සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව විසින් යෝජනාකරන ලද ආකාරයත් සරලව ආකෘතිගත කිරීමටයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, යුධවාදී සිනමා කෘති වූ ගාමණී, ඉර හඳ යට, සෙල්වම්, නොමියෙන මිනිසුන් වැනි චිත්‍රපට තුළ  ස්ත්‍රිය ආකෘති ගත වන්නේ කෙසේද?

ලෝරා මල්වී විසින් 1975 දී සිනමාවේ ‘පුරුෂ බැල්ම’ පිලිබඳ මුල් වරට ලියන ලදී. ඇයට අනුව, පිරිමි බැල්ම තුන් ආකාර වෙයි. ඒ මෙලෙසිනි:

1) කැමරාව පිටුපස සිටින පිරිමියාගේ බැල්ම;
2) සිනමා කෘතිය තුළ සිටින  පිරිමි චරිතවල බැල්ම සහ
3) සිනමා ප්‍රේක්ෂකයාගේ බැල්ම යන ආකාර තුනයි.1

ඒ අනුව, ස්ත්‍රිය තම ‘චර්යාව’ මෙහෙයවාගත යුතු වන්නේ, මේ පුරුෂ බැල්මට අනුකූල වන ආකාරයටයි. එම බැල්ම තුළ ස්ත්‍රිය ආකෘතිගත කරන අතර, පුරුෂ මූලික සමාජය විසින් ඉල්ලා සිටින ස්ත්‍රීන් එම සමාජය තුළ සුරක්ෂිත වෙයි. පුරුෂ මූලික සමාජය සමඟ අනුගත නොවන ස්ත්‍රීන් ‘නරක ගැහැණුන්’, ‘වෛශ්‍යාවන්’ සහ ‘චපල ගැහැණුන්’ බවට පත්වන අතර, එම ගැහැණුන් එම සමාජය තුළ අනාරක්ෂිත වෙයි. පොදුවේ කරන ලද මෙම විශ්ලේෂණය හැරුණු විට වසර තිහකට ආසන්න කාලයක් යුද්ධයෙන් පීඩා විඳි ලංකා සමාජය සිනමා මෙවලම භාවිත කළ ආකාරය පිළිබඳ නැවත සිතා බැලීම වටී.

මිලිටරිකරණය වූ  ශ්‍රී ලාංකේය සමාජයේ අධිපතිවාදී කතිකාව විසින් ස්ත්‍රියගේ චර්යාව මෙහෙයවන ආකාරය ලාංකේය සිංහල යුධවාදී සිනමාව තුළින් මතුව එයි. සිංහල යුධවාදී සිනමාව බොහෝ විට ඍජු සහ වක්‍ර ලෙස රාජ්‍යයේ අනුග්‍රහය ලැබූ සිනමාවකි. රාජ්‍යය විසින් සකසන ලද ජන මතය සහ මතකය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම යුධවාදී සිනමාව විශාල කාර්යයක් ඉටුකරයි. ගාමණී, සෙල්වම්, නොමියෙන මිනිසුන්, ඉරහඳ යට ආදිය මෙරට නිපදවා ඇති යුධවාදී සිනමා කෘති කිහිපයකි. මේ චිත්‍රපට තුළ මතුකර දක්වන ‘යහපත්’ ස්ත්‍රී චරිත, සිංහල-බෞද්ධ රාජ්‍ය විසින් ඉල්ලා සිටින මව්වරුන්, පෙම්වතියන් සහ බිරින්දෑවරුන්ය. සෙල්වම් චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා විසින් පණ පොවන ලද ගුරුවරියගේ චරිතය එවැන්නකි. දමිළ පිරිමි දරුවන්ට සිංහල රජෙක් සහ සිංහල පියෙක් පිලිබඳ පාඩම කියා දෙන්නේ ඇයයි. චිත්‍රපටයට අනුව ඇය ඔවුන්ගේ මව වන අතර, ඔවුන්ගේ පියා වන්නේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂයි. ගාමණී චිත්‍රපටයේ සිංහල මායිම් ගම්මානයකට පත්වීමක් ලබා පැමිණෙන ගුරුවරිය,  රට වෙනුවෙන් ‘දිවි පිදූ’ නාවික හමුදා නිලධාරියකුගේ දියණියකි. ඇයගේ එකම අභිලාශය මෙම ගම්මානය ‘කොටි ත්‍රස්තවාදී’ ප්‍රාහාරවලින් බේරා ගැනීමයි. ගම ‘ත්‍රස්තවාදීන්ගෙන්’ බේරා ගැනීම සඳහා, ගම් වැසියන්ට යුධ පුහුණුවක් ලබා දීම වෙනුවෙන් ඇය ආසන්නතම හමුදා කඳවුරේ ප්‍රධානියාගේ සහාය පතයි. සිංහල-බෞද්ධ පුරුෂ බැල්ම තුළ උත්කර්ෂයට නංවනු ලබන්නේ විනාශකාරී යුද්ධය වෙනුවට සාමය පතන ගැහැනුන්ට වඩා, යුද්ධය විසින් දෙනු ලැබූ නීතිගතකරන ලද ප්‍රචණ්ඩත්වයේ අවකාශය තුළ හැසිරිය හැකි, සිංහල පිරිමින්ට සහාය වන ගැහැනුන්ය. ඉර හඳ යට චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය, හමුදා නිලධාරියෙකු වූ තම සැමියා කෙදිනක හෝ තමා වෙත එනු ඇතැයි මග බලා සිටියි. සිංහල-බෞද්ධ මිලිටරි පුරුෂත්වයේ බැල්ම විසින් ඉල්ලා සිටින්නේ මෙම ගැහැණියයි.

නමුත් මේ සියල්ල එසේ තිබියදී, සිනමාවේ ස්ත්‍රීවාදී බැල්ම යනු කුමක්ද? විෂම ලිංගික පුරුෂ මූලික සමාජය විසින් නිර්මිත සිනමාව තුළ ‘අනෙකා’ගේ හඬට ඇත්තේ අඩු අවකාශයකි. මෙම අධිපතිවාදී ‘සිංහල-බෞද්ධ-පුරුෂ’ කතිකාව තුළ, වෙනස් ලිංගිකයින්, වෙනත් ආගම් සහ ජාතිවලට අයත් පුද්ගලයින් ආදී සියල්ලෝ විවිධ ලෙස සහ එකිනෙකට සම්බන්ධව පීඩාවට පත්වෙයි. පුරුෂ බැල්ම සහිත සිනමාව තුළ සිදුවන්නේත් එයයි. එය මෙහෙයවනු ලබන්නේ අධිපතිවාදී පුරුෂ කතිකාව විසිනි. ඒ තුළ ‘අනෙකා’ යොදා ගනු ලබන්නේ පුරුෂ කතිකාව පවත්වාගෙන යාමට මිස ‘අනෙකා’ ගේ බැල්ම සිනමාව තුළට ගෙන ඒමට නොවෙයි.

මෙනයින් බලන කළ, ස්ත්‍රීවාදී සිනමාව යනු කුමක්ද? ස්ත්‍රිය වීරවරියක් කරන සිනමාවක්ද? පුරුෂයා වෙනුවට ස්ත්‍රිය තුවක්කුවක් අත දරා සිටින සිනමාවක්ද?  ස්ත්‍රීවාදී සිනමාවක් යනු ස්ත්‍රිය හෝ ‘අනෙකා’ පුරුෂයෙකු මෙන්  ප්‍රචණ්ඩත්වයේ හැසිරෙන සහ  පුරුෂාධිපත්‍යමය ආකෘතිවලට අනුගතවන සිනමාවක් නොවෙයි. විධික්‍රමික වශයෙන්, ස්ත්‍රීවාදී සිනමාවක් යනු පුරුෂාධිපත්‍යමය ව්‍යුහ තුළ අදෘශ්‍යමාන  වී ඇති ‘අනෙකා’ ගේ බැල්ම (gaze) නිර්මාණකරණය තුළට ගෙන ඒමයි. පුරුෂවාදී සිනමාවේ ‘වස්තුව’ (object) වන්නේ ස්ත්‍රියයි. ඒ අනුව, ස්ත්‍රීවාදී සිනමාවක් තුළ ‘අනෙකා’ හුදු අක්‍රිය වස්තුවක් වෙනුවට ක්‍රියාකාරී පුද්ගලයෙකු (active subject) බවට පත්වන අතර, මෙතෙක් පුරුෂ ‘බැල්මට’ හසුවූ ස්ත්‍රියගේ බැල්ම තුළ, සිනමාව එතෙක් පැවති ‘දැකීමන්’ (seeing) ව්‍යුක්ත කර, ‘හැඟීම’ (feeling) දක්වා පරිණාමය කළහැකි වෙයි.2 සාමාන්‍යයෙන්, ‘අනෙකාට’ අවශ්‍ය වන්නේ ඔබට යමක් පෙන්වීමට නොව, ඔබ ඒ ‘අනෙකා’ සමඟ එක් කර ගෙන, එම හැඟීම ඔබට ග්‍රහණය කරගැනීමට අවකාශ සැලසීමයි. ඒ තුළ මෙතෙක් කල් කැමරා කාචය ඉදිරියේ වස්තුව බවට පත්වීමේ හැඟීම ප්‍රතිනිර්මාණය කළ හැකි වෙයි. එමෙන්ම, මෙතෙක් කල් තමා වෙත එල්ලව තිබූ ‘බැල්ම’ ලෝකය වෙත එල්ලකළ හැකි වෙයි. අවාසනාවකට, ලාංකේය යුධ සිනමාව තුළ අපි නොදකින්නේ මෙම පර්යාවලෝකයයි, නැතිනම් ‘අනෙකා’ගේ බැල්මයි. ඉනෝකා සත්‍යාංගනී සුළං කිරිල්ලී සිනමා කෘතිය තුළ මෙම ‘අනෙකා’ ගේ බැල්ම ලාංකේය යුධ සිනමාව තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇත. එනමුත් ‘අනෙකා’ ගේ බැල්ම තවමත් ලාංකේය සිනමාව තුළ දක්නට නොලැබෙන තරම්ය.

පසු සටහන්

1. Mulvey, L. 1989. ‘Visual Pleasure and Narrative Cinema.’ In, Visual and Other Pleasures: Language, Discourse, Society.  London: Palgrave Macmillan. https://doi.org/10.1007/978-1-349-19798-9_3

2. Soloway, Jill. 2016. On the Female Gaze. https://www.youtube.com/watch?v=pnBvppooD9I

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට