නවකතාව ක් සිනමා පටය ක් බවට පත්වීම

නවකතාව ක් ඇසුරෙන් සිනමා පටය ක් තැනීම පිළබඳ මේ ලුහුඬු සටහන අවසන් කිරීම ට පෙරාතුව අදහස් කිහිපයක් දැක්වීමට මා කැමැත්තෙමි. ඒ, ඇතුගල තම නවකතාව ඇසුරෙන් මේ වන විට සිනමා පටයක් ද නිර්මාණය කර ඇති නිසාය. ඔහු සිය පෙරවදනේ සඳහන් කොට ඇත්තේ, තමන් නවකතාව ට කලින් සිනමා පටයේ තිර නාටකය ලියූ බව යි. සිනමා පටය පිළිබඳ අදහස මුලින්ම පහළ වූ බව ත්, ඉන් අනතුරු ව නවකතාව ලියැවුණු බව ත් ඉන් හැඟවේ. මෙහිදී “පළමුව බිහිවූයේ කිකිළිය ද නැතිනම් බිත්තරය ද” යන හුරු පුරුදු උභතෝකෝටිකය පසෙක තබා, මේ පිළිබඳ බටහිර රටවල ඇති ඇතැම් අත්දැකීම් ඔබ සමග බෙදා ගන්නට මා කැමැත්තෙමි.  ඊට හේතුව, මේ අත්දැකීම් අතුගලගේ සාහිත්‍යමය හා සිනමාරූපමය මැදිහත්වීම තේරුම්ගැනීමට යම් දුරකට ඉවල්වන බව මා සිතන නිසාය.

බටහිර රටවල බොහෝ සරසවි නවකතා සිනමා පට බවට පෙරලුනේ, පළමුව ඒවා නවකතා ලෙස එළි දැක්වීමෙන් හා ජනප්‍රිය වීමෙන් අනතුරුව යි. මෙහි දී මම එක් නිදසුනක් පමණක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. ජර්මන් ලේඛක හෛන්රිච් මන් 1905 දී රචනා කරන ලද ප්‍රොෆෙසර් උන්රාට් (Professor Unrat) නම් නවකතාව පාදක කොටගෙන 1930 දී ජර්මන්  සිනමාකරු ජෝසෙෆ් වොන් ස්ටයින්බර්ග් Die Blaue Engel (නීල දේව දූතිකාව) නමින් සිනමා පටය ක් නිර්මාණය කළේය. එය ලෝක සිනමාවේ මුල්ම සරසවි සිනමා පටවලින් එකක් වූවා මෙන්ම, ජර්මනියේ තැනුණු මුල්ම කතා නාද වෘත්තාන්ත සිනමා පටය ලෙසට ද වාර්තා වේ. එම සිනමා පටයෙන් කියවුනේ, බෙහෙවින් ගරු සම්මානයට පාත්‍ර වූ මහාචාර්යවරයෙක් කැබරේ නළඟනක ට වසඟ වී හුදු විකටයෙකු බව ට පත් ව, අවසන දී ඛේදජනක ලෙස මිය යන අයුරු යි. මෙහි මහාචාර්යවරයාගේ චරිතයට පණ පෙව්වේ එමිල් ජෙනිංස් වූ අතර, එහි කැබරේ නළඟන සහ ගායිකාව වූ ලෝලා-ලෝලා ලෙස රඟපෑවේ එම චරිතය නිසා ම අන්තර්ජාතික ව සිනමා රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ මාර්ලින් ඩීට්‍රිච් නම් වූ සුප්‍රකට නිළිය යි.

ඉහත සඳහන් කළ සිනමා තාරකාව හඳුන්වා දීම ට අමතර ව මෙම සිනමා පටය සරසවි සිනමා පට ප්‍රවර්ගය තුළ සහ එහි උප ප්‍රවර්ගයක් වන ‘ගැටවර රොමැන්තික උද්වේග රංගන’ (teenage romance and melodrama) සහ පුද්ගලික ජීවිතයේ පැහැදිලි කඩඉම් තරණය කිරීම පිළිබඳ තනා ඇති සිනමා පටවල ට  (coming-of-age film) විශේෂිත සළකුණක් හඳුන්වා දෙනු ලැබීය. එනම්, ප්‍රේක්ෂකයන් මෝහනය ට පත් කළ හැකි ගීත සහ පසුබිම් සංගීතය යි. සිනමා ඉතිහාසඥයන් සඳහන් කරන පරිදි, ගායන කෞශල්‍යයෙන් ද යුතු මාර්ලින් ඩීට්‍රිච් මෙම සිනමා පට යේ එන ‘ෆෝලින් ඉන් ලව් අගේන්’ (Falling in Love Again) නම් ගීතය ගයන විට ඒ දිනවල බටහිර සිනමා ප්‍රේක්ෂකයන් කෙළිලොල්, අඟරකාරී, මෙන්ම වසඟකාරී කැබරේ නළඟන ගේ චරිතය සහ උමතු මහාචාර්යවරයා ගේ චරිතය වැළඳ ගත්තා පමණක් නොව, මාර්ලින් ඩීට්‍රිච් නිළිය ට කැබරේ නළඟන ගේ චරිතය රඟන්නට බෙහෙවින් උපකාරී වූ සිනමා පටයේ එන ගීත සහ පසුබිම් සංගීතය ත් ආදරයෙන් වැළඳ ගන්නා ලදී.

සරසවි සිනමා පට ප්‍රවර්ගය සහ ශ්‍රී ලාංකේය සිනමාව

සරසවි සිනමා පටය ශ්‍රී ලංකාව ට හඳුන්වා දුන්නේ ප්‍රවීන සිනමා අධ්‍යක්‍ෂක සුගතපාල සෙනරත් යාපා විසින් 1968 තරම් ඈතක දී හන්තානේ කතාව සිනමා පටය ඔස්සේය. හන්තානේ කතාව සිනමා පට යේ චූල අනුකරණ (trivial imitations) මෙන්ම එහි හාස්‍යානුකරණ (parodies) ලෙස සැළකිය හැකි සිනමා පට ගොන්නක් පසුව බිහි වූවත්, මෙම සිනමා ප්‍රවර්ගය කිසි දා ශ්‍රී ලාංකේය සිනමාවේ මුල් බැස ගත්තේ නැත.

මේ අතර, 2002 දී වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ සළෙලු වරම සහ 2016 දී අසෝක හඳගම නිර්මාණය කළ ඇගේ ඇස අග සුවිශේෂී සරසවි සිනමා පට දෙකක් ලෙස හඳුන්වන්න ට මා කැමැත්තෙමි.  

හන්තානේ කතාව සිනමා පටය ට පසුව, ගැටවර රොමැන්තික උද්වේග රංගන සිනමා පට ගොන්නක් ද බිහි වුනි. මෙම උප ප්‍රවර්ගයට අයත් මුල්ම සිනමා පටයක් වූයේ රංජිත් ලාල්ගේ නිම් වළල්ල යි. කරුණාසේන ජයලත් 1970 දී ලියූගොළු හදවත ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්‍ෂණයෙන් 1972 දී සිනමාවට නැගුනි. ජයලත්ගේ ම අන් නවකතාවක් වූ ගැහැණු ළමයි සුමිත්‍රා පීරිස් අතින් සිනමාව ට නැගුණු අතර, එය ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් වෙත පැමිණියේ 1978 දීය. 2004 දී සිනමාවට නැගුණු සුනේෂ් බණ්ඩාර දිසානායක ගේ ආදරණීය වස්සානය උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය නවකතාව මත පදනම් වූවක්ය. සරසවි සිනමා ප්‍රවර්ගය ට අයත් බොහෝ බටහිර සිනමා පටවල දී මෙන්ම ඉහතින් දැක් වූ ශ්‍රී ලාංකේය සිනමා පටවල එන ඇතැම් ගීත සහ පසුබිම් සංගීතය එම වකවානුවේ ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් වශීකෘත කරන්න ට සමත් වුනි.

උපමා කතාව සහ සිනමා රූපකය

ඇතුගලගේ නවකතාව ආරම්භයේ දී ම (දෙවන පරිච්ඡේදයේ දී) අප ගේ මතකයට කැඳවන ප්ලේටෝ ගේ Allegory of the Cave  (ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය) යන කෘතියේ දැක්වෙන  උපමා කථාව සේම, ඇතුගල ගේ කෘතිය නිරාවරණය වන්නේ දෘෂ්ටාන්තාත්මක රසයෙන් හෙබි සරසවි නවකතාවක් ලෙසයි. නවකතාවේ ක්‍රියාදාමය දිගහැරෙන්නේ තාත්වික පසුතලයක වුව ද එම පසුතලයේ වෙසෙන පාත්‍ර වර්ගයා ක්‍රියාත්මක වන්නේ, උපමා කථාවක එන චරිත ක්‍රියාත්මවන අයුරින්ය. දෘෂ්ටාන්තය ක් නවකතාවක ආකෘතිය ඔස්සේ  කියවන විට සමස්ත ආඛ්‍යානය ම ක්‍රියා කරන්නේ ආප්තයක් හෙවත් සදාචාරාත්මක පණිවුඩය ක් ලෙසයි. දෘෂ්ටාන්තාත්මක කතාවක චරිත, පසුතල සහ වස්තු ගැඹුරු අරුත් නියෝජනය කරන බව අපි දනිමු. දෘෂ්ටාන්තාත්මක නවකතාවකින් සිනමා පටයක් නිර්මාණය කිරීමේ දී එය සිනමා රූපක රෝපණය සඳහා සරු බිමක් බවට පත්වන්නේ මේ නිසාය.

1964 දී තිරගත වූ ජපන් නව රැල්ලේ සිනමා පටයක් වූ Woman in the Dunes (වැලි කඳුවල ගැහැනිය) විශිෂ්ට සිනමාකරුවන් යථාර්තවාදය සහ ජීවිතය පිළිබඳ දෘෂ්ටාන්තාලාපය හෙවත් උපදේශ කථාවක් සමග සම්මිශ්‍රණය කරන ආකාරය දැක්වීම ට යොදා ගත හැකි කදිම නිදසුනකි. ඇමෙරිකානු සිනමා විචාරක රොජර් ඊබර්ට් සිසිපස් (Sisyphus) නම් වූ ග්‍රීක පුරා කථාවේ නූතන අනුවාදය ලෙස හඳුන්වන්නේ මෙම සිනමා පටය යි.  දෙවියන් ගේ උදහස ට ලක් වූ සිසිපස් ට ලැබෙන දඬුවම නම්, විශාල ගල් කුට්ටියක් කඳු මුදුනක ට රැගෙන යාම ය. සිසිපස් අමාරුවෙන් කඳු මුදුනට ළඟා වෙන හැම විටකම අර ගල් කුට්ටිය කන්ද පහළට පෙරැළී යන්නේය. ඉන්පසු ඔහුට එම කටයුත්ත නැවත පටන් ගන්නට සිදු වේ. මෙලෙසින් සිසිපස් සදාකාලිකවම ගල් කුට්ටිය කඳු මුදුන ට රැගෙන යන ක්‍රියාවේ නිරත වේ. කලු සුදු සිනමා පටය ක් වන Woman in the Dunes පදනම්ව ඇත්තේ  ජපන් නවකතාකරු කෝබේ අබේ 1962 දී ලියූ නවකතාවක් මතය. අධ්‍යක්‍ෂක හිරෝෂි තෙශිගහරා, තිර නාටක රචක කෝබේ අබේ, කැමරාකරු හිරෝෂි සෙගාවා සහ සංගීත අධ්‍යක්‍ෂක තෝරු තකෙමිත්සු යන සිව් දෙනා ගේ සාර්ථක සාමූහික ප්‍රයත්නයක් ලෙස බිහි වී ඇති මෙම සිනමා පටයේ එන රූපක මා මෙතෙක් දැක ඇති ඉතා ප්‍රබල සිනමා රූපකයන් අතර පවතින බව මගේ විශ්වාසයයි. 

මේ සිනමා හා සරසවි නවකතා ප්‍රවර්ගවල  ඉතිහාසමය කතිකාව තුළින් බලන විට, සහෝ මා සලකන්නේ  විදග්ධ පාඨකයා ගේ බුද්ධිමය අවධානයට යොමු විය යුතු නවකතාවක් ලෙසය. ඒ අවධානයම ඒ මත පදනම්ව නිර්මාණය වී ඇති සිනමා  පටයට ද ලැබීය යුතු බව මගේ විශ්වාසයයි.

——-

(මෙම ලිපිය මුලින්ම පළවූයේ 2021 පෙබරවාරි 6 වන දින දරන ද අයිලන්ඩ් සහ 2021 පෙබරවාරි 21 වන දින දරන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත්වලය. එය, යම් සංස්කරණමය එකතුකිරීම් සහිතව මෙහි පළකර ඇත්තේ කතුවරයාගේ සහ පරිවර්තකයාගේ අවසර ඇතිවය)


ආරි ආරියරත්න
 ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්ත යේ හාර්ට්ලන්ඩ් කොමියුනිටි කොලීජියේ සහ කොලෙජ් ඔෆ් ඩුපේජ් හි මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහුKey Concepts in Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, 2020) නමින් පළකල පෙළ පොතෙ හි කතුවරයා ය. 

උපසේන හේවගේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වන අතර, එරටට සංක්‍රමණය වීමට පෙර හෙතෙම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන් නිෂ්පාදකවරයෙකු වශයෙන් සේවය කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළබඳ උපාධිධාරියෙකු වන ඔහු ස්වතන්ත්‍ර කෙටි කතා රචකයෙකු සහ  ජාත්‍යන්තර කෙටිකතා පරිවර්තකයෙකු වශයෙන් පසුගිය තිස් වසරක පමණ කාලය තුළ කටයුතු කර ඇත. දැනට ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහ දෙකක් සහ පරිවර්තන කෙටිකථා සංග්‍රහ දෙකක් ඔහු අතින් නිමැවී  ඇත.

Total
13
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

යූස්ටේන් ගාඩර්ගේ කෙටි දිවියක මතකය පිළබද කෙටි විමසුමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ___________ (සෝමසිරි ඒකනායකගේ මේ විමර්ශනයත් සමගම කොරෝනා වසංගත කාලයේ නිවසට සීමා වී සිටින ඔබ සැමට තමන් කියවන ඕනෑ ම පොතක් පිළබද ඇති අදහස් සිය නිවෙස් තුල විලංගුගතවී සිටින අන්‍යයන් සමග බෙදා ගන්නට මේ ග්‍රන්ථ විමර්ශන අවකාශය විවර කර ඇති බව පඨිත සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පඨිත විමර්ශන අවකාශය වෙන්වී ඇත්තේ ශාස්ත්‍රීය කෘති විමර්ෂණය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට