“හිටලර් සරණං ගච්චාමි”

~ සසංක පෙරේරා

දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ අදහසක් පමණක් වශයෙන් නොව, සමස්ථ මහජනතාව ද වෙනුවෙනි. වඩාත් පැහැදිලිව ඔහු පවසා තිබුනේ, මහජනතාව විසින් ජනාධිපතිවරයාව තම ඡන්දයෙන් පත්කරගත්තේ ඒකාධිපතියෙකු සේ වැඩකිරීමට බවත්, අවශ්‍ය  වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වුව හොත්, ඔහු හිට්ලර් කෙනෙකු වියයුතු බවත්ය. මේ අදහස් දෙකම අතිශයින් ගැටලුකාරී බව පැහැදිලිවිය යුතුය. මා දන්නා බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාට චන්දය දුන්නේ ඔහු ඒකාධිපතියෙකු කරන්නට හෝ හිට්ලර් කෙනෙකු කරන්නට හෝ නොවේ. ඔවුන් ඔහුව බලයට පත්කර ගත්තේ, තම බලාබොරොත්තු ඉටුකර ගැනීමට හා රට සංවර්ධනය කිරීමටය. මේ පුළුල් බලාපොරොත්තු දෙකට සිදුවී ඇත්තේ කුමක්ද යන්න වෙනමම සලකා බැලිය යුතු කාරණයකි. කෙසේ වෙතත්, නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී  යැයි කියාගන්නා රටක මහජන ඡන්දයෙන් බලයට පත්වන්නෙකු ඒකාධිපතියෙකු හෝ හිට්ලර් කෙනෙකු වියයුතු යැයි ප්‍රසිද්ධියේ සිහින දැකීම අතිශයින් භයානක දෙයකි.

දිලුම් අමුණුගම මහතා

ලංකාවේ පාර්ලිමේන්තුව වැනි ඉතාමත් අඩු අධ්‍යාපන, බුද්ධිමය සහ දේශපාලන සාක්ෂරත්වය නියෝජනය කරන ආයතනයක් විසින් ලබාදී ඇති බලය යටතේ ක්‍රියාත්මක වන නායකයෙකු මෙවන් බුද්ධිවිරෝධි කියමනක් ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම අස්වාභාවික දෙයක් නොවේ. මන්ද, අමුණුගම මහතා හා එවන් අන් ඊනියා මහජන නියෝජිතයන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මෙපමණක් බව අප බොහෝ දෙනා මැනවින් දන්නා නිසාය.

නමුත් වඩාත් භයානක වන්නේ, මේ ගැටලුකාරී ප්‍රකාශයට විශාල මහජන එකඟතාවක් තිබීමය. එනමුත්, මෙරට ජනතාව හිට්ලර් සරණ යන්නට පටන්ගත්තේ අද ඊයේ සිට නොවේ. දෙවන ලෝක සංග්‍රාමයේ මුල් වකවානුව තුළ ද මෙරට යම් දේශපාලන කණ්ඩායම් තුළ හිට්ලර් විරුවෙකු බවට පත්විය. මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වූයේ ඒ.ඊ. ගුණසිංහා මහතාගේ කම්කරු ව්‍යාපාරයේ සටන් පාඨ තුළය. ‘වීරයා’ පුවත්පතේ ඇතැම් ලිපි හා කාටුන් ඔස්සේ මේ අදහස වඩාත් උද්ධීපනය කරන ලදී. ඒවා මගින් බොහෝ විට හිට්ලර් හැදින්වූ යේ ‘නව ජර්මනියේ විරුවා’ වශයෙනි. මේ තත්ත්වය මතු වූ එක් පදනමක් වූයේ එමගින් එවකට නැගී එමින් තිබූ බ්‍රිතාන්‍ය යටත්විජිත විරෝධී හැඟීම්ය. එම හැඟීම්වලට එක් අවකාශයක් හිට්ලර්ගේ බ්‍රිතාන්‍ය විරෝධී ස්ථාවරය විසින් සපයන ලදී. අන් පදනම වූයේ, හිට්ලර් සහ නාසි පක්‍ෂය විසින් ගොඩනැගූ ආර්ය-ජාතික වර්ගවාදී මිත්‍යාව මෙරට ප්‍රචලිතව තිබූ, බ්‍රිතාන්‍ය ප්‍රාචීනවාදීන් දායාද කළ ආර්ය ආඛ්‍යානය සමග මතුපිටින් ගලපාගැනීමය. කෙසේ වෙතත්, 1930  පමණ සිට 1940 ගණන් දකවා සිදුවූ මේ හිට්ලර් වන්දනාව ඔහුගේ සහ නාසි ජර්මනියේ මානවවිරෝධි අපරාධ ලොව පුරා ප්‍රචලිත වීමත් සමගම මුළුමනින්ම පාහේ මිලින වී ගිය බව පැහැදිලිය.

දැන් මේ මතු වී ඇත්තේ මේ පැරණි වන්දනාවේ නව විකසිතවීමකි. එය මතුවන්නේ හිට්ලර්ගේ සාපරෝධි ඉතිහාසය බොහෝ දුරට අමතක වී ගොස් ඇති, ලංකාවේ අධ්‍යාපනය අයාලේ ගොස් ඇති සහ ලංකාවේ දේශපාලන අවකාශය මූලික වශයෙන් බුද්ධිවිරෝධී තත්ත්වයකට පත්වී ඇති අවස්ථාවකය.  මේ තත්ත්ව තුළ හිට්ලර් ලංකාවේ දේශපාලන කතිකාවේ ඇතැම් අංශ තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ, තීරණ ගැනීමට බිය නොවූ අසහාය නායකයෙකු ලෙසිනි. ඒ ප්‍රතිනිර්මාණය තුළ  යුදෙව් සංහාරය ඇතුළු ඔහුගේ සාපරාධී ක්‍රියා සියල්ලම අමතක කර දමා ඇත.

මෑත කාලීනව මේ හිට්ලර් වන්දනාව ප්‍රසිද්ධ කතිකාවට එක්කළේ, අස්ගිරිය පාර්ශ්වයේ වෙඬරුවේ උපාලි හිමියන් විසිනි. ඒ 2018 දීය. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වන්නට පෙර සිටම උන්වහන්සේ පැවසුවේ, මහජනතාව ඉල්ලා සිටින නිසා, රටේ උන්නතිය සඳහා රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවයි.  

අමුණුගම මහතා මේ ඉදිරියට ගෙන යන්නේ මේ ගැටලුකාරී දේශපාලනික ප්‍රවණතාවයි. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කළ විගසම ලංකාවේ ජර්මන් තානාපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ පැවසුවේ, හිට්ලර් වැනි අපරාධකරුවෙකු කිසිම දේශපාලන නායකයෙකුට උදාහරණයක් නොවිය යුතු බවයි. මේ ප්‍රතිචාරයට එක් හේතුවක් වන්නේ, හිට්ලර්ගේ සහ නාසි පක්ෂයේ සාපරාධී අතීතය ජර්මන් අධ්‍යාපන ක්‍රමය තුළින් මෙන්ම සාමාන්‍ය දේශපාලන කතිකාව තුළ ද නිරතුරුවම යාවත්කාලීන කරන නිසාය. ඊට හේතුව, වෙවන් සාපරාධී දේශපාලනයක් එරට හෝ යුරෝපයේ නැවත මතුනොවන්නට ඇති වුවමනාවය. ලංකාවේ සිදුනොවන්නේ ද මෙයමයි. ජර්මන් තානාපතිවරයාගේ මැදිහත්වීමට විරුද්ධව සමාජ ජාලා තුළ මතු වී ඇති විරෝධයේ  ඇතැම් සටන් පාඨවලින් පවසන්නේ ඔහු ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි නොගැසිය යුතු බවත්, යුදෙව් සංහාරය හැර හිට්ලර් විසින් ජර්මනියේ සංවර්ධනයට කළ සේවය ඔහු නොදන්නා බවත්, තත්කාලීන ජර්මනියේ පදනම ගොඩනැගුවේ හිට්ලර් බවත් වැනි ප්‍රලාපය. මේ සියල්ලෙන්ම පෙනේන්නේ අමුණුගම මහතා වැනි අපගේ දේශපාලන නායකයින් තුළ මෙන්ම බොහෝ සාමන්‍ය ජනතාව තුළ ද ලෝක ඉතිහාසය සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඇති අතිශයින් මන්දපෝෂිත දැනුම සහ එනිසාම ඔවුන් විසින් එළඹෙන අතිශයින් ගැටලුකාරී හා ආචාර්ධර්මවිරෝධී ස්ථාවරයන්ය.

“හිටලර් සරණං ගච්චාමි” යන නව ලාංකේය දේශපාලනික ගාථාවේ අවසාන යථාව කුමක් ද? හිටලර් සරණ යමින්, මෙරට ජනාධිපතිවරයා ද එසේම වියයුතු යයි පවසන මහජනතාවගේ සහ ඔවුන්ගේ නායකයින්ගේ සිහින ඉටුවුවහොත්, අනාගතයේදී  ලංකාවට ලැබෙන්නේ කුමක්ද? අපගේ අනාගතය රටම බංකොලොත්කරන, ඍජු විදේශීය මැදිහත්වීම්වලට අවකාශ විවරකරන, සමූහ-ඝාතක නායකත්වයක් හා ආණ්ඩුවක් ද? ඉතිහාසය විසින් අපට පෙන්වා දී ඇත්තේ, හිට්ලර් විසින් ජර්මනිය සහ ලෝකය සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ නම් මෙය බවයි.  

අවශ්‍යවන්නේ හිට්ලර් කෙනෙකු නම්, අනාගතය මෙය මිස අන් කිසිවක් විය නොහැක.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට