Skip links

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ –

2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ මිය ගියේ අවුරුදු 80ක් වයසැති විශිෂ්ට ඉන්දියානු බුද්ධිමතෙකු හා සාහිත්‍යධරයෙකු බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැන සිටියේ ද නැහැ. ඔහු නමින් ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් වීය.

1939 වසරේ දී උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ හිමාලයානු නගරයක් වන උත්තර්කාෂි හි දී ආචාර්ය විමල් උපත ලැබුවේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගාර්වාල්, රිෂිකේෂ්, අලහබාද්, යමුනානගර් සහ පන්ජාබ් යන ප්‍රදේශවලය . 1963 දී හයිද්‍රාබාද් හි ඔස්මානියා විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනීම ආරම්භ කළ ඔහු එහිදී ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන උපාධිය සමත් වේ. පසුව ඔහුගේ ශාස්ත්‍රපති විභාගයද ඔහු වාර්තාවක් සනිටුහන් කරමින් සමත් වේ. මේ නිසා පන්ජාබ් විශ්ව විද්‍යාලය ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනු ලැබීය. ගංගා ප්‍රසාද් විමල් කුඩා කල සිටම දක්ෂ හා නිර්මාණශීලී පුද්ගලයෙක් බව පැහැදිලිය. 1965 දී අන්තර්වි-ශික්ෂණ තේමාවක් පිළිබඳ අධ්‍යයනයක් සදහා ඔහුට ආචාර්ය උපාධිය හිමිවේ. එම වසරේදීම 1965 පෙබරවාරි 5 වන දින ඔහු කමලේෂ් ආනමිකා සමඟ විවාහවන අතර, ඔහුට අෂිෂ් (1969) සහ කනුප්‍රියා (1975) නමින් පුතෙකු හා දියණියක් ද සිටී.

නිදහස් ලේඛකයෙකු ලෙස සිය ලේඛණ දිවිය අරඹන ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් ශිෂ්‍ය දේශපාලනයේ නිරත ක්‍රියාකාරිකයෙක් ද වීය. “දේශ්සේවා” නමින් සතිපතා සඟරාවක් ද ඔහු විසින් සංස්කරණය කරනු ලැබීය.

ආචාර්ය විමල් 1961 සිට 1964 දක්වා පන්ජාබ් විශ්වවිද්‍යාලයේ වසර තුනක් පර්යේෂණ සහකාර තනතුරක සේවයකළ අතර, ඔහු 1962 සිට 1964 දක්වා එම විශ්වවිද්‍යාලයේම හින්දි භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීමේ ද නියැලුණා. ඔහු 1964 සිට 1989 දක්වා දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සකීර් හුසේන් විද්‍යාලයේ බොහෝ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිසුන් සඳහා පර්යේෂණ අධීක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය. 1989 දී මධ්‍යම හින්දි කාර්යාලයේ (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) අධ්‍යක්ෂ ලෙස පත් කරන ලද ඔහු, 1997 දක්වා එහි සේවය කළ අතර, 1997 වසර සඳහා ජාතික කවුන්සිලය විසින් 1989-1993 කාලය තුළ සින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීම සදහා නවදිල්ලියේ සින්දි භාෂා ප්‍රවර්ධන මණ්ඩලයේ සහ 1993-1995 කාලයේදී බදෝදර මූලස්ථානයේ අධ්‍යක්ෂක ලෙසද පත්කරනු ලැබීය .

මේ හැරුණු විට, ඔහු ශබ්දකෝෂ හා භාෂා දැනුම හා සම්බන්ධ බොහෝ ව්‍යාපෘති සඳහා ද සිය දැනුම ප්‍රදානය කර තිබබේ. ඔහු ඉන්දියානු භාෂාවන්ට අදාළ පනත් සහ ප්‍රතිපත්ති තීරණය කරන බොහෝ රාජ්‍ය ආයතන හා කමිටුවල ද කටයුතු කර ඇත.

ඔහු 1999 සිට 2004 දක්වා නව දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ඉන්දියානු භාෂා මධ්‍යස්ථානය, භාෂා පාසල හා සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කළේය. 1999 සිට 2000 දක්වා ඔහු එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද විය. මෙම කාල පරිච්ඡේදය තුළ ඔහු බොහෝ සිසුන්ගේ දර්ශනපති සහ ආචාර්ය උපාධි සදහා මාර්ගෝපදේශකයා වූ අතර, භාෂා පිළිබඳ පර්යේෂණ තවදුරටත් කරගෙන යන ජාතික හා ජාත්‍යන්තර ආයතන සමඟ ද සම්බන්ධ වී කටයුතු කළේය.

හින්දි භාෂාව කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ මේ ප්‍රාඥයා එකී භාෂාව ලොව ඉහළින් ඔසවා තැබීම සඳහා සුවිශේෂ වැඩ කොටසක් කරනු ලැබීය. වරක් ඔහු ප්‍රකාශකර සිටියේ, විදේශීය විශ්ව විද්‍යාල 105 කට අධික සංඛ්‍යාවක හින්දි භාෂාව ඉගැන්වීම හා ඒ පිළිබඳ පර්යේෂණ කිරීම සිදුකරන බවයි. ඉන්දියාව ප්‍රධාන ආර්ථික බලවතෙකු බවට පත්වෙමින් පවතින බැවින්, ලොව පුරා සමාගම්වලින් ආයෝජන ආකර්ෂණය කර ගන්නා බව ද ඔහු පැවසීය. මේ තත්ත්වය තුළ හින්දි භාෂාව ප්‍රචලිත වීම වැදගත් නිසා, බොහෝ රටවල් තම විශ්වවිද්‍යාල විෂය මාලාවන් හි හින්දි පාඨමාලා ආරම්භකර ඇති බවත් tහෙටතෙම මතක් කර දුනි.

ඇමරිකානු කලාපයේ රටවල්, යුරෝපීය ජාතීන්, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියානු උප මහාද්වීප ප්‍රදේශයේ විසිරී සිටින අනේවාසික ඉන්දියානුවන් සහ ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් විවිධ රටවල හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරන බව ද මහාචාර්ය විමල් මහතා පෙන්වා දී තිබුණි. හින්දි භාෂා ප්‍රවර්ධකයන් විසින් හින්දි භාෂාව සමස්ත-ඉන්දියානු භාෂාවක් බවට පත් කළ යුතු අතර, එවිට එය තවදුරටත් ජනප්‍රිය වනු ඇති බවද ඔහු පවසා තිබුණි.

ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් ආරම්භයේ සිටම නිර්මාණාත්මක ලිවීමට උනන්දුවක් දැක්වූ අතර, කවි හා කෙටිකතා, නවකතා රැසක් ලියා තිබේ. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් හින්දි භාෂාවට පොත් ගණනාවක් පරිවර්තනය කර ඇත. වෙනත් භාෂාවන්ගෙන් කවි, කතන්දර හා නවකතා ඇතුළු පොත් රැසක් ද ඔහු විසින් හින්දියට පරිවර්තනය කර ඇත. ලෝකයේ බොහෝ රටවලදී ඔහු සිය පර්යේෂණ කටයුතු හා සම්බන්ධ දේශන පවත්වා ඇත. එසේම, සාහිත්‍ය හා සංස්කෘතිය වෙනුවෙන් ඔහු බොහෝ රටවල දී ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත. ප්‍රධාන වශයෙන්, කාව්‍ය ජනතා සම්මානය (1978); රෝමයේ කලා විශ්ව විද්‍යාලයෙන් පිරිනැමූ ඩිප්ලෝමාව (1979); සොෆියා හි ජාතික සාහිත්‍ය කෞතුකාගාර රන් පදක්කම (1979); බිහාර් රජයෙන් පිරිනමන ඩින්කාර් සම්මානය (1987); ස්කොට්ලන්ත විවෘත ජාත්‍යන්තර කාව්‍ය ත්‍යාගය (1988); ඉන්දියානු භාෂා සම්මානය (භාරතීය භාෂා පරාෂාද්) (1992) සහ උත්තර් ප්‍රදේශ් මහත්මා ගාන්ධි සම්මානය (2016) ආදිය එහිදී සුවිශේෂ වේ.

2019 දෙසැම්බර් 23 දින ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ දියණිය කනුප්‍රියා ද, මුණුපුරාද මිය ගියේය. ඔහු මිය යන විට 21 වන සියවසේ ජනසන්නිවේදන සහ හින්දි සාහිත්‍යයේ කාර්තුමය සඟරාවක් වන අර්ගලා හි ප්‍රධාන සාහිත්‍ය උපදේශක ලෙස ද කටයුතු කරමින් සිටියේය.

ඔහු ඉන්දියානු සාහිත්‍ය ලෝකයට දායාද කල දෙයින් බිදක්:

කාව්‍ය සංග්‍රහ:
Vijjap (1967); Bodhi Vriksh (1983); Itna Kuchh (1990); Talisman, Poems & Stories (1990); Sannate Se Muthbhed (1994); Main Wahan Hoon (1996); Alikhit-Adikhat (2004); Kuchh To Hai (2006); Khabren aur Anya Kavitayen (2010); Pachaas Kavitayen (2015).

කෙටිකතා සංග්‍රහ:
Koi Shuruaat, (1972); Ateet Mein Kucch,(1973); Idhar Udhar (1980); Baahar Na Bheetar (1981); Charchit Kahaaniyan (1983); Meri KK Kahaniyaan (1983); Khoyi Hui Thaati (1994); Charchit Kahaaniyan (1994); Samagra Kahaaniyan (2004;  Ikkis kahaniyaan (2010); Main Bhi Aaunga (2015).

නවකතා:
Apne Se Alag (1969); Kahin Kucch Aur (1971); Mareechika (1978); Mrigaantak (1978); Manushkhor (2013).

සංස්කරණ:
Abhivyakti (An Anthology of Modern Hindi Poetry (1964); Ageya Ka Rachna Sansar (The World of Ageya) (1966); Muktibodh Ka Rachna Sansar (The Creative World of Gajanan Madhav Muktibodh – An Anthology of Essays on Muktibodh (1966); Laava (An anthology of Modern English Poetry (1974); Adhunik Hindi Kahani (An Anthology of Essays on Modern Short Fiction) (1978); Kraantikari Sanuuhgaan (A small Anthology of Revolutionary songs with S. Swami), (1979), Naagri Lipi Ki Vajnanikta (Naagri Lipi Parishad, New Delhi), Vaakya Vichar (2002).

ඉංග්‍රීසි පරිවර්තන:
 Here and There and Other Stories (Collection of short stories in English,1978), Mirage (1987); No Sooner (1987); Who Lives Where and Other Poems (2004); Unwritten and Unseen (2010); Tiger Tantra (2010).

හින්දි ගද්‍ය රචනා:
Samkalen Kahani Ka Rachna Vidhan (Critical Evaluation of Contemporary Short Fiction, 1968); Prem Chand (Revolution of Writer Prem Chand, 1968); Adhunk S ahity ke Sandarbh Mein (1978; Adhunikata Uttar Adhunikata (2011); Ajit Kumar Sanchayan (2011); Chandrakunwar Baratwal Sanchayan (2012); Hindi ki Arambhik Kahaniyaan (2012); Sankalit Kahaniyaan (2013).

හින්දි පරිවර්තන:
Gadya Samkaaleen Kahaani Ka Rachna Vidhan (1968); Prem Chand (1968); Aadhunik Sahitya Ke Sandarbh Mein (1978).

වෙනත් භාෂාවන් ගෙන් හින්දියට කල පරිවර්තන:
Duurant Yatrayen (Elizabetha Bagrayana, 1978); Pitra Bhuumishch (Hristo Botev, 1978); Dav Ke Tale (Ivan Vazov, 1978); Prasantak (Visilisi Vistasit, 1979); Hara Tota (Miko Takeyama, 1979); Janm Bhumi and Other Poems (Nikola Vaptsarov, 1979); Poems of Ľubomír (1982); Poems of Lachezar Elenkov (1983); Udgam (Kamen Kalchev’s Novel, 1981); Poems of Bozhilov Bozhidar (1984); Story of Yordan Yovkov (1984); Poems of Yodan Milev (1995); Tamamraat Aag (1996); Marg (Poems of German Dugan Broods, 2004).

Leave a comment

This website uses cookies to improve your web experience.