Skip links

ටක්ට්සන්ග් ලකන්ග් තරණය

~ ඡායාරූප හා සටහන: සසංක පෙරේරා

ටක්ට්සන්ග් ලකන්ග් (Taktsang Lhakhang) කඳු මුදුන පිහිටා ඇත්තේ භූතානයේ අගනගරය වන තිම්පූ හා එම රටේ ප්‍රධාන ගුවන් තොටුපොල පිහිටි පාරෝ යන නගර අතරය. ‘ව්‍යාග්‍රයාගේ කැදැල්ල’ (Tiger’s Nest) යන නමින් ද හැඳින්වෙන ඒ කඳු මුදුනේ භූතානයේ උත්තරීතරම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. ඒ, මුහුදු මට්ටමේ සිට මීටර් 900 ක් (අඩි 10, 000) ඉහලිනි. එහි ලගාවීම සදහා කිලෝ මීටර 10 ක පමණ දුරක් බෙහෙවින් දුශ්කර හා නැගීමට අසීරු කදු හා බෑවුම් සහිත අඩිපාර දිගේ හා අසමාන පඩි දහස් ගණනක් නැග යා යුතුය. මේ කදු මුදුන හා එහි ඇති විහාරස්ථානය භූතාන බෞද්ධ ධර්මයට බෙහෙවින් වැදගත් වන්නේ ගුරු රින්පෝචේ (Guru Rinpoche) නම් වූ හිමිනම භූතානයට පළමු වරට බුද්ධාගම හදුන්වා දුන්නේ එහිදීය යන දැඩි විශ්වාසය නිසාය. මේ කදු මුදුනට නැගීම එරට වැසියන්ට ඉතාමත් වැදගත් ආගමික කර්තව්‍යයකි. මෙහි ඇති ඡායාරූප 2018 පෙබරවාරී 4 වනදා ඒ ගමන ගිය අතරවාරයේ ගන්නා ලද ඡායාරූප සිය ගනනින් කීපයකි.

Leave a comment

This website uses cookies to improve your web experience.