ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහිද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය මතුව ඒමට හේතුව වී ඇත්තේ මෑත කාලීනව මීටූ# (Metoo#) ව්‍යාපාරයේ හැඩය ගනිමින්, කාන්තාවන් ප්‍රසිද්ධියේ තමාට අඩත්තේට්ටම්කළ  පුරුෂයින් නම් කිරීම සහ ඔවුන් ව ලැජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්වීමයි.

ස්ත්‍රීවාදයේ විවිධ මාන පැවතියත්, ස්ත්‍රීවාදය ඓතිහාසිකව විකාශනය වීම වැදගත් වුවත්, මෙම කෙටි ලිපියෙන් මා එම න්‍යායික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට, මා මෙහිදී උත්සාහ කරන්නේ, සරලව ස්ත්‍රීවාදයේ මූලික යෝජනාව සහ ඒ පිළිබඳව ඇති දුර්මත පිළිබඳ කතිකාවක් ගොඩ නැඟීමටයි.

ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන්ට අයිති දෙයක් නොවෙයි. ඒ වෙනුවට, ස්ත්‍රී වාදය විසින් යෝජනා කරන්නේ පුරුෂාධිපත්‍ය ආකෘතියක් තුළ සියලුම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කොටස්, කාන්තාවන්, සමරිසි කොටස් මෙන්ම පුරුෂයින් ද පීඩාවට පත්වන  බවයි. ඒ අනුව ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන්ට අයිති දෙයක් හෝ ස්ත්‍රීන් වෙනුවෙන් පමණක් පවතින දෙයක් නොවන බව වටහා ගත යුතුය. පුරුෂයා ද මෙම පුරුෂාධිපත්‍ය ආකෘතියෙන් පීඩා විඳින බවට හොඳම උදාහරණය නම්, රාජ්‍යයේ නිල මතකය විසින් සොල්දාදුවා වීරත්වයට සහ පසුකාලීනව දේවත්වයට ඔසවා තැබීමයි. පිරිමින් තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදන්නා වූ වීරයින් බවට පත්විය යුතු බව පුරුෂාධිපත්‍ය ආකෘතියේ යෝජනාවයි. ඒ යෝජනාව අනුව යමින්, තම ජීවිතය පරදුවට තබා, තම ශරීර අවයව අහිමි වනබව දැන දැනම යුද්ධය වෙත බිලිවූ සිංහල තරුණයින්ගේ ප්‍රමාණය දහස් ගණනකි.

යුද්ධයේ වින්දිත ස්ත්‍රීන් පිළිබඳ කතා කරන බොහෝ අවකාශවලින් යුද්ධයේ වින්දිත පුරුෂයින් පිළිබඳ කතාබහක් මතුව නොඑන්නේ, පුරුෂයින් මෙම පුරුෂාධිපත්‍ය ආකෘතිවල වින්දිතයින් බවට පත්විය හැකි බව බොහෝ දෙනා නොපිළිගැනීමයි. ඒ වෙනුවට ජනප්‍රිය අදහස වන්නේ, ස්ත්‍රිය වින්දිතයා වන අතර, පුරුෂයා අපරාධකරුවා වන බවයි. නමුත් මේ දෙදෙනාම, එනම් වින්දිතයා සහ අපරාධකරුවා යන දෙදෙනාම නිර්මාණයකර ඇත්තේ සමාජ-ආර්ථික සහ  දේශපාලන ව්‍යුහ විසිනි. අපරාධකරුවන් යනු අහසෙන් වැටෙන පිරිසක් නොවෙයි. අපරාධකරුවන් යනු සමාජ නිර්මාණයකි.  අපරාධකරුවෙකු ක්‍රියාත්මක වන්නේ, අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්ත්‍රිය තමාට වඩා පහත් සත්ව කොට්ටාශයක්ය යන අදහස සමාජ ගතව ඇති සමාජයකයි. එම අපරාධකරු නම් කිරීම වැදගත් නොවන බව මගේ අදහස නොවෙයි. නමුත් ඒ වෙනුවට මා යෝජනා කරන්නේ, අපරාධකරු යනු සමාජ ව්‍යුහයේ හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවල බලපෑමකින් තොරව තමා විසින්ම නිර්මාණය වූවෙක්ය යන අතිශය ලිබරල් අදහස ප්‍රශ්නකළ යුතු බවයි. ඒ වෙනුවට, ආකල්ප වෙනස් කිරීමක් හරහා සමාජ ව්‍යුහය වෙනස්කළ හැකි ක්‍රියාමාර්ග වෙත යොමු විය යුතු වෙයි.

ජනප්‍රිය තලයේදී එල්ලවන තවත් විවේචනයක් වන්නේ, ස්ත්‍රීන්ම ස්ත්‍රීවාදයට එරෙහි වන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටීමට ලිංගිකත්වය බල නොපානවා සේම, ස්ත්‍රීවාදයට විරුද්ධ වීමටද ලිංගිකත්වය බල පාන්නේ නැත. එයට හේතුව වන්නේ, කලිනුත් මා සඳහන් කළ ආකාරයට, අපරාධකාරයින් අහසින් නොවැටෙනවා මෙන්ම, ස්ත්‍රීන් ද මේ සමාජයේම නිර්මිත මිස අහසෙන් වැටුණු  සත්වයින් නොවීමයි. එහිදී යම් ස්ත්‍රියක් පුරුෂාධිපත්‍ය ආකෘති සාධාරනීකරණය කිරීම, පුරුෂයෙක් පුරුෂාධිපත්‍ය ආකෘති සාධාරණීකරණය කිරීමට වඩා වෙනස් වන්නේ නැත. ඇය සමාජයේම නිර්මිතයකි. මේ දෙදෙනාම සමාජානුයෝජන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයකි. සමාජ-ආර්ථික-දේශපාලන කතිකාවල සහ ප්‍රතිපත්තිවල නිර්මාණයකි. නමුත් ස්ත්‍රීවාදය විසින් ඉල්ලා සිටින්නේ, ලිංගිකත්ව භේදයකින් තොරව, සියලු දෙනාම පුරුෂාධිපත්‍ය ආකෘති ප්‍රශ්න කිරීමට යොමු විය යුතු බවයි.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, පුරුෂාධිපත්‍ය ආකෘතියකට විරුද්ධවන සියලු දෙනා ස්ත්‍රීවාදීන්ය. ස්ත්‍රීවාදයේ පොරොන්දුව සමානාත්මතාව සහිත සමාජයකි. පුරුෂයින් ස්ත්‍රීවාදී වීමෙන් ඔවුන්ගේ ‘පිරිමිකමේ’ අඩුවක් සිදුවන්නේ නැත. මේ සමඟම කිවයුතු කරුණක් වන්නේ, ‘පිරිමිකම’ හෝ ‘ගැහැනුකම’ කියා දෙයක් නොමැති බවයි. විවිධ ස්වභාව ස්ත්‍රියට හෝ පුරුෂයාට ආරෝපණයකර, ඒ ලක්ෂණ දිගින් දිගටම පවත්වා ගෙන යාම හරහා අදාළ සංස්කෘතිය විසින් ‘ස්ත්‍රී’ සහ ‘පුරුෂ’ ලක්ෂණ නිර්මාණය කර ඇත. මෙම ආකෘතිගතකිරීම් වලින් සිදු වන්නේ, ස්ත්‍රියගේ මෙන්ම පුරුෂයාගේ ද ප්‍රකාශනයේ සහ හැසිරීමේ නිදහස සීමා කිරීමයි. විලාසිතාවලට ආසා පිරිමියෙකු ට තම අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශකළ නොහැකි වන්නේ එය ‘ගෑනු වැඩ’ ලෙස හංවඩු ගසා තිබීම නිසාය. ස්ත්‍රීවාදී වීම ද එසේමය. ස්ත්‍රීවාදී වීම ‘ගෑණු වැඩක්’ ලෙස සමාජය හංවඩු ගසා ඇත. මා දන්නා ඉතාම ‘ප්‍රගතිශීලී’ පිරිමි පවා ප්‍රසිද්ධ අවකාශවලදී  ස්ත්‍රීවාදී වීමට හෝ ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටීමට හෝ මැලිකමක් දක්වන්නේ ස්ත්‍රීවාදී යනු ‘ගෑනු වැඩක්’ යයි සිතාගෙන සිටින නිසාය.

ස්ත්‍රීන් පීඩාවට පත්කරන්නන් සියලු අවකාශවල සිටිය හැකිය. එම අවකාශ ‘ප්‍රගතිශීලී’ යයි අප හඳුනාගන්න  අවකාශ වීමේ හැකියාවක් ද ඇත. ස්ත්‍රීවාදීන්ගේ – පුරුෂයින්, ස්ත්‍රීන් ඇතුළු සියලු ලිංගිකයින් – කාර්ය වන්නේ එම අවකාශ ස්ත්‍රීවාදී අවකාශ බවට පරිවර්තනය කිරීමයි. එම අවකාශ ප්‍රතික්ෂේප කිරීම හරහා ස්ත්‍රීවාදයට යා හැකි දුර අවම වන්නේ, සියලු අවකාශ – විශ්වවිද්‍යාල, විකල්ප ධාරාවේ ‘ප්‍රගතිශීලී’ අවකාශ ඇතුළු මෙකී නොකී සියලු අවකාශ  – ලිංගික අඩම්තේට්ටම් කරුවන්ගෙන් පිරී පැවතීමයි.  අවාසනාවකට, ඓතිහාසිකව පවතින  ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කොන්දේසිගත කිරීම් මෙයට හේතු වී ඇත. නමුත් සැබෑ ස්ත්‍රීවාදී අරගල සිදුකළ යුත්තේ, මෙම අවකාශ ස්ත්‍රීවාදී අවකාශ බවට පත් කරමින්, සැබෑම ප්‍රගතිශීලී තත්ත්ව නිර්මාණය කිරීමෙනි.

පුරුෂාධිපත්‍ය ආකෘති පිළිගන්නා අයෙක් මිලිටරිකරණය හෝ ඒකාධිපති පාලනය ද පිළිගත යුතුය. එයට හේතුව, ඒ සියළු දේ එකිනෙකින් වෙන්කළ නොහැකි සේ බැඳී පැවතීමයි. එනයින්, සැබෑ ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් ස්ත්‍රීවාදී වීම නෛසර්ගිකය. ස්ත්‍රී-පුරුෂ හෝ වෙනත් භේදයකින් තොරව සියලු මානවයින් ස්ත්‍රීවාදී අරගල වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේ, ඓතිහාසිකව සියලු දෙනාටම පීඩාකාරී ව්‍යුහ නිර්මාණයකළ පුරුෂාධිපත්‍ය ආකෘති ප්‍රශ්නකළ යුතු බැවිනි. ඒ වෙනුවෙන් දහස් ගණන් මානවයින් ඒකරාශී විය යුතුය.

ස්ත්‍රීවාදී අරගලයට ජය!

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට